ලේ දන් දීමේ අනුසස්...❣️

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ලේ දන් දීමේ අනුසස්...❣️

    “සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
    භූමිං පරාජීය සමං ස මදාසි දානං
    මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං
    කේතාරකා දික තරං නයනං අදාසි “

    මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන් දීම, මහා මේරුව පරදවා හිස දන්දීම , අහසෙ තරු පරදවා ඇස් දන්දීම යන අසීමිත දීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුන නොයෙක් ආත්ම භාව වල සිදු කළ උතුම් ක්‍රියාවලියකි.

    මේ අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්‍රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණ යි.

    මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි.
    මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් අද කෘතිමව නිෂ්පාදනය කෙරේ.
    විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය.
    අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ.
    එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.
    වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී.
    රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි.
    එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.
    ඒවා දන්දීමට අපහසුය.
    තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය.
    මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.
    මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්‍යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය.

    ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්.

    බුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්‍රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත.

    “දානං තානං මනුස්සානං
    දානං දුග්ගති නිවාරණං
    දානං සග්ගස්ස සෝපානං
    දානං සන්තිකරං පරං.”

    ◾දානය මනුෂ්‍යයින්ට ආරක්ෂාවකි.

    ◾දානය දුගතිය වළකන්නකි.

    ◾දානය දෙව්ලොවට හිණිමඟකි.

    ◾දානය පරම ශාන්තිය ලබා දෙන්නකි.

    ◾දීමේ ප්‍රථිඵලයක් වශයෙන් උපදින උපදින ආත්මයක් පාසා සා පිපාසාදි දුකකට හෝ නරක, තිරිසන්, පේත, අසුර යන සතර අපායකට හෝ නෑ බෑ කියන වචන අසන්නට හෝ නොලැබෙනු ඇත.

    ◾එළෙසම මනුෂ්‍ය සැප සම්පත් සේම සදිව්‍ය ශ්‍රී සැප සම්පත් ලැබීමටත් ඒ සියලු ලෞකික සැප සම්පත් විඳි අවසානයේදී ලෝකෝත්තර සැපත වූ නිර්වාණ ශාන්තිය පිණිස ද හේතුවන්නේද දානය නොහොත් දීමයි.

    දානය තුළ ඇති අනුසස් වශයෙන් මනුස්ස ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ වී සැප සම්පත් ලැබෙනු ඇත. විශේෂයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන උතුම් පංච විධ සම්පත්තිය දානයෙන් ලැබෙන ප්‍රථිඵලයි.

    සමහර ජීවිත වල අඩුපාඩු හා දුගී දුප්පත්කම් නැති බැරිකම ඇති වී තිබෙන්නේ සසර දන් නොදීමේ අඩුපාඩුවයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1665 The first recorded successful blood transfusion

    1665ta kalin pin nedda?
    2023දි තමයි මුලින්ම මිනිස් මොළයක පණුවෙක් ඉඳලා අහු වුණේ?
    ඊට කලින් එහෙම ඉඳලා නැද්ද?
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    2023දි තමයි මුලින්ම මිනිස් මොළයක පණුවෙක් ඉඳලා අහු වුණේ?
    ඊට කලින් එහෙම ඉඳලා නැද්ද?
    Minissu katha karanna gattu ekai call karanna gattu ekei wenasa wage kathawak meka :lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,980
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලේ දන් දීමේ අනුසස්...❣️

    “සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
    භූමිං පරාජීය සමං ස මදාසි දානං
    මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං
    කේතාරකා දික තරං නයනං අදාසි “

    මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන් දීම, මහා මේරුව පරදවා හිස දන්දීම , අහසෙ තරු පරදවා ඇස් දන්දීම යන අසීමිත දීම ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ඉපදුන නොයෙක් ආත්ම භාව වල සිදු කළ උතුම් ක්‍රියාවලියකි.

    මේ අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්‍රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණ යි.

    මිනිස් ජිවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි, ජීවිත දානයකි.
    මිනිස් සිරුරේ දත්, අත්, පා වැනි කොටස් අද කෘතිමව නිෂ්පාදනය කෙරේ.
    විද්‍යාව කොතරම් දියුණු වුවත් රුධිරය කෘතිමව නිෂ්පාදනය කල නොහැකිය.
    අන්‍ය සතුන්ගේ රුධිරය මිනිසාට දිය හැක්කේ ද නොවේ.
    එය තවත් මනුෂ්‍යයෙකුගෙන්ම ලබාගත යුතුය.
    වර්තමානයේ අපට අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට, ලේ දන් දීමේ හැකියාව පවතී.
    රුධිරය අපගේ ශරීරයේ වැදගත් කොටසකි.
    එවැනි දෙයකට අපගේ දැඩි මමත්වයක් පවතී.
    ඒවා දන්දීමට අපහසුය.
    තමන්ට කිසිම ප්‍රයෝජනයක් නැති නොදන්නා මනුෂ්‍යයෙකුට රුධිරය දන් දීම ඊටත් වඩා අපහසුය.
    මේ නිසා රුධිරය දන්දීම, දාන උපපාරමිතා ගණයට එන උදාර කුසලයකි.
    මෙවැනි කුසල් ගැන අපට මහත්වූ ගෞරවයක්, ඕනෑකමක්, ශ්‍රද්ධාවක් ඇතිවෙන්නේ, විශේෂයෙන්ම බුදු හිමියන් දානයේ ආනිසංස මනාව දේශනා කොට, සිවුවනක් පිරිස පරිත්‍යාගයට, දිරි ගන්වා, බල ගන්වා, තෙද ගන්වා තිබෙන නිසාය.

    ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්.

    බුදුරදුන් වෙනුවෙන් උන්වහන්සේ ජීවමානව නොසිටියත් මෙතරම් ආහාර පාන බුද්ධ පූජාවන් ලෙස පූජා කරන්නේ ඇයි එයට හේතුව කුමක්ද? එයට හේතුව උන්වහන්සේ සංසාරයේ පිරිසුදු චේතනාවෙන් දන්දීම නොවේ ද? අද උන් වහන්සේගේ ශ්‍රී නාමයට ලැබෙන පූජාවන් දෙස බැලීමේ දී උන්වහන්සේ සසර මොන තරම් නම් දන් දෙන්නට ඇද්ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනවාට කිසිදු සැකයක් නැත.

    “දානං තානං මනුස්සානං
    දානං දුග්ගති නිවාරණං
    දානං සග්ගස්ස සෝපානං
    දානං සන්තිකරං පරං.”

    ◾දානය මනුෂ්‍යයින්ට ආරක්ෂාවකි.

    ◾දානය දුගතිය වළකන්නකි.

    ◾දානය දෙව්ලොවට හිණිමඟකි.

    ◾දානය පරම ශාන්තිය ලබා දෙන්නකි.

    ◾දීමේ ප්‍රථිඵලයක් වශයෙන් උපදින උපදින ආත්මයක් පාසා සා පිපාසාදි දුකකට හෝ නරක, තිරිසන්, පේත, අසුර යන සතර අපායකට හෝ නෑ බෑ කියන වචන අසන්නට හෝ නොලැබෙනු ඇත.

    ◾එළෙසම මනුෂ්‍ය සැප සම්පත් සේම සදිව්‍ය ශ්‍රී සැප සම්පත් ලැබීමටත් ඒ සියලු ලෞකික සැප සම්පත් විඳි අවසානයේදී ලෝකෝත්තර සැපත වූ නිර්වාණ ශාන්තිය පිණිස ද හේතුවන්නේද දානය නොහොත් දීමයි.

    දානය තුළ ඇති අනුසස් වශයෙන් මනුස්ස ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ වී සැප සම්පත් ලැබෙනු ඇත. විශේෂයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන උතුම් පංච විධ සම්පත්තිය දානයෙන් ලැබෙන ප්‍රථිඵලයි.

    සමහර ජීවිත වල අඩුපාඩු හා දුගී දුප්පත්කම් නැති බැරිකම ඇති වී තිබෙන්නේ සසර දන් නොදීමේ අඩුපාඩුවයි.
    මේ ඇඟේ කෑලි දන් දෙන කතාව පට්ටපල් බොරුවක් වගෙ නේද?

    බෝධි සත්වයො දීපු කෑලි ගත්ත අය තමන්ගෙ ඇඟට හයිකරගත්ත කියන්නෙ කොහොමද?

    Despicable Me Lol GIF
     
    • Haha
    Reactions: Spiderman.Ayya