"දහම් බේබී මට හිතලා ගැහුවෙ නෑ. මඩ ප්‍රචාර පිළිගන්න එපා"
දහම් ගේ සිදුවීම නිසා රෝහල් ගත කර සිටින සමාජ ශාලාවේ ආරක්ෂකයා පවසයි. දහම් ගේ දැහැමිබව මඩකතා මැදින් යලිත් ඉස්මතු වේ.
ආන්දෝලණයට ලක් ව තිබෙන කොළඹ Calique රාත්‍රී සමාජ ශාලාවෙ සිදුවීම හරි හැටි නොදැන බොහො දෙනා ජනපති පුත් කුමරු දහම් සිරිසේනයන්ට චෝදනා කරමින් සිටිනවා. ඒ සමාජ ශාලාව කුඩු කර එහි ආරක්ෂකයන්ගෙ හිස් පොඩි පට්ටම් කිරිම ගැන. නමුත් දහම් සිරිසේන කාළයක සිට හදුනන ඔහුගේ චරිතය හොදින් දන්නා ඔහුගෙ පෞද්ගලික මිතුරෙකු නිසා ඔහු මෙවැන්නක් කිසි දිනක නොකරන බව දන්නා නිසාත් යුගයේ ගවේෂණාත්මක මාධ්‍යවේදියා වශයෙන් පැතිරෙන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සෙවීම මාගේ රාජකාරීය හා වගකීම නිසාත් දහම් සිරිසේන හා නයිට් ක්ලබ් සිදුවීමේ අක්මුල් සොයා යෑමට මා තීරණය කලා.
ඒ අනුවයි මන් මුලින්ම අදාල සිදුවීමට සම්බන්ධ රටෙ අනෙත් මිනිසුන්ට නම් දහම් බේබි වන මට නම් දහම් ම වන මාගෙ මිතුරා දහම් සිරිසේනයන් සොයා ගියේ. ඒ පොළොන්නරුවෙ ඔහුන්ගෙ සරල නිවසට. තමා ජනපති වූ පසුවත් මෛත්‍රී මැතිදුන් සුඛෝපභෝගී මන්දිර භාවිතා නොකරන අතර රැකියාවට පැමිනෙන්නෙ පොළොන්නරුවෙ මහ ගෙදර සිට.
මන් එහි යන විටත් නිවසෙ ඉදිරිපස දොර හැර දමා තිබුනා. තැනින් තැන ගොඩ ගසා තිබූ, වී ගොඩවල් , වැලි ගොඩවල් හා දැව කොටන් මිදුලට එක් කලෙ සෞන්දර්යාත්මක ලස්සනක්.
මා නිවස තුලට ගියා.
"දහම් දහම්" මා කෑ ගැසුවා.
නමුත් කිසිවෙකුගෙන් පිළිතුරක් නෑ.
මන් නැවත කෑ ගැසුවා.
"දහම් දහම්"
ෂ්ෂ්ෂ්.....
ප්‍රේම දඩයමේ හැපින්න සද්ද කරනවාක් මෙන් ශබ්දයක් ඇසුනු නිසයි මා එදෙස බැලුවේ.
ඒ චතුරිකා සිරිසේන මැතිණිය.
සද්ද කරන්න එපා හිතේෂ්. මල්ලි ඉස්සරහා කාමරේ.
භාවනා කරනවා.
බණට දහමට කුඩා කල සිට ලැදි දහම් භාවනාව ප්‍රගුණ කලෙ මවගේ කුසයේ සිටින කල සිටම බව මාත් දැන සිටියා. කෙසේ හෝ අවසන ඇය පෙන්වූ මග ඔස්සෙ මා ඉදිරියට ගියා. මා කාමරයෙ කාමරය තුලට ගියේ මදක් විවර වූ දොරෙන්.
අහෝ ශාන්තය. දැහැමිය , ධාර්මිකය ලස්සනය.
තමන් ජනපති පුතු වුවත් මේ දැහැමි තරුණයා සිය කාමරයෙ බිමට පැදුරක් එලා බවුන් වඩති. ඔහුගෙ අතෙ ඇට මාලයකි.
සියලූම සත්වයො නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. ඔහු කොදුරයි.
මා ඔහූට භාවනා කිරිමට ඉඩදී මදක් නිහඩ උනා......
මෙලෙස විනාඩි තිහක් පමණ ගත වන්නට ඇත. සිය භාවනාව නිමවූ දහම් කුමරු නෙත් හැරියා. තමාගේ භාවනාව නිමවනතෙක් කාමරයෙ ශබ්ද නොකර සිටි මා දුටු ඔහුගෙ මුහුණෙ ඇදුනේ සිනහවක්.
"හිතේෂ් ... ඔයා ගොඩක් වෙලාද ඇවිත්. වාඩි වෙන්න. මේ පැන් බොන්න. මේ උක් සකුරු කන්න" ... මට ආගන්තුක සත්කාර කරමින් ඔහු පවසයි.
"නෝ තෑන්ක්ස් දහම්. මන් ආවේ ඔෆීෂීයල් වැඩකට" ජනපති පුතා වුවත් මා මදක් සැරෙන් කතා කලෙ රංජන් මැතිදුන්ගේ නිර්භීතභාවය මටත් දැන් මදක් හුරුව තිබු නිසා.
"හරි පවසන්න හිතේෂ් " ඔහුගෙ හඩ තවමත් සංසුන්ය.
"මොකක්ද දහම් අර නයිට් ක්ලබ් එකෙ ප්රශ්නය ? ඔයා මිනිහෙක්ගෙ ඔලුව කුඩු කරා කියන්නෙ ? "
මා දෙස සංයමයෙන් බලා සිටි ඔහු පැහැදිලි කිරීම ආරම්භ කලා
"හිතේෂ් සොයුර , කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. මා උත්සාහ කලෙ එතන සිටි අයාලෙ යමින් සිටි තරුණ තරුණියන් යහමගට ගැනීමටයි. මන්ද ඔහුන් රටේ අනාගතය. හිතේෂ් සොයුර අංගුත්තර නිකායේ සුත්‍රයක සටහන් වෙනව "ඔබ වැරැද්දක් කලත් වැරදි කරන අයට අනුබල දීමත් එක සමානයි කියා" තවද ධම්මපදයෙ සදහන් වෙනවා "අප්‍රමාදව කුසල් කරන්න යැයි කියා" මා සිදු කලෙ එයැයි. නමුත් සිදු වූයෙ අත් වැරදීමකි. නමුත් එය අකුසලයක් නොවන්නේ මාගේ චේතනාව පිරිසිදු නිසා , චේතනා හං භික්ඛවේ කම්මං වදාමී"
මේ අභීත දැහැමි කුමරුන් මාහට චතුර ලෙස අභිධර්මය දෙසමින් සිදුවීම පැහැදිලි කලා. ඔහු කෙරෙ මා ගෙ සිතෙ ඇතිව තිබු සැකය නැතිම වී ගියත් සිදූවීම තවදුරටත් තහවුරු කර ගැනීමට මට අවශ්‍ය උනා.
ඒ නිසයි මා දහම් ගෙන් පහර කා රෝහල් ගත කර සිටින නයිට් ක්ලබ් එකෙ ආරක්ෂකයා සොයා ගියෙ.
ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔහුගේ හිසට දැඩිව තුවාල වි සිටි නිසා ශල්‍යකර්මයක් කර මුලු හිසම බෑන්ඩේජ් වලින් ඔතා තිබුනා.
මා ඔහුගෙන් ප්‍රශ්න කලා.
"ඇත්තටම මොකක්ද උනේ ? දහම් ඔයාට ඔලුව පැලෙන්න ගැහුවද ?"
ඔහු ගොත ගසමින් අපහසුවෙන් පිළිතුරු දුන්නා.
