දවස් 30න් කෙට්ටු වෙන්න

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    දවස් 30න් කෙට්ටු වෙන්න

    දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න

    අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා.


    අවශ්ය පමණට වඩා තරබාරු බව හඳුන්වන්නේ "ස්ථොල්යය" වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය "මේදෝ රෝග" වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්යා්යාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම "ආරය" නිසාත් ස්ථුලතාව ඇතිවන බව සඳහන් වෙනවා.
    ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්ෂ මතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා. අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.
    අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්රවට්, ප්රෙ ා්ටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්රෙකාශ කරන්නේ නම් දෛනික අවශ්යෙතාවට වඩා වැඩිපුර කැලරි ප්රෙමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්රනදේශයේ, කලවාවල ආදී ප්රිදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්ය පරිදි විශාල වෙනවා. තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්රියය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.
    ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්යා යාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
    මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්රෙන්ථියේ ක්රිවයාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා. වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්රායෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා. මේ ආකාරයට ආහාරමය කරුණු, ව්යා්යාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා. තරබාරුවට හඳුනාගන්නේ කොහොමද? තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්යාවපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම "මැදි වයස" තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.
    ජීවිතයට තර්ජනයක් තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්රිධාන තැනක් ගන්නවා.
    තරබාරුකමෙන් මිදීම ආහාර - ප්රුධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්යියි. දෛනික අවශ්යකතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.
    ව්යාතයාම ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්රෙමානුකූල ව්යා යාමවල යෙදෙන්න. ඇවිදීම, ක්රීදඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.
    ප්ර්තිකාර අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්රරතිකාර ක්රෙමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්යාකයාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්ර්මවේද දක්වා ඇත. තවත් සමහර අවස්ථාවලදී ක්රැමානුකූලව ආහාර නොගෙන සිටීමත් දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්ර්මයකි. මීට අමතරව "ලේඛනීය" ද්ර්ව්ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්යා යාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

    දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න


    • උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ. ම¼ද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
    • වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.
    • උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.
    • රාත්රිනයට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.
    • දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.
    • ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්රාට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්රෑ ම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
    • කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.

    මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්රි්යාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.