-----> දහම් පාසල් සේවාවේ ආරම්භය
අප රටේ දහම් පාසල් සේවාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1895 අගෝස්තු මස 03 වැනි දින ගාල්ලේ වැලිවත්තේ ශ්රී විජයානන්දාරාමයේද� � සර් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාණන් හා බ්ලැවැට්ස්කි මැතිනියගේ ප්රධානත්වයෙන් ලක්දිව ප්රථම දහම් පාසල ආරම්භ වූ බවයි. මෙම වසරේ අගෝස්තු මස 03 වැනි දිනට එම දහම් පාසල් සේවාවේ වසර 115 ක් පිරීමේ සංවත්සරය යෙදුණි. මෙම දිනයේ සිට මෙරට දහම් පාසල් අධ්යාපනයේ උපත ලෙස සලකා ලියෑවුණ සටහන් ලිපි ලේඛන ද සමරු උත්සව ද අපමණ සිදුවී ඇත. සමහරවිට සමරු මුද්දර ආදියත් නිකුත් වුණා යෑයි සිතමි. ඒ සියල්ල කෙසේ සිදුවුණත් අප රටේ ප්රථම දහම් පාසල ආරම්භ වූයේ ගාල්ලෙන් නොව කොළඹින් බවත් ඒ මීට වසර 129 කට පෙර බවත් පෙන්වා දීමට කැමැත්තෙමි.
ඊට පෙර යළිත් ශ්රී ලංකාවේ ප්රථම දහම් පාසල ලෙස සලකනු ලබන ගාල්ල වැලිවත්තේ ශ්රී විජයානන්දාරාම මහා විහාරස්ථානයෙන් ආරම්භ වී ඇති දහම් පාසල සම්බන්ධයෙන් "ඕල්කට් සිහිවටන 1880 - 1980" නමැති ග්රන්ථය (ශාස්ත්රවේදී බේරතුඩුවේ ඤාණවිසුද්ධි හිමියන් සහ ගාල්ල නාගරික මන්ත්රී විජය දහනායක මහතාගේ සම්පාදකත්වයෙන් බිහිවූ) ගාලු සඟරාවකි. එහි අඩංගු වන ලිපි අතර ඇති සඟරාවේ සංස්කාරක පදවිය දරන බේරතුඩුවේ ඤාණවිසුද්ධි හිමියන් ලද "විජයානන්ද විහාරස්ථානයේ ඇති ඓතිහාසික අගයන් කිහිපයක්" නමැති ලිපියට අවධානය යොමු කිරීමේදී එහි සඳහන් වන ඓතිහාසික අගයන් ලෙස සැලකෙන්නේ ලද්දිව මුල්ම ඉරුදින කොළඹ පාසල ආරම්භ වූ ආකාරයයි. එම සඳහන මෙලෙස දැක්වේ.
"ඕල්කට් තුමාගේ උපදෙස් පරිදි විහාරස්ථානයේ ප්රධාන දායක කෙනෙකුන්ව සිටි ඩී. ඡේ. සුබසිංහ මහතා 1889 දී පටන් ගෙන වර්ෂ පහක් පමණ නොඩකවා පවත්වන ලදී. 1895 අගොස්තු 03 වැනි දින ඇහැලේපොල ජිනෝරස ස්වාමින්ද්රයන් වහන්සේ විසින් අරඹන ලද දහම් පාසල විජයානන්ද සභාවේ පාලනය ඇතිව ඩී. ඡේ. සුබසිංහ මහතාගේ අධ්යක්ෂණයෙන් පවත්වා ඇත. 1895 සිට වර්ෂයක් පාසාම මුද්රණය කරන ලද වාර්තා පොත් සුරැකිව පවතී" යනුවෙනි.
ඕල්කට් සිහිවටන 1880 - 1980 ග්රන්ථය. පිටු අංක 30)
මෙම ලේඛනයට අනුවද එම දහම් පාසල ආරම්භ වී ඇත්තේ දැනට වසර 121 කට පමණ පෙරය. මෙසේ තිබියදී එම දහම් පාසල යළි 1895 දී ආරම්භ කළා යෑයි පවසනුයේ එහි යම්, යම් වෙනස්කම් කිහිපයක් සිදුකළ නිසාදැයි නැගෙන ප්රශ්නයකි. මේ අනුව ද ලංකාවේ මුල්ම දහම් පාසල 1895 අගෝස්තු මස 03 වැනිදා ආරම්භක දිනය ලෙස ගෙන එදින ජාතික දහම් පාසල් දිනය ලෙස සැලකීම අරුත් සුන් ක්රියාවකි.
නමුත් අප රටේ දහම් පාසල් ඉතිහාසය හෙවත් ඉරුදින පාසල් ආරම්භ වන වෙනත් දිනයක් සහ ස්ථානයන් ඇත. එම සත්ය දිනය හා ස්ථානය හෙළිකිරීම මෙම ලිපියේ ප්රධාන අදහසකි. ශ්රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාණන්ගේ ලංකා ගමනය අපේ රටට ලැබුණු වෙස්වලාගත් මහා ආශිර්වාදයක් විය. ඒ ගමනට මුල් වූයේ 1873 දී සිදුකළ පානදුරා වාදය බව නොරහසකි. නමුත් ඕල්කට්තුමාණන්ගේ පැමිණීමත් එතුමාගේ පරමවිඥනාර්ථවාදී මෙරට බෞද්ධ වැඩපිළිවෙළත් දෙස ඇතැම් පිරිස් බලන්නේද සලකන්නේද වැරදි සහගතය. එය ඕල්කට් තුමාට කරන අගරුවකට වඩා සිංහල බෞද්ධ අපි අපිටම කර ගන්නා මදිපුංචිකමකි. අප තුළ තිබෙන අකෘතඥතා ගතිය විදහාපෑමකි.
ඕල්කට්තුමා ලක්දිවට පැමිණීමෙන් පසු තිසරණ සහිත පන්සිල්ගෙන බෞද්ධයෙකු බවට පත්විය. එසේ පත්වී ප්රථම පරමවිඥනාර්ථ බෞද්ධ සමාගම ගාල්ලේදීම පිහිටවූ අතර කොළඹ පැමිණීමෙන් පසු දෙවැනි පරම විඥනාර්ථ බෞද්ධ සමාගම 1980 ජුනි මස 17 වැනි දින කොළඹදී පිහිටුවන්නට යෙදුණි. මෙම සමාගමේ මූලිකත්වය ගත්තේ උඩ - පාත දෙරටේ ප්රබුද්ධ සියම්, අමරපුර දෙනිකායික ස්වාමීන්වහන්සේල� � සහ ගිහි බෞද්ධයන්ය. මේ වන විට රාමඤ්ඤ නිකාය පිහිටුවා තිබුණත් 1881 අගෝස්තු 16 වැනි දින කොළඹ පිටකොටුවේ මාලිවත්ත වීදියේ අංක 54 දරන ගෘහයේ සිට ඕල්කට් තුමන් සිදුකළ නිවේදනයකට රාමඤ්ඤ මහා නිකායේ ආදිකර්තෘ අඹගහවත්තේ ඉන්ද්රසභ ස්වාමින් වහන්සේ යන නමින් උන්වහන්සේ අත්සන් කර ඇත්තේ සියම් හා අමරපුර දෙපාර්ශ්වය අතරින් අමරපුර නිකායික භික්ෂුවක් ලෙසය. ඒ අනුව සියම් මහා නිකාය වෙනුවෙන් හික්කඩුවේ ශ්රී සුමංගල නායක මාහිමි, බෙන්තර වනවාසී විහාරාධිවාසී පොතුවිල ඉන්දජෝති නායක මාහිමි, මුල්ලේරියාවේ ගුණරතන මාහිමි, තලාහේනේ අමරමෝලි මාහිමි, කොටුවේගොඩ ඤාණානන්ද මාහිමි, හෙයියන්තුඩාවේ දේවමිත්ත මාහිමි යන ස්වාමින් වහන්සේලාද, අමරපුර නිකාය වෙනුවෙන් බුලත්ගම ධම්මාලංකාර ශ්රී සුමනජෝති මාහිමි, මිහිරිපැන්නේ ශ්රී සුමනතිස්ස නායක හිමි දොඩන්දූවේ ශ්රී පියරතන තිස්ස නාහිමි, වැලිගම ශ්රී සුමංගල නාහිමි, රත්දොඹේ ශ්රී ධම්මාලංකාර මහ නාහිමි, වස්කඩුවේ ශ්රී සුනන්ද මාහිමි, අඹගහවත්තේ ඉන්ද්රසභ නාහිමි, වැලිතර අඹගහපිsටියේ ආසභතිස්ස මාහිමි මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි.
(කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සමාගමේ වාර්තාව පිටු අංක 12)
යන ස්වාමින් වහන්සේලාද එම නිවේදනය වෙනුවෙන් අත්aසන් කර ඇත. අපේ සමහර උගතුන් විසින් සර් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් බුදු දහමට එකඟ නොවූ දර්ශනයක් අප රට තුළ වපුරන්නට මහන්සිගත් බව ප්රකාශ කරන අදහසයි. නමුත් එය අසත්යයක් බව වැටහෙන්නේ කොළඹ පරම විඥනාර්ථ සමාගමේ පරමාර්ථ පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහසනි.
1. සම්බුදධ ධර්මය දේශනා කරවීම.
2. භික්ෂූන් වහන්සේලාට ආගම ධර්මය පුහුණු කිරීමට විද්යාශාලා පිහිටුවීම. බෞද්ධ දරුවන්ට ආගම ඉගැන්වීමෙන් නිසි මග හැසිරවීම පිණිස පාඨශාලා පිහිටුවීම.
3. ලක්දිව උත්සන්නව තිබෙන මිථ්යාගම් මැඩපවත්වා බුද්ධාගම උතුම් බව ප්රකාශ කිරීමටත් බුද්ධාගම ඉගැන්වීමට පොත් පත් පතළ කිරීම.
4. බෞද්ධයන් විසින් ආගම් වශයෙන්ද මෙලොව වශයෙන්ද කටයුතු දේ ප්රකාශ කිරීමෙන් ලෝකයා නිසි මග හසුරුවන ප්රවෘත්ති පත්ර පළ කිරීම.
