දළදාවට නිගරු කළ සේපාල්ට එරෙහිව විජේදාස රාජපක්ෂ තීරණයක් ගනී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සේපාල් අමරසිංහ නැමැත්තා එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා.

    “ශ්‍රී දළඳා වහන්සේ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නෙවෙයි සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ, ඒක නිසා ශ්‍රී දළඳා වහන්සේට අපහාස උපහාස කරන්න මේ ලෝකේ කාටවත්ම අයිතියක් නෑ. පහුගිය දිනවල මේ සමාජ මාධ්‍ය හරහා සේපාල් අමරසිංහ නැමැත්තෙක් ඉතාමත් මිලේච්ච විදියට ඉතාමත්ම නින්දිත විදියට දළඳා වහන්සේට අපහාස කිරීම නිසා අද ගෞරවනීය මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාව වන අපිත් හිත් සෑහෙන්න පෑරිලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අයිතියක් තියෙනවා ඔහු මිත්‍යාදෘෂ්ඨිකයෙක් කියලා ඔහුට කියාගන්න. ඒකට අපි විරුද්ධවෙන්නේ නෑ. ඔහු හිතනවා නම් ඔහු මන්ධබුද්ධිකයෙක් කියලා ඒ අයිතියත් අපි දෙනවා. ඒකට අපි බාධා කරන්නේ නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ එය දණ්ඩනීය වරදක්. එයට වසර 10ක් වුණත් සිරගත කරන්න පුළුවන් වරදක්, ආණ්ඩුවක් විදියට පැහැදිළිව කියනවා මේ රටේ ආගමික ගැටුමක් ඇතිකරන්න හදන මේ තැනැත්තාට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැළණියේ නයි පෙන්නපු එකාටත් ඔය එක්කම නීතිය ක්‍රියාත්මක උනා නම් හරි
    නයි පෙන්නයි සේපාලයට කුඩුව අස්සට දාගෙන හිරකාරයො ටික, රැවුල නැතුව තමයි එන්ඩ වෙන්නෙ..🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    ඕකෙන් වෙන්නේ එකෙක් වෙනුවට සාමුහිකව අපහස කරන්න පටන් ගන්න එක. 🙃
    දැන් ඉතින් මුගේ video බලන බැතිමත්තු ටික දිගට හරහට fb වල අපහස කරයි.
    ඊට පස්සේ ඕක කොහෙන් හරි අරගලයට සෙට් කරයි ආණ්ඩුවේ උන්.
    ඊට පස්සේ ටික දවසක් ඒ නිව්ස් එකෙන් රටම දක්කන්න පුලුවන් වෙයි. .
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නයි පෙන්නයි සේපාලයට කුඩුව අස්සට දාගෙන හිරකාරයො ටික, රැවුල නැතුව තමයි එන්ඩ වෙන්නෙ..🤭🤭
    ඔය උබලා අර රංජන්වත් වීරයෙක් කළානේ. සේපාල්වත් පර්ලිමේන්තු යවලා තමයි උබලා නවතින්නෙ . කරොත් වැඩක් හත්පොලේ ගා ගන්නවා. 🥴🥴

    ඊට කලින් දළදා මාලිගාවට බෝම්බ ගහපු උබලගෙ පක්ශෙ උප සභාපතිව හිරේ දාපන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය උබලා අර රංජන්වත් වීරයෙක් කළානේ. සේපාල්වත් පර්ලිමේන්තු යවලා තමයි උබලා නවතින්නෙ . කරොත් වැඩක් හත්පොලේ ගා ගන්නවා. 🥴🥴

    ඊට කලින් දළදා මාලිගාවට බෝම්බ ගහපු උබලගෙ පක්ශෙ උප සභාපතිව හිරේ දාපන්.
    ගුපියෙන් ගම්පහට දාපල්ල අපිට ගැටලුවක් නැ🤣🤣

    කරුණ දළදා මාලිගයට ගිහිල්ල වැදල සමාව ගත්ත අපි සමාව දුන්න.සේපාලයටත් ඕනනම් පුලුවන් ගිහින් වැදල සමාව ගන්ඩ එහෙම උනොත් අපේ තරහක් නැ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    Tired Britney Spears GIF


    Is this the shit you cunts wants to hear each and every day ?