දහම් දැනුම ප්‍රශ්නයක්

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    මචන් මට පොඩි ප්‍රශ්නයක් ආවා.මේක විසදගන්න උදව් කරපංකෝ. මේකයි සීන් එක,

    දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
    ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?

    මේවා මෝඩ ප්‍රශ්නද දන්නේ නෑ බන්.අද පෝයනේ බනක ඔයවගෙ දෙයක් අහුනා ඒකයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම්"
    මේක ක්සනිකව වෙන්නෙ නෑ, මවු කුසක් සෙට් වෙනකන් බලන් ඉන්න වෙනවලු. ( වැරදි නන් වෙන කෙනෙක් කියයි )

    අනික පින ඊලග ආත්මෙට ෆොර්වඩ් කිරීම කොහොම වෙතත්, (මන් දන්නෙ නෑ ඒක)
    අපෙ නෑයො මැරිල දුක් සහිත ආත්ම වල ඉපදිලා නන්, ඒ ගෙවන දුක යම් අඩු කිරීමක් කරන්න පුලුවන් කියල
    කියනවා.

    ඇයි බන් ඔය, ප්‍රේත වත්තු කතාවල තියෙන්නෙ, රහතන් වහන්සෙලාට හම්බුන ප්‍රෙතයො ගැන කතා.

    එතකොට ඒ ගොල්ලො පින් බලාපොරොත්තු වෙවී ඉන්නෙ, දුක් විදින ගමන්. එතකොට පින් දුන්නම ඒ ආත්මෙන් මිදිච්ච කතා එහෙම තියනව.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචන් මට පොඩි ප්‍රශ්නයක් ආවා.මේක විසදගන්න උදව් කරපංකෝ. මේකයි සීන් එක,

    දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
    ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?

    මේවා මෝඩ ප්‍රශ්නද දන්නේ නෑ බන්.අද පෝයනේ බනක ඔයවගෙ දෙයක් අහුනා ඒකයි.
    පින් ගන්න පුළුවන් ප්‍රේත ලෝකයේ පරදත්තූප ජීවී කියන ප්‍රේත කොට්ටාශයේ අයට පමණයි. ඒත් පින් දුන්නා කියලා අපතේ යන්නෙ නෑ. ඒ පින මලගිය පුද්ගලයාට ලැබුනත් නොලැබුනත් පින් කර අනුමෝදන් කරන්නාට ලැබේ. ඇත්තටම කෙනෙක් මැරුණට පස්සේ මතකවස්ත්‍ර කරන්නෙ මැරුණ කෙනාටත් වඩා ජීවත්ව සිටින පුද්ගලයන්ගේ යාතාර්තාවබෝදය පිණිසයි.

    "මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම්"
    මේක ක්සනිකව වෙන්නෙ නෑ, මවු කුසක් සෙට් වෙනකන් බලන් ඉන්න වෙනවලු. ( වැරදි නන් වෙන කෙනෙක් කියයි )
    මම දන්න තරමින් පිරිසිදු බුදු දහම අන්තරාභවය ප්‍රතික්ෂේප කරනව. චුති සිතට අනුව ක්ෂණයකින් කර්මානුරූපව ප්‍රතිසන්ධිය ලබනවා. බැරිවෙලාවත් කර්මානුරූපව ප්‍රතිසන්ධිය ලබන්න සුදුසු පරිසරය තවම සකස් වෙලා නැත්නම් ගන්ධබ්බ ජීවියෙක් සේ ජීවත් වෙනව කර්මානුරූප ප්‍රතිසන්ධිය සකස් වෙනතුරු. ඒකත් තවත් භාවයක් මිසක් භව දෙකක් අතර පවතින අන්තරාභවය නෙවෙයි කියලයි මගේ දැනුමින් නම්. 👍
    ------ Post added on Aug 22, 2021 at 10:01 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැරුනම සනිකව ඊලඟ භවයෙ ඉපදෙනව කියලයි කියන්නෙ..ගන්දබ්බ කියල සුදුසු තැනක් ලැබෙන කන් අහසෙ හෝ කොහෙවත් ඉන්න කතාවක් නෑලු.

    පෙරේතයෙක් උනොත් පරදත්තුපජීවික සහ දෙවියන්ට විතරයි පින් ගන්ඩ පුලුවන් කියන්නෙ.

    කොහේ ගියාද කොහොම ඉපදුනද කියල අපි දන්නෙ නැති නිසා තමා මැරෙන හැමෝටම පොදුවේ පින් දෙන්නෙ (ගත හැකි තැනක ඉන්නව නම් ලැබෙන නිසා)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මට පොඩි ප්‍රශ්නයක් ආවා.මේක විසදගන්න උදව් කරපංකෝ. මේකයි සීන් එක,

    දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
    ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?

