Scurvy යන නම ඇසූ ඉනික්බිති මතකයට නැඟෙන්නේ, දවාලෙ පායන චන්ද්‍රයා නම් ගීතය යි. තට්ට හිසක්, කුඩා උඩු රවුලක් හා පොලිස් ඇඳුමකින් හේ සමන්විත ය. ඔහු ගේ නළලේ අළු පැහැති රේඛා 03ක් ඇඳ ඇත. ඔහු දමිළ ජාතිකයකු බව ඉන් ගම්‍ය වේ. කැඩුණු සිංහලයෙන් කතා කරන දමිළ ජාතිකයකු ගේ අනුකරණයකින් සමන්විත Scurvy , 80 දශකයේ වඩාත් කතාබහට ලක් වූ වේදිකා නාට්‍ය චරිතයකි. එසේම Scurvy නාට්‍යය ගැන ද දශක ගණනාවක් ගෙවී ගිය තැනක සිට ප්‍රේක්ෂකයෝ යළි යළි කතාබහ කිරීමට උත්සාහ දරමින් සිටිති.