"අනේ සර් කවුද ඔය ගල් පැලෙන බොරුව කිව්වෙ" ඔහු විමසනවා.
"මාධ්‍ය වල යන්නෙ එහෙමනෙ" මාද ඔහුට පිළිතුරු දුන්නා.
"අනේ සර් මාධ්‍යකාරයො කිව්වොත් බොරුවක්මනෙ. මෙන්න මේකයි ඇත්තටම උනේ" ඔහු පැහැදිලි කිරීම ඇරඹුවා.
"ඊයේ රෑ දොළහට විතර ක්ලබ් එකට සල්ලි තියන පවුල් වල කොල්ලො කෙල්ලො ඇවිත් අරක්කු බිබි නැටුවා. වෙන උන්ගෙ ගෑනු තුරුල් කරන් , වෙන් මිනිස්සුන්ට තුරුල් වෙලා පිස්සුවෙන් වගෙ මේ පිරිස් නැටුවා. මේ වෙලාවෙයි මෙතනට දහම් බේබි ආවෙ.
මේ දේවල් එතුමා දැක්කා. මේ දේවල් දැකලා එතුමට ඇති උනෙ පුදුම කලකිරීමක්. එතුමා ඒ අශෝභන විදියට නටන උන්ට එහෙම නටන්න එපා ඒක අපේ සංස්කෘතියට සදාචාරයට හොද නෑ කිව්වා. ඒත් උන් ඇහුවෙ නෑ. ඊට පස්සෙයි දහම් බේබි මන් ලගට ආවෙ. ඔහු මට කතා කලේ මාමේ කියලා. මන් වගෙ දුප්පත් මිනිහෙකුටත් එහෙම කතා කරන්න එතුමා ලග හැදිච්චකම තිබුනා.
"අවවාද කරලා වැඩක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් මාමේ. අපි මෙයාලට ආදර්ශයක් දෙමු" . දහම් බේබි මට කිව්වා.
ඊට පස්සෙ බේබි කිව්වා
"මාමෙ නැද්ද දෙකයි දෙකෙ හොද පොලු දෙකක් හොයා ගන්න" කියලා.
මන් ඊට පස්සෙ ක්ලබ් එකෙ දොර ලග හංගලා හොරු ආවොත් ගහන්න තියන් ඉන්න පොලු දෙක දහම් බේබිට දූන්නා. දහම් බේබි එතනින් එක පොල්ලක් අරන් අනිත් පොල්ල මට දුන්නා.
"බලන්න මාමේ මුන් මේ අශෝභන විදියට නටලා අපේ සංස්කෘතිය කනවා. අපි නටමූ මාමේ අපෙ ගැමි නැටුමක්. අපි ලී කෙලි නටමු" . දහම් බේබි කිව්වා. පුදුම උනත් මාත් හා කිව්වා.
ඊට පස්සෙ දහම් බේබී ලී කෙලි ගහන්න පටන් ගත්තා.
//අහසට පිඹිනා එරං කලේයා
ටාං
පොළවට පිඹිනා භූමී කළේයා
ටාං//
කලගෙඩි නැටුමෙ කවි කිය කිය අපි දෙන්නා ලී කෙලි නැටුවා. දැන් හැමෝම අශෝභන නැටුම් නවත්තලා අපි දිහා බලන් හිටියේ. ඒත් අවාසනාවක මහත. දහම් බේබි ගහපු පොල්ලක් වැරදිලා ඇවිල්ලා මගෙ ඔලුවෙ වැදුනා. ඒකයි මේ සේරම. ඇත්තටම අපි ලී කෙලි නැටුවෙ..
කියමින් ඔහු කතාව අවසන් කරන විට රටට ආදර්ශයක් වූ ජනපති පුත් රුවන ගැන මට දැනුනේ මහැගි ආඩම්භරයක්.
මුලු රටටම අභිමානයක් වූ දහම් බේබි ගැන සත්‍ය මිතුරන්ටත් පෙනෙන සේ හැකිතාක් Share කරන්න