දිනපොත් 20,000 බිල ලක්ෂ 82 යි
කෙසේ වෙතත් දිනපොත් 20,000 ක් වෙනුවෙන් මෙපමණ මුදලක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අප කළ විමසීමකදී නම හෙළි කිරීමට අකමැති අමාත්‍යංශ නිලධාරියෙකු පැවසුවේ වත්මන් අමාත්‍යවරයාගේ නාස්තිකාර වියදම් පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වූ බවත්, මෑතකදී පත් වූ මෙම අමාත්‍යවරයා පැමිණි දින සිට මේ දක්වා අමාත්‍යංශයේ අති විශාල මුදල් සම්භාරයක් නාස්ති කළ බවත්, මෙයින් වැඩි ප්‍රමාණයක් අමාත්‍යවරයාගේ සාක්කුවට ගිය බවත්ය.
වත්මන් සංචාරක අමාත්‍ය අචල ජාගොඩ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අතර, නිදහස් පෙරමුණේ මන්ත්‍රී නන්දන ගුණතිලක එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එතෙක් ඔහු නියෝජනය කළ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා ලබා බලහත්කාරයෙන් ගැනීමෙන් පසු එම අමාත්‍ය ධූරයට පත් විය.
දිනපොත් 20,000 බිල ලක්ෂ 82 යි
වත්මන් සංචාරක ඇමැති අචර සුරංග ජාගොඩ විසින් දිනපොත් 20,000 ක් සඳහා මුදල් ලෙස රු 8,200,000.00 ක (ලක්ෂ 82 ක) බිල්පතක් නිකුත් කරන ලෙස නියෝග කර ඇත. නමුත් සංචාරක අමාත්‍යංශ ලේකම් ජෝර්ජ් මයිකල් මහතා මෙම මුදලට අදාල බිල්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. දිනපොත් 20,000 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 82ක මුදලක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව ඇමැතිවරයාට දන්වා ඇත.කෙසේ වෙතත් දිනපොත් 20,000 ක් වෙනුවෙන් මෙපමණ මුදලක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අප කළ විමසීමකදී නම හෙළි කිරීමට අකමැති අමාත්‍යංශ නිලධාරියෙකු පැවසුවේ වත්මන් අමාත්‍යවරයාගේ නාස්තිකාර වියදම් පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල වූ බවත්, මෑතකදී පත් වූ මෙම අමාත්‍යවරයා පැමිණි දින සිට මේ දක්වා අමාත්‍යංශයේ අති විශාල මුදල් සම්භාරයක් නාස්ති කළ බවත්, මෙයින් වැඩි ප්‍රමාණයක් අමාත්‍යවරයාගේ සාක්කුවට ගිය බවත්ය.
වත්මන් සංචාරක අමාත්‍ය අචල ජාගොඩ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන අතර, නිදහස් පෙරමුණේ මන්ත්‍රී නන්දන ගුණතිලක එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එතෙක් ඔහු නියෝජනය කළ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා ලබා බලහත්කාරයෙන් ගැනීමෙන් පසු එම අමාත්‍ය ධූරයට පත් විය.


