දිනන්න...!කැපී පේන්න...!

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    දිනන්න...!කැපී පේන්න...!

    1. වගකීම බාරගන්න
    අනුන්ට දොස් කිවීම කරනවා කියන්නේ තමන්ගේ ජීවිතයේ වගකීම තමන් බාර ගන්නේ නෑ කියන එක. ඔබේ ජීවිතය ජය කණුව වෙත ගෙන යන මුල්ම වැඩපිළිවෙල පටන් ගන්නේ ඔබ ඔබේ ජීවිතයේ වගකීම බාර ගැනීමෙන්. සමාවට කරුණු හොයන කිසිවෙක් තමන්ගේ වගකීම බාර නොගත්ත අයයි. ඔබේ ජීවිතයේ ජය සඳහා බාහිර සාධක වලින් ගැලවීමට කරුණු හොයන්න එපා. ඔබේ උපරිමය වෙත ඔබ ගමන් කරන්න.
    2. අවසාන ප්‍රථිපලය මනසින් දැක යමක් අරඹන්න
    පරිකල්පනය මිනිසුන්ට ලැබුනු අගනාම තෑග්ගයි. යමක් අරඹන්න පෙර එම වැඩපිළිවෙල මනසින් දකින්න. ඔබ ඉතාම හැඟීමකින් මෙය කළ යුතුයි. ඔබගේ මීළඟ උසස් වීම, විදේශ සංචාරය, ඔබේ වාර්තාවට ලැබෙන ප්‍රථිචාරය මනසින් සිතුවම් කරන්න. අවසාන අවස්තාව සිතුවම් කළාම සෑම් මිසයිලයක් මෙන් එම ඉලක්කය කරා ගමන් කරන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඔබේ යටිසිත ඉලක්කය හඳුනා ගන්නේ සිතුවම් කළ විට විතරයි.
    3. මුලින් කළයුත්ත මුලින් කරන්න
    ඔබට ලැබන කාලයත් ඉහළම මට්ටමක ඉන්න කෙනාටත් දෙන්නාටම ලැබෙන්නේ එකම කාලයක්. කාලය මදියි කියලා ලතවෙන එක නවතන්න. කළයුතු කටයුතු පෙළගස්වන්න. මුලින් කළ යුතු දේ මුලින් කරන්න.
    4. ජය – ජය ගැන හිතන්න
    ඔබ කරන බොහෝ කතයුතු වලදී තවත් අය සම්බන්ද වෙනවා. හැමවිටම ජය-ජය මුලධර්මය අනුගමනය කරන්න. අනෙත් කෙනාට දිනුමක් නැත්නම් එම පුද්ගලයා වැඩිකළක් ඔබ සමග එකට ගමනක් යන එක නතර කරාවි.
    5. මුදිතාව වඩන්න
    මුදිතාව එහෙම නැත්නම් සහකම්පනය ජීවිතයට එකතු කර ගන්න. අනෙක් කෙනාගේ දුකේදී ඔහු තේරුම් ගන්න කලින් හොඳින් ඇහුම් කන් දෙන්න. ඔහුගේ දුකේදී පඬි වදන් නොව ඔහුට හඬන්න ඔබේ උරහිස දෙන්න. ඔබේ මතය කියන්න කලින් අන අය වටහා ගන්න. අන් අයට ඇහුම් කන් දෙන්නේ නැතිව තම මතය තහවුරු කරන්න පුළුවන් කමක් නැහැ.
    6. එකමුතුව දිනන්න
    එකම රැහැකින් බැඳී කණ්ඩායම් ගත වෙන්න. ඔබේ පිරිස සමග එකට වැඩකිරීම තනියම වැඩ කරනවාට වඩා ඉහළ ඉලක්කයකට යන්න ශක්තිය ඇතිකරනවා.
    7. සැමදා ඔබේ ආයුදය මුවහත් කරන්න
    ඔබේ ඇතුළත ශක්තිය අවුළුවා ගන්න. අළුත් දැනුම නිතිපතා ලබා ගන්න. ඔබ සැමදා කරන කටයුතු වඩා හොඳින් කළ හැකි ආකාරය නිතරම සිතන්න. ඔබේ මනස ජය ලබාගන්න නැවත ලියවන වැඩසටහනකට කාලය සොයාගන්න. අළුත් පොතක්, වෙබ් අඩවියක් බලන්න. සබ්ලිමිනල් හඬ් පටයක් අහන්න. ජීවිත කාලය පුරාවට ඉගෙන ගන්න. වාහනයේ දී අළුත් පොතක හඬ පටය MP3 ගෙන අසන්න.




    https://sarasith.wordpress.com/category/රැකියා-ලොව-ජය-ගන්න/
     
    • Like
    Reactions: EUMA175 and dmsupun