දාහත් අව්රුදදක් නඩු කීවා.......

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    119514408_326552278568712_5738073079456264291_n.jpg

    පැරදුම.........

    දාහත් අව්රුදදක්
    නඩු කීවා
    කුඹුකෙ ඉඩමට
    තිබුන පැල්කොටේ
    අපේ හෙවනට

    කරුණාවතියගෙ ආසාවට
    ඕන උනත් හදන්නට
    කබොක් ගලින් කටුමැටි වෙනුවට
    උසාවි නියෝගයෙන්
    නැවතුනා ඒ වැඩ එකපාරට

    දිර දිරා යද්දී කබොක් ටිකත්
    මහ පොලවට
    දින්නත්
    මොකටද දැං
    මියැදිලා කරුණාවතී

    ඉඩම නිසාම
    හිතේ ඇවිල්ලිල්ට
    ලොකු එකා අතුරුදහන්
    යුද්දෙ නිසාම
    ආරංචියක්වත් නෑ
    ගෙවිලත්
    දොලොස් අව්රුද්දක් උනාට

    තනි මට අක්කර ගානක් මොකට
    පුජා කොරනව මං
    ගමේ පන්සලට
    ඉන්න බැරුවයැ මේ ටික දොහ
    ආවතේව කරගෙ පන්සලට...............
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පරණ කතාවක්,

    රටේ නම ගිය ලෝයර් කෙනෙකුගෙ පුතෙක් තමංගෙ පියාගෙ ගුරුහරුකම් යටතෙ ඉගෙනගෙන නීති විභාගෙට පෙනී ඉඳල ඉහලම සාමාර්ථ ලබාගෙන නීතීඥයෙක් උණාලු.
    තමංගෙ පලවෙනි නඩුව විදිහට, තම පියා අවුරුදු ගානක් තිස්සෙ පෙනීසිටි නඩුවක් තෝරාගෙන එම නඩුව මාසයක් වගේ අඩුකාලෙකින් ඉවර කරල හරිම ආඩම්බරෙන් පියාව මුනගැහෙන්න ගියාලු.

    පුතා - තාත්ත අවු 20ක විතර ඉඳන් අහපු නඩුව මම අද ඉවරකරල දැම්ම. ඒ මිනිස්සු හරියට සතුටුවෙලා මට ස්තූතිකරල යන්න ගියා.

    තාත්ත - මොකක්ද මනුස්සයෝ ඒ කරපු අපරාදෙ. මම උඹට උගන්නල, කැම්පස් යවල, වාහන අරන් දීල උඹව මේ තත්වෙට ගෙනාවෙ ඔය නඩුව හින්ද....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,209
    1
    101,034
    113
    34
    Kalutara
    පරණ කතාවක්,

    රටේ නම ගිය ලෝයර් කෙනෙකුගෙ පුතෙක් තමංගෙ පියාගෙ ගුරුහරුකම් යටතෙ ඉගෙනගෙන නීති විභාගෙට පෙනී ඉඳල ඉහලම සාමාර්ථ ලබාගෙන නීතීඥයෙක් උණාලු.
    තමංගෙ පලවෙනි නඩුව විදිහට, තම පියා අවුරුදු ගානක් තිස්සෙ පෙනීසිටි නඩුවක් තෝරාගෙන එම නඩුව මාසයක් වගේ අඩුකාලෙකින් ඉවර කරල හරිම ආඩම්බරෙන් පියාව මුනගැහෙන්න ගියාලු.

    පුතා - තාත්ත අවු 20ක විතර ඉඳන් අහපු නඩුව මම අද ඉවරකරල දැම්ම. ඒ මිනිස්සු හරියට සතුටුවෙලා මට ස්තූතිකරල යන්න ගියා.

    තාත්ත - මොකක්ද මනුස්සයෝ ඒ කරපු අපරාදෙ. මම උඹට උගන්නල, කැම්පස් යවල, වාහන අරන් දීල උඹව මේ තත්වෙට ගෙනාවෙ ඔය නඩුව හින්ද....
    අවාසනාවට ඇත්ත කතාවක්. 😌