දසමහා යෝධයන් vs X-Men

Jul 17, 2011
49
7
0
OUT OF EK
දසමහා යෝධයන් vs X-Men

දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?

30-stone-figure-of-king-dutugemuna.jpg


Xav-lopr.png


ඔබත් මමත් හැමෝම පොඩි කාලේ කාටූන් බැලුවා. තවමත් ඒවා දකිනකොට අපේ පොඩි කාලේ මතක් වෙනවා. කුඩා කාලයේ අපි හරි ආසයි සුපිරි වීරයන්ගේ කාටූන් බලන්න. මට මතකයි පොඩි කාලේ ස්ටිකර් පොත් පවා අපි එකතු කලා. මොනාද මේ සුපිරි වීරයන්ගේ කාටූන්. කවුද මේ Super Heroes?

මේ සුපිරි වීරයෝ බිහි වෙලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ මේ සුපිරි වීරයන් බිහි කරපු ආයතන දෙකක් තියනවා. ඒ Marvel Comics හා DC Comics කියන ආයතන දෙක.

මේ ආයතන දෙකට වෙන වෙනම් සුපිරි වීරයෝ ඉන්නවා. Marvel ආයතනය ගත්තොත් Spider Man, Iron Man, X-Men, The Hulk, The Fantastic Four, Captain America, Daredevil, Cat Women, Thor, The Punisher, Ghost Rider, Dr. Doom, Venom වගේ චරිත දහස් ගනනක් ඔවුන්ට අයිතියි.

ඒ වගේම DC Comics ආයතනය ගත්තොත් Bat Man, Super Man, Robin, Bat Girl, Green Lantern, Super Girl, Red Robin, Joker වගේ චරිත සෑහෙන ගනනක් ඔවුන්ට අයිතියි.

මේ චරිත වලින් බොහෝ ගනක් මුල් කරගෙන ඇමරිකාව විසින් චිත්‍රපට පවා නිපදවා තියෙනවා. ඒ හැම චිත්‍රපටියක්ම ආදායම් වාර්තා බිඳහෙලමින් තිරගත වූ ඒවා. ඒ වගේම Small Ville වැනි නාට්‍ය වසර ගනනක් සුපිරි ආදායම් ලබමින් විකාෂය වෙනවා. එතරම් මේ චරිත යුරෝපා රටවල මිනිසුන්ට සමීපයි. ඔවුන් මේ චරිත හැබෑ ජීවිතයේ වීරයෝ කියා සිතනවා. මේ වීරයන්ට ඔවුන් බෝහෝ සේ ආදරය කරනවා. ගරු කරනවා.

මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.
ඇමරිකාවට හිටියාද අපේ දුටුගැමුණු රජතුමා වගේ රජෙක්?
ඔවුන්ට හිටියාද අපිට වගේ දසමහා යෝධ සේනාවක්.
වැලි මිරිකලා වතුර ගත්ත නීලමහා යෝධයෙක්?
තිතට ජල කළමනාකරනය කරපු පරාක්‍රමබාහු වගේ රජ කෙනෙක්?
ආලකමදාවක් කරවපු සීගීරි කාෂ්‍යප කෙනෙක්?
වැවු අමුනු දහසක් කරවපු මහාසෙන් කෙනෙක්.
කලා වැව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජාකරපු කාල සෙනෙවි කෙනෙක්?
ගල්ගුහා පන්සල් කරපු සොලින්ට එලෝ එලෝ ගහපු වලගම්බා කෙනෙක්?
රට වෙනුවෙන් වතුරට පැනපු විහාරමහාදේවි කෙනෙක්?
තම ස්වාමියා ආරක්ෂාකරන්න කරත්තෙන් බැහැපු සෝමාවතී කෙනෙක්?


ලෝකයේ කිසිම රටක නොතිබුන විදියේ බොහෝ දියුනු ශිෂ්ටාචාරයක් තමයි අපේ ලංකාවේ අතීතයේ තිබුනේ. ඒ ශීෂ්ටාචාරයට කිට්ටු කරන්න ඔය අද ධනවත් කියලා කෑගහන කිසිම රටකට ඒකාලයේ පුලුවන් කමක් තිබුනේ නෑ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග මුතු ඇටය කියලා කියපු වාසනාවන්ත රටක් මේ. බටහිර රටවලට අපිට වගේ හැබෑ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. ඒක නිසා එයාලා මවා ගත්ත සුපිරි වීරයන් එයාලාගේ වීරයෝ කරගෙන තියනවා.

අපිට එහෙම නෑ. අපේ මේ පුංචි රටට පන වගේ ආදරය කරපූ විරයෝ අපේ ඉතිහාසයේ ඉන්නවා. පොත්පත් වල ඉන්නවා. එයාලා හැබෑවටම අපේ රටේ පය ගහලා ජීවත් වෙච්ච අය. මේ පුංචි රට වෙනුවෙන් යමක් කල අය. සතුරු ආක්‍රමන පිට රටවලින් අපු වෙලාවල් වලදී අපේ රට බේරා ගත්ත අය. අනාගතයට අපේ කියලා දෙයක් ඉතුරු කරපු අය. අපේ පොඩි අයත් මේ කාටූන් බලනවා. මේ සුපිරි වීරයන්ට ආදරය කරනවා. අපිත් පොඩි කාලේ එහෙමයි. ඒකට වරදක් කියන්න බෑ. ඒ පොඩි අයගේ හැටි. නමුත් දෙමවුපියන්ගේ යුතුකම ළමයින්ට හරිදේ කියලා දීම. මේ යුතුකම පාසලෙන් වෙන්නත් ඕනා. මට මතකයි පොඩි කාලේ ඉතිහාසයට මම හරි ආසයි. මම ඉස්කෝලේ 7 වසර වෙනකන් ඉතිහාසය වෙනම විශයක්. ඊට සාමාන්‍යපෙල වෙනකොට සමාජ අධ්‍ය. හා ඉතිහාසය කියලා දෙකම එකට එකතු වෙච්ච අච්චාරුවක්. ඉතිහාසය අමතර විෂයක් විදියට කැමති නමි ඉගෙන ගන්න පුලුවන්. අද වෙනකොට කොහොම වෙලාද දන්නේ නෑ. මේ ක්‍රමය හරිම වැරදී. අපේ ඉතිහාසය අපේ පොඩි උන්ට පොවන්න ඕනා. මේ දේ කරන්න නම් ඉතිහාසය අනිවාර්ය විෂයක් වෙන්නට ඕනා සාමාන්‍යපෙල විශය නිර්දේෂයේ. උසස්පෙළටත් ඉතිහාසය විෂයක් විදියට කරන පිරිස බොහෝම අඩුයි. මූලිකම හේතුව රැකියා නොමැතිවීම. උසස්පෙළට ඉතිහාසය කළ සිසුවෙකුට ලැබෙන රස්සාව මොකද්ද? ඔයාලාම හිතලා බලන්න. හිතා ගන්න අමාරුයි නේද? කරන්න තියෙන්නේ ගුරුවෘත්තිය පමනයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුල මේ අයට රැකියා ලබා දෙන්න පුලුවන්. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ලාභලබන ආයතනයක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් ඉතිහාසය හා පුරාවස්තු වෙනුවෙන් ඔවුන් කරන සේවය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මේ සියලුම දෙනාට රැකියා ලබා දීමේ ගැටලුවට රජය මුහුණ පානවා. ඔන්න ඔය හේතුව තමයි අපේ රටේ ඉතිහාසය ගැන වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ළමුන් අකමැත්තක් දැක්වීමට මූලිකම හේතුව. මේ දේවල් වෙනස් වෙන්න ඕනා.

අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න.

මේක Email එකකින් ආපු එකක් හොදේ
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Mr Perera ගේ ත්‍රෙඩ් එකක් මේක, ගොඩක් කාලෙකට කලින් එළකිරි එකේ දාපු එකක් mail වලින් ගිහින් උඹට ඇවිල්ලා තියෙන්නේ
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාතර කුකුළා;10649595 said:
    :oo:
    මේක දැකපු නැති අයට දැම්මේ මචන් :)
    දැකපු නැති යට බලන්න වටිනා දෙයක් මේකේ නැහැනේ බන්... දසමහ යෝදයෝ කියන්නේ ඇත්තටම ජිවත් වෙච්ච වීරයෝ.
    X-Men එහෙම කියන්නේ මිනිස්සුන්ගේ ආස්ග්වාදයට ගොඩ නගපු චරිත .
    ඒ දෙක සංසන්දනය කරන්න බැහැ කියලවත් මේක ලියපු එකාට තේරිලා නෑ :lol:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    dasamaha yodayonge chatacters wala copyright tika universal wage company ekakata dunna num sira movies tikak bala ganna thibuna :rofl::rofl:
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    දැකපු නැති යට බලන්න වටිනා දෙයක් මේකේ නැහැනේ බන්... දසමහ යෝදයෝ කියන්නේ ඇත්තටම ජිවත් වෙච්ච වීරයෝ.
    X-Men එහෙම කියන්නේ මිනිස්සුන්ගේ ආස්ග්වාදයට ගොඩ නගපු චරිත .
    ඒ දෙක සංසන්දනය කරන්න බැහැ කියලවත් මේක ලියපු එකාට තේරිලා නෑ :lol:

    උබ මෝඩයෙක් කියලා මම මොනවා කරන්නද?
    මේකෙන් අදහස් වෙන්නේ අපේ එවුන් මෙච්චර ඉතිහාසයක් තියාගෙන එකේ වීරයන් ඉදගෙන බටහිරයන්ගේ පු*ක ලෙව කන එක වැරද්දක් බවයි.
    ඇයි හත්වලාමේ උන්ට බැරි අපේ හිටපු වීරයන්ව ආදර්ශයට ගන්න, දෙමව්පියන්ට බැරි ළමයින්ට ඒගැන කියලා දෙන්න, මෙහේ ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ට බැරි ඒ ගැන
    චිත්‍රපට කරන්න?
    3.gif
     
    • Like
    Reactions: migaramk

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාතර කුකුළා;10649712 said:
    උබ මෝඩයෙක් කියලා මම මොනවා කරන්නද?
    මේකෙන් අදහස් වෙන්නේ අපේ එවුන් මෙච්චර ඉතිහාසයක් තියාගෙන එකේ වීරයන් ඉදගෙන බටහිරයන්ගේ පු*ක ලෙව කන එක වැරද්දක් බවයි.
    ඇයි හත්වලාමේ උන්ට බැරි අපේ හිටපු වීරයන්ව ආදර්ශයට ගන්න, දෙමව්පියන්ට බැරි ළමයින්ට ඒගැන කියලා දෙන්න, මෙහේ ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ට බැරි ඒ ගැන
    චිත්‍රපට කරන්න?
    3.gif
    :yes:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාතර කුකුළා;10649712 said:
    උබ මෝඩයෙක් කියලා මම මොනවා කරන්නද?
    මේකෙන් අදහස් වෙන්නේ අපේ එවුන් මෙච්චර ඉතිහාසයක් තියාගෙන එකේ වීරයන් ඉදගෙන බටහිරයන්ගේ පු*ක ලෙව කන එක වැරද්දක් බවයි.
    ඇයි හත්වලාමේ උන්ට බැරි අපේ හිටපු වීරයන්ව ආදර්ශයට ගන්න, දෙමව්පියන්ට බැරි ළමයින්ට ඒගැන කියලා දෙන්න, මෙහේ ඉන්න චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්ට බැරි ඒ ගැන
    චිත්‍රපට කරන්න?
    3.gif

    ලංකාවේ සාමාන්‍ය චිත්‍රපටියක් වත් කරගන්න පුළුවන් උන් කී දෙනයි ද බන් ඉන්නේ... කරයි ඇනිමේෂන් හාහ් හාහ් ..
    කොහද බන් පුක ලේවකන්නේ. රසවින්දනය කියන වචනේ නිකම් වත් අහල තියෙනවද. දැන් තෝ ඔය කාර්ටෝන් ෆිල්ම් එකක් වත් කවදාවත් බලල නෑ ..
    අනේ උබ වගේ මෝඩ ගොඩක් ..:baffled:
     
    Jul 17, 2011
    49
    7
    0
    OUT OF EK
    ලංකාවේ සාමාන්‍ය චිත්‍රපටියක් වත් කරගන්න පුළුවන් උන් කී දෙනයි ද බන් ඉන්නේ... කරයි ඇනිමේෂන් හාහ් හාහ් ..
    කොහද බන් පුක ලේවකන්නේ. රසවින්දනය කියන වචනේ නිකම් වත් අහල තියෙනවද. දැන් තෝ ඔය කාර්ටෝන් ෆිල්ම් එකක් වත් කවදාවත් බලල නෑ ..
    අනේ උබ වගේ මෝඩ ගොඩක් ..:baffled:

    උබලා වගේ උන් ඉන්න කම් කොහොමද ලංකාව දියුණු වෙන්නේ :angry:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මාතර කුකුළා;10649836 said:

    උබලා වගේ උන් ඉන්න කම් කොහොමද ලංකාව දියුණු වෙන්නේ :angry:
    point ekak nathi unama ubala wage un kiyanne oya wage bila thama..:lol:
    ෆේක් ID එක්ක කථාවක් නෑ, Black Money:lol:
    Fake ID nam Report karala adapan Hiruni:lol: