
බාල වයස්කාර දැරිවියක් දූෂණය කර වරදකරුවී දඬුවම් විඳින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබෙනවා.
අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී තිබෙනවා.
ඇප ඉල්ලීමේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර චූදිතයා අතින් තමා දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවයි.
තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අභියාචනාධිකරණයට කියා සිටියා.
ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, මේ හේතුවෙන් අදාළ සිර දඩුවමට ඒරෙහිව තම සේවාදායකයා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුව ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අධිකරණය නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර අත්තේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ජුලි මස 20 වනදා කරුණු දක්වන ලෙසයි.
2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02වැනිදාත් අතර කාලයේ අකුරැස්සේදී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට ලිංගික අපරාධයක් සිදුකළ බවට වූ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළා.
NEWS19
...
ප.ලි.
මේ පහල තියෙන නිවුස් දෙකම 2012 සහ 2013 වසරවල පලවූ ඒවා.
මේ දැරිය 2012 දෙසැම්බර් සියදිවි නසා ගත්තා..
සාරුවා සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගනී
Tuesday, February 5, 2013
සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ
එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ.
දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් පසුව දියණියගේ රණවිරු පියා තම ජීවිත ආරක්ෂාව හා දියණියගේ අනාගතය ගැන කල්පනා කර දකුණු පළාත අතහැර බස්නාහිර පලාතට ගොස් ජීවත් වී තිබේ.
නමුත් තම මව වෙනුවෙන් වාර්ෂිකව පවත්වන ආගමික වතාවත්වලට සහභාගි වීම සඳහා පියා සමඟ ඇය පසුගිය දෙසැම්බර් 26 වනදා තම ගම්පළාතට ගොස් තිබේ.
නැවත ගම්පළාතට ගිය දියණියට පැමිණි පීඩනයන් හා සමාජීය පීඩනය දරා ගත නොහැකිව එම දියණිය වස පානය කර සිය දිවි හානි කරගෙන තිබේ
සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ
සාරුව සුනිල්ගේ සභාපති ධූරය මෙන්ම සභික ධූරයද අත් හිටවූ නිසා ඇප ලබා ඔහු දැන් ජීවත් වන්නේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස පමණි.
අපචාර සිද්ධිය නිසා ඔහුගේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර එය නැවත ගොඩ නගා ගැනීමේ අසාර්ථක උත්සයක නිරත වී සිටින අතර එහි එක් සැලසුමක් පසුගියදා ක්‍රියාත්මක විය.
එය වෙන පුද්ගලයෙකුට හිමිව තිබෙන ලොතරැයි දිනුමක් මුදල් දී මිලදී ගෙන තාම ජයග්‍රහණය කළා මෙන් ඉදිරිපත් වීමයි. 2013/01/30 දින ජාතික සම්පතෙහි ජයග්‍රාහකයා වශයෙන් රුපවාහිනියට ඉදිරි පත් වූ ඔහු මෙමගින් බලාපොරොත්තු වන්නේ නැවත ජනප්‍රිය වීමටත් තම ව්‍යාපාර සදහා බදු නිදහසක් ලබා ගැනීමටත් කදිම අවස්ථාවක් බැවිනි.
තවද අකුරැස්ස ගැංහල විහාරස්ථානය ගොඩ නැගීමට මෙම මුදලින් උපකාර කරන බැව් පවසා ඇති අතර තමාගේ චරිතයට සුදු හුණු ගෑමක් සිදු කරන්නේ නැවත ඉදිරි මැතිවරණයකට ඉදිරි පත් වීමේ පටු චේතනාවකින් බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
...
අකුරැස්සේ ස්ත්‍රී දුෂක සභාපතිගේ කතාව
Wednesday, July 11, 2012
කාන්තාවන් 100 ක් සමග යහන්ගත වීමේ ප්‍රීතියට සාද දැමු සුනිල්
සීමා මායිම් නැති මනුස්සකම තේමා පාඨය කරගනිමින් ඉකුත් ප්‍රාදේශීය සභා ජන්දයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වැඩිම මනාප ලබා ගනිමින් සභාපති ධුරයට පත් වුයේ සාරුව ලියනගේ සුනිල් නොහොත් SLS සුනිල්. මාරගොඩ සුනිල් කියන්නේ මොහුටය.
'අකුරැස්සට SLS සහතිකය' ලබා දෙන බව පොරොන්දු වෙමින් මේ සත්ගුණවත් දානපතිය 'SLS සමාජ සේවා පදනම' නමින් පදනමක් ආරම්භ කළේය .
මේ දානපතියා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග බිමට ගෙන ඒමට කටයුතු කලේ චන්ද්‍ර රාජපක්ෂ නම් මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොහොයුරෙකු විසිනි. 88/99 රාජ්‍ය භීෂණ සමයේ යුධ හමුදා රියදුරෙක් ලෙස සේවය කල මාරගොඩ සුනිල් යුධ හමුදාවෙන් පැනවිත් කොළඹ දේශපාලන රැකවරණ ලබමින් සිටියේය.
එසේ සිටින අතරතුර ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් විවාහයක්ද කරගත්තේය .විවිධ ව්‍යාපාර රැසක නිරත වූ සුනිල් හිනිදුම ප්‍රදේශයේ ගල්කොරියක් ආරම්භ කර එම ඉඩම මිලට ගත්තේය. එහි SLS තේ කර්මාන්ත ශාලාව නමින් තේ කම්හලක් ස්ථාපිත කරනු ලැබීය. මේ අවදියේදීම අතුරුලිය ප්‍රදේශයෙන්ද වසා දමා තිබු තේ කර්මාන්ත ශාලාවක් මිලට ගත්තේය.මාරගොඩ සුනිල් 'මාර වැඩ' කරන්න පටන් ගත්තේ ඉන් අනතුරුවය.
කෙමෙන් කෝටිපතියෙකු වූ මාරගොඩ සුනිල් ඉකුත් ප්‍රාදේශීය සභා ජන්දයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයසදහා චන්ද්‍ර රාජපක්ෂ විසින් සිය සහෝදරයා ලවා යෝජනා කරවන්නේ ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකු බැවිනි.
ජූලම්පිටිය අමරේට මෙන්ම මේ පුද්ගලයාට ආශීර්වාද කරන චීවරධාරියෙකුද සිටියේය. දියලප ප්‍රදේශයේ වැඩවාසය කරන මේ චීවරධාරිය ජනාධිපති උපදේශකයෙකි. ප්‍රාදේශීය සභා ජන්දයෙන් අනතුරුව SLS සුනිල් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපති විසින් පත්කරනු ලැබීය.
මේ රාජ තේජස සුනිල් සිය හිතුමතේ වැඩ සදහා පාවිච්චි කළේය.මේ පුද්ගලයා එළවළු වෙළද ව්‍යපාරිකයෙකුව කටයුතු කරද්දී බෝංචි කරල් වල දුරකථන අංක ලියා කාන්තාවන්ගේ බඩුමලු අස්සට දැමුවේය. තමන්ගේ තේ කර්මාන්ත ශාලාවේ වැඩට එන කාන්තාවන්ට ණය දී ඒවා හිලව් කර ගන්නට තමන්ගේ හෝටල් කාමර තුලට කැදෙව්වේය. ණය උගුලෙන් ගැලවීමට ඔවුන්ට පතිවත පූජා කරන්නට සිදුවිය.
මේ පුද්ගලයා ප්‍රාදේශීය සභා ජන්දය ආසන්නයේදී කාල්ස්බර්ග් තානායමේ අපූරු සාදයක් පැවැත්විය. හිතවත්ම ව්‍යාපාරිකයන් හා පාතාලයන් ගෙන්වා එම සාදය පැවැත්වුයේ ඔහු කාන්තාවන් 100 දෙනෙකු සමග යහන්ගත වීමේ ප්‍රීතිය නිමිති කරගෙනය. සාදයට සහභාගී වූවන් සදහා සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය වලින් සංග්‍රහ කෙරිණි.
සුනිල්ගේ වැඩ පිළිබද පොලිසියට වාර්තා වුවත් ඔහුට ඇති දේශපාලන බලය නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට අකුරැස්ස පොලිසිය මැලිවිය . මේ නිසා සුනිල්ට එරෙහිව පොලිස් පොතේ පැමිණිලි සටහන් වුයේ නැත.
ආසන්නතම සිදුවීම සිදුවී ඇත්තේ මීට මාසයකට පෙරය, SLS තේ කර්මාන්ත ශාලාවේ කුලී වැඩකළ කාන්තාවකගේ නිවසට රිංගු සුනිල් නිවසේ සිටි මවත් ඇයගේ වැඩිමල් දියණියත් අවස්ථා ගණනාවකදී දුෂණයට ලක්කර තිබේ.
මේ පවුලේම බාලම දියණියට වයස අවුරුදු 14 කි. ඉකුත් මැයිමාසයේ දිනක අකුරැස්ස බංගම පාරේ සුනිල්ට අයත් නාම පුවරුවක් නොමැති තානායමට ඇය ගේනවා ගත්තේය.එහිදී ඇය සුනිල් ගේ ගොදුරක් බවට පත්විය.
මේ සල්ලාලයාට රූමත් බිරිදක් සහ දරුවන් තිදෙනෙකු සිටියත් එම දරුවන්ගේම වයසේ දියණියන් දුෂණය කළේය. අකුරැස්ස පෝරඹ කනිෂ්ඨ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇයගේ පාසල් ගමනට එතැන් සිට නැවතීමේ තිත තබන්නට සිදුවිය. SLS සුනිල් තමන්ගේ කාර්යය කරගත්තායින් පසුව මේ දියණිය අකුරැස්ස පෝරඹ කෘෂිකර්ම මධ්‍යස්ථානයේ තාවකාලික මුරකරුට තෑගි කළේය.
ඒ දේශපාලන හිතවත්කම මතය.57 හැවිරිදි මුරකරුගෙන් පසුව ඇය 31 හැවරිදි බාබර් කෙනෙකුට භාර කෙරිණි. මේ පුද්ගලයන් දෙදෙනාම ඇය වරින් වර දුෂණය කළහ. ඔවුන් පෝරඹ, ඇලකන්ද හා ඉඹුල්ගොඩ පදිංචි කරුවෝය.
අකුරැස්ස පොලිසියට මේ සිද්ධියට අදාලව ඉකුත් ජුනි 03 වැනිදා මුරකරු හා බාබර් අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් කටඋත්තර අනුව SLS හෙවත් මාරගොඩ සුනිල් මේ දුෂණයේදී පළමු වග උත්තර කරු බව පොලිසිය සොයා ගත්තේය. එහෙත් ඔහුව අත්අඩංගුවට ගන්න තරම් හයියක් පොලිසියට තිබුනේ නැත.
අදාල දැරිය මේ පිලිබදව විමර්ශන කටයුතු සදහා මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත රැගෙන ගියේය.එහිදී ඇය තමා පළමුව දුෂණය කලේ 'සභාපති මාම' බව හෙළි කළේය. ජුනි 09 වැනිදා සිට ජුලි 04 වැනිදා දක්වා මේ සභාපතිවරයා නිදැල්ලේ සිටියේය.අකුරැස්ස පොලිසිය SLS සුනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බැවින් මාතර පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරීන් පැමිණ ඉකුත් ජුලි 04 ද අලුයම මාරගොඩ සුනිල් අත්අඩංගුවට ගත්තේය.
දේශපාලන බලයත් මුදල් බලයත් ඇති හෙයින් හෙට දවසේ මේ දඩ බල්ලාට පොලිස් කුඩුවෙන් එලියට ඒමට ඉඩකඩ සැලසෙනු ඇත. එහෙත් මේ දඩ බල්ලා අතින් දුෂණයට ලක් වූ දැරියට වන ඉරණම පිළිබද වගකීම භාරගන්නේ කවුද? බිඳ දැමු ඇගේ අනාගතය හදන්නේ කවුද?
- දයා නෙත්තසිංහගේ ලිපියක් ඇසුරින් සැකසිණි -
Last edited: