දිනපතා ‌හොර සහතික, ‌

shoo

Banned
Mar 5, 2009
592
24
0
දිනපතා ‌හොර සහතික, ‌

67879474-388864061833974-1707793651041566720-n.jpg


දිනපතා ‌හොර සහතික, ‌හොර පාස්පෝට් ‌ගෝනි ‌සෙල්ලං ‌පෙන්වමින් ගූ නාන්නේ නැතිව, ගෝඨා ගනු කඩුව..! එනු සටනට..!! අපේ පරම පැතුම එයයි..!!!
චන්ද්‍රප්‍රදීප් ලියයි


(ලංකා ඊ නිව්ස් -2019.අගෝ.02, ‌පෙ.ව.9.30) තමාටත් මරණ තර්ජන ඇතැයි තම අයියා මහින්ද රාජපක්ෂට පෙන්වීමට පිත්තල හන්දියේ බෝම්බයක් පුපුරුවා ගෝනි සෙල්ලමක් පෙන්නූ නන්දසේන ගෝඨාභය තමාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇතැයි මහින්දට පෙන්වීම සඳහා දිනපතා හොර සහතික ජනගත කරමින් ගෝනි සෙල්ලම් පෙන්වීම ආරම්භ කර තිබේ.

පූර්විකාවට පිත්තල හන්දියේ බෝම්බය..
හොර සහතික කතාවට පෙර පිත්තල හන්දියේ කොටි බෝම්බය ගැන පාඨකයාට යමක් මතක් කර දිය යුතුය. කොටි ඝාතන කෙළේ දේශපාලන අරමුණක් ඇතුවය. ඔවුන් ජනාධිපතිලා වෙත මරාගෙන මැරෙන බෝම්බ කරුවන් එව්වාට ඔවුන්ගේ පවුලේ ඥාතීන් මර මරා ඉන්න ගියේ නැත. ආර්.ප්‍රේමදාස ඝාතනය කළාට සජිත්ලාට දුලාංජලීලාට බාබුලා එව්වේ නැත. චන්ද්‍රිකාට බෝම්බ තැබුවාට සුනේත්‍රා නිදහසේ ගමන් බිමන් ගියා ය. එමෙන්ම හමුදාපති වරුන් ඝාතනය කළද ආරක්ෂක ලේකම්ලා පසුපස මරාගෙන මැරෙන උන් එව්වේ නැත. ක්ලැන්සි ප්‍රනාන්දු ඝාතනය කළ ද චන්දානන්ද සිල්වලා, ඔස්ටින් ප්‍රනාන්දුලා කරදරයක් නැතිව තම රාජකාරි කළෝය. චන්දානන්ද සිල්වා ආරක්ෂක ලේකම් ලෙස එක් අංග ආරක්ෂකයෙකු පමණක් තම කාර් රථයේ නංවාගෙන පසුපස අසුනේ උදේ පත්තරය කියවමින් රැකියාවට යනවා මේ ලියුම්කරු ඇස් දෙකින් දැක ඇත.

නමුත් යුද හමුදාපති සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ පසු සදා හීනමානයෙන් පෙළෙන ගෝඨාභයට ද තමාද කොටින්ගේ ඉලක්කයක් බව මහින්ද රාජපක්ෂට පෙන්වීමට අවශ්‍ය විය. පිත්තල හන්දියේ ගෝනි සෙල්ලම එහි ප්‍රතිඵලයයි. බෝම්බයෙන් පසු ලේ බිංදු කීපයක් කමිස අතේ ගා ගත් ගෝඨා, අයියා සොයා ගිය කළ අයියා ඉම්බේය. පිත්තල හන්දියේ බෝම්බය ගැන පොලිසිය කරගෙන ගිය විමර්ශනයද ගෝඨා අල කර දැම්මේ ය. ඒ අතීත කතාව මතක් කළේ වර්තමානයට පූර්විකාවක් ලෙස ය.

මහින්දගෙන් ‌ගෝඨාට අවසන් දින..
අගෝස්තු 11 වෙනිදා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කව්දැයි හෙළිකරන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ඒ සමගම 'ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා යයි තමා කිසිදා කියා නැතැයි' මහින්ද මාධ්‍යයට කීවේය. ටයර් සෑ යුගයන් සේම සුදු වෑන් යුගයන්ද අවශ්‍ය නැතැයි තවත් තැනෙක දී මහින්ද කීවේ ය. එමෙන්ම ඔහු ගෝඨාභයට අවසන් දින ලබා දී තිබේ. තමාගේ ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගෙන තිබේ නම් ඒ බව ඔප්පු කරන ලියැවිලි අගෝස්තු 10 වෙනිදාට පෙර තමාට බාර දිය යුතු යැයි මහින්ද ගෝඨාභයට අවසන් දින දුන්නේය.

