දික්කසාද_නීති

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය, අදහස් සහ උපදෙස්


    "මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා කාලයක් ආදරෙන් හිටියා. පළවෙනි බබා ලැබුණාට පස්සේ ඒ වගකීම බෙදා ගන්න බැරුව සෑහෙන්න රණ්ඩු වෙන්න ගත්තා."

    "පසුව ඒ ප්‍රශ්න වැඩි වෙලා අවුරුද්දක් විතර උසාවි ගිහින් අපි දික්කසාද වුණා. මටයි දරුවටයි නඩත්තු ලැබෙනවා. වෙන මොනවා නැතත් අද මට මරණ බය දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්," මානෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සජිනි අධිකාරි පැවසුවාය.

    වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනෙකු තමන් අදහන ආගම අනුව සියලු චාරිත්‍ර ඉටු කර අති උත්කර්ෂවත් මංගල උත්සව පවත්වා විවාහ දිවියට ඇතුළු වුවද දික්කසාද වීම් විශාල ලෙස වැඩි වෙමින් පවතින බව දත්ත, වාර්තා සහ අදාළ කරුණ සම්බන්ධයෙන් පළ වන විශේෂඥ මත අනුව පෙනී යයි.

    සමාජීය සාරධර්ම, සංස්කෘතිය මෙන්ම පවුල් සබඳතා පිළිබඳ තැකීමේ දී දික්කසාද වීම් වැඩි වීම එතරම් සුභදායී නොවන බව සමහරෙක් පවසති. නමුත් විවාහ දිවියේ අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දී මේ වන විට දික්කසාද වී සිටින පුද්ගලයන්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙක් සිය දුෂ්කර දිවි පෙවතින් මිදීම ගැන සතුට පළ කළහ.

    දික්කසාද වීම්වල වැඩිවීමක්


    දිනකදී ශ්‍රී ලංකාවේ විවාහක යුවළ 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන ඇසුරින් පෙනී යන්නේ යැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති Art Of living (ජීවත් වීමේ කලාව) නම් රසවින්දන වැඩසටහනේදී පැවසුවාය.

    ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ දත්තවලට අනුව ද, දික්කසාදවීම්වල වැඩි වීමක් ඇති බව එයට අනුබද්ධ 'ආලෝකා' උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත බීබීසී සිංහල සේවයට පැවසීය.

    මේ අතර, කොළඹ අලුත්කඩේ සහ අවට අධිකරණවල දික්කසාද නඩුවලට පෙනී සිටින නීතිඥවරු පස් දෙනෙකු පැවසුවේ වසර දහයක කාලයක සිට දික්කසාද වීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන පිරිසේ "විශාල" වැඩිවීමක් ඇති බවය.

    "මම දැන් නිදහස්"

    "මගේ නෝනා මට අතට අහු වෙන එකෙන් ගහනවා. කිසිම හේතුවක් නැතුව කුණුහරුපෙන් බනිනවා. කෑමට කෙළ ගහලා දෙනවා. මේ දේවල් නිසා මම වෙනම ජීවත් වෙන්න ගත්තා. මම සතියක් ඒ ගෙදරින් එළියට ගිහින් හිටිය වෙලාවක එයා ගේ ඇතුළට ඇවිත් ටැප් ඇරලා, ලයිට් දාලා ගිහින් තිබුණා මට පාඩු කරන්න."

    "අන්තිමට අපි ඩිවෝස් වුණා. සාධාරණ තීන්දුවක් ලැබුණ නිසා මම දැන් නිදහසේ ජීවත් වෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ හැට එක් හැවිදිරි කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පැවසීය.

    ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති රැසක මූලාරම්භය යටත්විජිත යුගය තෙක් දිව යයි. 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතියයි.

    උඩරට හා මුස්ලිම් පුද්ගලයන්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව ක්‍රියාත්මක වේ.