5. දේශාන්තරයන්හි බුද්ධ සමය පතළ කිරීම.
6. පිටරට බෞද්ධයන්ගෙන් හා ක්රිස්තියානියට විරුද්ධ අයගෙන් ලක්දිව බුද්ධ සමය වර්ධනය කිරීම පිණිස උපකාර ගැනීම පූර්ව දිග භාෂා හෙවත් මාගධ, සංස්කෘත, සිංහල යන භාෂා හා භාෂාවලින් ලියා තිබෙන ශාස්ත්ර දියුණු කිරීම යන මේ ආදිය සමාගම විසින් අවශ්යයෙන්ම කටයුතු විශේෂ දේයි යනුවෙන් ලියා මෙලෙස තවත් වගන්තියක්ද එහි ඇත.
"මිත්යාදෘෂ්ඨියන්� �ෙන් වන උපද්රව මැඩපැවැත්වීමටත් බෞද්ධයන් නිසි මග හසුරවමින් බුද්ධාගම වර්ධනය කිරීමටත් හේතු වූ යමක් තිබේ නම් ඒ සියල්ල මේ සමාගම විසින් කටයුතු දේ ලෙස සාමාන්යයෙන් සැලකිය යුතුයි"
මෙලෙස පරමාර්ථ ඇති කර ගෙන ඇරඹුන මෙම බෞද්ධ සමාගම එකළ කොළඹ නගරයේ නොසිදුවූ ධර්ම දේශනා පැවැත්වීමේ සිරිත ආරම්භ කළේ පරමවිඥනාර්ථ බෞද්ධ සභා ශාලාවේදීය. කොටහේන දීපදුත්තාරාමය, මාලිගාකන්ද විෙද්යාaදය පිරිවෙන ආදී ස්ථාන හැරෙන විට වෙනත් තැනක බණක් දේශනා වූවේ නම් එය බෞද්ධ සංගම් ගොඩනැඟිල්ලයි. ඒ අනුව හික්කඩුවේ ශ්රී සුමංගල මාහිමි, රද්දොළුවේ ධම්මාලංකාර මාහිමි, පොතුවිල ඉන්ද්රජෝති මාහිමි, වස්කඩුවේ සුභූති මාහිමි, තලාහේනේ අමරමොලි මාහිමි, අඹගහවත්තේ ඉන්ද්රසභ මාහිමි මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි යන ස්වාමින් වහන්සේලා මෙලෙස ධර්මදේශනා පැවැත්වූ මහ යතිවරු වූහ. එමෙන්ම දිනපතාම විෙද්යාaදය පිරිවෙනේ ඉගෙනුම ලබන ස්වාමින් වහන්සේලා එවමින් මෙම ධර්මදේශනා වැඩසටහන ඉදිරියට ගෙනයන්නට හික්කඩුවේ නාහිමියන් දක්වා ඇති අනුග්රහය සුළු පටු නොවී ඇත. මේ කටයුතු පිළිබඳව හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන් විසින් නොකඩවා සොයාබලමින් උදව්කර ඇත.
ස්වාමින් වහන්සේලාට අමතරව බටුවන්තුඩාවේ පඬිතුමා, පිලිප් ද සිල්වා, ඈපා අප්පුහාමි, කවිරත්න වෙද ආරච්චි ගිහි අයද ආගම, නැකැත් සතර ආයුර්වේදය ගැන විටින් විට දේශන පවත්වා කොළඹ වැසි ජනතාවට දැනුම, බුද්ධිය ලබාදී තිබේ. මෙලෙස සිදුකරන ධර්ම දේශනා හා වෙනත් දේශන අසන්නට විවිධ පිරිස් රොද බැඳගත් නිසා සංගමයට විශාල ගෙයක් සඳහා ගෙවල්කුලී ගෙවමින් විශාල ධනයක් වැය කරන්නට සිදු වූ බව එම වාර්තාව කියාපායි. දෙවනුව රැස්වෙන පිරිසට මල් පහන් පිදීමට තැනක් අවශ්ය වූ හෙයින් කිරුගරුඬ පිළිමයක් තබා බුදුපියාණන්ට පුද පූජා පැවැත්වීමට සලස්වා ඇත. මෙලෙස කටයුතු කරගෙන යන අතරදී සමාගමේ විශේෂ අවධානය යොමු වූයේ කොළඹ බෞද්ධ පවුල්වල දරුවන් මිෂනාරින්ගේ පාඨශාලාවලට යවන නිසා ඔවුන් ලබන අබෞද්ධ අධ්යාපනය පිළිsබඳවය. ඒ අනුව ඒ වන විට රටපුරා තිබුණ මිෂනාරී පාඨශාලා 744 ක් තුළ බෞද්ධ දරුවන් 35000 ක් ලබන අධ්යාපනය නිසා අනාගතයේදී ඔවුන්ගේ ජීවිතයටත්, බුදු දහමටත් ඇතිවන විපත දෙස බලා සුසුම්ලෑමෙන් වැඩක් නැති බව අවබෝධ කර ගෙන සිය කාර්යභාරයට සමාගමේ නායකයන්ගේ සිත ඇදී යන්නට විය. මෙය හොඳින් වැටහුනේ ඕල්කොට් තුමාගේ මගපෙන්වීම මතය. මිෂනාරීන්ගේ පාසල් සඳහා රජය මුදල් ආධාර ලබා දුණි. 1884 වර්ෂයේදී එම පාසල් නඩත්තු කිරීම සඳහා රජය ලබාදී තිබුණ මුදල රු. එක් ලක්ෂ හැත්තෑ පන් දහස් අටසිය දහනවයකි. (1,75,819) මෙම මුදල් එම පාසල් වලට ගෙවන්නේ රජයට වැඩි වශයෙන් සිංහල බෞද්ධයන් ගෙවන බදු මුදල් වලිනි. බදු මුදල් වසරින් වසර ඉහළ යන විට පාසල්වල ගෙවීම්ද වැඩිවිය. මේ බදු ගෙවන්නේ තම දරුවන්ගේ බෞද්ධකම වනසා දමන්නට නොවේද? යන්න පරමවිඥනාර්ථ නායක ඕල්කට්තුමාගේ ප්රකාශයක් විය. මෙම තත්ත්වය නැති කිරීමට පිරිස් පෙළගැස්වීමට පරමවිඥනාර්ථ සමාගම ගත් උත්සාහය ප්රබල විය. මේ අනුව ඕල්කට් තුමා ගොඩනැඟූ අරමුදල හැඳින්වූයේ "සිංහල ජාතියට අයිති බුද්ධාගම සම්බන්ධ මුදල" යනුවෙනි. රටේ ජනගහනය අනුව එක් අයෙකු රුපියල බැගින් ලබාදෙන්නේ නම් මෙම මුදල තර කර එයින් ලැබෙන පොලියෙන් රටේ බෞද්ධයන්ගේ පාසල් ගොඩනැඟීමටත් ඒවා පාලනය කිරීමටත් හැකියාව ලැබෙන බව ඕල්කට් තුමා විසින් පෙන්වා දුනි. රුපියල එකවර ගෙවීමට නොහැකි නම් හතර වරකට හෝ දෙවරකට ගෙවීමට පින්පත්ර සකසා බෙදා දුනි. මේ සඳහා ප්රාදේශීය වශයෙන්ද නිලධාරීන් පත්කළ නිසා එය ගෙවීමටද පහසු විය.
1. ගාල්ල පළාත - ඇඩ්මන් ගුණරත්න අතපත්තු මුදලි සහ සයිමන් පෙරේරා මහතා.
2. කොළඹ පළාත - අන්ද්රිස් පෙරේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් තුමා.
මීගමු පළාත - හෙන්ද්රක් ආරච්චි කොර්නර් මහත්මා ආදින්ගේ නම් ඇතුළත් විය. මෙලෙස ඇරඹූ අරමුදලෙන්
* සරසවි සඳරැස පුවත්පත ආරම්භ කිරීම.
* "බුඩිස්ට්" නමින් ඉංග්රීසි පත්රයක් ආරම්භ කිරීම.
* බෞද්ධ මුද්රණාලයක් ගොඩනැඟීම.
* බෞද්ධ පොත පත පළකිරීම.
* බෞද්ධ පුස්තකාලයක් පවත්වාගෙන යැම.
* බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීම.
* ආයතනීය ගොඩනැඟිලි ඉදිකිරීම හා පවත්වාගෙන යැම.
* විපතට පත් අයට උදව් කිරීම.
* බෞද්ධ උත්සව රැස්වීම් සංවිධානය කිරීම.
යන කටයුතු වලට වැය කළහ. මෙලෙස පරම විඥනාර්ථ බෞද්ධ සමාගම කටයුතු අරඹන විට ප්රථමයෙන්ම ඇරඹූ සිය ආයතනයේ ධර්ම දේශනා මාලාවත් සමගම ඇරඹූ සතිපතා ඉරිදා දිනවල දරුවන්ට ධර්මය උගැන්වීමේ වැඩපිළිවෙළ ප්රථම අධ්යාපනික සේවය ලෙස හැඳින්වීම නිවැරදිය. ඒ අනුව අප රටේ ප්රථම දහම් පාසල ඇරඹෙන්නේ 1895 දී නොව 1881 වසරේ පෙබරවාරි 13 වැනි දිනදී පිටකොටුවේ මාලිවත්ත වීථියේ අංක 54 දරන නිවසේදීය. ප්රධාන ගුරුවරයා වන්නේ හෙයියන්තුඩාවේ ශ්රී දේවමිත්ත මාහිමිපාණන් වහන්සේය. මෙම ප්රථම දහම් පාසල හා එයින් පසු ඇරඹුණු දහම් පාසල් පිළිබඳව පුළුල් විස්තරයක් 1890 නිකුත් කළ පරම විඥනාර්ථ බෞද්ධ සමාගමේ දස වසරක වාර්තා පොතෙහි 29 වන පිටුවේ මෙසේ සඳහන් කරනු ලබයි.
ශ්රී ලංකාවේ
"මෙම දරුවන් මිථ්යාදෘෂ්ටික පාඨශාලාවලින් සම්පූර්ණයෙන් මුදවා ගැනීම පිණිස බෞද්ධ පාඨමාලා පිහිටුවීමට සමාගමට ශක්තියක් නොමැත්තේය. එබැවින් ඉරිදා දවස්වල පමණක් කුඩා දරුවන්ට බුද්ධ සමය අභ්යාස කරනු සඳහා සමාගම විසින් උත්සාහ ගන්නට යෝජනා කරන ලදී."
"සමාගම එවකට පැවැති මාලිවත්ත වීථියේ අංක 54 දරන ගෘහයෙහි 1881 පෙබරවාරි 13 වැනිදා කුඩා දරුවන්ට ආගම ඉගැන්වීම පටන් ගන්නා ලදී. මේ කාලයෙහි සමාගමේ ධර්ම දේශනා කරවීම ඉරිදා දවල් හතරට පමණ පැවැති බැවින් දෙකට පමණ ළමයින් රැස්කර ආගම ඉගැන්වීම කරන ලදී. හෙයියන්තුඩුවේ දේවමිත්ත ස්ථවිරයන් වහන්සේ විසින් බුද්ධාගම සම්බන්ධ කරුණු ලියා බාලයන්ට මේ කාලයේ උගන්වන ලදී."
1886 දී මැයි මාසයේදී සී. ඩබ්ලිව්. ලැඩ්බීටර් මහත්මයා විසින් මේ ඉගැන්වීම ඉතා විශාල ලෙස ආරම්භ කරන ලදී. සමාගමේ සාමාජිකයෙක් වූ සී. දොන් බස්තියන් මහත්මයා ප්රධානව ගෑනු - පිරිමි බෞද්ධ දරුවන් පිටකොටු පැත්තෙන් හා වෙනත් ස්ථානවලින් රැස්කරවාගෙන තමන්ගේ වාසස්ථානයේ බුද්ධාගම ඉරිදා දිනවල ඉගැන්වීම පටන් ගන්නා ලදී. මෙය සති කිහිපයක් සමෘද්ධි ලෙස පැවති පසු සමාගම් පිහිටි ස්ථානයේ පැවැත්වීමට ලැඩ්බීටර් මහතාට භාරදෙන ලදී."
"ඉරිදා දිනවල බෞද්ධ දරුවන්ට ආගම ඉගැන්වීම මෙසේ පිටකොටුවේ කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානය සම්බන්ධ පාඨශාලාවේද, මරදානේද, බොරැල්ලේද, පනික්කි වීදියේද, මසංගස් වීදියේද, කොම්පඤ්ඤ වීදියේද, දෙහිවලද, පෑලියගොඩද, පඤ්චිකාවත්තේ ද ආරම්භ කරන ලදී. මේ ඉගැන්වීමට නොයෙක් බෞද්ධ මහතුන්ගෙන් ආධාරෝපකාර ලැබුණේය. ඉගැන්වීමෙහි කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සමාගමේ මහතුන් බොහෝ දෙනෙක් ඉරිදා දිනවල කාලය ගත කළෝය. සමහර බෞද්ධයෝ ඊට උදව් කළේය. නමුත් ලැඩ්බීටර් මහත්මයා කොළඹ පාඨශාලා සියල්ලටම වාගේ සංචරණය කරමින් ඉතා දැඩි උත්සාහයක් දැරුවේය."
මෙම විස්තරය අවසන් වන්නේ මේ අන්දමින්ය. "දෙලොවෙන්ම මහත් අභිවෘද්ධියක් ගෙනදෙන මාහැඟි ක්රියාවකි. මෙමඟින් සමාගම විසින් කරන්නට ආරම්භ කළ ලෝක ශාසනාභී වර්ධනය මෙයින්ම නැවතේ යෑයි නොසිතිය යුතුයි"
මේ අනුව 1881 පෙබරවාරි 13 වැනි දින කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සමාගම් මූලස්ථානයෙන් එම සංගමය මගින් ඇරඹුන දහම් පාසල් මෙහෙවර හෙයියන්තුඩුවේ නාහිමියන් විසින් පවත්වාගෙන ගොස් පසුවයි සී. ඩබ්ලිව්. ලෙඩ්බීටර් තුමා විසින්ද ඉදිරියට ගෙන ගොස් ඇති බව මනාව පෙනී යයි. එම වාර්තාව අනුව විටින් විට අතර මග මෙය අඩාලව නතර වුවත් කොළඹ නගරයේ බොහෝ තැන්වලත් දීපදුත්තාරාමය ආශ්රයෙනුත් දහම් පාසල් ගෙන ගිය බව පවසයි. මෙම අයුරින් කොළඹින් ඇරඹුන දහම් පාසල් සේවයේ රශ්මිය ගාල්ලටත් දැනුන හෙයින් 1889 දී වැලිවත්ත විජයාන්දාරාමයේ දහම් පාසලක් ආරම්භ කිරීමට එහි ප්රධාන දායක මහත්මයෙකු වූ ඩී. ෙ-. සුබසිංහ මහත්මා කටයුතු කරගෙන ගිය බව හොඳින් පෙනී යයි. එයින් පසු 1895 අගෝස්තු මස 03 වැනිදා ඇහලේපොළ ජිනෝරස මා හිමියන් විසින් සිදුකර ඇත්තේ එය විධිමත් කිරීමකි. මේ අනුව බලන විට ලංකාවේ දහම් පාසල් සේවාව ආරම්භ කර වසර 14 කට පසු සිදුවන දහම් පාසලක කටයුතු විධිමත් කිරීම දහම් පාසල් ඉතිහාසයේ සමාරම්භක දිනය ලෙස පිළිගැනීම සහ පවත්වාගෙන යැම මොනතරම් අවිද්යාත්මක ක්රියාවක්ද යන්න කල්පනා කළ යුතු බව අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇත.
