උපුටාගැනීමක්........
එවිට භාග්‍යවතුන් වහන්සේ බාහිය දිහා බැලුවා. බාහියගේ ජීවිතය ඇතුළේ නිවන් අවබෝධ කිරීමේ කුසලතාවය හොඳින් මෝරලා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරී රැස් කළ පින් පිරිලා තියෙනවා. සැණෙකින් ධර්මය අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව සුළු වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සිටිවනම ධර්මය දේශනා කළා.
“බාහිය, දැක්කොත් දැකීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, ඇසුවොත් ඇසීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, නාසයට යමක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, දිවට රසයක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, කයට පහසක් දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, සිතට යමක් සිතුණොත් සිතීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම් ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ එතනින් පිටතත් නෑ. ඔබ ඒ අතරත් නෑ. ඔබ ඒ අතරත් නැත්නම්, ඔබ මෙලොවත් නෑ. වෙන ලොවකත් නෑ. ඔබ මේ සියලු දෙයින් නිදහස් වෙනවා.”
------
Post added on Jun 5, 2021 at 12:30 PM
උපුටාගැනීමක්.......
ප්රශ්නය: දිට්ටේ දිට්ඨ මත්තන් භවිස්සති – දැකීම දැකීම් මාත්‍රයක් පමණයි යන්න උදාහරනයකින් පෙන්වන්න පුලුවන් දෙයක්ද? නොහැකි දෙයක්ද? අවබෝධයක්ද?
පිළිතුරු:
- වර්තමානය කියන දෙය කවදාවත් ඇස, කන, නාසය දිව, ශරීරය කියන ආයතන තුලින් ඔබට අත්විදින්න බැහැ. මේ පිලිබදව ( දිට්ටේ දිට්ඨ මත්තං ආදී ලෙස) පිරිසිදු වැටහීමක් ඇත්තේ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා විතරයි. මේක මාලුන්ක්‍යපුත්ත සූත්‍රයේ ඉතාමත් ලස්සනට විස්තර වෙනවා. ඒ වගේම සැරියුත් මහරහතන් වහන්සේත් ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේ වහන්සේ වදාරන්නෙ හේතුව හැමවිටම අතීතයි කියලයි. ඇයි මෙහෙම කියන්නෙ. කුරුල්ලෙක් ගේ රූපයක් දැක්ක කියල හිතන්න. මුලින්ම ඒ කුරුල්ලෙක් විදිහට ආපු රූප සංඥාවත් සතරමහා ධාතූන් ඇසුරුකරගත් රූපයද, ඇසද නිසා උපන් චක්කු විඤ්ඤානය හරහා ඇතිවූ ස්පර්ශයක්. ඒක ස්පර්ශය ඉපැද්දෙව්වේ ඔබේ චක්ඛායතනයයි. ප්රශ්නය මේකත් නෙමෙයි. ඒ පිරිසිදු ස්කන්ධ රූපය ඔබ දකින්නෙ නැහැ. ඔබ ඒ රූප් සටහන කුරුලු “රූපයක්” ලෙස අදුනා ගන්නවා. මේ රූප්ස්කන්ධය නෙමෙයි. මේකට තමයි රූප උපාධානස්කන්ධය කියන්නෙ. එතනින් මනස නැවතිනවනම් ඒත් හොදයි. ප්රශ්නය නම් ඊ ලගට (අදුන ගන්න විටත් නිරුද්ධවී ඇති) ඒ සංඥාව කපුටෙක්, ගිරවෙක් හෝ වෙන නමකින් හදුන්වන කුරුල්ලෙක් ලෙස ගෙන ප්‍රපන්ච ලෝකයක්ම ඒ තුලින් ගොඩ නගා ගැනීමයි. මේ සියල්ලටම චිත්තක්ශන කිහිපයයි ගතවෙන්නෙ. මොකක්ද මේ කියන්නේ. ඔබ දකින කොටම ඒ සතාව හදුන ගෙනත් ඉවරයි. හදුන ගන්නෙ ඇසෙන් නෙමෙයි. මනසෙන්. ඔබ වර්තමානයේ දකිනව කියල හිතුවට ඒ වෙනකොටත් ඒ දැකපු චක්කු විංඤානය නිරුද්ධවෙල ( අතීතය වෙල) අදුන ගන්න මනෝ විංඤානය ඉපදිල. ඒ කියන්නෙ වර්තමානයේ කවදාවත් සලායතනය දකින්න අහන්න විදින්න විදවන්න බැහැ. තන්හා උපාධානය නිසා, අපි හැමෝම සලායතනය විදිනව කියල හිතාගෙන ජීව්ත් වෙන්නෙ නිරුද්ධවූ අතීතයකමයි. මෙන්න මේ පන්ච උපාධානස්කන්ධ ලෝකයෙන් අවභෝධයෙන් මිදිනු මනසටයි රහතන් වහන්සේ කියන්නෙ. උන්වහන්සේගේ මනස මේ අවභෝධය නිසා අසීමිත ( ආර්ය) සුඤ්ඤතාවයකයි පවතින්නෙ. ඒ සුඤ්ඤතාවයෙන් යුතු මනසටයි දිට්ඨේ දිට්ඨ මත්තං බව වැටහෙන්නෙ. අපිත් ඒව දැනගන්න නෙමෙයි, දකින්න උත්සාහකරමු හැකිනම් මේ භවයේ අවසානයේදීවත්.
------
Post added on Jun 5, 2021 at 12:32 PM