දිගු දුරක් ඇවිදීම
මාර්ගය
කොළඹ->පේරාදෙණිය->වත්තේගම->පන්විල
නවාතැන
නැත
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
පරිසරය සුරකින්න
නුවර අසල පෙරහැර නිමවුනත් නුවර අවට පරිසරයේ පැවතියේ දැඩි නියඟයක්. මෙම කාලගුණයත් සමග නුවර අවට ජලාශ සියල්ල සිඳී ගොස් ඇති බව අපට දැන ගන්නට ලැබුණා. වියලි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ මතු වූ නටඹුන් බැලීමට ආශාවක් හට ගත් අතර එය ක්‍රියාත්මක කිරීමට දිනයක් සුදානම් කර ගත්තේ හදිස්සියෙන්.
නකල්ස් කඳු පන්ති කිහිපයක් තරණය කර තිබුනද නකල්ස් කඳු පන්තියේ හුන්නස්ගිරිය කන්ද තරණය කිරීම විටින් විට උත්සහ කලද කාලය හරස් වූ නිසා මෙම සංචාරයේදී හුන්නස්ගිරිය තරණය කිරීමට අපි අදිටන් කර ගත්තා. හුන්නස්ගිරිය ගැන පළමුවෙන් මා හට දැනගැනීමට ලැබුනේ ඉතා සුන්දර ජන කවියක් මගින්. එනම්:
බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙම කඳු තුනට නායක සමනොළ කන්ද
මෙම කන්දෙහි අන්තර්ගත වන බතලේගල,අලගල්ල හා සමනොළ කන්ද තරණය කර ඇති අප හට ජනකවියා විසින් අගය කොට ඇති හුන්නස්ගිරි කන්ද තරණය කිරීම සඳහා අභියෝගය බාර ගැනීමට මා ප්‍රමුඛ සතර දෙනෙකුගෙන් යුත් නඩයක් ඉදිරිපත් වුණා. ඒ කෙසේ වුවත් අප පිටත් වීමට දින දෙකකට පෙර නුවර ප්‍රදේශයට වර්ෂාව ආරම්භ වී තිබීම හිත පාරවන කාරණයක් වුණා.
කෙසේ වෙතත් නඩේ ගුරා විදිහට අභියෝගය භාරගෙන ශනිදා අලුයම ගමන ආරම්භ කළා. කොළඹ සිට විටින් විට මහා වරුසා මැද නුවර පාර දිගේ ඉදිරියට ඇදුන අපට කඩුගන්නාව පසුකිරීමටද සිදු වුයේ වර්ෂාව මද්‍යයේ වීම අනතුරුදායක බව අමුතුවෙන් ඔබහට විස්තර කලයුතු නැහැ. සොභාදහම අපහට ඔච්චම් කලද පේරාදෙණිය සමීප වනවිට වර්ෂාව කෙමෙන් පහව ගියා. ගම්පොල හරහා ගමන් කර කොත්මලේ නටඹුන් නරඹා ආපසු පේරාදෙණිය වෙත ලඟා වනවිට පෙරවරු 10.30 පසුවී තිබු අතර කාලගුණය පැහැපත් ව පැවතුනා. වත්තේගම නගරයට ලඟා වනවිට හුන්නස්ගිරිය මීදුම් ස්ථරයකින් වැසී යන අපූරුව මදකට නතරකර සිත්සේ අත්විඳීමට සිත බලකලත් කාලය අපහට හරස්වුනා. හුන්නස්ගිරිය නකල්ස් කඳු පන්තියේ ඇති සුන්දරම කන්දක් වන අතව එය විශාල වපසරියක් පුර පැතිර පවතින බව මීටර් සිතියමක් අධ්‍යනය කරන ඔබහට දැකගත හැකියි. මෙය තරණය කිරීමට හැක්කේ ඇල්කඩුවෙන් හෝ පන්විලෙන්.
අපි තෝරාගත්තේ පන්විල මාර්ගයයි. එයට හේතුවුනේ අප මිතුරන් කිහිපදෙනෙක් එම මාර්ගය භාවිතා කර මීට අවුරුදු ගණනකට පෙර කන්ද තරණය කිරීමයි. වත්තේගම සිට නකල්ස් මාර්ගය එනම් බඹරැල්ල දෙසට කිලෝමීටර් 10 ක් පමණ යනවිට කුඩා නගරයක් හමුවෙනවා. එක තමයි පන්විල නගරය. ඔබල පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නේනම් මාතලේ දුම්රියේ පැමිණ වත්තේගම දුම්රිය ස්ථානයෙන් බැහැල බඹරැල්ල බස් එකකට පහසුවෙන් ගොඩවෙන්න පුළුවන්. කොන්දොස්තර මහත්තයාට කියන්න පන්විල නගරයෙන් බස්සන්න කියල. පන්විල නගරයට එනවිට පෙරවරු 11 පමණ වෙන්න ඇති. පන්විල නගරයේ කඩමන්දියක් අසල වාහනය නතරකර ගමනට සුදානම් වුණා. ඒ වන විට පැහැදිලි කාලගුණයක් තිබුනද වැස්සක් ලඟ එන බව වැහි මන්දාරමෙන් අපට ඉඟි කළා. නමුත් අපි සැලුනේ නැහැ. මොකද අප විසින් මෙවැනි අවස්ථාවන්ට අනන්තවත් මුහුණ දුන් බව අප සංචාරක සටහන් කියවූ ඔබට මතක ඇති.
පාරේ වම් පස කහ වර්ණයෙන් හුන්නස්ගිරිය නැරඹුම් මාවත කියා මධයම පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය සලකුණු කර තිබීම අගය කළ යුතු දෙයක්. මෙහි කිලෝමීටර් 9 ක් බව සඳහන්ව පැවතියා. එනම් කන්දේ උසම මුදුන නරඹා ආපසු පැමිණීමට කිලෝමීටර් 18 ක් ඇති බවයි. නමුත් හුන්නස්ගිරි කන්දේ උස මීටර් 1545 බව සඳහන්ව නොපැවතීම පුදුමයට කාරණයක්. ගමන ආරම්භ කළ අපට පළමුව ගමන් කිරීමට සිදුවුයේ කොන්ක්‍රීට් පාරක් මතින්. මග දෙපස කුඩා ගම්මානයක් පැවතියා. අප මාර්ග උපදේෂකයකු ලබාගැනීමට උත්සහ කලද එය ව්‍යර්ථ වුයේ ඔවුන් වැස්සක් ලඟ එන නිසා ගමනට එක්වීමට කැමැත්තක් දැක්වු නැති නිසා.
ගම්මානය පසුකල අපහට මින් ඉදිරියට ගමන් කිරීමට සිදුවුයේ තේ වත්තක් මැදින්. ගමන ආරම්භයේ සිටම නැග්මක් පැවතුනු අතර එය ක්‍රමයෙන් වැඩි වුවා මිස අඩුවීමක් දක්නට ලැබුනේ නැහැ. කෙමෙන් ඉදිරියට ඇදෙන විට පරිසරයේ සුන්දරත්වය විඳීමට අපට හැකිවුණා. දුම්බර මිටියාවතේ පවතින කඳු බොහොමයක් දැකගත හැකිවුණා. වික්ටෝරියා ජලාශයේ තේජාන්විත බව අඩුවී පෙනුනේ ජලය සිඳී ගිය බැවින්.
වැහි මන්දාරම වැඩි වෙන අතර වැහි බින්දු එකින් එක අප සිප ගත්තේ මහා වරුසාවක පෙරනිමිති පෙන්නුම් කරමින්. මිනිත්තු කිහිපයක් ගතවන විට මුතු ඇට වැනි දිය බිඳු පතිත වන වර ගණන වැඩි වී මහා වරුසාවක් බවට පත්වුණා. මුළු ගත හා අප ගමන් මලු තෙත බරිත වූ නමුතු අපේ අධිෂ්ටානය තෙත බරිත කිරීමට සොභාදහම සමත් වුනේ නැහැ.තෙවත්තේ මන්සන්දියකින් උඩට ඇදුනු අපට ඈතින් පවතින ලයින් කාමර කිහිපයක් වැහි බිඳු අතරින් දර්ශනය වුණා. පැහැදිලිව තිබු මාර්ගය වෙනුවට අපැහැදිලි මාර්ගයක් හමුවූ අතර ඒ අතරින් කන්ද දෙසට තවත් ගමන් කළ පසු එම පාර පයිනස් වනාන්තරයක් අසබඩින් මැකී ගියා.
කෙසේ හෝ පාර සොයාගත් අපි විනාඩි කිහිපයකට පසු නොපැහැදිලි මාන වනාන්තරයක් වෙත අවතීර්ණ වුණා. වම් පස දල බෑවුමක් ඔස්සේ පරිස්සමින් ගමන් කළ අප හට කූඩෑල්ලන්ගෙන් එල්ලවුණු තර්ජනය අති භයානකයි. මීදුම සුළඟ වැස්ස යන තුනම අප තව තවත් දිරිමත් කළ බව කිව්වොත් නිවැරදියි. මධ්‍යහනය පසුවී තිබුනත් අවට පරිසරයේ පැවතියේ දැඩි සීතලක්.
කොහොමින් කොහොමහරි කිලෝමීටර් 5 ක් පමණ ගමන් කිරීමෙන් පසු හුන්නස්ගිරිය කන්ද මුදුනට අප අවතීර්ණ වුණා. එනමුදු මෙය හුන්නස්ගිරියේ උසම මුදුන නොවන බවට තහවුරු වුයේ GPS උපකරණයේ උස සටහන් වුයේ මීටර් 1250 ලෙස බැවින්. මාන වනාන්තරයක පැවතුන මෙම මුදුනට මීටර් 200 ක් පමණ ඔබ්බෙන් වනාන්තරයක් පැවතුනු අතර එහි මග සෙවීමට ගිය අප අතරමන් වුණා. කිසිවෙකු ලඟකදී උසම මුදුන වෙත ගමන් කර නැති බව අපට තහවුරු වුනේ එය වෙත ගමන් කිරීම සඳහා කිසිම අඩි පාරක් නොමැති වීම නිසා.
පාර සොයා ගැනීමට කාලය හරස් වීම නිසා එම අදහස වෙනයම් දිනයක මුදුන් පමුණුවන අදහසෙන් පළමු මුදුන මත විනාඩි 15 ක් පමණ ගතකල විට වැස්ස පහවී මීදුමද පහව ගියේ සොබාදහමේ ආශීර්වාදය අප හට නොමුසුරුව ලබාදෙමින්. මෙහිදී අප ලැබූ සුන්දරත්වය වචනයෙන් හෝ පින්තූරයකින් විස්තර කළ නොහැකියි. ජලය සිඳී ගීය වික්ටෝරියා ජලාශය හා නකල්ස් කඳු පන්ති වල සුන්දරත්වය දකින අතරේ ගමන ආරම්භ කළ පන්නිල නගරයත් හොඳින් දර්ශනය වුණා.
අවුරුදු ගණනක් වුනත් එම සුන්දරත්වය රසවිඳීමට හැකි මුත් සෑම සුන්දර මොහොතකම අවසානයක් තිබීම ලෝක ධර්මයයයි. එමනිසා සුන්දරත්වය සිතෙහි ධාරණය කරගනිමින් නැවතත් පන්නිල වෙත ගමන් කිරීමට පටන් ගත් අප හට හවස් යාමයට මත්තෙන් පන්නිල වෙත ලඟාවීමට හැකිවුණා. මෙම චාරිකාව පුරාවට අප හා රැඳුණු ඔබට බොහොම ස්තුතියි. සංචාරක සටහන ගැන අදහස් පල කරන ඔබට තුති.
ජය වේවා!
උපුටා ගැනීම නඩේ ගුරා....