දිනන අපේක්‍ෂක අපි නම් කරනවා.. මාස එකහමාරෙන් ඔහු ජනාධිපති කරවනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පැවසීය.

    ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිලිබදව සිදු කළ විමසීමකදීය.

    කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මේමස අවසානයේදී නම් කරන බවත් පැවසූ ඔහු අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් නැති බවද පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරණය කැදවූ පසු සති 4ත් 6ක් ඇතුලතදී එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.

    ranil apekshakaya kiyanna me pakko mona tharan abrenawada
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    රනිල් අපේක්ෂක කරගත්තොත් ගම්වල කැම්පේන් කරගන්න අමාරු වෙනවා. පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කොහොමද ගෙයින් ගෙට ගිහින් රනිල්ට චන්දෙ දෙන්න කියන්නේ.