දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
පින් ගන්න පුලුවන් තැනක හිටියොත් ගන්න පුළුවන්..
අංගුත්තර නිකායේ ජාණුස්සෝණි සූත්‍රයේ සදහන් වෙන විදිහට ප්‍රේත ලෝකවල උපත ලැබූ සමහර ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්..
ඒ විදිහට අනුන් දෙන පිනෙන් ජීවත් වෙන ප්‍රේතයන්ව හදුන්වන්නේ පරදත්තුපජිවි ප්‍රේතයෝ කියලා...
තමන් වෙනුවෙන් නෑ හිත මිතරන් කරන පුණ්‍ය කර්ම බලා ඒ අනුව ස්තුටු වී රැස් කරගන්නා වූ පිනෙන් ඔවුන් යම් සුවයක් විදිනවා..
ඛුද්දක නිකායේ තිරොකුට්ට සූත්‍රයේ දී ඒ ප්‍රේතයෝ ගැන සදහන් වෙනවා.. තිරොකුට්ට සූත්‍රය දේශනා කරන්නේ බිම්බිසාර රජතුමාට.. එතුමාගේ නෑයන් පිරිසක් දීර්ඝ කාලයක් පරදත්තුපජීවී ප්‍රේතයන් වී දුක් විදිනවා.. ඔවුන් බිම්බිසාර රජතුමාට සිහිනෙන් පෙනි සිටිනවා.. රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබද විමසනවා.. එතනදී බුදුරජාණන් වහන්සේ තිරොකුට්ට සූත්‍රය දේශනා කරනවා... ඒ අනුව බිම්බිසාර රජතුමා ඔවුන් වෙනුවෙන් දානාදී පුණ්‍ය කර්ම කරනවා.. ප්‍රේතයෝ ද ඒ පින් අනුමෝදන් වෙනවා..
ඉතින් මියගිය පුද්ගලයා පරදත්තූපජිවී ප්‍රේත භවක් ලැබුවේ නම් පින් ලබා ගත හැකියි.. නැතිව තිරිසන්, නිර,,මනුෂ්‍ය හෝ බ්‍රහ්ම වැනි භවයක් ලැබුවේ නම් පිං ලැබිය නොහැකියි.. නමුත් කරන්නාට පුණ්‍ය විපාක ලැබේ.. බුදු දහමට අනුව මේ සංසාරය් අපගේ නෑයන් නොවූ සත්වයන් ඇත් නම් එබදු සත්වයෝ ඉතා අලප යි.. ඒ නිසා අපගෙන් පින් පතන්නාවූ පරදත්තූපජීවී ප්‍රේතයන් නැති වීමට ඉඩ නැති බව ජාණුස්සෝණි සූත්‍රයේම සදහන් වේ..
ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?
නැහැ.. මනුෂ්‍ය භව ලබූ පුද්ගලයන්ට එලෙස නෑ හිත මිතුරන් ලබා දෙන පින අනුමෝදන් විය නොහැකියි. එසේ කළ හැකි එකම සත්ව කොට්ඨාසය නම් පරදත්තූපජීවි ප්‍රේතයන් පමණි..
---------------------------------------------------------------------------------------
ථේරවාද බුදු දහම තුළ එනම් අපි කුඩා කල සිට හදාරන දහම තුළ අන්තර්භවයක් හෝ ගන්ධබ්බ අවධියක් පිළිබද පිළිගැනීමක් නැත. ථේරවාද දහම තුළ ගන්ධබ්බ යන වචනය යෙදෙන්නේ නැවත උපතක් ලැබීමට සුදුසු පුද්ගයන් හැදින් වීමටයි. නැවත උපතක් ලැබීමට සුදුසු පුද්ගලයන් කවරේද? නිර්වාණය සාක්ෂාත් නොකළ සැවොම නැවත භවයක් ලැබීමට සුදුසු පුද්ගලයෝ වෙති. එනම් බුදු,පසේ බුදු හා මහරහත් උතුමන් හැර අන් සියලු මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම තිරිසන් ප්‍රේතාදී සත්වයෝ ගන්ධබ්බයෝ වෙති.
මරණයෙන් පසු කර්මාණු රූපව අතරක් නැතිව භවයක් ලබනු විනා ගන්ධබ්බයන් වී හෝ අන්තර්භවිකයින් වී සිටීමක් ථේරවාදයේ නැත. මහායානයේ එබදු ඉගැන්වීමක් ඇත. තුන් වන ධර්මසංගායනාවේ දී මේ අන්තර්භවිකයන් පිළිබද මහිංසාසිකයින් (නූතන මහායානිකයින්) ඉදිරිපත් කළ තර්කය මොග්ගලිපුත්ත තිස්ස තෙරණුවෝ සකාරණා සහිතව බිද දැමූහ.