    මේවා මෝඩ ප්‍රශ්නද දන්නේ නෑ බන්.අද පෝයනේ බනක ඔයවගෙ දෙයක් අහුනා ඒකයි.

    Mcn mehemai samhara aya eyalage pin bale wadi nisa maruna gaman wena thanaka uppaththiya labanawa ethakota pi deepu pin eyalata aye anthar bawayakata apu kalekta ganna plwn dn api pin denakota pin denne malagiya chatheen hamadenatama kylne ethakota hithanna ape nadayooo wela sansare pin balaporoththuwen inna aya kochchra athida kyl e wlwta eyala pin ganna plwn thanaka htyth pin gannawa

    pretha waththuwe tyna godak prethayonta pin ganna ba bn hethuwa thama eyaalage pawa balawath eka nisa eken midunama ara pin aragena sugathiyakata enna plwn

    godak ma oya pin ganne anthar bawaye inna kattiya kyl tama kynne eyalage balagena ine api pin anumodan kranakam
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මචන් මට පොඩි ප්‍රශ්නයක් ආවා.මේක විසදගන්න උදව් කරපංකෝ. මේකයි සීන් එක,

    දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
    ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?

    මේවා මෝඩ ප්‍රශ්නද දන්නේ නෑ බන්.අද පෝයනේ බනක ඔයවගෙ දෙයක් අහුනා ඒකයි.
    thanikara boru bn..ehema huththawal analyze wenne kothanada kiyapankoo..mokada lankawe unge pin pau witharak analyze wennada bn me billion 7k miinissungei thawa billion ganak saththungei..pin paw kiyala 2k kawda analyze karanne? koheda eka ai penne naththe? kawda ewage ekak karanne anika mokatada? boru hila bn...oka me samajaya palanayata awanatha wenna agama add karala eken samajaya 2kata nawala thiyaganna add karapu deyak..ethakota control karanna lesi..
     
    • Haha
    Reactions: hodakolla

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මචන් මට පොඩි ප්‍රශ්නයක් ආවා.මේක විසදගන්න උදව් කරපංකෝ. මේකයි සීන් එක,

    දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
    ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?

    මේවා මෝඩ ප්‍රශ්නද දන්නේ නෑ බන්.අද පෝයනේ බනක ඔයවගෙ දෙයක් අහුනා ඒකයි.

    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පින් ගන්න පුළුවන් ප්‍රේත ලෝකයේ පරදත්තූප ජීවී කියන ප්‍රේත කොට්ටාශයේ අයට පමණයි. ඒත් පින් දුන්නා කියලා අපතේ යන්නෙ නෑ. ඒ පින මලගිය පුද්ගලයාට ලැබුනත් නොලැබුනත් පින් කර අනුමෝදන් කරන්නාට ලැබේ. ඇත්තටම කෙනෙක් මැරුණට පස්සේ මතකවස්ත්‍ර කරන්නෙ මැරුණ කෙනාටත් වඩා ජීවත්ව සිටින පුද්ගලයන්ගේ යාතාර්තාවබෝදය පිණිසයි.
    ☝️
    කොහේ ගියාද කොහොම ඉපදුනද කියල අපි දන්නෙ නැති නිසා තමා මැරෙන හැමෝටම පොදුවේ පින් දෙන්නෙ (ගත හැකි තැනක ඉන්නව නම් ලැබෙන නිසා)
    ☝️
    dn api pin denakota pin denne malagiya chatheen hamadenatama kylne ethakota hithanna ape nadayooo wela sansare pin balaporoththuwen inna aya kochchra athida kyl e wlwta eyala pin ganna plwn thanaka htyth pin gannawa
    ☝️

    තිරෝකුඩ්ඩ සූත්‍රයත් කියවන්න.
    https://elakiri.com/threads/මියගිය_අය_වෙනුවෙන්.1926653/
    ------ Post added on Aug 23, 2021 at 10:08 AM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දැන් කෙනෙක් මැරුනම අපි එයා වෙනුවෙන් කොච්චර පිං කලත් ඒ මැරිච්ච කෙනාට ඒ පිං ගන්න පුලුවන්ද?
    පින් ගන්න පුලුවන් තැනක හිටියොත් ගන්න පුළුවන්..
    අංගුත්තර නිකායේ ජාණුස්සෝණි සූත්‍රයේ සදහන් වෙන විදිහට ප්‍රේත ලෝකවල උපත ලැබූ සමහර ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්..
    ඒ විදිහට අනුන් දෙන පිනෙන් ජීවත් වෙන ප්‍රේතයන්ව හදුන්වන්නේ පරදත්තුපජිවි ප්‍රේතයෝ කියලා...
    තමන් වෙනුවෙන් නෑ හිත මිතරන් කරන පුණ්‍ය කර්ම බලා ඒ අනුව ස්තුටු වී රැස් කරගන්නා වූ පිනෙන් ඔවුන් යම් සුවයක් විදිනවා..

    ඛුද්දක නිකායේ තිරොකුට්ට සූත්‍රයේ දී ඒ ප්‍රේතයෝ ගැන සදහන් වෙනවා.. තිරොකුට්ට සූත්‍රය දේශනා කරන්නේ බිම්බිසාර රජතුමාට.. එතුමාගේ නෑයන් පිරිසක් දීර්ඝ කාලයක් පරදත්තුපජීවී ප්‍රේතයන් වී දුක් විදිනවා.. ඔවුන් බිම්බිසාර රජතුමාට සිහිනෙන් පෙනි සිටිනවා.. රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබද විමසනවා.. එතනදී බුදුරජාණන් වහන්සේ තිරොකුට්ට සූත්‍රය දේශනා කරනවා... ඒ අනුව බිම්බිසාර රජතුමා ඔවුන් වෙනුවෙන් දානාදී පුණ්‍ය කර්ම කරනවා.. ප්‍රේතයෝ ද ඒ පින් අනුමෝදන් වෙනවා..

    ඉතින් මියගිය පුද්ගලයා පරදත්තූපජිවී ප්‍රේත භවක් ලැබුවේ නම් පින් ලබා ගත හැකියි.. නැතිව තිරිසන්, නි‍ර,,මනුෂ්‍ය හෝ බ්‍රහ්ම වැනි භවයක් ලැබුවේ නම් පිං ලැබිය නොහැකියි.. නමුත් කරන්නාට පුණ්‍ය විපාක ලැබේ.. බුදු දහමට අනුව මේ සංසාරය් අපගේ නෑයන් නොවූ සත්වයන් ඇත්‍‍ නම් එබදු සත්වයෝ ඉතා අලප යි.. ඒ නිසා අපගෙන් පින් පතන්නාවූ පරදත්තූපජීවී ප්‍රේතයන් නැති වීමට ඉඩ නැති බව ජාණුස්සෝණි සූත්‍රයේම සදහන් වේ..
    ඒ කිව්වේ එයා මැරුන ගමන් වෙන භවයක් ඉපදෙනවා නම් එහෙම පිං කලාට වැඩක් නෑනේ. දැං අපි ගිය ආත්මේ මැරිලා ඒත් අපි වෙනුවෙන් පිං කලාට එවා අපිට ලැබෙනවද?

    නැහැ.. මනුෂ්‍ය භව ලබූ පුද්ගලයන්ට එලෙස නෑ හිත මිතුරන් ලබා දෙන පින අනුමෝදන් විය නොහැකියි. එසේ කළ හැකි එකම සත්ව කොට්ඨාසය නම් පරදත්තූපජීවි ප්‍රේතයන් පමණි..

    ---------------------------------------------------------------------------------------

    ථේරවාද බුදු දහම තුළ එනම් අපි කුඩා කල සිට හදාරන දහම තුළ අන්තර්භවයක් හෝ ගන්ධබ්බ අවධියක් පිළිබද පිළිගැනීමක් නැත. ථේරවාද දහම තුළ ගන්ධබ්බ ‍යන වචනය යෙදෙන්නේ නැවත උපතක් ලැබීමට සුදුසු පුද්ගයන් හැදින් වීමටයි. නැවත උපතක් ලැබීමට සුදුසු පුද්ගලයන් කවරේද? නිර්වාණය සාක්ෂාත් නොකළ සැවොම නැවත භවයක් ලැබීමට සුදුසු පුද්ගලයෝ වෙති. එනම් බුදු,පසේ බුදු හා මහරහත් උතුමන් හැර අන් සියලු මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම තිරිසන් ප්‍රේතාදී සත්වයෝ ගන්ධබ්බයෝ වෙති.

    මරණයෙන් පසු කර්මාණු රූපව අතරක් නැතිව භවයක් ලබනු විනා ගන්ධබ්බයන් වී හෝ අන්තර්භවිකයින් වී සිටීමක් ථේරවාදයේ නැත. මහායානයේ එබදු ඉගැන්වීමක් ඇත. තුන් වන ධර්මසංගායනාවේ දී මේ අන්තර්භවිකයන් පිළිබද මහිංසාසිකයින් (නූතන මහායානිකයින්) ඉදිරිපත් කළ තර්කය මොග්ගලිපුත්ත තිස්ස තෙරණුවෝ සකාරණා සහිතව බිද දැමූහ.