දාම ඝාතකයා - සැක්‍රමැන්ටෝ හී වැම්පයරයා

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,065
    198,500
    113
    Colombo, Sri Lanka
    සැක්‍රමැන්ටෝ හී වැම්පයරයා


    සියළු දාම ඝාතකයින් මොනයම් ආකාරයකින් හෝ මානසික හෝ පෞරුෂත්ව ආබාධයකට ලක්වූවන් සේ සැලකෙනවා. 1970 හා 80 දශකවල ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සැක්‍රමැන්ටෝ නුවර භීතියෙන් මුසපත් කළ ‘සැක්‍රමැන්ටෝහි වැම්පයරයා’ හෙවත් රිචඩ් චේස් කරණ කොටගෙන එම කියමන මොනවට සනාථ වෙනවා.


    Q4S04jj.jpg


    රිචඩ් චේස් විසින් මිනිස් ඝාතන කිහිපයක්ම සිදුකර තිබෙනවා. මින් බහුතරය සැක්‍රමැන්ටෝහි සිදුකළ ඒවා වූ අතර ඔහු ගොදුරු කරගත් සියළු දෙනාගේම පාහේ රුධිරය පානය කිරීමට ඔහු හුරුව සිටියා. මේ නිසා ඔහුට ‘සැක්‍රමැන්ටෝ හි වැම්පයරයා’ යන නාමය පටබැදුණා



    අසාමාන්‍ය දරුවෙක්


    1950 වසරේ මැයි මස 23 වන දා කැලිෆෝනියාවේ සැන්ටා ක්ලේරාහි උපන් රිචඩ් චේස් කුඩා කළ සිටම මානසික වශයෙන් යම් අසාමාන්‍යතාවක් පෙන්නුම් කළා. මේ සඳහා ඔහුගේ ඉතා සැරපරුෂ දෙමව්පියන් ද හේතුවන්නට ඇති බැව් සැලකෙනවා.

    C9jjEKK.jpg


    කුඩා කළ සිටම සතුන්ට වද හිංසා කිරීමෙන් හා විවිධ දේවලට ගිණි තැබීමෙන් තෘප්තියක් ලද රිචඩ් නිතරම පාහේ නින්දෙන් සිය ඇඳ ද තෙමාගත්තා. මෙම චර්යා තුන එකට පිහිටන දරුවෙක් බොහෝ විට වැඩිවිය එළැඹීමත් සමග ඉතා දරුණු වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බැව් මනෝවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.

    PoSO8yT.png


    නව යොවුන් විය එළැඹීමත් සමග රිචඩ් ගේ විකාරරූපී හැසිරීම්වල වර්ධනයක් පෙන්නුම් කළා. ඉක්මණින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහු නිතරම පාහේ සිය නෑදෑයින් හා අසල්වාසීන්ට අඩන්තේට්ටම් කළා. විටෙක සිය හදවත නතරවෙනු තමන්ට දැනෙන බැව් ප්‍රකාශ කළ ඔහු තවත් විටෙක දොඩම් ගෙඩි සිය හිස මත තබා මිරිකා දැමුවේ තමන්ට විටමින් සී ඌණතාවක් ඇති බැව් ප්‍රත්‍යක්ෂ වන බව පවසමිනුයි. මෙලෙස හිසෙහි දොඩම් ගැල්වූ සිට සිය මොළය මගින් එහි පෝෂක අවශෝෂණය කරගනු ඇති බැව් ඔහු විශ්වාස කළා.



    uqndtyO.jpg


    රිචඩ් චේස් එක් දිනක සිය කෙස් සම්පූර්ණයෙන් බූගා නිවසට පැමිණියා. කරුණු විමසූ අයට ඔහු පැවසුවේ ඔහුගේ හිස්කබලේ කොටස් එකිනෙකින් වෙන්වී ඔබමොබ යන බවක් තමන්ට හැඟෙන බවත්, එය අධීක්ෂණය කරන්නට හිස බූ ගෑ බවත් යන කාරණාව යි. මෙලෙස ඔහුගේ ‘මානසික ව්‍යාධිය’ උපරිමයට පැමිණි එක් දිනක ඔහු ප්‍රතිකාර සඳහා රෝහල වෙත ගෙනයන්නට ඔහුගේ සමීපතමයන් තීරණය කරන්නේ හාවෙකු මරා, උගේ රුධිරය සිය ශරීරයට එන්නත් කරගනිමින් සිටිනු හසු වූ විට යි.



    ඝාතන රැල්ලේ ආරම්භය

    මනෝවෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව 70 දශකයේ මැද භාගයේ දී වෛද්‍යවරුන් ඔහු නිවසට පිටත් කර හරිනවා. කෙසේ නමුත් තවදුරටත් නිවසේ සිටියහොත් සිය මව තමන්ට විෂ ලබා දෙනු ඇතැ යි පැවසූ රිචඩ් සිය නිවසෙන් නික්මී සැක්‍රමැන්ටෝහි මිතුරන් කිහිපදෙනෙකුගේ නවාතැනකට යනවා. නමුත් වැඩිකල් යන්නට මත්තෙන් ගැටළු පැනනගින්නේ ඔහු නිතරම බීමත්ව මිතුරන්ට කරදර කිරීමත්, නිරුවත්ව ඔබමොබ ඇවිදීමත් යන කාරණා නිසා යි. නවාතැනේ සෙසු පිරිස මේවා ඉවසා දරාගත නොහැකි වූ විට එතැනින් පිටවන ලෙස ඔහුට පවසනවා. ඔහු එය ප්‍රතික්ෂේප කරන අතර අවසානයේ එහි වූ සෙසු පිරිස රිචඩ් තනි කර දමා නව නවාතැනක් සොයා යනවා.

    G6Ez70E.jpg


    නවාතැනෙහි තනි වූ රිචඩ් ගේ මානසික තත්ත්වය නැවත දරුණු අතට පත් වෙනවා. කුඩා සතුන් අල්ලාගත් ඔහු, ඔවුන් මරා ශරීර කොටස් අමුවෙන් හෝ, පැණි බීම සමග මිශ්‍ර කොට ආහාරයට ගන්නවා.


    lOLHjJu.jpg

    රුධිරය පානය කිරීමට යොදාගත් මෙවලම්

    1977 වසරේ අවසාන භාගය වන විට රිචඩ් චේස් මානසික වශයෙන් ඉතා දරුණු අඩියකට වැටී සිටියා. තව දුරටත් සතුන්ගෙන් තෘප්තිමත් නොවූ ඔහු එම වසරේ දෙසැම්බර් මස 29 වන දා සිය පළමු මිනිස් ගොදුර දඩයම් කරනවා. ඇම්බ්‍රෝස් ග්‍රිෆින් නම් 51 හැවිරිදි තලතුනා පුද්ගලයෙක් මහ මඟ දී වෙඩි තබා ඝාතනය කරනවා.


    ඝාතන පිට ඝාතන

    පළමු මිනිස් ගොදුර ඩැහැගැනීමෙන් පසු, මිනිසුන් ඝාතනය කිරීම රිචඩ්ට ‘රහ වැටුණා’. ප්‍රදේශයේ නිවෙස්වල අගුළු දමා නොතිබෙන දොරවලින් ඇතුළු වී එහි වෙසෙන අය මරා දමා සිය මනදොල සංසිඳුවා ගන්නට ඔහු තීරණය කරනවා.

    bCnvZiN.jpg


    1978 වසරේ ජනවාරි මස 23 වන දා තෙරේසා වොලින් නම් ගර්භණී කාන්තාව සිටි නිවසට ඇතුළු වූ රිචඩ් ග්‍රිෆින් ඝාතනය කරන්නට තමන් යොදාගත් ගිණි අවියෙන්ම ඇයට තෙවරක් වෙඩි තබා, මස් කපන පිහියක් යොදාගෙන ඇයට පිහිපහර කිහිපයක් ද එල්ල කර ඝාතනය කරනවා. අනතුරුව මළසිරුර සමග ලිංගිකව එක් වූ ඔහු, අවසන ඇගේ සිරුර කැබලි කර, රුධිරය පානය කරන්නේ යෝගට් කෝප්පයක් ආධාරයෙනුයි.


    h05q7IB.jpg


    1978 වසරේ ජනවාරි මස 27 වන දින රිචඩ් තමන් එතෙක් මෙතෙක් සිදු කළ අමානුෂිකම ඝාතන කිහිපය සිදුකරනවා. මෙදින රිචඩ්ට ගොදුරු වූ අය අතර එව්ලින් මිරොත්, ඇගේ කුඩා පුත්‍රයා වූ ජේසන් මිරොත්, හා මිතුරෙක් වන ඩෑන් මෙරෙඩිත් සිටියා. මේ සියළු දෙනා රිචඩ් චේස් විසින් ඝාතනය කරන්නේ එව්ලින් ගේ නිවස තුළ දී යි.

    EKxu3qx.jpg


    අගුළු නොදමන ලද දොරක් හැරගෙන නිවසට ඇතුළු වන රිචඩ්ට මුලින්ම හසුවන්නේ මෙරෙඩිත්ව යි. බරාඳයේ දීම හිසර වෙඩි තබා ඔහු ඝාතනය කරන රිචඩ් ඔහුගේ මෝටර් රථයේ යතුර සොරාගන්නවා. අනතුරුව නිදන කාමරයක් වෙත යන ඔහුට එව්ලින් හා ජේසන් හමුවෙනවා. සය හැවිරිදි ජේසන්ගේ හිසට දෙවරක් වෙඩි තබන ඔහු අනතුරුව එව්ලින් වෙත හැරී ඇය අඩපන කොට, උදරය පළා, අතුණුබහන් ඉවතට ඇද ශරීර කොටස් ආහාරයට ගන්නවා. ඇගේ ඇසක් ද ආහාරයට ගන්නට ඔහු උත්සාහ ගෙන තිබුණා. අනතුරුව ඔහු ඇය හා ලිංගික ක්‍රියාවක් ද සිදු කරන්නට උත්සාහ ගෙන තිබුණා.


    4k4iLgu.jpg


    ඉහත සඳහන් කළ අයට අමතරව ඒ වන විට මෙම නිවසේ සිටියේ මාස 22ක් වයසැති ඩේවිඩ් ෆෙරෙයිරා පමණයි. එව්ලින්ගේ ඥාති පුත්‍රයෙකු වූ ඔහු නිවසින් අතුරුදන්ව සිටි අතර මාස කිහිපයකට පසුව පල්ලියක් පසුපස තිබී, කැබලි කරන ලද ඔහුගේ මළසිරුර හමු වුණා. පසුව අනාවරණය වූයේ කිසිවෙකු විසින් දොරට තට්ටු කළ නිසා කලබල වූ රිචඩ් ඩේවිඩ් ද රැගෙන මෙරෙඩිත් ගේ කාරයෙන් පලා ගොස් අවසන ඔහු ඝාතනය කළ බව යි.

    හසු වීම හා නඩු විභාගය

    5XJck9z.jpg


    මිරොත් නිවසේ කලබගෑනිය ඇසී අසල්වැසියෙක් එහි දිව එනවා. සිද්ධිය දකින එම පුද්ගලයා වහාම පොලිසියට ඇමතුමක් ලබා දෙනවා. වහාම පර්යේෂණ ඇරඹුණු අතර මිරොත් ගේ රුධිරය මත සටහන්ව තිබූ රිචඩ් ගේ ඇඟිලි සළකුණු ඔවුනට නිරීක්ෂණය වෙනවා.

    QaGJA0a.jpg


    ඇඟිලි සලකුණු ඔස්සේ රිචඩ් චේස් ගේ නවාතැන වෙත යන පොලිසියට එහි තිබී රුධිරය වැකුණු ඇඳුම් ආයිත්තම් සහ පිහියක් හමුවනවා. වහාම රිචඩ් අත්අඩංගුවට ඇනෙන අතර, මිනීමැරුම් චෝදනා ගොණු කොට අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කෙරෙනවා. මේත් සමග ඔහු ඇමෙරිකාව පුරා ‘සැක්‍රමැන්ටෝ වැම්පයරයා’ ලෙස කුප්‍රකට ලෙස ප්‍රසිද්ධියට ලක් වුණා.


    wL6AtEI.jpg


    1979 ජනවාරි මස දෙවනදා රිචඩ් චේස්ට එරෙහිව නඩු විභාගය ඇරඹෙන අතර අවසන ඔහුට මරණ දඬුවම නියම වෙනවා. අවසන 1980 වසරේ දෙසැම්බර් මස 26 වන දා ගෑස් කුටීරයක බහා ඔහු මරණයට පත් කෙරෙනවා.



    මූලාශ්‍රයයන්:
    serialkillersandstuff.tumblr.com
    Blogger Dinidu Ekanayaka
    Roarmedia
    Allthatsinteresting.com
    Historicmysteries.com
    Thoughtco.com
    murderpedia.org
    Pictures for Internet
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    TFS 💪

    පුදුමයි මෙච්චර ලමයින්ට හැදෙන්න නුසුදුසු පරිසර, ප්‍රශ්න තියන ලංකාවෙ මෙච්චර කාලෙකට ඔච්චර සයිකො සීරියල් කිලර්ස්ලා එකෙක්වත් බිහි නොවිච්ච එක