මෝඩ ජෙප්පෝ අධි සංවේදී නකල්ස් රක්ෂිතය ට කෙලලා යයි වගේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,871
    113
    මාලඹේ
    මීමුරේ විකල්ප පාර හැදුවොත් නකල්ස් ලෝක උරුම ලයිස්තුවෙන් එලියට...- යුනෙස්කෝ කොමිසම


    knukls.jpg


    යුනෙස්කෝ සදහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාවේ (SLNCU) මහලේකම් මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් නකල්ස් රක්ෂිතය හරහා යෝජිත විකල්ප මාර්ගය පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත.

    මෙම මාර්ගය මධ්‍යම කඳුකරයේ යුනෙස්කෝ ලෝක උරුම තත්ත්වයට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් එහිදී අවධාරණය කෙර තිබේ.


    හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගයට හානි වීමෙන් පසු මීමුරේ ප්‍රදේශයට ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාවකාලික මාර්ගයක් ලෙස නකල්ස් රක්ෂිතය හරහා (තල්දෙණිය-තංගප්පුව සිට අත්තලවෙට්ටුව හරහා) පැරණි බොරළු මාර්ගය නැවත විවෘත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් කරුණු දක්වයි.

    අත්‍යවශ්‍ය ප්‍රවේශය සහතික කිරීමේ මානුෂීය අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් වුවද , මෙම මාර්ගය දීර්ඝ කාලීනව පරිසරයට ඇති කළ හැකි බරපතල බලපෑම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස SLNCU ඉල්ලා සිටී.


    නකල්ස් සංරක්ෂණ වනාන්තරය යනු හෝර්ටන් තැන්න සහ ශ්‍රී පාදය සමඟ එක්ව යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස ජාත්‍යන්තරව පිළිගෙන ඇති ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ අත්‍යවශ්‍ය කොටසකි
    .පාරිසරික වශයෙන් සංවේදී මෙම කලාපය හරහා ඕනෑම ආකාරයක මාර්ග සංවර්ධනයක් හෝ නව වාහන ප්‍රවේශයක් එම ස්ථානයේ අඛණ්ඩතාවයට සහ ලෝක උරුමයක් ලෙස සටහන් කිරීමට හේතු වූ සුවිශේෂී විශ්වීය වටිනාකමට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව මහලේකම්වරයා පෙන්වා දෙයි.
    යුනෙස්කෝ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව විසින්, අත්‍යවශ්‍ය ප්‍රවේශය සඳහා යෝජිත මාර්ගය නැවත විවෘත කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව , යුනෙස්කෝ නියෝජිතයින් සහ අනෙකුත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම, පීඩාවට පත් ප්‍රජාවන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සහ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන උරුම වගකීම් යන දෙකම සමබරව සහ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වන ආකාරයකින් සලකා බැලිය යුතු බවට යෝජනා කරයි.

    මෙම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම් , අග්‍රාමාත්‍ය ලේකම් , පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් , මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් , සහ වන සංරක්ෂණ/වනජීවී දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,801
    28,992
    113
    වාමාංශික කාලකන්නි බලයට ආවොත් විනාසයක් ම තමයි. සිරිමාවෝගේ වාමාංශික ආණ්ඩුව සිංහරාජ වනාන්තරේ කපලා ගින්තොට, සාලාව තුනී ලෑලි factory දැම්මේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,003
    15,490
    113
    35
    Spain
    වාමාංශික කාලකන්නි බලයට ආවොත් විනාසයක් ම තමයි. සිරිමාවෝගේ වාමාංශික ආණ්ඩුව සිංහරාජ වනාන්තරේ කපලා ගින්තොට, සාලාව තුනු ලෑලි factory දැම්මේ.
    ඔවු අක්කර 5000ක නොයිඳුල් වනාතරේ කපල දැම්ම
     
    • Like
    Reactions: 2osama and monson

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ochara personal ganne epa matto. hama tamana tag kere kere yane

    owa kereot api chande denne na next time. eka tamai mole kiuyane :yes: :yes: :yes:

    උඹ කාට චන්දේ දුන්නත් මට පාන් ද?