මෙයින් පෙනී යන්නේ ලංකාවේ බෞද්ධ අධ්යාපනයේ ප්රධාන අංගයක් වූ දහම් පාසල් අධ්යාපනය ඇති කිරීමේ මහ මෙහෙවරේත් ප්රධාන නියමුවා වන්නේ කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමාගම බවයි.
එපමණක් නොව ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන් වෙත ආරෝපණය කර ඇති ඇතැම් දේවල්වල නියම මුල් උරුමක්කරුවා පරමවිඥනාර්ථ බෞද්ධ සමාගම බව පෙන්වාදීමට කැමැත්තෙමි. මේ අතර ප්රධාන තැනක් ගන්නේ
* සිංහල නොවන නම් ගම් භාවිතයට විරුද්ධවීම.
* ගව ඝාතනයට එරෙහිවීම.
යන කරුණුය. මෙම පරනාම භාවිතයට එරෙහිව ප්රථම පියවර පරම විඥනාර්ථ බෞද්ධ සමාගම මගින් අරඹා ඇත්තේ 1885 අප්රේල් මස 17 වැනිදාය. ඒ වන විට අනගාරික ධර්මපාල තුමා සිය ජීවිතයේ 21 ක් වන විය ගෙවන හිරිමල් තරුණයෙකි. ඒ පිළිබඳව 1890 සමාගම් වාර්තාවේ 43 වන පිටුවේ මෙසේ සඳහන් වේ.
පරනාම ව්යවහාරය ප්රතික්ෂේප කිරීම.
"ලංකාවේ පුරාණ පැවති යුරෝපීය ආණ්ඩු විසින් පහළ රට බෞද්ධයෝ බලහත්කාරයෙන් මෙන් ක්රිස්ත්රියාන� � කරණු ලැබූවෝය. මේ නිසා පහළ රට සිංහල බෞද්ධයන්ට ක්රිස්ත්රියාන� � ආගමේ සාන්තුවරයන්ගේ නාමද පෘතුගීසි හෝලන්ද ජාතික ජනයන්ගේ නම්ද ව්යවහාරව පවතී."
"දඹදිව ජනපදවලින් පැමිණි ආර්ය වංශික ශුද්ධ සිංහල බෞද්ධයන් ගැන පිළිකුල් කටයුතු වූ විමතියක් හට ගැනීමට මේ පරනාම ව්යවහාරය හේතුවන බැවින් ඒ නාම ප්රතික්ෂේපකර ස්වකීය ජාතිය, භාෂාව, භක්තිය යනාදී කරුණු ප්රකාශවන කොමල අක්ෂරාවලම්බනයකර� � ජිනදාස, ප්රෙAAමචන්ද්ර, සුවණ්ණමාලි, හේමමාලි ආදී නාම බෞද්ධ ස්ත්රී පුරුෂයන්ට ව්යවහාර කිරීමට 1885 අවුරුද්දේ අප්රේල් මස 17 වැනි දිනදී යෝජනාකර මේ සම්බන්ධව "සරසවි සඳරැස" පත්රයෙන් නොයෙක් විට කර්තෘවාක්ය පළකරවන ලදී."
"බෞද්ධයන් විසින් ව්යවහාර කළ යුතු නම් අකාරාදී පිළිවෙළට ගලපා නම් පොතක් සම්පාදනයකර පිටපත් පන්සියයක් 1888 දී පතළ කරන ලදී."
2. ගව ඝාතනය පිළිබඳව ප්රථම විරෝධය එල්ල වී ඇත්තේ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමයෙන් බව පෙනී යන්නේ එම සමාගමේ වාර්තා පොතේ 44 වන පිටුවේ සඳහන් වන ගො ඝාතනය නම් ඡේදයෙනි. එහි මෙසේ සඳහන්වේ.
"පුරාණ කාලයේ ලක්දිව සිංහලයන් අතර ගෙරිමස් කෑම ඉතා නින්දිත ක්රියාවක් ලෙසම සලකන ලද්දේය. මේ නිසා මස් කෑම පිණිස හරක් මරණ පුරුද්දක් ලක්දිව නොපැත්තේය. නමුත් යුරෝපීයන් මෙහි පැමිණ හරක් මරමින් මස් කන්නට පටන් ගත් විට ඔවුන් ආශ්රය කරන සිංහලයන්ට මේ නින්දිත ක්රියාව පුරුදුවිය."
"සරසවි සඳරැසේ වාක්ය ලියවිලි ආදිය මීට විපක්ෂව ප්රසිද්ධ කිරීමෙන් හරක් මස් කෑම බොහෝ දෙනෙක් ප්රතික්ෂේප කළෝය. සමහර ස්ථානවල ගෙරි මස් කඩ වසා දමන්නට විය. හරක් මැරීම වැළැක්වීමට ක්රියාකරන රුචියක් සාමාන්ය ලෝකයාට දැන් ඇති වී තිබේ.
පසුකාලීනව ධර්මපාලතුමා මෙම සංකල්පයත් තමන් විසින් ඉදිරියට ගෙන ගියහ. එතුමා මේ සඳහා යොමුවීමේදී මුලින්ම ආදර්ශයට ගත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමියන්ය. පසුව පරමවිඥනාර්ථයට එක්වී එහි පූර්ණකාලීනව කටයුතු කර එයින්ද ඉවත් වී වෙනම සංවිධානය විය. මෙම වාර්තා පොතෙහි ධර්මපාල තුමා පිළිබඳව අන්තර්ගතව ඇත. එහි මෙසේ සඳහන් වේ. සරසවි සඳරැස පත්රයේ හා බෞද්ධ යන්ත්රාලයේ අධ්යක්ෂක ධුරය 1883 පටන් ධර්මපාල හේවාවිතාරණ මහත්මයා දරන්නේය." යනුවෙනි. තවත් තැනක මෙසේ සඳහන් වන්නේය.
"ලංකා බුද්ධ ශාසනය පාලනයෙහි ඉතා ආසා ඇති කර්නල් ඔල්කොට් තුමාගේ කලක පටන් පැවති අභිප්රායක් නම් ලංකාවත් ජපන් රටත් දෙක අෙන්යන්ය මිත්ර කිරීමයි. කර්නල් ඔල්කොට් තුමා ජපන් රටට පැමිණි කාලයේදී මේ ගැන ඒ රටේ වැදගත් ගෘහස්ථප්රමුජිත දෙපක්ෂය සමග කථා කළේය. එපමණක් නොව ඒa රටේ වැදගත් නායක ස්ථවිරයන් වහන්සේලාගෙන් සිප්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේට ලියුම් එවීමෙන්ද සිප්කඩුවේ නායක ස්ථවිරයන් වහන්සේ විසින් ඒ රටට කර්නල් ඕල්කොට් තුමා යද්දී ලියුම් යෑවීමෙන්ද ලංකාවත් ජපන් රටත් අතර සම්බන්ධකමක් දැන් පවත්නේය."
"කර්නල් ඕල්කොට් තුමා හා ධර්මපාල හේවාවිතාරණ මහතා එහි පැමිණීමෙන්ද ලියුම් හුවමාරු කිරීමෙන්ද මෙහි භික්ෂූන් වහන්සේලා පැමිණි සමාගමේ ආරක්ෂාව ඇතිව සිටගෙන ඉගෙන ගැනීමෙන්ද දැන් ලංකා ජපන් යන දෙරටේ බෞද්ධයන් අතර මිත්ර ධර්මයන් දියුණුවේගෙන යන්නේය."
මේ අනුව අනගාරික ධර්මපාල තුමාණන්ට සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ජපානය සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට ශ්රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා උපස්ථම්භක වී ඇති ආකාරය කෙසේ දැයි වැටහෙනු ඇත. මේ අයුරින් ගත් කළ ජාතික වශයෙන් හා ජාත්යන්තර වශයෙන් අපරට උසවා තබන්නට ඕල්කොට් තුමාගෙන් සිදුවූ සේවය අති විශාල මෙහෙවරකි. පානදුරාවාදයෙන් මිගෙට්ටුවත්තේ ශ්රී ගුණානන්ද මාහිමියන් පතුරුවා හැරි සත්යයේ හඬ අප දේශය අල්ලාගෙන සිටි අධිරාජ්යවාදීන් හට සිය හස්තය බුරුල් කරමින් නිදහස, ටිකෙන් ටික හෝ පිරි නමන්නට සිදුවිය. ඒ සඳහා ඕල්කට් තුමා තැබූ පියවරයන් අති විශාලය. සිංහල හා දෙමළ සමගිකමටද ඕල්කට් තුමාගේ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමය හරහා ලක්දිවට පැමිණි ඇමරිකන් ජාතික පවල් මහතා කටයුතු කර ඇත.
ඇමරිකාවේ සිටියදී පාදිළිවරයෙක් වීමට ඉගෙන ගත් පවල් මහතා සැන් ප්රැන්සිස්කෝ නගරයේ පිහිටි පරමවිඥනාර්ථ සමාගමේ ඇසුර ලබා එහි සාමාජිකයෙක් බවට පත් වී ඇත. ආසියාවේ ආගම් පිළිබඳව ලියෑවුණ පොත් පත් කියවා බුදුදහම පිළිබඳව හදාරා ඉන්දියාවේ පරමවිඥනාර්ථ සංගම් කාර්යාලයට පැමිණ එරටේ දේශන කරමින් සිට 1889 අගෝස්තු මස 5 වැනි දින ලංකාවට පැමිණි පවල් මහත්මා අගෝස්තු මස 07 වැනිදා බෞද්ධ සභාවක් ඉදිරියේ හික්කඩුවේ ශ්රී සුමංගල මාහිමියන් වෙතින් පන්සිල් රැගෙන බෞද්ධයෙකු බවට පත්විය. එයින් පසු කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සංගම් මූලාසනයේ නේවාසිකව සිටිමින් ධර්මපාල හේවාවිතාරණ මහත්මා සමග දකුණු පළාතේත් මහනුවර, මාතලේ, දඹුල්ල ආදී ප්රදේශවලත්, නැගෙනහිර පළාතේ, ත්රිකුණාමලය හා මඩකලපුව ප්රදේශවලත් සංචාරය කරමින් ජනතාව රැස්කරවා දේශන පවත්වා ඇත. එතුමන් සිදුකරන දේශන සියල්ල සිංහලයට පරිවර්තනය කර ඇත්තේ ධර්මපාල තමා විසිනි. එතුමාගේ දේශනවලින් ක්රිස්තියානියට විශාල වශයෙන් පහරදීම සිදුවිය. සුදු ජාතිකයෙකු බුදු දහම වර්ණනා කරමින් සිය ජන්ම ආගමට පහරදීම නිසා විශාල වශයෙන් මිනිසුන් එකතුවීම විශේෂ සිද්ධියක් විණි. උඩරට ප්රදේශයේත් සතර කෝරළයේත් විසූ මුදලිවරු පවල් මහතා තම නිවෙස්වලට (වලව්) ගෙන්වාගෙන දේශන පවත්වාගෙන සිය ප්රදේශ වැසියන්ට ආගමේ දහමේ පණිවිඩය ලබාදීමට පෙළඹීම විශේෂ සිද්ධියකි.
මෙම දේශන සංචාරය නිසා විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ හින්දු බෞද්ධ එකතුවක් ගොඩනැගෙන්නට විය. එහි ප්රතිඵලයක් ලෙස ත්රිකුණාමලයේ "මහදේව පරම විඥනාර්ථ" නමින් සංවිධානයක්ද බිහිවී බොහෝ අය බුදු දහමට සම්බන්ධ වී ඇත. තවත් ද්රවිඩ පිරිසක් එක්ව "සච්චිද්රනන්ද" යන නාමයෙන් තවත් සංවිධානයක්ද බිහිකරගෙන කටයුතු කිරීමටය පියවර ගෙන ඇත. මඩකලපුවේ දේශනවලින් අනතුරුව "සුගතපාල" නමින් පරමවිඥනාර්ථ සමාගමක්ද, "ප්රඥන මාර්ග" නමින් ද්රවිඩයන්ගේ සංවිධානයක්ද පිහිටුවාගෙන ඇත. සිංහල ප්රදේශවලදීද මෙවැනි සංවිධාන බිහිවූ බවට හෙළිවේ. ඒ අනුව වැලිගම ප්රදේශයේ දේශනවලින් පසු "සිද්ධාර්ථ" යන නමින් සමාගමක්ද මාතර "බෞද්ධ" සමාගමක්ද දික්වැල්ලේදී "මොග්ගලීපුත්ත" යන නමින් සංවිධානයක්ද පිහිටුවා ගෙන ඇත. මෙසේ වැඩ කරමින් සිටියදී පාසල් කිහිපයක්ද පිහිටෙව් පවල් මහතා 1890 දී යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙවැනි විදේශීය සම්පත්දායක පුද්ගලයන් අප රටට පැමිණ සිදුකළ මෙහෙයන් පිළිබඳව සවිස්තරාමක් සටහන් ඉතා දුර්ලභ හෙයින් ඕල්කට් තුමාගේ මෙහෙවර පිළිබඳව ඇති දැනුම අප රටේ බොහෝ දෙනා තුළින් වියෑකී යමින් පවතී. මේ අනුව මෙම ඓතිහාසික සැඟවුණ තොරතුරු අනුව මෙරට බෞද්ධ ප්රබෝධය දහම් අධ්යාපනයේ නවෝදය ඇති කළ මෙරට දහම් පාසල් අධ්යාපනයේ ප්රථම දහම් පාසල 1881 පෙබරවාරි 13 වැනි දින කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සංගම් මූලස්ථානයෙන් බිහි වී ව්යාප්ත වූ ප්රබල ව්යාපාරයක් විය. 1895 අගෝස්තු මාසයේ 03 වැන දින ගාල්ලෙන් බිහිවූ ක්රමයක් නොවන බව පෙන්වා දිය යුතුය. ගාල්ලේ තිබෙන විජයානන්ද දහම් පාසල මෙතෙක් එක දිගටම වසර 121 ක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ දහම් පාසලක් වන අතර එහි ආරම්භය 1895 නොව 1889 ලෙස පිළිගැනීම වැදගත් යෑයි සළකමි.
සැ.යු. - මෙය අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේබෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.