දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න අවුරුදු 16ක් ගිය හේතුව

cat123

Well-known member
  • Sep 25, 2007
    2,716
    4,473
    113
    අප දන්තධාතුන් වහන්සේම බුද්ධ ශරීරයේ පවතිද්දීද පිඬු සිඟා, වඩිනා විටද බුදු රජාණන් වහන්සේ කරුණා කොට දහම් දෙසුවේ නම් ධාතූන් වහන්සේ වන්දනාව පිළිබඳව මේ පෘථග්ජනයන්ගේ කාල නිර්ණය කොතරම් නිෂ්ඵල වේද?

    “බාහිය! මේ කඩපල මැද, මම පිඬු සිඟා, මෙහි ආයෙමි, දැන් බණ කීමට සුදුසු නැත, මෙ තැනත් එයට නො සුදුසු ය” යි බුදුරජානන් වහන්සේ වදාළ විට, බාහිය තෙමේ “ස්වාමීනි! සසර සැරිසරන්නහු විසින් පෙර, බත් නො ලද්දේ නො වේ, කොතරම් වත් බත් ලද්දේ ය, බුදුහාමුදුරුවන්ගේ හෝ මාගේ ජීවිතය කොයි වේලේ බිඳී යන්නේ දැ යි මට කියනු නො හැකි ය, ඒ නිසා මෙ තැන දී ම බණ ටිකක් වදාරනු මැනැවැ” යි දෙවනුත්, තෙවනුවත් ඉල්ලී ය. තෙවනවර ඇවිටිල්ල බලවත් බැවින් එ තැන ම සිට “එසේ නම්, බාහිය! දුටුදැයෙහි දැකුම් පමණක් වන්නේ ය යි තා හික්මිය යුතු ය” යි දහම් දෙසූහ.