දැයට කිරුළෙ කඩ වලත් කුණු කෑම

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දැයට කිරුළෙ කඩ වලත් කුණු කෑම

    දැයට කිරුළ භූමියේ විකිණීමට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ වෙළෙන්දන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙහෙයුම් කාර්යාලයය කියයි. කුකුළු මස්, අයිස්, කොත්තු රොටී, බත්, නූඩ්ල්ස්, බිත්තර, බනිස් හා පානීය ජය බෝතල් ඇතුළු රුපියල් ලක්ෂ එක හමාරක පමණ ආහාර ද්‍රව්‍ය විනාශ කැර ඇත. වෙළෙන්ඳන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    DSC08740.jpg


    උපුටා ගැනීමකි....
    http://www.lankadeepa.lk/index.php/articles/213438
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දැයට කිරුළේ නුසුදුසු මස් කිලෝ 250 ක් - තවත් ස්&#3502

    මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ ග්රෑම් 250ක් දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ආහාර අලෙවි සැලක තිබි සොයාගෙන තිබේ.

    ප්‍රදර්ශන භූමියේ ඇති ආහාර අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් සිදුකළ සෝදිසියක දී මෙම කුකුල් මස් තොගය සොයාගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටියි.

    මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම සංගමයේ උප සභාපති චමිල් සමන්ත මුතුකුඩ මහතා අද දෙරණට සඳහන් කළේය.

    ඊට අමතරව මෙම පරික්ෂාවේ දි පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන විසිදෙකක් සොයාගැනීමට හැකිවු බව ද චමිල් සමන්ත මුතුකුඩ මහතා කියා සිටියේය.

    දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ආහාර අලෙවි කරන ස්ථාන පරික්ෂා කිරිම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියයකට වැඩි පිරිසක් අනියුක්ත කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


    උපුටා ගැනීමකි....
    http://sinhala.adaderana.lk/news.php?nid=41419