දළ පූට්ටුවාගේ ඝාතකයා බේරා ගන්න රෙදි නැතු&#3520

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දළ පූට්ටුවාගේ ඝාතකයා බේරා ගන්න රෙදි නැතු&#3520

    IB.jpg

    ගල්ගමුවේ දළ පූට්ටුවා නම් දැවැන්ත හස්තියා ඝාතනය කොට දළ කපාගෙන යාමේ සිද්ධිය යට ගැසීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වේ.
    වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පොල්පිතිගම, අඹන්පොල යන පොලිස් ස්ථාන වලින් ලබාගත් තොරතුරු වලට අනුව මේ උත්සාහය පිටුපස සිටින්නේ දළ ඇතා ඝාතනයට සෘජුවම සම්බන්ධ වී ඇති නාගල රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේ නමක් සහ හේරත්ගම ග්‍රාමසේවකයාය. එමෙන්ම දළ ඇතා ඝාතනයට අත් අඩංගුවට ග්‍රාමසේවකයා සහ වැඩතහනමට ලක් වූ හිටපු පොලිස් නිළදාරියෙක් අත් අඩංගුවට ගත්තත්, නාගල රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේව තවමත් අත් අඩංගුවට ගත්තේ නැත.
    දළ ඇතා ඝාතනයට සෘජුවම සම්බන්ධ වූ හේරත්ගම ග්‍රාමසේවකයා, සහ වැඩතහනමට ලක් වූ හිටපු පොලිස් නිළදාරියා නාගල රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේගේ රියදුරෙක් හැටියටත්, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ රියදුරා වශයෙන් සේවය කරන බවද වාර්තා වේ..එම නිසා නියෝජ්‍ය ඇමැතිවරයා මෙම දළ පූට්ටුවා ඝාතකයන්ව බේරා ගැනීමේ සෑහේන උත්සහයක නිරත වන බවත් වාර්තා වෙනවා..
    ඊට වනජීවි දෙපාර්තමේන්තුවේ වයඹ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා සහ පොල්පිතිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ද මේ ඝාතකයන් බේරා ගැනීමේ උත්සහය සාර්ථක කර දීමට ඉදිරිපත් වී සිටිති. මේ බව අප දිගින් දිගටමානාවරණය කර සිටියත් වනජීවී ඇමතිවරයා නෑසුන ආකාරයට කටයුතු කරමින් සිටිනවා…..
    එයට හේතුව වන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ වයඹ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා සුමනේ වර්තමාන වන සම්පත් ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් තමන්ගේ මිතුරුකමට පත් කර අයෙක් නිසාදැයි අප ප්‍රශ්න කර සිටිනවා.
    මේ වන විට වයඹ කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා ඒ ඥාතිත්වය භාවිත කරමින් වැලි ගොඩ දැමීම, ඇතුන් ඝාතනය කිරීමට අනුබල දීම වැනි විවිධ වනජීවී අපරාධ සිදු කරන බවට පරිසර සංවිධාන මගින් ද අවස්ථා කිහිපයකදී චෝදනා කර තිබුනත් ඇමතිවරයා කිසිම ක්‍රියාමර්ගයක් තම ම්තුරාට එරෙහිව ගැනීමට ක්‍රියාත්මක නොවේ.
    මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව මාධ්‍ය ඔස්සේ පැවසුණද, මේ වනවිටත් ඊට අදාළ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අඹන්පොල පොලිසිය බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
    පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින් මෙම දළ ඇත් අත් අඩංගුවට ගැනීම සිදු නොකලා නම් වනජීවී දෙපාර්තුමේන්තුව මේ වන තෙක්වත් ගල්ගමුවේ දළ පුට්ටුවාට සිදු වූ දේ ගැන දන්නේවත් නැත.
    පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින්ඇත් දළ විකිණීමට උත්සාහ දැරීමේදී සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
    පානදුර, වලාන දූෂණ මර්දන ඒකකය මගින් මෙම හේරත්ගම ග්‍රාමසේවක, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ හිටපු රියදුරු වූ හිටපු පොලිස් නිළදාරියාව අත් අඩංගුවට ගෙන ඔවුන් පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු විධිමත් ප්‍රශ්න කිරීමකින් තොරව
    අධිකරණයට ඉදිරිපත් කළ බව පොල්පිතිගම පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන්
    කරයි.

    අඩුම ගානේ රැඳවීමේ න්යෙගයක් ගෙන දඇළ යුගලය කුමන ඇතාගෙදැයිවත් ප්‍රශ්න කලේ නැත.
    ඉන්පසු අඹන්පොල පොලිසිය මගින් මොරගොල්ලාගම ප්‍රදේශයේ දඩයමේ යන පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන අදාළ හස්තියා මරාදැමීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන්ගේ නිවෙස් වල තිබූ යකඩ කපන කියතක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් කරන විශ්වාස කටයුතු ආරංචි මාර්ග, ඔවුන්ගෙන් මීට අදාළව බලහතකාරයෙන් කට උත්තර ලබාගැනීමට පොලිසිය ප්‍රබල උත්සාහයක් දරා ඇති බව ද අනාවරණය කර සිටී.
    මේ අතර අදාළ භික්ෂූන් වහන්සේට සහ නියෝජ්‍ය නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ රියදුරු සම්බන්ධකම් ඇති සැකකරුවන් පොලිසියට පවසා ඇති ආකාරයට හස්තියා මරා දමා සිටියදී තමන්ට දැකගන්නට ලැබුණු බවත්, මරා දමා තිබූ හස්තියාගේ දළ කැපූ බවත් තහවුරු කිරීමට අදාළ සාක්ෂි නිර්මාණය කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වේ.
    මේ සදහා වයඹ පළාතේ ඉහළ පොලිස් නිලධාරියකුගේ සහයෝගය ලබාගැනීමට ද මේ වනවිට අදාළ කුමන්ත්‍රණකාරීන් උත්සාහ දරමින් සිටින බව හෙළි වේ.
    මේ අනුව කොටදෙනියාවේ සේයා සිදුවීමේදී මෙන්ම කහවත්තේ මිනීමැරුම් වලට අදාළව පොලිසිය කටයුතු කළාක් මෙන් තවත් කොණ්ඩයන් පිරිසක් අත්අඩංගුවට ගෙන, ඒ හරහා මේ අපරාධය කළ සැබෑ අපරාධකරුවන් නිදහස් කිරීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වන බවට බරපතල සැකයක් මතු වේ.


    Source http://www.reporter.lk/2017/12/blog-post_64.html
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පිස්සුද බන් ඕකුන්ට හිරේ තපින්න වෙනවා අවුරුදු ගානක්.අලියෙක් මැරුවත් අවුරුදු පහක් හිරේ.මූ දාර ඇතෙක්.
     

    Similar threads