Miss bus1 wikunanna epa. Ape wedding ekedi mata dawaddata denna thiyaganna
හයියෝ.... ආයෙත්....
දැන්නම් පෝටබල් ටොයිලට් එකකුත් හදාගෙන තෙල් පෝලිමට යන්න වෙන්නෙ සිංහලුන්ට
අද හවස බයිසිකලෙත් අරං පොඩි රවුමක් දැම්ම පාර පැත්තෙ, එතකොට දැකපු ඇහුන ආතල් සීන්...,
අපේ ගෙදර ඉඳන් පාරට දැම්මම පාරෙ තෙල් පෝලිං දෙකක් තියෙනව. දකුණට දැම්මම ඩීසල් පෝලිම, වමට දාල ටික දුරක් යනකොට පෙට්‍රල් පෝලිම. පෝලිං දෙකම තියෙන්නෙ එකම ශෙඩ් එකට ගමේ දෙපැත්තකින්. තාම තෙල් නැති නිසා හොඳයි. හදිස්සියෙවත් ඩීසල් පෙට්‍රල් දෙකම එකට ආවොත් පෝලිං දෙක දෙපැත්තෙන් සෙට් වෙලා එකට ක්‍රෑශ් වෙනව. එහෙම උනොත් හෙන නඩුවක්....
අද යනකොට පෙට්‍රල් පෝලිමේ තැනින් තැන කාර් වල ඩිකි ඇරගෙන බෝතල්, ප්ලාස්ටික් කප් තියාගෙන හෙනට පාටි. උං ඒකෙන් වෙනම ආතල් එකක් ගන්නව....
හැන්දැ වෙලා ගෙදර එනකොට, පාරෙ යන මනුස්සයෙකුට තව මනුස්සයෙක් පාරක් කියනව...
"ඔහොම කෙලින්ම යනකොට තෙල් පෝලිම හම්බ වෙනව, තෙල් පෝලිම දිගේම යන්න...., තුම්මං හන්දියෙන් තෙල් පෝලිම දකුණට හැරෙනව, ඔයා වමට දාන්න..."
දැන් මිනිස්සු පාරවල් කියන්න ලෑන්ඩ් මාක් විදිහටත් තෙල් පෝලිම පාවිච්චි කරනව. ඒක ඒ තරම්ම ස්ථිර දෙයක් වෙලා....
