දානයට ද සීලයට ද වඩා මෛත්‍රීයෙහි අනුසස් ඇති බව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානයට ද සීලයට ද වඩා මෛත්‍රීයෙහි අනුසස් ඇති බව

    “යඤ්ච ගහපති වේලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහා දානං. යොචෙකං දිට්ඨි සම්පන්නානං භොජෙය්‍ය යො ච සතං දිට්ඨි සම්පන්නානං භොජෙය්‍ය, යො චෙකං සකදාගාමිං භොජෙය්‍ය, යො ච සතං සකදාගාමිනං භොජෙය්‍ය, යොචෙකං අනාගාමිං භොජෙය්‍ය යොච සතං අනාගාමිනං භොජෙය්‍ය යොචෙකං අරහන්තං භොජෙය්‍ය, යො ච සතං අරහන්තානං භොජෙය්‍ය, යොචෙකං පච්චේක බුද්ධං භොජෙය්‍ය, යො ච සතං පච්චේක බුද්ධානං භොජෙය්‍ය, යො ච බුද්ධපමුඛං සංඝං භොජෙය්‍ය, යො ච චාතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරාපෙය්‍ය, යොච පසන්න චිත්තො බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගච්ඡෙය්‍ය. යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්‍ය, පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරෙය මජ්ජපමාදට්ඨානා වෙරමණිං, යො ච අන්තමසො ගන්ධූහන මත්තම්පි මෙත්තං චිත්තං භාවෙය්‍ය ඉදං තතො මහප්ඵලතරං”

    මෙය අංගුත්තර නිකායේ නවක නිපාතයේ වේලාම සූත්‍රයේ කොටසකි.

    එයින් දැක්වෙන්නේ වේලාම බ්‍රහ්මණයා සත් අවුරුදු සත් මසක් මුළුල්ලෙහි ගණනින් ප්‍රමාණ කළ නො හෙන මහා ධනස්කන්ධයක් වියදම් කොට ලෞකික මහා ජනයාට දුන් මහා දානයට ද වඩා සෝවාන් පුද්ගලයකුට දෙන දානයකට ද වඩා, සෝවාන් පුද්ගලයන් සියයකට දෙන දානයකට ද වඩා, එක් සකෘදාගාමී පුද්ගලයකුට දෙන දානයට ද වඩා, සකෘදාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, එක් අනාගාමි පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අනාගාමි පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයකුට දෙන දානයට ද වඩා, අර්හත් පුද්ගලයන් සියයකට දෙන දානයට ද වඩා, පසේ බුදු කෙනකුට දෙන දානයට ද වඩා, පසේ බුදුවරයන් සියයකට දෙන දානයට ද වඩා, ලොවුතුරා බුදු කෙනකුට දෙන දානයට ද වඩා, බුදු පාමොක් සඟනට දෙන දානයට ද වඩා, සතර දිගින් වඩනා සංඝයා උදෙසා විහාරයක් කරවීමට ද වඩා, රත්නත්‍රය සරණ යාමට ද වඩා, පඤ්චශික්ෂාපද සමාදානයට ද වඩා සුවඳ දෙයක් අතට ගෙන වරක් සිඹින කාලය පමණ මෙත් සිත් වැඩීම මහත්ඵල බව ය. මෙත් සිත් වැඩීම ඒ සියල්ල ම පරදවන මහ පිනක් බව ය.

    "පාරමිතා ප්‍රකරණය"
    පරම පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි