දහම් පාසැල ~ ඉරිදා

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    දහම් පාසැල ~ ඉරිදා

    මචන්ලා,
    කට්ටිය ටිකක් ෆ්‍රී එකේ ඉන්න දවසේ අපේ දහම් දැනුම වර්ධනයකරගන්න,ප්‍රශනයක් අහන්න, ධර්මකරුනුගැන පොඩිවට ඩිස්කශන් එකක් දාලා දැනුම කා අතරත් බෙදාගන්න මෙතනට වරෙල්ලා.!


    ධර්මයට ලැදි, ධර්මදානයට කැමති, ඔබ දන්න දහම් කරුනු මෙතන දාමු..
    ඒසදහා ඇරයුම් !!





    -->>මොකක්ද සාසනේ කියන්නේ..ඒක කුමන ආකාරද

    1. ප්‍රතිවේද - සතර මාර්ග ඵල ව්ලට පත්වීම
    2. ප්‍රතිපත්ති - ( සීලදී සමාදි පඥ්ඥා) ප්‍රතිපත්ති පිරීම
    3. පරියාත්ති - ධර්මස්කන්ධය (සුත්‍ර , අභිධර්ම හා විනය ) හැදෑරීම






    -->>සාසනේ අන්තර්ධානය සිදුවන ආකාරය
    1. ප්‍රතිපත්ති අන්තර්ධානය
    2. පරියාත්ති අන්තර්දානය -
    3. ප්‍රතිවේද අන්තර්ධානය
    4 .පරියාත්ති අන්තර්දානය -
    5. ලින්ග අන්තර්දානය
    6. ධාතු අන්තර්ධානය


    පරියාත්ති අන්තර්දානය -
    ධර්මය හැදෑරීම භික්ෂුන් අතරින් අතහැරීම
    ධර්මය හදාරනේ නැති කාලයක් පැමිනීම.ඒ හේතුවෙන් දහම් කොටස් දන්න අය නොමැතිවීම.ඒ යටතේ පහතපරිදි දහම් කොටස්වල අන්තර්ධානය සිදුවේ.

    * ගැබුරු දයම් කොටස් ( පට්ඨානය )
    * ඉතිරි අභිධර්ම පිටයකන්
    * දීඝ නිකාය, මජ්ජිම නිකාය වශයෙන් සුත්‍ර පිටක අන්තර්ධානය සිදුවේ.


    ලින්ග අන්තර්දානය
    පැවිදි ස්වරුපය නැතිවයාම.

    ධාතු අන්තර්ධානය
    සියලු ධාතුන් වහන්සේලා, රුවන්වෙලිසෙයේදී එකතුවී බුඪ්ද්ධගයවට වැඩමමකර එකතුවී, නිර්මිත බුදුරුවක් මැවී මොහොතක් ධර්මය දේදනාකොට අතුරුදන්වේ.ඒවනවිට ධර්මය තේරෙන මිනිසුන් නොමැති බැවින් ,දෙවියන් පමනක් ධර්මය අසා මාර්ගඵල සාක්ශාත්කරගනී.

    ප්‍රතිපත්ති අන්තර්ධානය
    සීල සමාධි පඥ්ඥා වැඩීම අතහැරීම. ඒනිසා මාර්ගඵල ඇතිඅයගෙන් හිස් වීම
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    භික්ෂූන් වහන්සේ නමක්ම ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් කරන්න උපදෙස් දෙන ආකාරය සඳහා උදාහරණයක්:

    අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "ඇවැත්නි, කම් නැත. ශොක නො කරවු. නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමත්තෙමු නම් එය නො කරන්නෙමු"

    ඉහත දැක්වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු පවත්වන ලද ප්‍රථම ධර්ම සංගීතියට නිදාන වූ සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙකුගේ ප්‍රකාශය. එවන් ප්‍රකාශයක් කිරීමම එම භික්ෂුවගේ පිරීහීම දක්වනවා. සුභද්ද භික්ෂුව එකල පැවසූ ආකාරයටම මෙකල භික්ෂුවක් ප්‍රතිපත්ති ශාසනය අතුරුදහන් කරන්න එබඳුම උපදෙස් දෙන ආකාරය පහත දක්වා ඇති ලිපියේ විස්තර වෙනවා:

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අධාර්මික අවිනය කරුණු පැවසීම නිසා ප්‍රතිපත්ති ශාසනය වැරදෙන අයුරු විමසා බැලීමට උපකාර වන ලිපියක් පහත දැක්වෙනවා:

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    Skylark
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අධාර්මික අවිනය කරුණු පැවසීම නිසා ප්‍රතිපත්ති ශාසනය වැරදෙන අයුරු විමසා බැලීමට උපකාර වන ලිපියක් පහත දැක්වෙනවා:

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    Skylark

    Bump!:D