    සාමාන්‍ය නීතිය යටතේ විවාහ යුවළක් දික්කසාද වීමේ ක්‍රියාවලිය තරමක් දීර්ඝ වන අතර, ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශවයේ 'වරද' ඔප්පු කළ යුතුය.

    "ඛේදජනක තත්ත්වයක්"

    දික්කසාද නඩු සඳහා නීති උපදෙස් පතා එන සේවාදායකයන්ගෙන් 80%ක් පමණ කාන්තාවන් බව නීතීඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    "පැමිණිලි පාර්ශවය වැඩි හරියක් එන්නේ කාන්තාවන්. අපි දැන් දකින තවත් විශේෂත්වයක් තමයි බොහෝ කාන්තාවන් ගෙදර දොර වැඩ සියල්ල කරළා, දරුවොත් බලාගෙන, රැකියාවට ගිහින් සැමියාටත් එක්ක කන්න බොන්න, අඳින්න දෙන එක. පවුලේ සියලු බර බිරිඳගේ කර මත දාලා, සැමියන් බීමට ඇබ්බැහි වෙලා, පසුව පවුලේ අයට ගහනවා, බනිනවා. මේක හරිම ඛේදජනක තත්වයක්."

    "ගොඩක් කාන්තාවන් සෑහෙන්න ඉවසනවා. හැබැයි අවසානයේ සැමියා දරුවන්ටත් කරදර කරන්න පටන් ගත්තාම, ඔවුන්ගේ ඉවසීමේ සීමාව පනිනවා. අවසානයේ අපි හරහා උසාවි යනවා." නීතිඥවරිය පැවසුවාය.

    සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්;

    අනාචාරය -

    විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙක් සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න "සාධාරණ සැකයකින් තොරව" ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

    ද්වේශ සහගත අතහැර යාම
    මෙය කොටස දෙකකි, එනම්:

    සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම - අතහැර යාමේ චේතනාව ඇති පාර්ශවකරුවෙක් වෛවාහික නිවසින් පිටවී යාම මෙහිදී සිදු වී තිබිය යුතුය.

    අනුමිත ද්වේශ සහගත අතහැර යාම - අහිංසක පාර්ශවයට අනෙක් පාර්ශවයේ ක්‍රියා කලාපය නිසා නිවස අතහැර යාමට සිදුවීමයි. මෙහිදී අතහැර යන පුද්ගලයා වරද සිදු කරන්නෙක් බවට පත් නොවේ. අතහැර යන තැනට කටයුතු කරන තැනැත්තා වරදකරු බවට පත්වේ.

    විවාහ වන විට පවතින සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව -

    සාමාන්‍ය ලෙස ලිංගික සේවනයේ යෙදීමේ නොහැකියාව ලිංගික බෙලහීනත්වය ලෙස හැදින්වේ. දරුවන් නොමැති වීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්විය නොහැක. නමුත් එම තත්ත්වයට හේතුව ලිංගික බෙලහීනත්වය යැයි වෛද්‍ය වාර්තා මගින් ඔප්පු කළ හැකි නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

    "එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට":rofl:

    "මම කසාද බැදලා අවුරුද්දක් හිටියා හැබැයි තවමත් කන්‍යාවියක්. බැන්ද දවසේ රෑ ඉදන් අපි දික්කසාද වෙනකම් එයා කැමති වුණේ අසාමාන්‍ය කායික සම්බන්ධතාවකට විතරයි. මම කායිකව වගේම මානසිකවත් සෑහෙන දුකක් වින්දා. අපි යාළු වෙලා බැන්දේ."

    "ලංකාවේ පවතින සංස්කෘතික ප්‍රශ්න නිසා අපිට බඳින්න කලින් කායික සම්බන්ධකමක් තියාගන්න ඉඩ ලැබුණේ නැහැ. එක අතකට එහෙම තිබුණානම් මගේ ජීවිතේ මේ වගේ විනාශ වෙන්නේ නැහැ," විසිපස් වියැති තරුණියක බීබීසී සිංහල සේවයට පැවසීය.

    උඩරට නීතිය

    සාමාන්‍ය නීතියට වඩා උඩරට සහ මුස්ලිම් නීති යටතේ විවාහ වූ යුවළකට දික්කසාදය ලිහිල් සහ වියදම් අවම ක්‍රියාවලියකි.

    උඩරට නීතිය යටතේ දික්කසාද වීමේ චෝදනා පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි ආකාරයට පනතට ඇතුළත් කර ඇත.

    විවාහයෙන් පසු භාර්යාව/ පුරුෂයාගේ අනාචාරය
    පුර්ණ කෘරත්වය

    භාර්යාව/ පුරුෂයා විසින් වසර දෙකක කාලයක් පුර්ණ හා අඛන්ඩ ලෙස හැරයාම හෝ වෙන්වීම.

    වාසයෙන් හා සංවාසයෙන් පවුල් ජීවිතය එක්ව සතුටින් ගත කළ නොහැකි වීම.

    අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාද වීම
    මේ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අනවශ්‍ය වන අතර, අදාළ උඩරට ප්‍රදේශයේ දිස්ත්‍රික් විවාහ රෙජිස්ටාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය.

    "ලිබරල් සංස්කෘතියක්"

    ජයසේන ජයකොඩි රචනා කළ 'බැද්දේ ගෙදර' කෘතියේ සඳහන් 'එක ගෙයි කෑම' යන සංකල්පය හුවා දක්වමින් මානව හිමිකම් සහ සමාජ සේවා ක්‍රියාකාරිනියක වන නදීෂා පලිහවඩන බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.

    "අපි බොහොම ලිබරල් සංස්කෘතියක් තිබුණ රටක්. පැරණි ලියවිලිවල සඳහන් වෙලා තිබෙන විදිහට අතීතයේ දී විවාහය කියන සම්බන්ධය ඉතා සුන්දර ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදු වූ එක්වීමක් විදියට සලකා තිබෙනවා. දැන් වගේ නීති රීතිවලින් බැඳ දමාපු දෙයක් නෙමෙයි."

    "ඒ වගේම ලිංගිකත්වය ගැන ඉතා විවෘත මනසකින් බලලා තිබෙනවා. බැද්දේ ගෙදර වගේ පොත්වල තිබෙන එක ගෙයි කෑම වැනි සංකල්පවලින් ඒ ගැන ඔප්පු වෙනවා. නමුත් බටහිර ලෝකයට මේවා ගෝත්‍රික දේවල් විදිහට පෙනුණ නිසා අපිට ඔවුන්ගේ නීති රීති සහ සම්ප්‍රදායන් හඳුන්වා දීලා තිබෙනවා. "

    "හැබැයි දැන් බටහිර රටවල් ඔවුන්ගේ නීති රීති වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරළා, බොහොම ලිහිල් සම්ප්‍රදායන් අනුගමනය කරනවා. අපි තවමත් ඔවුන් කලින් දීලා ගිය ගතානුගතික සම්ප්‍රදායන්,වික්ටෝරියානු සංස්කෘතිය අනුගමනය කරමින් විඳවනවා," ඇය තවදුරටත් පැවසුවාය.

    මුස්ලිම් නීතිය

    විවාහය මෙන්ම දික්කසාදය අදාළ යුවළ අයත් වන මුස්ලිම් නිකායේ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු බව මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතේ 98(2) වගන්තිය සඳහන් වේ.

    ඔවුන්ට දික්කසාද ලබා ගැනීම කිහිප ආකාරයකින් සිදු කළ හැකිය.

    තලාක් - සැමියාට පමණක් අනුගමනය කළ හැකි ක්‍රමයක් වන අතර, මෙහිදී දික්කසාදයට හේතු දැක්වීමට පුරුෂයා බැඳී නැත.
    මෙහි තවත් කොටස් දෙකක් තිබේ:

    අවලංගු කළ හැකි තලාක් ( තලාක් අසාන්, තලාක් හසාන් )

    අවලංගු කළ නොහැකි තලාක්
    මුඛාරත් - දෙපාර්ශවයේ ම කැමැත්ත මත දික්කසාද වීම.

    කුලා - මෙහිදී දික්කසාද කිරීමේ අයිතිය ඇත්තේ බිරිඳටය

    ෆසා - බිරිඳට සැමියාගේ වරදක් පදනම් කර ගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව ෆසා දික්කසාදය ලබා ගත හැකිය.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    පනතේ සඳහන් වන කාර්ය පටිපාටිය අනුගමනය කරමින් කාති අධිකරණයක් තුළ දී දික්කසාද විය යුතුය.

    "හඳහන් ගැලපුනා"
    "අපේ අම්මලා සෑහෙන්න හඳහන් විශ්වාස කරනවා. ඒක නිසා මම යාළු වුණ කිසි කෙනෙකුට ඒ අය කැමති වුණේ නැහැ. අන්තිමේ දී ඒ අය හොයලා දුන්න කෙනෙක් මම බැන්දා. ඒ මනුස්සයා සෑහෙන ලෝබ කෙනෙක්. අවුරුදු තුනක් යනකම් කෑමකටවත් මාව එළියට එක්කගෙන ගිහින් නැහැ. කිසිම විනෝද ගමනක් ගිහින් නැහැ."

    "මම යාළුවෝ එක්ක එළියට යන්න ඇහුවොත් බනිනවා. දවසක් හොඳටම ගැහුවා ඇඳුම් ගන්න සල්ලි වියදම් කළා කියලා. මම එයාව අතහැරලා අම්මලා ගාවට ආවා. හැබැයි ගෙදර අයට ලැජ්ජා කළා කියලා ආයේ බැනුම් ඇහුවා. ගැහැණියක් වුණාම ඉවසන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන්නේ."

    "මහත්තයා මාව ඩිවෝස් කළා ද්වේශ සහගත අතහැර යෑම යටතේ. ඇත්තටම අසරණ වුණත්, තනියම වන්දි ඉල්ලලා සටන් කරන්න මට ශක්තියක් තිබුණේ නැහැ. ආයේ මම කවදාවත් කසාද බදින්නේ නැහැ කියලා තීරණය කරළා ඉවරයි," දුලක්ෂිනී අමරතුංග බීබීසී සිංහල සේවයට පැවසුවාය.

    "කලියුග කාලය"

    බීබීසී සිංහල සේවය කළ විමසුමක දී ආයුර්වේද වෛද්‍ය සහ ජෝතිෂ්‍යවේදී ඩී ඩී දමිත් කරුණාතිලක පැවසුවේ, පොරොන්දම් ගැළපීමෙන් පමණක් විවාහය සාර්ථක නොවන බවය.

    "දැන් විවාහ වෙන අයගෙන් 50%ක් විතර පොරොන්දම් බලලා විවාහ වෙනවා. ඕක දකුණු ඉන්දියාවෙන් ආපු ක්‍රමයක්. පොරොන්දම්වලින් 100%ක් විවාහය තීරණය කරන්නේ නැහැ. දෙන්නෙක්ගේ උප්පත්තියෙන් එන ග්‍රහ පිහිටීම් ගැනයි බලන්න ඕනේ."

    "කොහොම වුණත්, කෙන්දරේට සියල්ල තීරණය කරන්න බැහැ. දැන් සමාජය තුළ දික්කසාද වැඩි වන්න බාහිර දේවල් සෑහෙන්න බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල සහ තාක්ෂණය."

    "මේක කලියුග කාලය. මිනිස් හැසිරීම් වෙනස් වෙලා," ඔහු පැවසුවේය.

    "එළි වෙනකම් සිංදු කිව්වා"
    "මට කසාද බඳින්න උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි අම්මලා බලෙන්ම වගේ පත්තරේ මංගල යෝජනාවලට අයැදුම් කළා. කේන්දර ගැළපෙන අය බලන්නත් ගියා. අන්තිමේ දී ගෙදරින් හොයලා දීපු කෙනාව බැන්දා," කුලියාපිටියේ පදිංචි සුමින්ද රත්නවීර පැවසීය.

    "පළවෙනි දවසේ රෑ එයාව අල්ලනවටවත් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට එයා තනියම සිංදු කියන්න පටන් ගත්තා. රෑ එළි වෙනකම් කිව්වා. මම ඇත්තටම බයත් වුණා. දෙවෙනි, තුන්වෙනි දවසෙත් ඒ දේම වුණා."

    "පසුව දැනගත්තා එයාට තදබල මානසික ආබාධයක් තියෙනවා කියලා. අන්තිමේ දී අපි බැඳලා සතියෙන් වෙන් වුණා. මට ජීවිතය ගැන මහා කලකිරීමක් ඇති වුණා. අපිට කැමති විදියට නිදහසේ ජීවත් වෙන තත්වයක් මේ රටේ තවමත් ඇති වෙලා නැහැ කියලා මට හිතෙන්නේ," ඔහු තවදුරටත් පැවසීය.

    "හිරිහැර විඳගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ"
    දික්කසාද වීමේ සඳහා පැමිණෙන බොහෝ පිරිස වයස 30-40ත් අතරේ පසුවන අතර, විවාහ වී මාස කිහිපයකින් දික්කසාද වන පිරිස ද වැඩි වී ඇති බව නීතිඥ මධූෂා විරාජිනී හෙට්ටිගේ තවදුරටත් පැවසීය.

    "සමහරු අවුරුදු 19 විතර කසාද බැඳලා, අවුරුදු 22 වෙනකොට දික්කසාද වෙලාත් ඉවරයි. ඒ වගේම චාරිත්‍රානුකූලව කැන්දන් යන්න කලින්ම දික්කසාද වෙන අයගෙත් වැඩි වීමක් තිබෙනවා."

    "කොහොම වුණත් හිරිහැර විඳගෙන එකට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒ වගේ අවස්ථාවක රටේ නීතිය අනුව වෙන් වීම සුදුසුයි. සමහරු රණ්ඩු නොකර බොහොම සාමදානයෙන් වෙන් වෙනවා. දික්කසාද වෙන්න අධිකරණයට එන්නෙත් හිනා වේගන. හැබැයි සමහරු ගොඩක් කල් නඩු කියනවා."

    "දරුවෝ ඉන්න අය තමන්ගේ වැරදි හදාගන්න උත්සහ කරළා, ඉවසීමෙන් කටයුතු කළොත් හොඳයි. දරුවෝ මේ ප්‍රශ්නවලට මැදි වෙලා සෑහෙන්න විඳවනවා අපි උසාවිවල ඕනෑ තරම් දැකලා තියෙනවා. සමහරු දරුවෝ නිසා සියලු කරදර ඉවසගෙන නීතියෙන් වෙන් නොවී, දෙන්නා දෙපැත්තට වෙලා ජීවත් වෙන අයත් ඉන්නවා."

    "මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. ඒ දෙයින් අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් වැළකෙනවා," ඇය තවදුරටත් පැවසුවාය.

    උපදේශන සේවා
    දෙදෙනකු විවාහ වීමට පෙර මෙන්ම විවාහ වූ පසුව ඔවුන්ට ඇති වන ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමේ වැඩසටහන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ක්‍රියාත්මක කරන බව එයට අනුබද්ධ 'ආලෝකා'උපදේශන සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භද්‍රා උඩවත්ත සඳහන් කළාය.

    සිය උපදේශන සේවාවලින් ගැටලු විසඳීම මෙන්ම පවුල් දිවියක් පවත්වාගෙන යෑම පිළිබඳ උපදෙස් ලබා දීම ද කෙරෙන අතර, දික්කසාද වීමට ගිය යුවළ අධිකරණයෙන් සිය සංවිධානය වෙත යොමු කරන බව ද ඇය පැවසුවාය.

    "විවාහ වෙලා බොහොම ටික කාලයකින් දෙන්නා වෙන් වෙන තත්වයක් දැන් දකින්න පුළුවන්. ඉවසීම සහ එකිනෙකාට ගෞරව කිරීම අඩු වීම මෙයට හේතු වෙලා තිබෙනවා. සෑහෙන්න ණය වෙලා මහා විශාල විවාහ උත්සව ගන්න බොහෝ දෙනෙක් පෙලඹිලා ඉන්නවා. පසුව විවාහ ජීවිතය පටන් ගන්නේ ණය ගෙවා ගන්න බැරුව රණ්ඩු කරගෙන."

    "එක ගෙදර එක ඇඳේ නිදාගෙන හිටියත් සිතින්, කයෙන් වෙන් වෙලා ජීවත් වෙන අයත් බොහොමයක් දැන් දකින්න ලැබෙනවා. අවසානයේ ඒ අය අධිකරණයෙන් නවතින්නේ. අපේ පැරණි සංස්කෘතිය අනුව බොහෝ දෙනෙක් ඉවසන්න පුරුදු වෙලා හිටියත්, නූතන පරම්පරාවේ විවාහ යුවළ අතර ඒ දේ දකින්න නැහැ."

    "පොඩි රණ්ඩුවක් වුණත් බොහෝ දුරක් ගෙනියන්න මේ අය පෙලඹිලා ඉන්නවා. බෙදා ගැනීම්, දෙන්නා කතා කරලා එකඟතාවන්වලට එන එක විශාල විදියට අඩු වෙලා තිබෙනවා. ඒ වගේම බිරිඳ සහ සැමියා වෙනත් පිටස්තර පුද්ගලයන් සමග රහස් සම්බන්ධතා පවත්වන එක සෑහෙන වැඩි වෙලා තිබෙනවා."

    "අපි යම් දුරකට හෝ මෙම තත්ත්වය සමනය කරන්න පුළුවන් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උසාවියෙන් අපි ළඟට යොමු කිරීමට අමතරව, ඕනෑම කෙනෙක්ට අපි ළඟට පෞද්ගලිකව පැමිණ උදව් ලබා ගන්න පුළුවන්. කතා බහ කර විසඳන්න පුළුවන් ප්‍රශ්නයකට පවා උසාවි ගිහින් දික්කසාද වීම නෙමෙයි අපි කළ යුත්තේ," ඇය පැවසුවාය.


    source: BBC සිංහල
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    Summary : :lol:

    "මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. "

    They try to brainwash people telling marriage is a horrible thing getting examples from uneducated people.

    There are lots of families spends happy marriage life .nobody talks about them. :lol:

    Get examples from western countries like USA.see how fucked their family lives are :angry:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,617
    25,514
    113
    BBC එකේ මගුල් බලන්න එපා බන්, උන් කාලෙකට සැරයක් ඕය වගෙ ආටිකල් දානවා, හැබැයි subliminal message එකක් එක්ක
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Summary : :lol:

    "මොනවා වුණත් නීතියෙන් බඳින්න කලින් එකට ජීවත් වෙලා බලන (Living together) බටහිර රටවල තියෙන සංස්කෘතිය මම අගය කරනවා. "

    They try to brainwash people telling marriage is a horrible thing getting examples from uneducated people.

    There are lots of families spends happy marriage life .nobody talks about them. :lol:

    Get examples from western countries like USA.see how fucked their family lives are :angry:
    :yes:ඔය මඟුල් අපිට කොහොමත් ගැලපෙන්නේ නෑ...පනින රිලවුන්ට ඉනිමන් බැන්ද වගේ තියේවි ලංකාවේ...:rofl:කසාද බැන්දට පස්සෙත් වටේ යන්න හිටියි අපේ උන්...:sorry:
     
    Last edited:

    Similar threads