දිනක පවසමි...

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
මීදුමෙන් පිරුණාම හවසට
ඉමුද මොහොතක් මහවැලිය ලඟ
සීත සුලඟට මුවා වී ඉඳ
සිපගන්න ඔය නළල දෙකොපුල..

කිසිත් බාධා නොමැති දිනයක
හංගගත් මේ හැඟුම් අරගෙන
හුස්ම අතරින් බෙදාගමු අපි
ඉතින් කුමටද වදන් වැල් මට..

නැතිව කොහොමද ඉන්නෙ මම තව
පිරිලානෙ හිත සෙනෙහ බරටම
එක කුඩේ යට නුවර වැව ලඟ
දිනක පවසමි එහැම ඔබහට..
 

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif