දස විධ අන්තරාය
කේන්ති යන එක අපි කාලයක් තිස්සේ පුරුදු කල දෙයක් නිසා ඉන් මිදීම හරි අමාරුයි. පොඩි පිනක් කරලා එම කාලාන්තර පුරුද්දට විරුද්ධව යම්කිසි ශක්තියක් එකතු කරන්න කේන්තියෙ ආදීනව ටිකක් ඉදිරිපත් කරමි
.
කිපි තැනැත්තා කළ යුත්ත නොදනී.
කිපි තැනැත්තා ධර්මය නොදනී.
යමෙක් නිරපරාධී තැනැත්තකුට කිපුණත් උඩු සුළඟට දැමූ ධූලී තම මුහුණටම එන්නාක් මෙන් තමාටම විපත් පැමිණේ.
යමෙක් දඬුවම් නොකළ යුතු කෙනෙකුට දඬුවම් කෙරේද ද්වේශ නොකළ යුත්තෙකුට කිපේද ඔහු දස විධ අන්තරායයන්ගෙන් එක්තරා අන්තරායකට පැමිණේ.
දස විධ අන්තරාය නම්:
1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.
2. බලවත් ධන හානියක් සිදුවෙයි.
3. අතපය ආදී අවයව බිඳෙත්.
4. දරුණු ලෙඩක් සැදෙයි.
5. උමතු වෙයි.
6. රාජ උදහසක් ඇති වෙයි.
7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.
8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.
9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.
10. ඔහුගේ ගෙය ගිනි ගනී.
මෙකී අන්තරාය දහයෙන් එකකට හෝ කීපයකට මෙලොවදීම මුහුණ පා වැඩි කල් ජීවත් නොවී මරණයටද පැමිණ මරණින් මතු අපායටද පැමිණෙන්නේ ය.
මේ ගැනද සිතන්න.
1. කිපෙන තැනැත්තාට ළඟම ඇත්තෙ පෝරකය හෝ නිරයයි.
2. මිනී මැරුවෝ වැඩි දෙනෙක්ම කිපෙන තැනැත්තෝය.
3. කිපීම නීචයන්ගේ ක්රියාවකි.
4. නොකිපෙනු, කිපුනත් වචනයක් නොකියනු. කිසිවක් නොකරනු. ලියුමක් පවා නො ලියනු. ලියුවත් තැපැල් නොකරනු.
5. කිපෙන තැනැත්තා දෝතින් ගිනි අඟුරු ගෙන අනුනට ගසන්නෙකි.
6. කිපෙන තැනැත්තා ඉක්මණින්ම දුගී භාවයට පැමිණේ. මෙසේ කෝපයේ ආදීනව ගැන සිතන්න.
http://www.dinamina.lk/2010/01/20/_art.asp?fn=a1001201

.කුද්ධෝ අත්ථං නජානාති – කුද්ධෝ ධම්මං නපස්සති