පත්තු වීම සහ අතේ පත්තු වීම..
ගෝඨා සහ පිරිවරට පත්තු වුනේ එතැන් සිට ය. ඒ වන විට ඇමරිකාව ගෝඨාගේ පුරවැසි භාවය ඉවත් කළ සහතිකය තමා දැක්කේ යයි ගම්මන්පිල මාධ්‍යයට පවසා තිබිණ. දැන් පිත්තල හන්දියේ ගෝනි සෙල්ලම මෙන් සෙල්ලමක් පෙන්විය යුතුම ය. ඒ අනුව කූඨ ලේඛන හදා ඔ්ස්ට්‍රේලියානුවෙකුගේ කෝටි ගානකට විද පළපුරුදු ගම්මන්පිල සහ නඩය පසුගිය 30 වෙනිදා උදයේ ගෝඨාට කොළඹ ඇමරිකානු තානාපතිකාර්යාලය නිකුත් කළා යැයි කී පුරවැසි භාවය ඉවත් කිරීමේ සහතිකයක් සමාජ ජාලා වෙත මුදා හැරියේ ය. බයියෝ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින් එය දස අතේ පතුරුවද්දී මාධ්‍ය කරුවෝ මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂගෙන් විමසූහ. ඔහු ඒ සහතිකය ගැන තමන් නොදන්නා බව කී අතර එසේ නම් එය ප්‍රතික්ෂේප කරනවාදැයි පෙරලා ඇසූ විට “නෑ ඔ්ක ඔහොම යන්න අරින්න” යි පැවසුවේ ය.

සාමාන්‍යයෙන් තමා නොදැන තමා පිළිබඳ ව්‍යාජ සහතිකයක් සංසරණය වන්නේ නම් ප්‍රථමයෙන්ම එය ප්‍රතික්ෂේප කළ යුත්තේ ගෝඨාභය විසින් නමුත් ඔහු එසේ නොකිරීමෙන් පෙනී යන්නේ ඔහු දැනුවත්ව හොර සහතිකයක් සමාජ ගත කළ බවයි.

ඇමරිකානු තානාපති කාර්යාලය මාධ්‍යවේදින්ට ඇත්ත කියයි..
කෙසේ නමුත් ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකයාගේ කතාවෙන් පසු මාධ්‍යවේදීහු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසූහ.

තානාපති කාර්යාලය කීවේ එය හොර සහතිකයක් බවත් තමන් විසින් එවැන්නක් ගෝඨාභයට නිකුත් කර නොමැති බවයි. ඒ සහතිකයේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙනුවෙන් අත්සන් තබා තිබූ ජොඑල් ෆයිෆීල්ඩ් නමැති නිලධාරියා ගැන විමසූ විට තානාපති කාර්යාලය කීවේ ඒ නිලධාරියා ඉන්නේ පැරගුවේහි පිහිටි කොන්සල් කාර්යාලයේ බවයි. එවිට යළිත් මාධ්‍යවේදීන් විමසා සිටියේ ජොඑල් ෆයිෆීල්ඩ් කෙදිනක හෝ කොළඹ තානාපති කාර්යාලයේ සේවය කර ඇතිද යන්නයි. ඊට පිළිතුර වූයේ ‘නැත’ කියා ය. මාධ්‍යවේදීන්ගේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන දහවල් වන විට ඇමරිකානු තානාපති කාර්යාලය ගෝඨා හොරට හැදූ සහතිකයේ ඇත්ත සහතිකය මාධ්‍යවේදීන්ට ලැබෙන්නට සැලැස්වීය. එය මේ සම්බන්ධයෙන් විකිපීඩියාවේ තිබූ පැරගුවේ ජාතිකයෙකු වෙත පැරගුවේ හි ඇමරිකානු කොන්සල් කාර්යාලය විසින් නිකුත් කරන ලද්දකි. සත්‍ය දැන ගැනීමෙන් පසු ප්‍රථම වරට ඩේලි මිරර් පුවත් පත ගෝඨාග‌ේ සහතිකය හොර සහතිකයක් බව වාර්තා කළේ ය.

ගෝඨා ගූ ගා ගනිද්දී ටිරාං හුලස් ගූ කප්පරක් නා ගනී...
ගෝඨාගේ ගෝනි සෙල්ලම ලෙල්ලමක් වූ අතර පසුව දැන ගන්නට ලැබුනේ එකී හොර සහතිකය හදා තිබුනේ ගංජා දිලිත්ට අයත් ප්‍රචාරක ආයතනයේ බවයි. තම හිත මිතුරන්ට පවා මුහුණ දී ගත නොවූ ගෝඨා 30 දා රාත්‍රිය වෙද්දී එය හොර සහතිකයක් නමුත් තමා ලඟ ඇත්ත සහතිකය ඇතැයි මිතුරන්ට කීවේ ය. එයද පට්ට පල් බොරුවක් වන්නේ එවැනි සත්‍ය සහතිකයක් තිබුනේ නම් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් “ඔ්ක හොර එක, මෙන්න අපි ගෝඨාභයට නිකුත් කළ ඇත්ත එක” යැයි සත්‍ය සහතිකයේ පිටපතක් මාධ්‍යවේදීන්ට ලබා දෙන නිසා ය.

කෙසේ වෙතත් පසුදා 31 දා ඉංග්‍රීසි පුවත් පත් වළ ප්‍රධාන සිරස්තලය වූයේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි කී ගෝඨාගේ සහතිකය හොර සහතිකයක් බවයි. අයියා සහ පොහොට්ටුව ඇන්දවීමට ගිය ගෝඨා ගූ කප්පරක් නා ගත් බැවින් පසුදාම ගෝඨා හේදීමට ටිරාං හුලස්ගේ ‘මව්බිම’ පඩංගුව ඉදිරිපත් විය. ඔවුන් පසුදා එනම් අගෝස්තු 01 දා ඊයේ ගෝඨාගේ ඇත්ත සහතිකය තමන්ට ලැබුනා යයි කියා තවත් හොර සහතිකයක් ඉදිරිපත් කෙළ‌ේය.

him self වෙනුවට his self; ඉංගිරිසි බැරි ඇමරිකාව..
එය නම් අපූරුය. හුලස්ලාගේ ගොං කම දෙකොණින් බේරෙන්නේ ය. ජාත්‍යන්තර පාසැලක හිමිකරුවෙකුද වන ටිරාං හුලස්ගේ ‘ඇත්ත’ සහතිකයේ him self වෙනුවට ඇත්තේ his self කියා ය. අහෝ..! ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටත් ප්‍රාථමික ඉංගිරිසි වැරදී ඇති සැටියකි..! ටිරාං හුලස් කූඨ ලේඛන හදන්නේ කෙසේදැයි තිස්ස අත්තනායකගෙන් හෝ තම පාසැල් මිතුරා වූ ගම්මන්පිලගෙන් හෝ ටියුෂන් ගතහොත් අතේම පත්තු නොවී අධිකරණයකින් ගොඩ යා ගත හැකි දුරක් යා හැකිය. අද 02 දා ටිරාං හුලස් ගෝටාගේ ගූ හේදීම සඳහා තවත් හොර ලියැවිල්ලක් ප්‍රචාරය කර තිබේ. ඒනම් ගෝඨාග‌ේ ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍රය 'කැන්සල්' කර තිබෙන බවයි.

ගෝටා තම පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරද්දීම ඔහුගේ ඇමරිකානු ගුවන් ගමන් බලපත්‍රය ද ඒ සමග යළි බාරදිය යුතුය. පුද්ගලයෙකුගේ පාස්පෝට් එකක් බාර රාජ්‍යයකට දෙද්දී ඊට ‘කැන්සල්’ කියා සීල් එකක් ගසා යළි ඒ පුද්ගලයා අතටම දෙන නීතියක් හෝ සිරිතක් ඇමරිකාවේ පමණක් නොව ලොවෙත් ලොවි ගහේවත් නැත. එයද ගෝටාගේ සහ ටිරාං ගේ ගෝනි සෙල්ලමකි.

මේ නාටකයේ සත්‍ය, අවසානයේ හෝ මහජනතාව දැන ගත යුතුය. ඒ මෙසේය.
ඇමරිකාව තම පුරවැසියන්ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිගන්නා රටක් නොවේ. ගෝඨා ද්විත්ව පුරවැසියෙක් වන්නේ ලංකාවට වුව ඇමරිකාවට ඔහු ඇමරිකානු පුරවැසියෙක් පමණි. එසේ වුව ඇමරිකානු නීතිය අනුව යම් ඇමරිකානු පුරවැසියෙක් වෙනත් රටක දී මහජන සභාවකට ඒ රටේ මහජනතාවගේ කැමැත්තෙන් පත්වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ඇමරිකානු පුරවැසිභාවය ඉබේම අහෝසි වන්නේ ය. එසේ සැලකෙන්නේ තම පුරවැසියා රටක් නැති පුද්ගලයෙක් බවට පත් නොවන බවට ඉබේම ලැබෙන සහතිකය නිසාය. එමෙන්ම පුද්ගලයෙකු තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්නැයි අයැදුම් කරද්දී ඊට අනුමැතිය දීමට පෙර ඔවුන් බලන්නේ තම පුරවැසියා කිසිවෙකුගේ හෝ කිසියම් ක්‍රියාවලියක බලපෑමක් මත එවැනි ඉල්ලීමක් කරන්නේ ද නැතහොත් ස්වභාවික තත්ත්වයක් මත ඉල්ලන්නේ ද යන්නයි. කුමන හෝ බලපෑමක් මත (එය ඡන්දය ඉල්ලීමක් සඳහා වීම වුව ඇමරිකාව සලකන්නේ බාහිර බලපෑමක් ලෙස මිස ස්වභාවික තත්ත්වයක් ලෙස නොවේ යනුවෙනි) තම රටේ නඩු පවරා ඇති චුදිතයෙකු එකී නඩුවෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තැත් කරන්නේ නම් එවැන්නකට කිසිදා ඉඩක් නොලැබෙනු ඇත.

