දැකලා නැති උන් බලාගනිල්ලා

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93

    චීනයේ දේදුණු කන්ද
    මේ තියෙන්නේ චීනයේ දේදුණු කඳුවැටිය Zhangye Danxia භූ විද්‍යාත්මක උද්‍යානය තුල තමයි මේ කන්ද තියෙන්නේ. ගන්සු පළාතේ වර්ග සැතපුම් 200 ක් පුරා පැතිරී තිබෙන මේ උද්‍යානය වෙත සංචාරකයන් පැමිණීමට පටන් ගෙන තියෙන්නේ 2009 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙසින් නම් කිරීමෙන් අනතුරුවයි.
    මීට වසර මිලියන 135 ත් 63 ත් අතර කාලයේ මේ ප්‍රද්ශයේ තැනිතලාවක් වගේ තමයි පිහිටලා තියෙන්නේ. වැලි හා රොන් මඩ සමග විවිධ ඛනිජ වර්ග 5 ක් පමණ මිශ්‍ර වී තිබීම මෙසේ වර්ණවත් පසක් ඇති වීමට හේතු වෙලා තියෙන්නේ. ලෝකයේ උසම කන්ද වෙන එවරස්ට කන්ද අයිති හිමාල කඳුවැටිය පවා නිර්මාණය වුයේ මේ භූ තැටි එකට ගැටුණු අවස්ථාවේදීය.පොළොව යට වැළලී තිබු පාෂාණ වර්ග පවා කඳුගැටී නිර්මාණය වීමේදී භාහිරට නිරාවරණය වී තිබෙන අතර මේ සෑම පාෂාණ හා ඛනිජ වර්ග කාලයත් සමග සුළඟට වර්ෂාවට හසු වීමෙන් වර්තමානයේ තියෙන සුන්දර දේදුණු වැටිය නිර්මාණය වෙලා තියෙන්නේ.
    කඳුවැටිය මෙසේ නිර්මාණය වෙන්න නම් සමහර වර්ණ ඇති වීමට තවත් හේතු බලපා තිබෙන්නේ මෙය සොබාදහමේ තවත් එක් විශිෂ්ට හා දුර්ලභ නිර්මාණයක් බව නැවත නැවතත් තහවුරු කරමිනි. වැලි කැට අතරින් ජලය ගමන් කරන විට කාලයත් සමග ජලයේ තියෙන ලවණ වර්ග වැලි කැට අතර තැන්පත් වේ. ඉන්පසු ඒවා ජලය හා ඔක්සිජන් එක්ක එකතු වී විවිධ ඔක්සයිඩ් වර්ග සාදා තියෙන අතර එම ඔක්සයිඩ තිබෙන වෙනස් වර්ණයන් නිසා මෙම කඳුවැටිය මේ ලෙසින් ඉතා මනස්කාන්ත අයුරින් දිස් වේ. මේ වර්ණ අප එදිනෙදා ජිවිතයේ ඇස ගැටෙන විවිධ පාෂාණවල වර්ණ වුවත් ඒවා එකම ස්ථානයක එකිනෙකට යාබදවා ෆිටීම නිසා මේ ඇති සුවිසේෂි කඳු ගැට පෙළ වෙත සංචාරකයින්ගේ, පාෂාණ විද්‍යාග්‍යයින්ගේ හා ජයාරූප නොමද ආකර්ෂණයක් හිමි වේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    There's another place named "The Rainbow Mountains" in the Andes, Peru. They call it "Vinicunca"
    I didn't travel there myself as it takes more than 3 hrs drive to get there from Cusco and then another 3 hour climb. So it's more than a day's trip. The other problem is that Cusco is high-altitude. My wife had breathing problems over there (low oxygen) and with the climbing involved, it's not quite practical to get to Vinicunca.

    Vinicunca_1.jpg
     
    View attachment 117098
    yes.