දැඩි මතදාරී ආණ්ඩුවක්

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලන්කාවෙ උනත් කවදහරි දැඩි මතදාරී ආණ්ඩුවක් ආවොත් අපේ ළමයින්ගෙ අනාගතෙත් මෙහෙම වෙන්න පුලුවන්. චීනය,වියට්නාමය,කාම්බෝජය වගේ රටවලත් අතීතයේ මේ වගේ වෙලා තියෙනව.

    සේව් ද චිල්ඩ්රන් විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් ඇස්තමේන්තු කර ඇත්තේ ඇෆ්ගනිස්ථානය එරට පවුල්වලින් අඩක් ජීවනෝපාය කඩාවැටීමත් සමඟ දවසේ කෑම වේල වෙනුවෙන් ළමයින් වැඩට දමා ඇති බවයි. ඇෆ්ගනිස්ථානයේ සේවයට යොදවා ඇති දරුවන්ගේ සංඛ්‍යාව දැනටමත් ඉහළ මට්ටමක පවතී, තලේබාන් සංවිධානය විසින් රට අත්පත් කර ගැනීමෙන් පසු ආර්ථිකයේ බිඳවැටීම වඩාත් තීව්‍ර වූ අතර වසරකට පෙර ලෝකය මූල්‍ය ආධාර ලබාදීමද කපා හැර ඇත.


    කාබුල් අගනුවර බොහෝ ගඩොල් කම්හල්වල දරුවන් සේවයේ නිරතවේ.හැම එකකම වාගේ වයස අවුරුදු හතරක් පහක් වයසැති වියේ සිට ඉහළට කුඩා දරුවන් උදේ පාන්දර සිට අඳුර වැටෙන තුරු තම පවුලේ අය සමඟ වැඩ කරති. ගඩොල් සෑදීමේ ක්‍රියාවලියේ සෑම පියවරක්ම කරන්නේ ළමයින්ය. ඔවුන් වතුර කැනිස්ටර් ඇදගෙන, වියළීමට අව්වේ තැබීමට මඩ පිරවූ ලී ගඩොල් අච්චු රැගෙන යති.

    ඔවුන් වියළන ලද ගඩොල්වලින් පිරුණු වීල්බැරෝ මගින් පිළිස්සීම සඳහා පෝරණුව වෙත පටවා තල්ලු කරනු පෙනේ, පසුව ගිනිගත් ගඩොල්වලින් පිරුණු වීල්බැරෝ පසුපසට තල්ලු කරනන්ද ඔවුන්ය. සෑම තැනකම ඔවුන් ගඩොල් එසවීම, ගොඩගැසීම, වර්ග කිරීම
    ඔවුනට අයත් කාර්යවේ.‍

    දරුවන් තම පවුල්වල අවශ්‍යතා හැර අන් කිසිවක් දැන නොසිට උපදින අතර ඔවුන්ගේ වයසට ඔරොත්තු නොදෙන අධිෂ්ඨානශීලී බවකින් සහ වගකීම පිළිබඳ දරුණු හැඟීමකින් වැඩ කරයි. සෙල්ලම් බඩු හෝ සෙල්ලම් ගැන විමසූ විට, ඔවුන් සිනාසෙමින් උරහිස් හලති. පාසල් ගොස් ඇත්තේ ස්වල්ප දෙනෙකු පමණි.

    1664005716481.png


    කම්කරුවන් ඔවුන් සාදන සෑම ගඩොල් 1,000ක් සඳහාම ඇමරිකානු ඩොලර් 4 (රු 1500 පමණ) උපයා ගනී. තනිව වැඩ කරන එක් වැඩිහිටියෙකුට දිනකට එම මුදල ඉපයිය නොහැකි නමුත් දරුවන් උදව් කළහොත් දිනකට ගඩොල් 1500ක් පමණ සෑදිය හැකි බව සේවකයෝ පවසති.

    සේව් ද චිල්ඩ්රන් විසින් කරන ලද සමීක්ෂණවලට අනුව, නිවසින් පිටත වැඩ කරන දරුවෙකු සිටින බව පවසන පවුල්වල ප්‍රතිශතය දෙසැම්බර් සිට ජුනි දක්වා සියයට 18 සිට සියයට 22 දක්වා වර්ධනය විය. එයින් ඇඟවෙන්නේ රට පුරා ළමුන් මිලියනයකට වඩා වැඩ කරන බවයි.

    (ඒපී පුවත් වාර්තාවක් ඇසුරිනි)

    :(:(:(
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මීට සමාන වෙනවා තත්වය ඉදිරි අවුරුදු කිහිපය තුල
     

    Similar threads