කෙසේ වෙතත් අද ගෝඨාභයට ඇත්තේ ඇමරිකාවෙන් පුරවැසි භාවය ඉවත් කරනවාද යන ප්‍රශ්නයට වඩා ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙද්දී ද්විත්ව පුරවැසියෙකුට ඒ සඳහා නීතියෙන් ඉඩක් නැත යන ප්‍රශ්නයයි. මන්ද යත් ඔහු ජනාධිපතිවරණයෙන් දිනුවොත් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඇමරිකාව විසින් ඉබේම අහෝසි කරන නිසා මත්තට ප්‍රශ්නයක් නොවන නිසාය. එබැවින් ගෝඨා උත්සාහ කරන්නේ කුමන ගෝනි සෙල්ලමක් දමා හෝ මෙරට නීතියට වංගු ගසා ඡන්දයට ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් හදා ගැනීමට ය. දිනපතා හොර සහතික ගසමින් මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කරමින් ඔහු හදන්නේ ‘මං දැන් සුද්දයි’ කියන මතය ජනගත කිරීමට ය. ඒ සත්‍ය වශයෙන්ම නෛතිකව ඔහු නුසුදුස්සෙක් බව ඔහුම දන්නා නිසා ය.

කවුරුත් නොදන්නා ගෝඨාගේ පාස්පෝට් ගෝනි සෙල්ලම..
දිනපතා හොර සහතික ගෝනි සෙල්ලම් පෙන්වන ගෝටා මේ වන විට හොර පාස්පෝට් ගෝනි සෙල්ලමක් සාර්ථකව නිමා කර තිබේ. ඒ මෙසේය.

තම ඇමරිකානු පාස්පෝට් එක පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත් සමග යලි ඇමරිකාවට බාර දුන් ගෝඨා ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකක් අයැදුම් කෙළ‌ේය. සත්‍ය වශයෙන්ම ඔහු පසුගියදා තම හෘද සැත්කම සඳහා සිංගප්පූරුවට ගියේද ඒ නව ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකෙනි. ප්‍රශ්නය වන්නේ එකී නව ශ්‍රී ලංකා පාස්පෝට් එක නිකුත් කරද්දී ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන තිබියදී ලංකාවෙන් ඔහුට ‘ද්විත්ව පුරවැසියෙකු’ ය යන මුද්‍රාව නොමැතිව ශ්‍රී ලංකා පාස්පෝට් එකක් නිකුත් කර තිබීමයි. ලංකාව සෑම ද්විත්ව පුරවැසියෙක් සඳහාම නිකුත් කරන පාස්පෝර්ට් එකක දෙවන පිටුවේ මොහු ද්විත්ව පුරවැසියෙකි යන්න සඳහන් කරන නමුත් ගෝඨා අලුතින් ලබා ගත් පාස්පෝර්ට් එකේ ඒ බවක් සඳහන් කර නැත.

67687272-2005383566229209-5220323179653758976-n.jpg
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද මේ හිරිකොතේ ලැට් වලේ ඉදන් ගූ ගහන්නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඔව් ඉතින් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔව් ඔව් ඔය සදරුවන් ඉස්සර ලංකාවේ හිටියේ බට් ගොටබය සර් ලා වැඩ පටන්ගන්නකොටම uk පැන්න නැත්නම් මිනිහටත් ලසන්ත වෙච්චදේම තමයි
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    නව ශ්‍රී ලංකා පාස්පෝට් එක නිකුත් කරද්දී ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන තිබියදී ලංකාවෙන් ඔහුට ‘ද්විත්ව පුරවැසියෙකු’ ය යන මුද්‍රාව නොමැතිව ශ්‍රී ලංකා පාස්පෝට් එකක් නිකුත් කර තිබීමයි.


    :):):)


    Ela ... Api GOTA ta ...