දස විධ අන්තරාය

gaveshi

Member
May 13, 2009
129
38
0
දස විධ අන්තරාය

කේන්ති යන එක අපි කාලයක් තිස්සේ පුරුදු කල දෙයක් නිසා ඉන් මිදීම හරි අමාරුයි. පොඩි පිනක් කරලා එම කාලාන්තර පුරුද්දට විරුද්ධව යම්කිසි ශක්තියක් එකතු කරන්න කේන්තියෙ ආදීනව ටිකක් ඉදිරිපත් කරමි:cool:.

කුද්ධෝ අත්ථං නජානාති – කුද්ධෝ ධම්මං නපස්සති




කිපි තැනැත්තා කළ යුත්ත නොදනී.

කිපි තැනැත්තා ධර්මය නොදනී.


යමෙක් නිරපරාධී තැනැත්තකුට කිපුණත් උඩු සුළඟට දැමූ ධූලී තම මුහුණටම එන්නාක් මෙන් තමාටම විපත් පැමිණේ.


යමෙක් දඬුවම් නොකළ යුතු කෙනෙකුට දඬුවම් කෙරේද ද්වේශ නොකළ යුත්තෙකුට කිපේද ඔහු දස විධ අන්තරායයන්ගෙන් එක්තරා අන්තරායකට පැමිණේ.


දස විධ අන්තරාය නම්:

1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.
2. බලවත් ධන හානියක් සිදුවෙයි.
3. අතපය ආදී අවයව බිඳෙත්.
4. දරුණු ලෙඩක් සැදෙයි.
5. උමතු වෙයි.
6. රාජ උදහසක් ඇති වෙයි.
7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.
8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.
9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.
10. ඔහුගේ ගෙය ගිනි ගනී.


මෙකී අන්තරාය දහයෙන් එකකට හෝ කීපයකට මෙලොවදීම මුහුණ පා වැඩි කල් ජීවත් නොවී මරණයටද පැමිණ මරණින් මතු අපායටද පැමිණෙන්නේ ය.


මේ ගැනද සිතන්න.


1. කිපෙන තැනැත්තාට ළඟම ඇත්තෙ පෝරකය හෝ නිරයයි.
2. මිනී මැරුවෝ වැඩි දෙනෙක්ම කිපෙන තැනැත්තෝය.
3. කිපීම නීචයන්ගේ ක්‍රියාවකි.
4. නොකිපෙනු, කිපුනත් වචනයක් නොකියනු. කිසිවක් නොකරනු. ලියුමක් පවා නො ලියනු. ලියුවත් තැපැල් නොකරනු.
5. කිපෙන තැනැත්තා දෝතින් ගිනි අඟුරු ගෙන අනුනට ගසන්නෙකි.
6. කිපෙන තැනැත්තා ඉක්මණින්ම දුගී භාවයට පැමිණේ. මෙසේ කෝපයේ ආදීනව ගැන සිතන්න.


http://www.dinamina.lk/2010/01/20/_art.asp?fn=a1001201



:no:
 
  • Like
Reactions: madura199

gaveshi

Member
May 13, 2009
129
38
0


ද්වේශයෙන් මිදීමට මෛත්‍රී චින්තනය පුරුදු කරන්නට බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇත. එක් දරුවකු ඇති මවක් ඒ දරැවා තමාගේ ජීවිතයට දෙවෙනි නොකොට රකින්නී ද, ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි යම් බදු මෛත්‍රියක් පවත්වන්නී ද මෙත් වඩන සත් පුරුෂයා විසින් සියලු සත්ත්වයන් කෙරෙහි එබදු මෛත්‍රියක් පැවැත්විය යුතුය


මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව..


අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං – මා මෙන් ම මාගේ,
ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
මාතා පිතරෝ – මව් පියවරු ද,
හිත සත්තා – හිතවත් සත්වයෝ ද,
මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,
වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,
ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,
ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,
ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,
ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,
ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා – අධිපති ජනයෝ,
සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,
සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්ත – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,
දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,
පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,
උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,
පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,
දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,
පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,
උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,
හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,
උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,
සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,
සබ්බේ භූතා – සියලු භූතයෝ,
සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,
සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,
සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,
සබ්බේ අරියා – සියලු ආර්යයෝ,
සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,
සබ්බේ දේවා – සියලු දෙවියෝ,
සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,
සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,
සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!



http://dhammamedicine.net/2009/10/15/metta-bhavana/
http://www.elakiri.com/forum/archive/index.php/t-668217.html
http://www.elakiri.lk/forum/showthread.php?t=1507679
 

gaveshi

Member
May 13, 2009
129
38
0
මවක් තම දරුවාට දක්වන මෛත්‍රිය මෙන් සියලු සත්වයින්ටම මෙත් සිත් වැඩීමෙන් පහත ආනිශංශ ලැබිය හැකි බව දේශනා කර ඇත

මෛත්‍රී භාවනාවේ අනුසස්


අංගුත්තර නිකායේ ඒකාදසක නිකායේ අනුස්සති වග්ගයේ සූත්‍රයක මෙත්තා වේතෝ විමුක්තියේ අනුසස් එකොළොසක් වදාරා ඇත්තේ ය. ඒවා ‍මෙසේ ය.

1. ගෙරවීම්, දත් සැපීම්, කෙදිරීම්, නන් දෙඩීම්, ඒ මේ අත
පෙරෙළිම්වලින් තොරව සුවසේ නින්ද යාම.
2. කෙදිරීම්, කම්මැලිකම් ආදි‍යෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් අවදි වීම.
3. සර්පයන්ට, සොරුන්ට, ඇතුන්ට, සතුරන්ට හසුවීම් ආදී භයානක සිහින නොපෙනීම.
4. දකින දකින සැමට ම ප්‍රිය වීම.
5. මිනිසුන් ට පමණක් නොව දෙවියන්ට ද ප්‍රිය වීම.
6. දෙවියන් විසින් ආරක්ෂා කිරීම.
7. ගින්නෙන් විෂෙන් හා ආයුධ වලින් අනතුරු නොවීම.
8. වහා සිත සමාධි වීම.
9. මුහුණ පැහැපත් වී බැබළීම.
10. නොමුළාව කාලක්‍රියා කරන්නට ලැබීම.
11. ඒ ජාතියේම රහත් නූවහොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම.

http://www.elakiri.com/forum/archive/index.php/t-668217.html
 
Last edited:

gaveshi

Member
May 13, 2009
129
38
0
දස ආකාරයකින් සිතේ උපදිනා තරහ:growl:

1. මොහු මට අනර්ථ පිණිස හැසුරුණේ යයි විරෝධය උපදියි.
2. මොහු මට අනර්ථ පිණිස දැන් හැසිරේ යයි විරෝධය උපදියි.
3. මොහු මට අනර්ථ පිණිස මතුද හැසිරෙන්නෙ යයි විරෝධය උපදියි.
4. මාගේ මිතුරාට අනර්ථ පිණිස හැසුරුණේ යයි විරෝධය උපදියි.
5. මාගේ මිතුරාට අනර්ථ පිණිස දැනුදු හැසිරෙන්නේ යයි විරෝධය උපදියි.
6. මාගේ මිතුරාට අනර්ථ පිණිස මතුත් හැසිරෙන්නේ යයි විරෝධය උපදියි.
7. සතුරන්ට නිතරම පක්ෂව සිටින්නෙ යයි විරෝධය උපදියි.
8. සතුරන්ට දැනුදු පක්ෂව සිටින්නේ යයි විරෝධය උපදියි.
9. සතුරන්ට මතුත් පක්ෂව සිටින්නේ යැයි විරෝධය උපදියි.
මෙසේ ක්‍රෝධය නව අයුරකින් උපදී : යළිත්,
10. ගල් මුල් ආදියක ගැටීමෙන් හෝ පය පැකිලීමෙන් හෝ හදිසි යමක් කිරීමට කීපවරක්ම වෑයම් කර නොහැකිවීම් ආදියෙන් හෝ මෝඩකම වැඩි තරමට බලවත්වද නිතර නිතරම උපදිනා අස්ථාන කෝපය

මෙසේ දස ආකාරයකින් සිතේ උපදිනා තරහවක් වේද නැවත නැවත ගැටීමක් වේද විරෝධයක් වේද ප්‍රතිවිරෝධයක් වේද කිපීමෙන් නැවත නැවත කිපීමෙන් ද්වේෂයක් සිතේ විකෘතියක් සැඩ ගතියක් නොසතුටු ගතියක් ඇත්නම් එය ව්‍යාපාද නීවරණ යයි කියනු ලැබේ.

පිළුණු බතක් සියලු දෙනාගේම පිළිකුලට භාජනය වන්නාක් මෙන් කිපෙන පුද්ගලයා සියලු දෙනාගේම පිළිකුලට භාජනය වේ. :cool:

http://www.dinamina.lk/2010/01/20/_art.asp?fn=a1001201

 
Last edited: