දස හැවිරිදි දැරියක් දරුවෙක් වදලා
මීට දෙසතියකට පෙර වේයු නමැති ගෝත‍්‍රයට අයත් දස හැවිරිදි ගැහැණු ළමයෙකු දරුවෙක් ප‍්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය හෙළිකර තිබේ.
නීතියානුකූලව හඳුනාගත නොහැකි මෙම ගැහැනු ළමයා ඉකුත් මාර්තු 29 වැනිදා සිසේරියන් සැත්කමකින් පසුව දරුවා බිහිකර ඇත.
පියාගේ වයසද වයස 15 ක් බව පැවසේ.
මෙලෙස උපන් දරුවාගේ් බර කිලෝ 02 ග‍්‍රෑම් 600ක් නොඑසේනම් රාත්තල් 5.6 කි.
උස අඟල් 14.5 කි. (සෙන්ටිමීටර් 47 කි.)
මවගේ උස අඩි හතරයි අඟල් හතක් (සෙන්ටි මීටර් 147) බවද වාර්තා වේ.
සිසේරියන් සැත්කම කළ දොස්තර පැබියෝ ගොන්සාලෙස් පවසා ඇත්තේ, කොලොම්බියාවට උතුරු දෙසින් පිහිටි ග්වාජිරා අර්ධද්වීපයේ රියෝගාචා නගරයේ පුද්ගලික චිකිත්සාගාරයකදී මෙම උපත සිදු වූ බවයි.
කොළොම්බියානු රජයේ අධිකාරියක් පසුගිය අඟහරුවාදා පැවැසුවේ මෙම සිද්ධියට දරුවාගේ පියාට විරුද්ධව අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට වෑයම් කළත් ඔහු අයත් ගෝත‍්‍රය එයට හරස් වී ඇති බවයි.
එම ගෝත‍්‍රයේ ජනයාට ඔවුන්ටම සීමා වූ අධිකරණ ක‍්‍රමයක් පවතින බැවින් බවද පැවසේ.
කොළොම්බියාවේ ක‍්‍රියාත්මක නීතිය අනුව වයස 14 ක් හෝ ඊට අඩු ළමයකු සමග ලිංගික සබඳතා පැවැත්වීම අඩුම වශයෙන් වසර නවයක් සිරදඬුවම් පැමිණිය හැකි අපරාධයකි.
කෙසේවුවද අධිකරණ සහ ස්වදේශීය කටයුතු පිළිබඳ විශේෂඥයන් පවසන්නේ කොළොම්බියාවේ 1991 ව්‍යවස්ථාව අනුව වේයු ගෝත‍්‍රිකයන්ට අධිකරණ බලය පවරා තිබීම නිසා මේ සම්බන්ධයෙන් නීති මගින් කි‍්‍රයා කළ නොහැකි බවයි.
මෙම ගෝති‍්‍රකයන් 350,000 කට වැඩි පිරිසක් කොළොම්බියා වැනිසියුලා සීමාවේ ජීවත්වන බවද පැවසේ.
වෛද්‍ය වාර්තා අනුව ලෝකයේ ලාබාලම මව වාර්තා වී ඇත්තේ පීරු රටෙනි.
වයස අවුරුදු පහයි මාස 08 ක් වූ ලීනා මෙඩිනා නමැති දැරිය 1939 දී දරුවකු බිහි කළාය.
මෙය ගිනස් වාර්තා පොතේ සටහන් වී ඇත.

Last edited by a moderator: