දිනිති 3 ~~~

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට


    මුන් ටික ඉස්සරහ මම සමාධි එක්ක කතා කරනව කියන්නේ මට කොහොම වෙතත් කෙල්ලෙක් එක්ක කතා කරන එක පාර්ටි එකක් දෙන්න ඕනි කියල හිතන් ඉන්න මුන් හින්ද මගේ අසරන සාක්කුවට හොද නැහ... අනික මේ සීන් එක දන්නේ ගයාන් විතරනේ...

    අපි ඇවිත් ටිකකින් සමාධියි එයගේ යාලුවයි ආව... එයාල නවත්තල තිබ්බ බස් එකට නැග්ගා... අපේ උනුත් ඒකෙම යන්න කතාව... මම ගයාන් ට කිට්ටු වෙලා...

    " මචන් මුන් මේකෙ නැග්ගොත් සමාධි එක්ක කතා කරන්නේ කොහොමද ? "

    " හික් හික් උබට දිනිති කෙසේ වෙතත් සමාධි ව සෙට් වෙන තැනට වැඩේ කරයි... "

    " ඒකනේ බන්.. අපි උන්ව පස්සෙ බස් එකට සෙට් කරමුද ?? "

    " හික් හික්... තෝත් එක්ක නම් බෑ බන්... "

    " මේ අමිල මේකෙ යන්න බෑ බන්.. ඊලගට එන එකේ වාඩියක් දාල යමන්... "

    ගයාන් shape එකේ සීන් එක ඇද්ද.. වැඩි නෝන්ඩියක් නැතුව යෝජනාව සම්මත උනා.

    මචන් එහෙනම් උබත් උන් එක්ක වරෙන්.. මම නෝන්ඩි නැතුව මාරු වෙන්නම් කියල... මම සමාධිල හිටි බස් එකට නැග්ග...

    සමාධියි යාලුවයි දෙන්නම හිට ගෙන හිටියෙ...

    " සමාධි... "

    " අහ් අයේශ් අයිය.. කොහොමද ?? "

    " ම්ම්ම් ඉන්නව ඉතින්.. මේ දිනිති මොකෝ කිව්වෙ ?? "

    " අනේ අයේශ් අය්යේ ඒ ගැන කිසිම දෙයක් කතා කරන්න උනේ නැහ. මට හම්බුනෙත් නෑනෙ ඊට පස්සෙ... හිහි ඊයෙ දෙන්න කතා කරපු දෙයක් වත් දන්නේ නැහ. ඔයා බැස්සට පස්සේ අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක් වාඩි උනේ එතන.. ඉතින් අපි කතා කලේ නැහ ඕව. මොකෝ අපී කෙල්ල කියන්නේ... "

    " මොකුත් හරියට කිව්වෙ නැහ සමාධි... එයා තාම ඒ ගැන හිතල නැහ කිව්වේ.. මම කිව්ව ඉතින් කල්පනා කරල උත්තරයක් දෙන්න කියල "

    " අහ්.. මේකයි අයේශ් අය්ය.. කෙල්ල බයයි... මටත් ඉතින් කියන්න බැහනේ ඕනිවට වඩා... "

    " ඔව් කමක් නැහ සමාධි.. ඔයා කරන්න පුලුවන් උදව් කරානේ. දැන් දිනිති ඕනි තීරනයක් ගන්න... "

    " අයේශ් අයියා.. ඔයා මේක ඇත්තටමනේ කරන්නේ ?? "

    " ඒ කිව්වෙ... "

    " ඔයා serious නේද ? "

    මේකි මොනව අහනවද මන්ද... මගේ ඔලුවේ හැම තිස්සෙම ඉන්නේ දිනිති...

    " ඔව් සමාධි... "

    ඒකි ලස්සනට හිනා උනා...

    ***

    කොහොම හරි සිකුරාද ඉක්මනට එන්න කිය කිය මම computer class එකටත් ගියා... ගිය දවස් 3 නේම අපිට දිනූකව හම්බුනා... මගේ හිත කිව්වෙත්.. ගයාන් කියපු දේ... ඒත් දිනූක හිනා වෙලා කතා කරද්දි ඒකිව මග අරින්න මට හිත දුන්නේ නැහ..
    ඒත් හසිතය කිව්ව දේ ඇත්ත කියල මට තේරුනා.. ඒකි මට ඕනිවට වඩා කිට්ටු වෙන්න හදනවා කියන එක මට හොදටම තේරුනා...

    බදාද ක්ලාස් එකෙදි හසිතයා..

    " මේ මචන්.. උබට මොකෝ බන් අරකි ගැන හිතෙන්නේ.. "

    " දිනූක ගැනද ?? "

    මොකද මූ තාම දිනිති ගැන දන්නේ නැහනේ.. ඉතින් මම හිතුවා..

    " ඔව් බන්.. ඒකි උබට ට්‍රයි කියල මම කිව්වේ... උබටත් තේරෙනවනේ... "

    " ඔව් බන්... මටත් තේරුනා.. ලෙඩක් වගේ නේ.. "

    " හි හි මොන ලෙඩක් ද බන්.. හැබයි මචන් කරනවනම් ෆන් එකට වගේ කරපන්.. සිරා කරන්න නම් එච්චර හොද කෑල්ලක් නෙමෙයි වගේ බන් ඒකි... මාර අමාරුවක් ඒකිට තියෙන්නේ.."

    මූ එහෙම කිව්වට ඒකි නරක කෙල්ලෙක් කියල මම් හිතුවේ නැහ.. මට ඇත්තටම දුකක් හිතුනා... ඒත්.... ගයාන් කිව්ව වගේ හසිතය කෙල්ලො ගැන Phd එකක් කරල කියන කතාව ඇත්ත උනා... ඒත් ඒක තේරෙද්දි හුඟක් පරක්කු උනා..
    හ්ම්ම්..

    " උබට පිස්සුද බන්.. මට ඒකි එක්ක යාලුවෙන්න ඕනි නැහ.. "

    මූට දිනිති ගැන කියන්න ඕනි කියල මට හිතුනා...

    " මේ කොල්ලො... උබට පොඩි සීන් එකක් කියන්න තියෙනව... "

    මම දිනිති ගැන සීන් එක කිව්ව මූට...

    " අහ් තෝ දැන් නේ කියන්නේ... පරයා.. බැදල ළමයි දෙන්නෙක් විතර හදලම කියන්න එපැයි...

    අපිටත් හොරෙන් තෝ ලව් කරන්න හදන්නේ නේ... ඒක තමා මේ කෑල්ලක් පස්සෙන් එද්දිත් උපාසක සීන් දැම්මෙ.. "

    මූ ඉදගෙන බනිනව පලු යන්න... පව් ඉතින්.. මගෙත් වැරද්ද.. ඒ උනාට අන බෙර ගගහ කෙල්ලොන්ට ට්‍රයි කරන්න බෑ කියන එක මූට තේරෙන්නේ නැති හැටි..
    මූට phd තිබ්බට ඒව උගන්නද්දි ක්ලාස් කට් කරලද කොහෙද හික් හික්..

    " හරි බන්.. දැන් කිව්වනේ උබට... හරි ගියොත් කියන්න හිටියේ බන්... "

    බටර් බාගයක් විතර ගාල කොහොම හරි ඌව shape කර ගත්තා...
    ඊට පස්සෙ තමා ඌ මොලේ චුට්ටක් කල්පනා කරල කතා කරේ..

    " මේ අයේශ්... උබ දිනූකගෙන් ඈත් වෙලා හිටපන් මචන්... උබ දිනිති කියන කෙල්ලට ට්‍රයි නම් මේකි ලං කරගන්න එක ඇගට ගුන නෑ.. අනික බන් උන් දෙන්නම එක වයසේ.. දිනූක උබට කැමති බව දිනිති දැන ගත්තොත්... ඒකි කැමති වෙන්නේ නැහනේ බන්.. "

    " ඔව් ඒක නම් ඇත්ත... ඒ උනාට උන් අදුරන්නේ නැහනේ බන් "

    " අනේ මේ බූරුවො.. ඕවා ආරන්චි වෙන්න අදුරන්න ඕනි නෑ බන්.. "

    කොහොම හරි අපි හිතුවා එදා ක්ලාස් ඇරිලා පොඩි වලක් බැහල පරක්කු වෙලා හෝල්ට් එකට යන්න... දිනූකව මග හරින්න තමයි ඕනි උනේ අපිට.. ඉතින් පැය භාගයක් විතර වලක් බැහල අපි හෝල්ට් එකට යද්දි.... මෙන්න දිනූකා....

    හසිතයයි මායි මූනට මූන බලා ගත්තා..

    " එන පොට නම් හොද නෑ පුතේ... " ඒ හසිත..

    " ඇය් මෙච්චර වෙලා " දිනූකා අපෙන් ඇහුව...

    " අහ් පොඩ්ඩක් පරක්කු උනා.. ඔය මොකද මෙච්චර වෙලා " හසිතය ඇහුවා..

    " වෙනද ඉතින් ඔය දෙන්න එනවනේ.. මම දැක්ක ක්ලාස් ඇරිල එලියට එනවා ඔයාල... මම හිටියා ඉතින්.... තනියම යන්නත් කම්මැලියි නේ.. "

    ඒකි හිනා වෙලා කිව්ව..
    මම වැඩිය කතා නොකර ඉන්න හිතුවත් ඒකි හිනා වෙලා කතා කරද්දි මට හිත පාලනය කර ගන්න අමාරු උනා...

    ***

    කොහොම හරි සිකුරාදත් උනා...

    පෙරුම් පුරන් බලා හිටි දවස... තනියම යන්න කම්මැලි නිසා මම ගයාන් ට කතා කරන්න හිතලා communication එකකින් ගත්ත call එකක් ඌට.. අම්ම phone එක ගත්තේ උන්ගේ..

    " ඇන්ටි ගයාන් ඉන්නවද ?? "

    " අහ් මේ අයේශ් පුතානේ... ගයාන් නැහනේ පුතේ.. සදුද අර නුගේගොඩ මාමල ආවනේ. එයාලත් එක්ක ගියා.. හෙට ක්ලාස් යන්න ඕනි නිසා අද එනවා කිව්ව.. ඒත් රෑ වෙයි කිව්වේ... "

    දැන් ඉතින් මොනා කරන්නද.. මේ යකා මගුලක ගිහින්නේ...
    තනියම සීන් එකට යන්න නිකන් බෑ බෑ වගේ... ම්ම් හසිතයත් සීන් එක දන්න නිසා ඌව ඇදන් ගියත් ශේප්.

    ඒත් උන්ගේ ගෙදර phone නැහනේ.. එහේ ගිහින් ඌ නොහිටියොත් අමු කට්ටක්... එහෙටයි මෙහෙටයි හිතල හිතල අන්තිමට මම තනියම යන්න තීරනය කලා.

    ගෙදරට ත් ලෝක බොරුවක් කියලා 4 ට විතර එලියට පැන ගත්තා...
    කොහොම හරි ස්ටෑන්ඩ් එකට එද්දි 4 .30 විතර වෙලා... කාපන්කො තව පැයක විතර කට්ටක්... තියෙන හදිස්සියට...

    චා චා... තනියම වල බහිනවා කියන්නේ අමුම පවක්... දන්න කියන එකෙක්වත් නැහ පේන්න... අනික නෝන්ඩියි තනියම ඉද්දි... පිස්සු බුවෙක් කියල හිතනවානේ කට්ටිය...

    ඔක්කොමත් හරි ඒකි uniform නේ එන්නේ අද කියන එක මතක් උනේ ස්ටෑන්ඩ් එකටත් ආවට පස්සේ... අදත් ඉතින් දුරින් හිද ඔබ දෙස බලන්නම් වෙයිද මන්දා...

    කොහොමින් හරි.. 5.20 විතර වෙද්දි දිනිතිලා ආව...

    ශා එලකිරිනේ... කෙල්ල uniform නෙමෙයි... මට එදා දිනිති මුලින්ම අපේ ගෙදර ආව දවසේ වගේම එදා ඇදන් හිටි ඇදුමත් තාම මතකයි... ලා කහ පාට අත් නැති දිග ගවුමක්..

    ඒකි මාව දැකල යාන්තම් හිනා උනා...

    කොහොම හරි තිබ්බ බස් එක ඇද්දුව නිසා හිස් බස් එකක් ඇවිත් නැවත්තුවා... ඒකට නැග්ග කට්ටියම.. සෙනග ඉන්න වෙලාවනේ... සමාධියි අනික් යාලුවොයි වාඩි වෙලා.. දිනිති විතරක් හිටගෙන..
    මම හිමින් සැරේ බස් එකට නැග්ගා...

    " අහ් අයේශ් අයියා.. අපිට party එකක් ඕනි... "

    ඇත්තමයි මේකිත් හොදයි අපේ ගයාන්ටම.. කට ඇරියොත් party
    සීන් එක ලාවට ගොඩ වගේ දැනුනත් මම බබා මූඩ් එකෙන්..

    " පාර්ටි එකක් නම් දෙන්න බැරි නැහ.. ඒත් ඇයි දනේ නැහනේ.. "

    " අහ් ඔය ඉන්නේ.. අහගන්නකො එයාගෙනම් " කියල ඒකි හිනා උනා...

    දිනිති ගේ මූනේ ලාවට හිනාවක් තියෙනව..

    මම උඩින් අල්ලන් හිටි අත දිනිතිව කවර් වෙන විදියට ඈත් කරල අල්ලගෙන දිනිතිට ටිකක් ලං උනා...

    " දිනිති... "

    ඒකි හිමින් සැරේ මං දිහා බැලුවා...

    " ඇයි දිනිති මේ party ඉල්ලනේ... "

    " දන්නේ නැහනේ.. "

    කියල ලස්සනට හිනා උනා...

    " ම්ම්ම් එහෙමද... ම්ම්ම් දිනිති... "

    ඒකි ආයේම මූන ඇල කරල මම දිහා බැලුවා...

    " දිනිති ඔයා මම අහපු එකට මොකක්ද කියන්නේ... "

    මගේ ඔලුවෙ වද දෙන ප්‍රශ්නේ ඇහුවා මම ආයෙම...

    ඒකි ඒ පාර බිම බලාගෙන ඉන්නව...
    කෙල්ලව අමාරුවේ දාන්නත් බැහනේ... මම තව ටිකක් ලේසි වෙන්න කියල

    " ඔයා කැමතියි නේද දිනිති... ?? "

    ඒකි හිමින් සැරේ මං දිහා බලල... ලාවට හිනා වෙලා...

    " ඔව් " කියල බිම බලා ගත්තා...

    මට දැනුන හැගීම විස්තර කරන්න බැහ එවෙලේ...

    " දිනිති... ඇත්තටම නේද ඔයා ඔය කියන්නේ... "

    ඒකි ආයෙම මං දිහා බලල ඔලුව වනල..

    " ඔව් අයේශ් අයිය... "

    මට ඒකිව ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා...

    හික් හික් මට හිතෙන ඒව කරල ඒකි ගෙන් කන රතු වෙන්න කන්න වෙන්නේ...
    ඒත් මට දැනුන සතුට එවෙලේ..... මම දන්නේ නැහ කොහොම විස්තර කරන්නද කියල... ජීවිතේ පලවෙනි පාරට කෙල්ලෙක් ගෙන් අහල ඒකි කැමති උනහම එන හැගීම...

    ෂා මමත් දැන් කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්...

    -------------------------------------------


    එදා ගෙදර ගියත් මගේ හිත තිබ්බේ දිනිති ගාව.. දිනිතිව නොදැක ඉන්න බැහ බැහ වගේ...

    ඇයි දෙය්යනේ හා හා පුරා කෙල්ලෙක් සෙට් උනා කියන්නේ... ඒ හැඟීම දන්නෝ දනිති... ජීවිතේ එකම එක පාරක් හිතට දැනෙන ඒ සුන්දර හැඟීම වචනා කරන්න මම දන්නේ නැහ.

    කොහොම හරි පස්සෙන්දා උදේ පුරුදු විදියට දිනිතිල ක්ලාස් යනව බලල අතකුත් වනල මම ත් ක්ලාස් ගියා.

    දවල්ට දිනිත් හම්බෙනවනේ... ඉතින් කොල්ල ෆුල් හැපි මූඩ්.

    ක්ලස් ඇරිල ස්ටෑන්ඩ් එකට එද්දි ගයානුත් ඉන්නව..

    " අහ් අයේශ් මල්ලි... "

    මූ ගානක් නෑ වගේ කතාව... ඇය් යකෝ නොකියම රස්තියාදුවක ගිහිල්ල..

    " කොහෙද අමනුස්සයෝ ගියේ... මම තොට ඊයෙ කෝල් එකකුත් ගත්තා.. යන මඟුලක කියල යන්න එපැයි.. "

    මම පොඩි සද්දයක් දැම්ම..

    " කියල යන්නේ කොහොමද බන්.. හදිස්සියෙම ගියේ.. මේ ඒක නෙමෙයි මොකො උනේ.. උබ ඊයෙ ආවද ? "

    " ඔව් බන්.. ආව "

    මූ කටත් ඇරන් ඉන්නව.. හිතන්න ඇති මූ නැතුව බෑ කියල මේ අයේශ්ට හික් හික්..

    " ඉතින් කියහන්කෝ.. මොකෝ කෙල්ල කතා කරාද ? "

    මූව අන්දන්න හිතුනත් පව්නේ කියල මම සීන් එක කිව්වා... කොහොමත් මට දැන් සීන් එක කාට හරි කියනකම් ඉවසිල්ලක් නෑ වගේ හිටියේ..

    " නෑ... ඒ කියන්නේ ගොඩ... එලනේ.. "

    " ඔව් ඔව්.. එල තමා... තෑන්ක්ස් ඉතින් උනේ උදව් වලට... "

    මම ෂේප් එකේ කිව්වා.. මොකද මූ ඊලගට කියන එක මට ශුවර්...

    " මොකක්... තෑන්ක්ස් කිව්ව.. අනේ තියා ගනින් උබේ... තෝ හින්දා කාපු කටු වලට සලකපන්... වරෙන් වරෙන් මොනා හරි කන්න... දවල්ට කන වෙලාවනේ.. "

    මූ වෙනදට කනව වගේ දවල්ට..

    " මේ ඕයි... අදනම් බැහ... දැන් දිනිතිත් එයි බන්.. "

    " අහ් බැහද.. හිටුකො තොට සෙට් එකටම කියල තෝව නැති කරනව... "

    හපොයි අපේ උන්ට කන්න අරන් දෙන්න ගියොත් මම ඉවර වෙනවා... මූට විතරක් වත් කන්න දෙන්න වෙයි වගේ... ඒත් මේ යකාට නොතේරෙන හැටි.. දිනිති මග ඇරුනොත්..

    " අනේ සුදෝ... මම තොට හවසට රෝල් එකක් අරන් දෙන්නම් කෝ... දැනට ඕනිම නම් අර රුපියල් 5 කට කජ්ජක් අරන් වරෙන්... "

    මම මූව ශේප් කරන්න හිතන් කිව්වම..

    " කජ්ජක්... ? කජ්ජ තියා ගනින් තොගේ... "

    කියද්දිම දිනිතිලා ආව... ඒකි හොරෙන් ස්ටෑන්ඩ් එක දිහා බලද්දි අපිව දැකල යාන්තම් හිනා වුනා.

    " කමක් නැහ ඉතින් හවසට හරි දියන්කො පාර්ටි එක.. එහෙනම්.. දැන් ඉතින් පාන් වාටිවත් හම්බෙන්නේ නෑ තොගෙන්.. "

    මූ දිනිතිව දැකල කිව්ව...

    දිනිතිල ආපු බස් එකට නැග්ගා... මාත් නගින්න හදල..

    " මේ ගයාන් උබ මොකෝ කරන්නේ... එනවද ?? "

    " ඇයි හරකෝ.. එන්නේ නැතුව මම තනියම පන්ති යන්නද... ?? "

    ගිය සතියේ වගේ ක්ලාස් යන්න පරක්කු උනොත් ලෝක ලෙඩක් නේ.

    " මේ පරක්කු උනොත් ?? "

    " ගානක් නැහ බන්... උබ මොකෝ දැන් දිනිති දාල එන්නේ නැහනේ.. ඔය සීට් එකකුත් තියන් ඉන්නේ... "

    පව් කෙල්ල.. සීට් එකකුත් තියාගෙන...

    " හා එහෙනම් වරෙන් උබත්... සමාධිත් ඉන්නවනේ කියලා මම කුප්ප හිනාවකුත් දාල බස් එකට නැග්ග...

    මම හිමින් සැරේ ඒකි තියන් හිටි සීට් එකේ වාඩි උනා.. ගයානුත් සමාධිල හිටි තැනට පස්සෙ සීට් එකෙන් වාඩි උනේ සමාධිට තට්ටුවකුත් දාගෙන...
    දිනිති බිම බලාගෙන...

    මම හිමින් සැරේ ලං වෙලා...

    " දිනිති... ඉතින්... "

    ඒකි ලස්සනට හිනා වෙලා මම දිහා බැලුව...

    " කිතුල්... " කියලා...

    ටිකට් ගන්න කොන්ද ලඟට එද්දි ඒකි පර්ස් එක අවුස්සන්න්න ලෑස්ති උනා...

    " මේ මොකෝ "

    ඒකි මං දිහා බලල..

    " ඇයි ?? "

    " සල්ලි මොකටද ? "

    " අපිට ටිකට් ගන්න... "

    " අහ් මෙයා හරි සල්ලි කරියක්නේ... මේ අද මම ගන්නම්.. ඔයා පස්සෙ ගන්න කියල.. අතේ තිබ්බ 20 කොලේ කොන්දට දුන්න..


    " අයේශ් අයියා... "

    " දිනිති... "

    " ඔයා මේක ඇත්තටම නේද කරන්නේ... ?? "

    " ඔව් දිනිති... ඇයි ඔයා එහෙම අහන්නේ... "

    " නෑ අයේශ් අයිය... මට බයයි.. අපේ ස්කෝලේ බෝයිස් ල ගර්ල්ස්ලා යාලු වෙනව.. ඉක්මනටම ඒව නැති වෙනව.. මම කැමති නැහ එහෙම වෙනවට...
    හුඟාක් බෝයිස් ල වෙන ගර්ල්ස් ලවත් අශ්‍රය කරනවා තමන්ට කෙල්ලෙක් ඉද්දිත්... "

    දිනිති මොනව හිතනවද මන්දා... මම එයාට කොච්චර ආදරේද කියල එයා දන්න්වනම් එහෙම හිතන්නේ නැහ...

    " නැහ දිනිති... මම කවදාවත් එහෙම කරන්නේ නැහ ඔයාට... "

    ඒකි ලස්සනට හිනා උනා.


    ***

    හැමදාම උදේට මම දිනිති ස්කෝලේ යන ටයිම් එකට මම එයාව බලන්න මම මඟට යන්න පුරුදු උනා.. දිනිති ස්කෝල් යන්නේ පයින්... ලඟයි නේ ස්කොලේ.. ඉතින් අම්මල ගෙදරින් යද්දිම පැන ගත්තම ගානට දිනිති එන වෙලාවට යත හැකි... ගිහිල්ල දන්න කියන කොල්ලෙක් අල්ලගෙන කයියක් දාගෙන ඉන්න ගමන් දිනිති වත් බලනවා...

    කොහොම හරි ඔය ටිකේම දිනූකවත් හම්බුනා අපිට.. ඒකි වෙනද වගේ ම කතා කරනවා... වෙනදටත් වඩා මට කිට්ටු වෙනව කියල මට තේරුනා... මම ඕනි කමින් ම ඒකිව මග ඇරියත් මම හිතන තරම් ඒක ලේසි උනේ නැහ..

    ***


    දිනිතිව මට සිකුරාදයි සෙනසුරාදයි හම්බුනා... මුලදි අදි මදි කලාට පස්සෙ දිනිති uniform හිටියත් කතා කරා...

    ඔහොම සති 3 ක් විතර ගියා... දිනිති නිසා මම හරිම සතුටින් හිටියෙ...

    දවසක් පුරුදු විදියට මායි දිනිතියි හම්බුනා... බස් එකේදි තමා ඉතින්...

    ඒකිගේ මූන හරි නැහ...

    " දිනිති ඇයි මේ... "

    " අයේශ් අයියේ.. ඔයා ගැන මට නරක ආරංචියක් හම්බුනා... මම ඒක විශ්වාස කරන් නැහ.. ඒත්... "

    " දිනිති... මොකක්ද ?? "

    මට හිතා ගන්න බැරි උනා...

    " ඔයා *** ස්කෝලේ ගර්ල් කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා... "

    ඒකි කිව්වෙ දිනූකලගේ ස්කෝලේ ගැන... computer ක්ලාස් ඇරිලා ඒකි එක්ක කතා කරනව දැකපු එකෙක් කියන්න ඇති කියල මට හිතුනා....

    " දිනිති... ඔයාට මාව විශ්වාසයිනේ... "

    " ඔව් අයේශ් අයිය...හුඟාක්. please ඒ විශ්වාසෙ නැති කරන්න එපා... "

    පස්සෙ මම ඒකිට දිනූක ගැන කිව්වා... අපි computer ක්ලාස් ඇරිල එද්දි හුඟක් දවසට හම්බෙන එකයි.. හසිතයි මායි ඒකි එක්ක කතා කරන එකයි...

    ඒව අහන් හිටපු දිනිති කිව්වා..

    " අයේශ් අයියේ.. ඔයා වෙන ගර්ල්ස් ල එක්ක කතා කරාට කමක් නැහ.. ඒත් ඔය ගර්ල් එක්ක එපා. ඔයා දන්නේ නැතුව ඇති.. එයා එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. අපේ ස්කොලේ කොල්ලො එයා ගැන කියන කතා ඇහුවනම් ඔයාටත් තේරෙයි. එයාට කලිනුත් බෝයිස් ල කීප දෙනෙක් හිටියා.. "

    " පිස්සුද දිනිති... මායි හසිතයි එයා එක්ක කතා කරාට එහෙම කිට්ටු නැහ.. අනික මට මේ කෙල්ල ඉන්නවනේ.. කියලා මම ඒකිගේ කම්මුල ට චූටි kiss එකක් දුන්නා... "

    " ඒයි.. බස් එක... "

    දිනිතිගෙ මූන රතු වෙලා..


    ****

    ඊට පස්සෙ ආපු සදුදා හවස... ප්‍රදීප් මල්ලි... ආව අපේ ගෙදර.. ප්‍රදීප් කියන්නේ අපේ ස්කොලේට ගිය කොල්ලෙක්.. 9 වසරෙ ඌ හිටියෙ..
    " අයේශ් අය්යේ.... "

    " අහ් මොකෝ මේ පැත්තේ උබ අද... " අහගෙන මමත් එලියට බැස්ස.. මූ 9 වසරේ උනාට කරේ තාත්තල කරන වැඩ හික් හික්...

    " ඕයි මේ.. අයිය දන්නවද දිනූකා... "

    ඒ පාර මොකක්ද මේ පත්තු වෙන්නේ....

    " අර **** ස්කොලේලේ කෙල්ලනේ... "

    " ඔව් ඔව් බන්.. ඒකි උබල එක්ක බස් එකේ එනවා කිව්වා ස්කොලේ ඇරිලා... "

    " ඉතින් මොකො සීන් එක.. "

    " උබ ඒකිට බහිනවද ? "

    මූ අහන එක.. ඇටය වගේ ඉදන්..

    " නෑ බන්.. පිස්සුද... ඒකි නම් නිකන් පස්සෙන් එන සීන් එකක් තියෙනවා... "

    " අහ් එහෙනම් ඒක තමා... මාවත් ඇන්දුවා ඒකි... "

    " ඇයි ??? "

    " නෑ බන් ඒකි කිව්වෙ උබ ඒකිට ට්‍රයි කියල... උබ ගැන ඇහුව විස්තර... "

    " මම ගැන... ?? "

    " ඔව් මේ ඕකි මචන් කෙලින්ම කිව්වොත් බඩුවක්.. පරිස්සමින්... "

    මේක පොඩි උනාට සීන් එකේ ඉන්න කොල්ල...

    " මම දන්නේ නැහ මෙන්න මේක උබට දෙන්න කිව්ව... "

    ඌ සක්කුවෙන් අරන් නවපු ලියුමක් දුන්න... දීල..

    " එහෙනම් අයේශ් අයිය මම ගියා... ඕකි එක්ක පරිස්සමින් "

    කියාගෙන ගියා.

    මේ පාත් උන ගිනි ගෙඩිය මොකක්ද කියල හිතා ගන්න බැරි උනා මට...

    මේකි ට්‍රයි කියල හිතුනට... මට ලියුමක් එවයි කියල හිතුවෙ නැහ කවදාවත්..

    හිමින් සැරේ කාමරේට ගිහින්... මම ලියුම දිග ඇරිය.. කෙල්ලෙක් ගෙන් මුලින්ම හම්බුන ලියුම නේ.. දිනිති වත් ලියුමක් දීල නැහ...

    """ අයේශ් අයියේ...

    ඔයා මාව වරදවා හිතන්න එපා.. කොල්ලෙක්ට කෙල්ලෙක් ලියුමක් දෙන එක ඔයාල වැරදියට හිතන වා කියල මම දන්නවා.. ඒත් මට මේක ඔයාට කියන්න විදියක් නැහ වෙන.. ඔයාට තේරිලත් ඇති සමහර විට...

    අයේශ් අයියේ... මම ඔයාට ආදරෙයි... ඔයගේ හිතේ මේ කෙල්ලට ඉඩක් තියෙනවා නේද.. ???

    පුලුවන්නම් බදාද හවස 4 ට ගාල්ලේ *** බස් නවත්තන තැනදි මාව හම්බෙනවද... අනේ කොහොම හරි එන්න..

    ඔයාට හුඟාක් ආදරේ කරන

    දිනූකා.. """



    මට හිතා ගන්න බැහ මොනව කරන්නද කියල...අනික දිනිති කිව්ව කතාව.... ආරන්චිය යන්නේ මම මේකි එක්ක යාලුයි කියල... මේකිත් ප්‍රදීප් මලයට කියල තියෙන්නෙත් මම ට්‍රයි කියල... දිනූකා මොකාට එන්න හදන්වද මට තෙරුම් ගන්න බැරි උනා..

    බදාද කියන්නේ හෙට නෙමේ අනිද්දා... ඒත් හෙට ඒකි ස්කොලේ ගාවදි හම්බෙනවනේ...

    දිනූකා ගැන කිසිම ආදරයක් කැමත්තක් මට තිබුනේ නැහ... මගේ ලෝකේ උනේ දිනිති... ඇත්තටම ඒ වෙද්දි දිනිතිව නොදැක දවසක් වත් ඉන්න බැරුව මම හිටියේ...

    ඒත් දිනූකා ගැන මගේ හිතට ආවෙ දුකක්... අනුකම්පාවක්.
    මෙලෝ දෙයක් හිතා ගන්න බැරිව... මම හිතා ගත්තා හෙට හසිතයත් එක්ක සීන් එක කතා කරනව කියල...


    -----------------------------------------

    මම බස් හෝල්ට් එකට වෙලා හසිතය එනකම් බලන් හිටියා... වෙනදා වගේම අන්තිම මොහෙතේ මූ ආව...


    " අහ් අයේශ් කොල්ලා... පරක්කු නැහනේ... යමන් ඉතින් ක්ලාස් දැන්... "


    ක්ලාස් පටන් ගන්න ඔන්න මෙන්න ඇවිත් මුගේ කතාව... ඒත් මට මූ එක්ක කියවන්න mood තිබ්බේ නැහ...


    " මේ ඕයි අද උබට ක්ලාස් යන්නම ඕනිද බන් ? "


    මූ අමුතු look එකක් මට දාල...


    " මොකෝ මේ අද ? අහ් තොගේ අර සත්ය ප්‍රේමය එනව කිව්වද ගාලු... ?? අනේ මේ.. මට නම් බෑ උබල ලව් කරනකම් කටු කන්න... "


    මූ මේ මගුලක් කියනවා...


    " නැහ බන්.. පොඩි සීන් එකක්... කියපන්කො යන්න ඕනිද ?? "


    " හික් හික්... උබට පිස්සු... වලක් නම් වෙන මොනවද ? "


    අපරාදේ කියන්න බැහ අපි සෙට් එකම වලට බැහල හික් හික්..


    " වරෙන්කො "


    කියල මූවත් ඇදගෙන එතන තිබ්බ කඩේට රිංගල ප්ලේන් ටී 2 කුත් බොන ගමන් මම ෆුල් සීන් එක මූට කිව්ව...


    " මේ අයේශ් උබ කියහන් උබ දිනිති ගැන සීරියස් නේද ?? "


    මූට පිස්සුද මන්ද... නැතුව..


    " ඔව් ඕයි.... "


    " මේ එහෙනම් උබ ඉක්මනටම දිනූකට කියල ඒකිගෙන් ඈත් වෙයන්... මට හිතෙන්නේ ඒකි අමුතුම සීන් එකක් දාන්නේ....


    උබේ අර යාලු මලයට කියල තියෙන්නේ උබ ඒකිට try කියලනේ.. අනික ඔහොම එකක් දිනිතිට ආරන්චි වෙන්න... ඒකිම ආරංචිය යවලද දන්නෙ නැහ බන්... "


    මටත් මූ කියපු එක හිතුනා... ඒත් ඒකි එහෙමම කරයි කියල මම විශ්වාස කලේ නැහ...


    " අනේ මන්ද හසිත.. මොකෝ බන් කරන්නේ දැන් ? "


    " මොනා කරන්නද අහන්නේ... කෙලින්ම කියහන් උබේ එහෙම අදහසක් නැහ කියලා... මේ අනුකම්පාව නම් උබේ ඔය හරියන්නේ නැහ කොල්ලො... අන්තිමට තොට එකක් වත් නැති වෙනවා... "


    මූ ෆුල් ලෙක්චර් එකක්...


    " මම කියන්නද... අද හවස අපි යමු ක්ලාස් ඇරෙද්දි... ඒකි එයිනේ... අදම කියමු... හෙට ගාලු යන්න ඕනි නැහ.. අනික ගාලු ගිහින් දිනිතිගෙ යාලුවෙක් වත් දැක්කොත්... "


    මූ කියන එකත් හරි... ඒකිට කියල අදම මේක ඉවරයක් කරන්න හිතාගෙන අපි ක්ලාස් අරෙනකම් වලක් බැහල ස්කෝලේ ගාවට ගියා දිනූකලගේ...


    ඒත්... එදා දිනූක අවේ නැහ....


    " මොකද මචන් කරන්නේ... දිනූක නැහනේ... "


    " උබේ වෙලාව හොඳ නැහ... දැන් ඉතින් යමන්... "


    මායි හසිතයි ගෙදර ගියා... හෙට ක්ලාස් ඇරිලා ඒකිව හම්බෙන්න හිතා ගෙන... මොකද හසිතය කිව්වෙම ගාලු ගිහින් හම්බෙන්න එපා කියලා...


    ***

     
    Last edited:
    • Like
    Reactions: dinuwije

    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට

    පස්සෙන්දා උදේ මම ගයාන් ලහ ගියේ ඌත් එක්කත් සීන් එක ගැන කහ කරන්න හිතන්...
    හසිතයත් ගයාන්ලගෙ ගෙවල් කිට්ටුව හිටියේ... උන් ලහ බැහල ඌවත් ඇදගෙන අපි ගයාන්ලහට සෙට් උනා.


    සීන් එක ගැන කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ක්ලාස් යන වෙලාවත් පහු උන හින්දා ක්ලාස් පැත්තක තියල ගයානුත් ඇදගෙන අපි ගියා දිනූකලගේ ස්කෝලේ ගාවට...


    ඒත් ඒකි එද ස්කෝලේ ඇවිල්ලත් නැහ...


    " මේ ඕයි මේක හරියන්නේ නැහ... එක්කො යමන් බන් ගාලු... සීන් එක කතා කරල විසඳ ගනින්... දිනිති හම්බුනාම ෆුල් සීන් එක කියහන් ඒකිට... එතකොට අවුලක් නැහනේ බන්..."
    ඒ ගයාන්...

    මේක ඉවරයක් වෙනකම් මටත් හිතට නිදහසක් තිබ්බේ නැහ... අපි 3 දෙනාම ගාලු ගියා...


    දිනූක හරියටම 4 වෙද්දි ස්ටෑන්ඩ් එකට ආවා...


    " ඔන්න ඇවිත්.. කියන මඟුලක් ඉක්මනට කියල වරෙන්... "
    ඒ ගයාන්..


    " මචන් මෙතන ඉදන් කත කරන්න අවුල් නේ.. "


    " ඇයි තො කෝහි රිංගනද ඕකි එක්ක... මේ ගිහින් ඉක්මනට සීන් එක කියල වරෙන් බන්.. නලවන්නේ නැතුව.. "


    " මේ අනුකම්පාව නම් මට දීල පලයන්.. නැත්තම් උබ නාගනියි... " ඒ හසිතයා...


    උන්ගේ උපදෙසුත් අරගෙන මම හිමින් සැරේ දිනූකා ගාවට ගියා...


    ඒකි හිනා වෙලා..


    " හුඟාක් වෙලාද ඇවිත්.. ? "


    " නැහ... "


    " ම්ම්ම් මේ අයේශ් අයියේ මෙතන ඉදන් කතා කරන්න බැහනේ... කවුරු හරි දැක්කොත්... "


    මේකි මම දෙන්න ඕනි talk දෙනවා...


    " දිනූකා... කතා කරන්න දෙයක් නැහ... "


    ඒකි මගේ මූන දිහා බලන් ඉන්නවා..


    " ඔයා දන්නේ නැතුව ඇති... මට girl කෙනෙක් ඉන්නවා... ඔයා මං ගැන හිතන්න එපා දිනූකා... "


    ඒක ඇහුනා කියලා ඒකිගේ මූන වෙනස් උනේ නැහ... යන්තමට වගේ හිනා උනා...


    " අයේශ් අයියා.... ඔයා තව හිතල බලන්න මේ ගැන... "


    මට තදත් උනා ටිකක් විතර...


    " මොනවද දිනූකා කියන්නේ... හිතන්න දෙයක් නැහ... මට girl කෙනෙක් ඉන්නවා... ඉතින්.. මම මොකටද තව girl කෙනෙක් ගැන හිතන්නේ... "

    " අනේ අයේශ් අයියේ... එහෙම කියන්න එපා... පව් නේද මම... "


    කියල මේකි මගේ අතින් අල්ල ගත්ත එක පාරම...


    දිනිති බස් එකේදි වත් අතින් අල්ලනවට බයයි... බෑග් එකට වැහෙන්න තමා යන්තම අතින් අල්ලන්නේ... ඒත් මේකි...




    " දිනූකා.... please තේරුම් ගන්න.. "


    මම ඒකිගේ මූන දිහා බලන් කිව්ව...


    ඒත් ඒකිගෙ ඇස් දෙක තිබුනේ වෙන පැත්තක... මම ඒ දිහා බලද්දි මට තේරුනේ මම මොන තරම් මෝඩ ද... දිනූක මොන තරම පහත් කෙල්ලෙක් ද කියලා...


    දිනිති..... අපි දිහා බලාගෙන පුදුම වෙලා වගේ.. සමාධි දිනිතිගේ අනික් යාලුවො ඔක්කොම බලන් ඉන්නව පුදුමෙන් වගේ...


    මම එක පාර දිනූකගෙ අත ගසල දාල... ඒකි දිහා රවල බැලුව..
    ඒකිගේ මූනේ තිබුනේ ජයග්‍රාහී පෙනුමක්...
    මම දිනිතිලා ගාවට ගියා....
    දිනිතිගේ ඇස් දෙකේ කඳුලු පිරෙනවා වගේ....


    " දිනිති... "


    ඒ ඒකි කතා කරේ නැහ... ඒකි හැරිලා දුවල ගිහින් එවෙලේ ම අද්දපු බස් එකට නැග්ගා... සමාදි.. අනික් කෙල්ලො තාම පුදුමෙන් වගේ...


    මම දුවල ගිහින් බස් එකේ නගින්න හදද්දි.. සමාධි..


    " අයේශ් අයියේ... "


    මම නැවතුනා...


    " මම හිතුවේ නැහ ඔයා මේ ජාතියේ කෙනෙක් කියලා... අපිට ආරන්චි උනු දේවල් අපි හිතුවේ බොරු කියලා... ඒත් ඒ ඔක්කොම ඇත්ත වගේ.. ඒ කෙල්ලට ඉන්න දෙන්න පාඩුවේ.. "


    කියල ඒකි අනික් කෙල්ලොත් එක්ක නවත්තල තිබ්බ බස් එකට නැග්ගා...


    මම හිතා ගන්න බැරුව ඉද්දි...


    ගයානුයි හසිතයි මගේ ගාවට ආව...


    " මොකක්ද බන් උනේ... ?? "


    උන් දෙන්නගේ මූනුත් දෙක වෙලා...


    මට නිකන් අඩෙන්න වගේ ආව...


    ඒ එක්කම එතනට ආවෙ ජයන්..


    " මොකක්ද බන් මේ සීන් එක ?? "


    මම ඌ දිහා බැලුවා...
    උගේ මූනෙ තිබ්බෙත් තද උන ලුක් එකක්...


    " මම හිතුවේ නැහ බන් උබ මේ වගේ එකෙක් කියලා... දන්නවනම් උදව් කරන්නෙත් නැහ උබේ සීන් එකට... "


    මූ කියවගෙන යන්න ගත්තා... මට හිතා ගන්න බැරුව ඉද්දි..


    " මේ මචන්... උබල හිතන සීන් එකක් නැහ බන් මෙතන... අහපන්.. "


    කියල ගයාන් මුලු සීන් එකම ඌට කිව්ව...


    " මූ අද සීන් එක ඉවරයක් කරල ඔක්කොම දිනිතිට කියන්න බන් හිටියේ... මුගේ වැරද්දක් නැහ බන්... "


    ජයන් කතාව විශ්වාස කර බවක් එච්චරම පෙන්නුවෙ නැහ...


    " උබල දන්නේ නැහ බන්... උබල නොදන්න සීන් එකක් මෙතන තියෙනවා...


    උබයි මේ කෙල්ලයි යාලුයි කියල ආරන්චියක් තිබ්බ... ඒකි ඒව විශ්වාස කරේ නැහ බන්.... දිනිති ඒක උබෙන් ඇහුවනේ... ඒත් ගිය ඉරිදා මේකි දිනිතිට පනිවිඩයක් යවල හම්බ වෙන්න කියල..


    මේකි දිනිතිට බැනල බන් හොදටම... උබව අල්ල ගත්තා කියල.. ඒකි කියල තියෙන්නේ උබල දෙන්න හුඟ දවසක ඉදන් යාලුයි කියලා...


    උබට තේරෙනවනේ බන්... කෙල්ලෙක් එහෙම නිකන් කියන්නේ නැහනේ.. මම දන්නේ නැහ උබල කියන සීන් එක ඇත්තද කියලා... ඒත් මචන් උබ ඒකිගේ අතින් අල්ලන් ඉන්නව දැක්කට පස්සෙ මට උනත් උබව විශ්වාස නැහ බන්... "


    මට මූ කියන ඒව ඇහුනේ හීනෙන් වගේ... වෙච්චි සීන් එක මට තාම හිතා ගන්න බැහ...


    " දිනිති ල ගාලු ආවේ අද... ?? එතකොට... "
    ගයාන් මන් වෙනුවෙන් අරූගෙන් ප්‍රශ්න අහනවා...


    " අද අපිට ක්ලාස් එකක් වැටුනා බන්... ස්කෝලෙ වැඩක් කෙරෙන්නෙත් නැති නිසා කට්ටියම ක්ලාස් ආව... දිනිති උබට හම්බෙන්න එන්න කියන්න කියල පනිවිඩයක් කිව්ව මට... මම ඊයේ හවසයි අද උදෙයි ගියා උබලහ.. කවුරුත් හිටියේ නැහ... "


    " මචන් මේ මට පේන්නෙ මේක තනිකරම අරකිගේ plan එකක්... "
    ඒ හසිතයා...


    මට දුකයි තරහයි එක්ක....


    " කෝ බන් අර ***** "


    මම බලද්දි දිනූකා තාම ස්ටෑන්ඩ් එකේ...
    මට ඒකිව කන්න තරහක් ආවෙ... මම ඒකි ගාවට යන්න හදද්දි... ගයාන් මාව නැවත්තුවා...


    " තෝ දැන් මොනා කරන්නද ඕකිට... මෙන්න මෙහෙ ඉදහන්.. පිස්සු කරන් නැතුව.. "


    " මචන් මේ... මුගේ වැරද්දක් නැහ බන්... මූට දිනිති හම්බෙයිනේ සිකුරාදා... එදාට කතා කරයි මූ... උබට පුලුවන් නම් ඊට කලින් සීන් එක ඒකිට කියහන් බන්.. " ඒ ගයාන්...


    " අනේ මන්ද බන්... උබල ඇත්ත වෙන්න ඇති කියන්නේ... බලන්නම් මම... "


    " ජයන් මචන්... මම දිනිතිට එහෙම කරයි කියල උබ හිතන්වද බන්... මේ වේ** මාවයි දිනිතිවයි ඈත් කරන්න ගහපු plan එකක් බන් මේ... "


    " හරි බන්.. බලමු මම ඒකිට උබල කියපුව කියන්නම්... "


    කියල ජයන් ගියා...


    " දැන් මොනා කරන්නද බන්... අපිත් යමන්.. ඕක කතා කරල විසද ගන්න බලමු... කව්ද බන් හිතුවේ මෙහෙම සීන් එකක් කියල මේකි.. "


    කියල උන් දෙන්න මාවත් ඇදන් බස් එකට නැග්ග...

    ------------------------------------------------------


    මට වෙච්ච කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටියේ... ගෙදර ආවත් ඔලුව පිස්සන් කොටුව වගේ...
    දිනිති තරහ වෙයිද.. ඇත්ත පැහදිලි කරන්නෙ කොහොමද.. දිනූකා ගේ ප්ලෑන් එකක්ද මේ.. ඇයි ඒකි දිනිතිට බොරුවට බැන්නේ.. බොරු කිව්වෙ මම ඒකි එක්ක යාලුයි කියලා... ප්‍රශ්න කෝටියක්..

    කොහොමින් හරි සිකුරාදත් උනා..
    දිනිති හම්බ වෙන දවස උනාට මගේ හිත නිකම් හෝදා පාලු වෙලා වගේ. මහ හිස් හැගීමක් තිබුනේ..

    අම්මල ගෙදරින් ගියාට පස්සෙ ඇදට වෙලා කල්පනා පාරක් දාගෙන ඉද්දි..

    "අයේශ්... "

    ගයාන් ගෙ කටහඬ..

    " කෝ උබ නිදිද.. නැගිටහන්... "


    මට මාර ෆිට් එකක් ආව ඌව දැකල.. වෙලාවෙ හැටියට ලොකු දෙයක් නේ කතා කරන්න එකෙක් ඉන්න එකත්...

    " අම්මෝ මචන් දෙය්යො වැඩියා වගේ... "

    " හිහි අපි එහෙමයි... දෙය්යො වගේ තමා... මොකො වෙන්නේ.. "

    " මොනවත් නෑ බන්.. හවසට දිනිති හම්බ වෙන්න ඕනි.. ඒත් අනේ මන්ද බන්.. "

    " එදා සීන් එක අම්බානෙක චාටර් සීන් එකක් උනානේ.. උබගෙත් වෙලාව හොද නෑ.. "

    " ඔව් බන්.. දිනූක මෙච්චර චාටර් ***** කියල කව්ද හිතුවෙ.. "

    " හ්ම්ම් මේ උබට අරූ ව හම්බුනේ නැද්ද.. අර දිනිතිලගෙ ස්කොලෙ කොල්ලා.. "

    " නෑ බන්.. "

    " මේ ඌව හම්බු උනානම් සීන් එකේ තත්වෙ දැනගන්න තිබ්බ.. බැරිද ඌව අල්ල ගන්න.. "

    ජයන් ව හම්බ වෙන්න මටත් හිතුනා.. ඒත් යන්න තරම් වත් හිතක් තිබ්බෙ නෑ.. ඒත් මූත් ඉන්න එකේ ගියා නම් හොදයි කියල හිතුනා...

    " ස්කෝලෙ ඇත්තෙ.. බැරි නම් නෑ ගියොත්.. ඒ දිනිති දැක්කොත්.. නෝන්ඩියි නේ..."

    " ඉතින් මොකො බන්.. අනික තව උබේ මොනා නෝන්ඩි වෙන්නද හික් හික්..සීන් එක දැනන් ඉන්න එක හොදයි නේ බන් හවස දිනිති මීට් වෙන්න කලින්.. "

    ගයාන්ගෙ කතාවත් ඇත්ත.. මායි ඌයි ගාලු යන්න සෙට් වෙලා දිනිතිලගේ ස්කොලේ ගාවට ගියා...

    ඒ ස්කොල්ලෙම ළමයි දෙන්නෙක් වගේ කඩාගෙන ඇතුලට ගිහින් දන්න කියන කොල්ලෙක් අතේ පනිවිඩයක් යවල ජයන් වත් සෙට් කරගත්ත..

    " මචන් දිනිති මොකුත් කිව්වද ? "

    " ම්ම් මම කිව්ව ඉතින් උබල කියපුව.. ඒ උනාට ඒකි මාර අවුල් බන්.. සමාධියි අනික් උනුත් එහෙමයි.. සීන් එකට තද වෙලා ඉන්නේ...

    ඇත්තනෙ බන්.. අරකි ඇවිත් දිනිතිට හොදටම බැනල උබව අල්ල ගත්ත කියල.. ඒ අනික් පැත්තට දිනිති ඉස්සරහම උබ අරකිගෙ අතින් අල්ලන් හිටිය ස්ටෑන්ඩ් එකේ.. "

    මන් හිතුවට වඩා සීන් එක දරුණුයි වගේ..

    " මම අල්ලන් හිටිය අතක් නෑ බන්.. ඒ *** මගේ අත අල්ල ගත්තේ.. "

    දිනූකා ව කන්න තරම් තරහක් මට තිබුනේ..

    " හරි බන්.. ඒත් දකින අය එහෙම හිතන්නේ නෑ නේ.. අනික ඇත්ත බොරු මම දන්නෙ නැහ.. තරහ වෙන්න එපා... මටත් තාම උබව විශ්වාස නැහ බන්... උබයි ඔය දිනූකා කියන කෙල්ලයි යාලුයි කියල ලොකුවට ආරංචියක් යනවා.. "

    මම ගයාන් දිහා බැලුවා.. උගේ මූනටත් සීරියස් ලුක් එකක් ඇවිත්...

    " මචන් ජයන් උබට බැරිද බන් සීන් එක කියන්න.. මේක බොරුවක් බන්.. අර ** ප්ලෑන් එකක්.. මම එහෙම වැඩක් කරයිද බන් දිනිතිට... "

    " අනේ මන්ද අයේශ් අයියා.. මම කියන්නම්.. ඒත් මන්ද බන්... බලන්නම් පුලුවන් දෙයක්.. "

    නම ස්කෝලෙන් ආවෙ මාරම අවුලෙන්... බස් එකක නැගලා අපි ගාල්ලට ආවෙ හරියටම ස්කෝල ඇරෙන වෙලාවට..


    ඒ වෙලාව ගැන කියල මොකටද මල් වතු පරාදයි.. රතු පාට.. කොල පාට නිල් පාට ටයි දාපු... ටයි නොදාපු චූටි චූටි කෙල්ලො පිරිලා... කාලෙකින් නෙ ස්කොලෙ ඇරෙන වෙලාවට ගාලු ආවෙ..
    වෙනදටම් කටට නිවනක් නෑ කියවල.. ඒත් අද මට ඒ කෙල්ලො දිහා බලන්නවත් හිතක් නැහ..

    ගයාන් නම් සක බඹරෙ වගේ කැරකෙනවා..

    " ඒ අයේශ් බලපන්කො ගාලු සිරි.. "

    මූට සිරි උනාට මට ඔලුවත් එක්ක රිදෙනවා..

    " මේ ගයාන් අමනුස්සයෝ.. මේ උබට අමතක උනාද බන් දිනිති ගෙ සීන් එක.. රෙද්දක් කියන්නේ.. "

    " හරි බන් දිනිති ගොඩ දාඅමු එවෙලෙට.. දැන් බලමු මේ ගාලු මල් වත්ත හික් හික් "

    මූට මොකද... මටනෙ අමාරුව මම කට වහගත්තා.
    මූ එක්ක කතා කරන්න ගියොත් තවත් අවුල් වෙනවා..

    " මේ උබට තද උනාද... සීරියස් ගන්න එපා බන්.. කතා කරල සීන් එක පැහදිලි කරල දෙමු... චාටර් සීන් එක තමා.. ඒ උනාට උබේ වැරද්දක් නැහනේ බන්... "

    ඔහොම ඉද්දි ස්ටෑන්ඩ් ආව බස් එකේ දිනිතිලා ආව.. මම ඉන්නව දිනිති දැක්ක.. ඒකි මන් දිහ බලල ක්ලාස් එක පැත්තට ගියා.. යාන්තමට වත් හිනා උනේ නැහ...

    " අයේශ් යනවද ? " ඒ ගයාන්..

    " කොහෙද බන්.. "

    " ඒකි ගෙ ක්ලාස් එක ගාවට... "

    මූට පිස්සු ද මන්ද.. මොනා උනත් දිනිති මගේ කෙල්ලනෙ.. පස්සෙන් ගියාම මම වැරදි කාරය වගේනෙ..

    " ඕනි නෑ බන්.. හවසට කතා කරමු.. වෙනදට යන්නෙත් නැහනේ.. "

    " ඒ උනාට උබ වෙනදට මේ වෙලාවට ගාලු එන්නෙ නැහනේ... චුට්ටක් කතා කරහන්..."

    " ඉතින් ජයන් හම්බුවෙන්න ගිය සීන් එකත් කියමු... ඕනි නැහ බන්.. දැන් පාරෙ කතා කරන්න බැහනේ..."

    මටත් ඔලුව අවුල් වෙලා වැඩි කමට ඔක්කොම පැටලිලා...

    ටික වෙලාවක් ඉද්දි... ගයාන් ඇබරෙනවා...

    " මේ අයේශ්... තව පැය 2ක් විතර කට්ටක් කන්න එපැයි බන්... "

    ක්ලාස් පටන් අරගන්න කලින්ම ගාලු ඇවිත් ක්ලාස් ඇරෙනකම් ඉන්නවා කියන්නෙ... කට්ටක් නේන්නම්..

    " හ්ම්ම් ඔව් බන්... ඇයි උබට යන්න ඕනිද ? "

    " නෑ බන්.. ගිහින් මොනා කරන්නද.. බඩගිනියි බන්.. "

    පුදුමයි මෙච්චර වෙලා හිටියා මූ.. පව් මම හින්දනේ කට්ට කන්නේ... ඌවත් ඇදන් ගිහින් රෝල්ස් 4ක් ඇදල කිරි පැකට් 2 කුත් ඇදල පොඩි රව්මක් ගහලා ආයෙ ස්ටෑන්ඩ් එකට එද්දි 5 ට විතර ඇති...

    ටිකකින් දිනිතිලා ක්ලාස් ඇරිලා ආව.... මාව දැක්කත් වෙනදා වගේ බැලුවෙවත් නැහ.. සමාධි වත් වෙන ඒකිගෙ යාලුවෙක් වත් අපිව ගනන් ගත්තෙ නැහ...ඒ එක්කම ආපු හිස් බස් එකට කට්ටියම නැග්ගා..
    දිනිති වාඩි වෙලා... සමාධි එහා පැත්තෙ... දිනිති ජනේලේ ගාව...

    " ඒ ගයාන් ඒකි වාඩි වෙලානේ... කොහොමද කතා කරන්නේ... "

    වෙනදට දිනිති වාඩි වෙන්නේ නැහ... වාඩි උනොත් මට සීට් එකක් තියා ගන්නවා... හ්ම්ම් ඒත් අද..

    " යමන් ඉතින් බලන්න... "

    මායි ගයානුයි නැග්ගා බස් එකට... අපි එතනට යද්දි සමාධි මං දිහා බලල නැගිටින්න හැදුවත් දිනිති ඒකිට ඉඩ දුන්නෙ නැහ...
    මම ගයාන් දිහා බැලුවා... ඌත් ෆුල් අවුල් ලුක් එකක් දැම්මේ...
    මොන මඟුලක් හරි කියලා මම යන්තමට පහත් වෙලා...

    " දිනිති... මට ඔයා එක්ක කතා කරන්න ඕනි.... "

    ඒත් ඒකි නෙමේ බැලුවෙවත්....
    මම සමාධි දිහා බැලුවා... ඒකි දිනිතිට කනට කරල මොනාද කියල එක පාරම නැගිට්ටා... ඒත් මාත් එක්ක කතා කරේ නැහ....
    මම වාඩි උනා..

    " දිනිති.... "


    " දිනිති ඔයා තරහද... ?? දිනිති please කතා කරන්නකො... "

    " ඔයා මහ බොරු කාරයෙක් අයේශ් අයියේ... මම හිතුවෙ නැහ ඔය ඔහොම කෙනෙක් කියලා... "

    " දිනිති මාව විශ්වාස කරන්න... ඔයා හිතන දෙයක් නැහ මෙතන.. මම ඔක්කොම විස්තරේ කියන්නම් ඔයාට... "

    " අයේශ් අයියේ... මට දැන්වත් මගේ පාඩුවෙ ඉන්න දෙන්න... මම ඔයාට මුලින්ම කිව්වා.. මම ඕවට බයයි කියලා... ඒත් මම ඔයාව විශ්වාස කලා.. හැමෝම ඔය ගැන කියද්දිත්... ඒ කෙල්ල මට බැනල ගියාට පස්සෙ... ඔයා එයා එක්ක යාලුයි මම එයාගෙන් ඔයාව උදුර ගත්ත කියල බැන්නට පස්සෙත්... ඒත් මම විශ්වාස කලා අයේශ් අයියේ...
    ඒත් මම ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ... තව මොනවද අයේශ් අයියේ... "

    " දිනිති මේ අහන්න..... "

    මම ලියුම ගැන එදා උන දේවල් ඔක්කොම දිනිතිට කිව්වා... ඒත් එයා ඒව පිලිගත්තු බවක් පෙන්නුවෙ නැහ...

    " දිනිති... මාව විශ්වාස කරන්න දිනිති... අපි කොච්චර සතුටින් හිටියද... "

    " අයේශ් අයියේ... මම ඔයාව විශ්වාස කරා... ඒත් අද ඒ විශ්වාසෙ නැහ අයේශ් අයියේ... "

    " දිනිති.... please දිනිති.... "

    ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා...

    " අයේශ් අයියේ.... ඔයා ඇත්තම නේද කියන්නේ ඔය... ? "

    " දිනිති මම ඇත්තමයි කියන්නේ.... මම ඔයාට බොරු කියන්නේ නැහ දිනිති... ඒ හැම දෙයක්ම මම ඔයාට ඔප්පු කරල පෙන්නන්නම් බොරු කියලා... "

    ඒකි ටික වෙලාවක් බිම බලන් ඉදලා මං දිහා බලල ලස්සනට හිනා උනා..

     

    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    එදා මම කතා කර කර දිනිති ලා බහින තැනට වෙනකම් ගියා.... මේ සීන් එක මේ තරහ් ලේසියෙන් ගොඩ දා ගන්න ලැබෙයි කියල මම හිතුවෙ නැහ.... මම එදා ගෙදර ගියේ පුදුම සතුටකින්... හරියට යුද්දෙකින් දිනල වගේ....

    ඒත්..... ඒ සතුට තිබ්බෙ කොච්චර ටික වෙලාවක්ද.....


    -------------------------------------------------------

    සෙනසුරාද උදේ මම වෙනදා වගේ තේ එකත් අරන් එලියට බැස්සේ දිනිතිල ක්ලාස් යනව බලන්න.... ඒත් දිනිති නැහ... සමාධියි අනික් කෙල්ලො ටිකයි විතරයි... සමාධි ලාවට හිනාවක් දාගෙන ගියා...

    මට නිකන් පාලුවක් වගේ දැනුනා..
    දවල් ක්ලාස් එකට එයි කියල හිතාගෙන මම ගාලු ගියා... වෙනද වගේ ක්ලාස් ඇරිලා දිනිති එනකන් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියට එදා දිනිති ඒ ක්ලාස් එකට ඇවිල්ලත් නැහ...සමාධි ල ක්ලාස් ඇරිලා ආවා...

    ඊයෙ දිනිති කිව්වෙ අද එනවා කියලා... ඒත් එයා ආවෙ නැත්තෙ ඇයි කියල මට හිතා ගන්න බැරි උනා.
    සමාධි ගෙන් අහන්න ඕනි කියල මම සමාධිට කතා කලා...

    " සමාධි.. කෝ යාලුවා..."


    " අහ් අයේශ් අයියා... එයා ආවෙ නැහනෙ... "

    සමාධි තාමත් මගෙත් එක්ක අවුලෙන් වගේ කියල මට හිතුනෙ වෙනද වගේ හිතවත් ගතියක් ඒකි පෙන්නුවෙ නැති නිසා...

    " ම්ම් ඊයෙ කිව්වෙ නම් එනවා කියලා... ඇයිද දන්නෙ නැහනේ... "

    " ම්ම් දන්නෙ නැහ අයේශ් අයියා... "

    මේකි මාව වැඩිය ගනන් ගත්තෙ නැහ වගේ නිසා මම තවත් කතා කරන් නැතුව

    " එහෙනම් මම යන්නම් සමාධි "

    කියල එන්න හදද්දි..

    " අයේශ් අයියේ... "

    සමාධි කතා කලා.

    " ඊයේ මොකද උනේ... "

    මේකිට ඕනි නැති මඟුලක් කියල හිතුනට මුල ඉදන්ම උදව් කල කෙල්ලනෙ...

    " ඒ කිව්වෙ... ඇයි දිනිති මොකුත් කිව්වෙ නැද්ද... "

    " අහ් නැහ.. ඔයා ඉතින් අපි බහිනකම්ම ආවනෙ... කතා කරන්න උනේ නැහ වැඩිය. ඔයාට එයා සමාව දුන්න කිව්ව... "


    සමාව දෙන්න මම වරදක් කරා වගේ.... මට චුට්ටක් විතර තද උනා.. කොහොමත් දිනිති මාව විශ්වාස කරාට පස්සෙත් සමාධි නිකන් dont care විදියට හිටි එකට මට ලාවට තද වෙලා හිටියේ...

    " සමාව දෙන්න වැරද්දක් කරන්න ඔනිනේ සමාධි... මම වැරද්දක් කලේ නැහ.. මම දිනිති ට ඇත්ත විස්තරේ කිව්වා.. එයා මාව විශ්වාස කරා... "

    ඒකි මගේ මූන දිහා බලන් හිටියා...

    " අයේශ් අයියේ.. මම දන්නව.. දිනිති ඔයාව විශ්වාස කරනව කියල.. ඒත් එයා ඔයාට මෙච්චර ඉක්මනට සමාව දේවී කියල මම හිතුවේ නැහ... ඔයා වැරද්දක් කරන්න නැතුව ඇති. ඒ උනාට අපිට වෙච්චි දේවල් දැකපු දේවල් එක්ක දිනිති ඔයාව විශ්වාස කරා කියන්නේ... "

    මේකි කියන දේත් ඇත්ත...

    " අයේශ් අයියේ.. මම මුලින්ම කිව්වෙ.. දිනිති හුඟාක් සීරියස්. පව් එයාට දුකක් දෙන්න එපා. "

    මේකිගෙ තරමට නෙමේ කතාව... මොනව උනත් ඇත්ත ඉතින්..

    " නැහ සමාධි කවදාවත් නැහ.. "

    දිනිති ගැන විස්තරයක් බලන්න කියලා ඒකිට යන්නම් කියල මම ගයාන් එක්ක ක්ලාස් ගියා. කාලෙකින් වෙලාවට ක්ලාස් එකට ගිය එදා...

    දිනිති ගැන විස්තරයක් දැනගන්න විදියකුත් නැහැ.... ආයෙ සිකුරාද වෙනකම් ඉන්නව කියන්නේ...

    මම සදුදා computer class යන්නේ නැතුව දිනිතිලගේ ස්කෝලෙ පැත්තට යන්න හිතුවත් අපේ ගෙදරට දැනගන්න ලැබුනොත් ලෝක යුද්දයක් නිසා මම හවස් වෙලා ජයන් හම්බුවෙන්න ගියේ දිනිති ස්කෝලෙ ආවද අහන්න...

    " අහ් අයේශ් අයිය... දිනිති shape උනානේ.. අපිට පින් දියන්.."

    ජයන් හොද එකා... සමාධි වගේම සැහෙන උදව් කරා මට.

    "හරි හරි පින් දෙන්නම් බන්... දැනට තෑන්ක්ස් මචන් හිහි..... "

    " තියාගනින් උබේ.... මේ ඒක නෙමේ මම ඒ පැත්තෙ එන්නත් හිටියේ..... දිනිති උබට පනිවිඩයක් කිව්වා.... "

    මම ආවෙත් දිනිත් ගැන දැනගන්න නේ... මට මාර සතුටක් දැනුනෙ...

    " මේ බදාදත් අපිට ක්ලාස්... උබට කොහොම හරි හම්බ වෙන්න කිව්වා... "

    ඒ කියන්නේ දවස් දෙකකින්... සිකුරාද වෙනකන් ඉන්න ඕනි නෑ කියල දැනගත්තම මට මාර ෆිට් එකක් දැනුනෙ... ටිකක් වෙලා ඌත් එක්ක කියව කියව ඉදල මම ගෙදර ආව.

    ***

    හසිතයගෙ වදේ හින්දම මම පස්සෙන්දා computer class යන්න ලෑස්ති උනා.. මට යෑම එපා වෙලා තිබුනේ දිනූක ව දකින්න වෙන නිසා.. ඒ තරම්ම මට ඒකිව එපා වෙලා හිටියේ....

    " මේ හසිත.. උබ පලයන් බන්... මට අර **** දැක්කමත් මල බන් දැන්... අනික ඕකි මොන දහන් ගැටයක් දායිද කව්ද දන්නේ බන්... "

    " මොන බම්බුවක්ද බන්... ඕකිට බයේ ඉන්නද.. දිනිති සීන් එක දන්නවනේ.. අපි ගනන් නොගෙන ඉම්මු. කතා කරන්න ආවොත් මම කියන්නම් එයාට... කොහොමත් ඔය මල දානේ ඉවරයක්ම කරන එක හොදයි "


    අපි වෙනද වගේම ක්ලාස් ඇරිල හෝල්ට් එක ආවා... දිනූකා ඉන්නවා... අපිව දැකල ඒකි කිසිම ගානක් නැතුව වෙනද වගේම හිනා වෙලා...

    "අහ් අයේශ් අයියේ... "

    මට ඒකිව කන්න තරම් තරහක් තිබ්බේ.... ඒත් හසිතය ඉක්මන් උනා..

    " මේ ඕයි... කරන්න පුලුවන් ජරාම වැඩේ කරල කිසිම දෙයක් උනේ නැහ වගේකතා කරන හැටි... ලැජ්ජ නැද්ද ඕයි... "

    හසිතය කතා කරේ කෙල්ලෙක් ට කතා කරන්න ඕනි විදියට නොවුනත් මේකිට කිසිම ගානක් උනේ නැහ... හරියට ඒක බලාපොරොත්තු උනා වගේ.. ඒකි හසිතව ගානකට නොගෙන

    " අයේශ් අයියේ මට චුට්ටක් කතා කරන්න දෙන්න ඔයත් එක්ක... please "


    මට කට වහන් ඉන්න බැරි තරමට තද උනා මේකි එක්ක...

    " මේ ඕයි... පව් නොදී ඉන්නවා.... "

    කියල මම හසිතයත් ඇදගෙන පයින්ම ඉස්සරහට ගියා.... බස් දෙකක් විතර යන්න ඇරල ආව බස් එහෙක නැගල අපි ගෙදර ගියා...


    ***

    බදාදා........ හ්ම්ම්..

    දිනිති මට එන්න කියල තිබ්බ දවසෙ මම ගාලු ගියා.... එදා දිනිති ආව ගමන් තිබ්බ බස් එකට නැග්ගා... පිටි පස්සෙ බස් එකේ වාඩි වෙලා යන්න පුලුවන් කම තියෙද්දිත්...
    මමත් බස් එකට නැගල දිනිතිට කිට්ටු උනා...

    " දිනිති... "

    ඒකි මං දිහා බැලුවා.. ඒකිගේ මූනෙන් ලොකු ප්‍රශ්නයක දැක්ක මම එවෙලෙ... ඒත් මම ඒක එච්චර හිතන්නෙ නැතුව..

    " ඇයි මේ bus එකෙ නැග්ගෙ.. අර බස් එකේ වාඩියක් දාල යමුකො.. "

    " බැහ අයේශ් අයියේ.. මෙහෙම යමු.. මට පරක්කු වෙනවා.. "

    ඒකිගෙ ලොකු වෙනසක් තියෙනව වගේ මට හිතුනා...
    ඒත් මම හිතන්නේ නැතුව..

    " ඉතින්... ඇයි එදා ඔයා ක්ලාස් ආවෙ නැත්තෙ... ? "

    ඒකි මං දිහා බලල බිම බලා ගත්තා...

    " දිනිති... ඇයි... ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ.. "


    ටික වෙලාවක් සද්ද නැතුව ඉදල....

    " අයේශ් අයියේ.... අපි මේක නවත්තමු..... "

    මට එක පාරටම දිනිති කියපු දේ හිතා ගන්න බැරි උනා... කරන්ට් වැදුනා වගේ...

    " දිනිති.... ඇයි මේ..."

    " අයේශ් අයියේ.. අපි මේක නවත්තමු... "

    මට ලෝකෙම කැරකෙනව වගේ දැනුනා... කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා...

    " දිනිති... ඇයි දිනිති මේ... මොකක්ද උනේ එක පාර ඔයාට... ?? ඇයි ඔයාට මාව සැකද තාම... ? "

    " නැහ අයේශ් අයියේ.. මට ඔයාව විශ්වාසයි.. ඒ හින්දා නෙමෙයි... "

    " එහෙනම්... "

    " please අයේශ් අයියේ... මගෙන් හේතු අහන්න එපා... ඔයාගෙයි මගෙයි දෙන්නගෙම හොදට මම හුඟාක් හිතල ගනිපු තීරනයක් මේක.. "

    " දිනිති please .... ඔයා ඇයි මෙහෙම කරන්නේ මට... ඇයි මේක නවත්තන්නේ... හේතුවක් ඇතිනේ... අඩුම ගානේ ඒක වත් කියන්න... "

    " අනේ අයේශ් අයියේ... මගෙන් අහන්න එපා... මම කිව්වෙ.. ලොකු හේතුවක් තියෙනව... අපි ආයේ මේ ගැන කතා නොකර ඉම්මු... අපි ආයේ හම්බු නොවී ඉමු අයේශ් අයියේ... "

    දිනිති අවුලෙන් වගේ හිටියත්.... කතා කරේ හරිම සන්සුන් විදියට.... මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා... දිනිති කතා කරේ හැම දේම තීරනය කරල වගේ...


    " අනේ දිනිති please.... මේ අහන්න... ඔය හේතුව කියන්න.. අපි ඒකට විසදුමක් හොයා ගමු... "

    " අයේශ් අයියේ... ඔයාටවත් මටවත් මේවට උත්තර හොයන්න බැහ... මේක ඉවරයි අයේශ් අයියේ... අපි ආයේ හම්බු නොවී ඉමු... ඔයා මාව හම්බ වෙන්න එන්නත් එපා... please මේ ගැන ආයේ කතා කරන්නත් එපා... "



    මම මොනවා කිව්වද මට මතක නැහ... ඒත් එතනින් එහාට දිනිති වචනයක් වත් කතා කරේ නැහ....

    එදා ගෙදර ඇවිත් මම කාමරේ දොරත් වහගෙන හොදටම ඇඩුවා.... කොල්ලෙක් අඬන එක බොලඳ වැඩක් කියල කට්ටිය කියනවා... ඒත් දිනිති නිසා මම එදා ඇඬුවා...


    ------------------------------------------


    දිනිති ඇයි මේ සම්බන්දෙ නවත්තන්න තීරනය කලේ කියන එකවත් නොදැන මම හිත හදාගන්නේ කොහොමද... ඇයි දිනිති එහෙම කරේ.... හිතට කිසිම නිදහසක් නැහ...


    පහුවෙනිද උදේ පාන්දරම මම ගයාන් හම්බුවෙන්න ගියා...


    මම යනකොටත් ඌ නිදි...


    " අපතයෝ... නැගිටහන්කො.... "


    උගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහ.. කොහොම හරි දගලල දගලල විනාඩි 5 කට විතර පස්සෙ අමාරුවෙන් නැගිට්ටා...


    " මොන මඟුලක්ද බන්... නිදා ගන්නවත් නැහනේ... තාම උදේ පාන්දර... "


    9 ටත් ඌට පාන්දර... ඒවට කියන්න දේවල් තිබ්බත් මගේ ඔලුව විකාර වෙලා තිබ්බ නිසා මම කතාවට නොගිහින්...


    " මචන්... මාර සීන් එකනෙ බන්... "


    මූ ඈනුමක් ඇරල...


    " මොකේ ඒ පාර... "


    " මචන් දිනිති මේක නවත්තමුලුනේ... "


    හාන්සි වෙලා හිටපු එකා එක පාරම නැගිටල..


    " මොකක්.. "


    " හ්ම්ම් ඔව් බන්.. ඒයෙ එන්න කියල තිබ්බ මට හම්බ වෙන්න... "


    කියල මම ඌට අපි අතර වෙච්චි කතාව එහෙමම කිව්වා...


    " අර *** බාල්දියක් පෙරලලද දන්නේ නැහ ආයේ... "


    " අනේ මන්ද බන්.. ඒත් ඒකිට මාව විශ්වාසයිලුනෙ.... "


    " මේ දැන් ඕක හිතන්න එපා.. උබ හෙට කතා කරල බලපන්... හෙට ඒකිට ක්ලාස් නෙ... "


    හෙට දිනිති එක්ක කතා කරන්න හිතා ගෙන ටිකක් වෙලා ඌත් එක්ක කතා කර කර ඉදල ආව...


    ගෙදර ආවත් මගේ ඔලුව වැඩ කරේ ඇයි දිනිති මෙහෙම තීරනයක් එක පාරම ගත්තේ කියන එක ගැන... ඇයි මට කියන්න බැරි හේතුව වත්....


    එක එක විකාර මගේ ඔලුවට ආවා....


    ***


    වෙනද වගේම මම දිනිති ක්ලාස් ඇරිල එන වෙලාවට ස්ටෑන්ඩ් එකට ගියා...


    " මේ මොකෝ බන් සීන් එක... "


    ජයන් ක්ලාස් ඇරිල ඇවිල්ල... ඒ එක්කම දිනිතිලත් ස්ටෑන්ඩ් එකට ආව...


    " අනේ මන්ද බන්.. දිනිති මොකුත් කිව්වද ? "


    " කිව්වද කියන්නේ... උබල දෙනගෙ සම්බන්දෙ ඉවරයි කිව්වා... ඒ ගැන ආයෙ කාටවත් කතා කරන්න එපා කියල කිව්ව... මම ඒත් සමාධි ගෙන් ඇහුවා.. ඒකි දන්නෙත් නැහලු බන්.. "


    මම ඌට මොකුත් කියන්න ගියේ නැහ... දිනිතිල ආව හිස් බස් එකට නැගල වාඩි උනා... දිනිත් ජනේලේ ගාවින්... ඊට එහා පැත්තෙ සමාධි... දිනිති මගේ දිහා එක පාරක් වත් බැලුවෙ නැහ.. මම සමාධි දිහා බැලුවා... ඒකි මගේ දිහා බැලුවෙ අනුකම්පාවෙන් වගේ....


    බස් එක අද්දනවත් එක්කම මම බස් එකට නැග්ගා... දිනිතිල ඉන්න තැනට ගියත් දිනිත් ජනේලෙන් පාර දිහා බලාගෙන ගියා මිසක් මගේ දිහා යන්තම් වත් බැලුවෙ නැහ...


    මම සමාධි දිහා බැලුව.. ඒකි උරහිස් දෙක ගස්සල දන්නේ නැහ කිව්ව...



    මම බස් එකෙන් බහිනකම්ම දිනිති මගේ දිහා බැලුවෙ නැහ... මට කතා කරන්න විදියකුත් නැහ... මම බහින්න ලෑස්ති වෙලා.. සමාධිට බහින්නම් කියල... දිනිතිටත්...


    " දිනිති මම බහිනවා... " කියල බස් එකෙන් බැස්සා... ඒකි මගේ මූනවත් බැලුවෙ නැහ...


    අපි දෙන්න යාලු වෙලා මාසයක් වෙනකොටම මේ සම්බන්දෙ නවත්තන්න දිනිතිට ඕනි උනේ ඇයි ??
    ඇයි මට හේතුවක් වත් කියන්නේ නැත්තෙ... ??
    මම මහ ලොකු වරදක් කරල වගේ මගේ මූනවත් නොබලන්නේ.. අපි කොච්චර සතුටින් හිටියද... දිනිති පුන්චි කෙල්ලෙක් වගේ කියවනව... මම අහන් ඉන්නවා... ඒත් අද... මට මේ කිසි දෙයක් තේරුනේ නැහ...


    පහුවෙනිද ගයාන් හම්බු වෙලා සීන් එක කතා කරල දිනිතිට කොහොම හරි කතා කරන්න හිතා ගෙන මම කලින්ම නිදා ගත්තා.

    වෙනද වගේ ක්ලාස් යන්න හිතන් ගාලු ගියාට ක්ලාස් යන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නැහ මට. ඒ හින්ද ක්ලාස් යන්නෙ නැහ කියල හිතාගෙන මම බස් ස්ටෑන්ඩ් එකේ තාප්පෙට හේත්තු වෙලා ඔහේ බලාගෙන හිටියා...

    " ඕයි... මොකද වලක්ද ?? "

    අමිලයා.. අමිලත් අපේ අතිජාත අපත සෙට් එකේ එකෙක්... පොර bio කලේ.. මගේ යාලුවන්ගෙන් දිනිති ගේ සිද්දිය ට ගයානුයි හසිතයි තමා ගෑවුනේ.. ඒත් අමිල, වනි, පවන්, සන්ක අපි ඔක්කොම එකට හිටියේ...


    මට මේ වෙලාවේ සීන් එක කතා කරන්න එකෙක් නැතුව හිටි එකේ මූ දැක්කම ආවෙ මාර සතුටක්... අපේ සෙට් එකම දිනිති ගැන දැනන් හිටියට ගයානුයි හසිතය් ඇරෙන්න එකෙක් වත් දැකලත් නැහ...

    " අමිල... මේ උබට කොහෙවත් යන්න තියෙද ? "

    " නැහ බන්.. මේ බඩු වගයක් ගන්න ආව. ගෙදර යන්න තමා තියෙන්නේ.. මොකෝ.. "

    " එහෙනම් වරෙන්කො "

    කියල මම මූවත් ඇදගෙන කඩේකට රිංගලා ප්ලෙන් ටි 2කුත් අරන් සිද්දිය මූට කිව්ව.
    අමිලය දිනූකගෙ කතාව එහෙමත් එහෙන් මෙහෙන් දන්නවා..

    " ඒක හරි කෙලියක් නේ... එහෙම එක පාර හේතුවක් නොකිය නවත්තන්නේ... උබ ඇබරෙනවනේ.. කෙලින්ම අහපන්.. "


    කෙලින්ම අහන්නවත් ඒකි කතා කරන්න එපැයි...

    " මේ අයේශ්... උබට හිතෙන්නෙ නැද්ද අර දිනූකා කියන එක මොනා හරි ලෙඩක් දාල කියලා.. උබල ඒකිට බැන්නත් ලුනෙ.. ඒකට මල වෙලා ඇබරුවද දන්නේ නැහ ලනුවක්.."

    අමිලය හේතු කියනවා... ඒත් මට මොනව කරන්නද හිතා ගන්න බැරි උනා...

    දිනිත්ල ක්ලාස් ඇරෙන වෙලාවට මයි අමිලයයි ස්ටෑන්ඩ් එකට ආව.. ගයානුත් ඉන්නව.. මම ගයාන්ට ඊයෙ උන සීන් එක කිව්ව...

    " මොකක්ද බන් ඔච්චර ලොකු සීන් එක ඕකිට ඔහොම වෙන්න.. මම හිතුවෙ නැහ ඔච්චර සීන් එකක් කියල... ම්ම් උබ අද කතා කරන්න්න බලපන්කො... හේතුවක් දැනගන්න එපැයි බන්.. " ගයානුත් කිව්ව...

    ඒත් එදා දිනිති කරෙත් කලින් දවසෙ කරපු දේමයි... මට වචනයක් වත් කතා කරන්න උනේ නැහ....

    මම එදා හවස් ක්ලාස් එකටත් නොගිහින් ගෙදර ගියා.... මගේ ඔලුව හොදටම අවුල් වෙලා.. දුක... වැඩි කමට කිසිම දෙයක් ඔලුවට ආවෙත් නැහ...


    පහු වෙනිදා ප්‍රසන්න සර් ගේ ක්ලාස් ගියත් ඔලුව තිබ්බෙ පන්තියේ නෙමෙයි... ක්ලාස් ඇරුන ගමන් මායි ගයානුයි අනික් උන්ව මග ඇරල ඉක්මනට ස්ටෑන්ඩ් එකට ආවෙ සමාධි ගාලු එන බව දන්න හින්දා එදා..
    සමාධියි එයාගේ යාලුවයි අපි යනකොටත් ස්ටෑන්ඩ් එකට ඇවිත්...
    මම සමාධි ගාවට ගිහින් කතා කරා...

    " සමාධි... "

    " අයේශ් අයියේ... "

    " ඇයි සමාධි දිනිති මට මෙහෙම කරන්නේ.. ? "

    " අනේ මන්ද අයේශ් අයියේ එයාට මොනව උනාද එක පාරම කියල.. අපි ඈහුව කීප සැරයක්ම.. ඒත් කිසිම හේතුවක් කියන්නෙ නැහ. ඒ ගැන අපිත් එක්ක වචනයක් වත් දැන් එයා කතා කරන්නේ නැහ. "

    " සමාධි ඔයාම නේද මට කිව්වෙ එයා මේ ගැන හුඟාක් සීරියස්... එයාට දුකක් දෙන්න එපා කවදාවත් කියලා.. "

    " අනේ අයේශ් අයියේ.. ඔව්.. කිව්ව. දිනිති ඔයාට හුඟාක් ආදරෙන් හිටියෙ.. අපිට හිතා ගන්න බැහ අයේශ් අයියේ මේ වෙනස... "

    දිනිති කිසිම කෙනෙකුට නොකිය එක පාරම අපේ සම්බන්දෙ නැවත්තුවා... මාත් එක්ක කතා කරනව තියා මගේ මූනවත් බැලුවෙ නැහ...


    කාලය ගෙවිල ගියා... මම හැම සිකුරාදමයි.. සෙනසුරාදයි වෙනද වගේම ගාලු ගියා.. දිනිති යන බස් එන ගෙදර ආවා... දවස් කීපයක් දිනිති හිට ගෙන ආව වෙලාවල් වල මම කතා කරන්න උත්සහ ගත්තත් දිනිති වචනයක් වත් කතා කලේ නැහ...

    මම හිටියේ සෑහෙන අවුලෙන්... අපේ උන්ටත් මාරම අවුල් වෙලා හිටියෙ මගේ සීන් එකට...

    ගයාන් 2 පාරක්ම දිනිති එක්ක කතා කරන්න හදල තිබ්බා..

    " ගයාන් අයියේ ඔය ගැන කතා කරන්න එපා... "
    කියන එක තම දිනිති කියල තිබ්බෙ...

    මේකට හේතුව දිනූකගෙ ගැටයක් කියල හිතන් හිටි හසිතයයි අමිලයි දවසක් ස්ටෑන්ඩ් එක මැද්දෙදි දිනූකට හොදටම බැනල තිබ්බ සෙනඟ ඉස්සරහ..


    මාස 3ක් විතර ගියා ඔහොම.. සිංහල අවුරුද්ද.. වෙසක් එක.. වෙසක් එකට අපේ උන් ඔක්කොම වගේ අමිලලගෙ ගෙදර සෙට් උනා.. කට්ටිය දැන් මම ගැන කතාව...
    ඔක්කොම එකතු වෙලා හේතු කියලා.. බණ කියලා... මට බැනල කිව්ව දැන්වත් දිනිති ගැන හිතන එක නවත්තපන් කියල....

    " ඒකිට වෙන කොල්ලෙක් ඇති උබ දන් නැති උනාට... "
    " මචන් ඒකිට අසනීපයක් වත් තියෙද දන්නෙ නැහ.. ඔය පොත් වල එහෙම සීන් තියෙන්නේ... "

    උන් රටේ නැති සීන් කියනවා...

    " අනේ මේ ඔය කතාව නවත්තපන් දැන්.. "
    මම උන්ගෙ ගෙදරින් එලියට බැහල ආව... ගයාන් මගේ පස්සෙන් ඇවිත්

    " වරෙන් "
    කියල මාවත් බයික් එකේ දාගෙන ටික දුරක් ගිහින් නැවත්තුවා...


    " මේ මචන්.. උබට අවුල් යන එක ඇත්ත.. ඒත් උන් කියන්නෙ ඇත්තනෙ බන්.. උබ නිකන් චාටර් වෙනවා... දිනිති කැමති වෙනවනම් වෙන්න කල් බන් දැන්... උබ ඔය ගැන හිතන එක නවත්තපන්... "

    ගයාන් ලොකු දේශනයක් දුන්න මට... එදා ගෙදර ඇවිල්ල මම හුඟක් හිතල තීරනය කලා දිනිති ගැන බලාපොරොත්තු අත අරින්න... ඒත් ඒක දිනිතිට කියලම අයින් වෙන්න ඕනි කියල හිතා ගෙන මම ඊලග සිකුරාද ගාලු ගියා...


    දිනිති වෙනද වගේ හැන්ගි මුත්තම් කරයි කියල හිතුන හින්දම මම කෙලින්ම සමාධි ගාවට ගියා එයාල බස් එකට නගින්න කලින්... සමාධිව පැත්තකට එක්ක ගිහින් මම කිව්ව මගේ තීරනය ගැන...
    ඔක්කොම අහන් ඉදල..

    " ඔව් අයේශ් අයියා... ඒක හොදයි.. පව් ඔයා. "

    " සමාධි ඔයා මට හුඟක් උදව් කලා.. තෑන්ක්ස්... මට අද දිනිතිට කතා කරන්න ඕනි.. පුලුවන්ද චාන්ස් එකක් අරන් දෙන්න... "

    " හා අයේශ් අයියේ.. "

    කියල ඒකි ගියා...

    එදා මට දිනිති ගාව වාඩි වෙන්න හම්බුනා.... සමාධි නැගිටල ඉඩ දුන්න...

    අහඹුවක් ද කියල හිතා ගන්න බැරි උනත්.. බස් එකේ දාල තිබ්බ කැසට් එකේ පුන්සිරි සොය්සා ගෙ.. " මේ බස් නැවතුම ගීතය " එවෙලෙ ගියේ... මගේ හිත අතීතයට ගියා.... හ්ම්ම්...

    " දිනිති... "

    ඒකි වෙනද වගේ අහක බලන් හිටියෙ නැහ.. ඒත් බිම බලාගෙන..

    " දිනිති... මම තීරනයක් ගත්තා.. මම ආයේම ඔයාට කරදර කරන්නේ නැහ.. ඔයාගෙ කැමත්තට ඉඩ දීල මම අයින් වෙන්නම්.. "

    ඒකි යාන්තමට ඔලුව උස්සල මගේ දිහා බලල...

    " ඔයා මාත් එක්ක තරහද අයේශ් අයියේ... "

    මාස ගානකින් ඇහුන ඒ කටහඬ මාව ගොලු කරා... මගේ උගුර හිර වෙනව වගේ දැනුනා...

    " නෑ දිනිති... කවදාවත් නැහැ... " කියල මම බිම බලා ගත්තා...

    අපි ඊට පස්සෙ කතා කරේ නැහ මොකුත්...
    මම බහින්න කිට්ටු වෙලා

    " දිනිති..... එහෙනම් මම බහින්නම්... මාව දැක්කම කතා නොකරට කමක් නැහ.. ඒත් හිනා වෙලාවත් යන්න දිනිති... "

    ඒකි හුඟාක් දුක හිතෙන විදියට මං දිහා බැලුව..

    මම බස් එකෙන් බැහල ගෙදර ගියා....

    පිස්සගෙ කුලුඳුල් ආදරය තමයි ඔය...


    ********************************




    පසුවදන....


    මම ඊට පස්සෙ දිනිතිව පුලුවන් තරම් මග ඇරියා... ඒ මට දිනිති දකින කොට හිත හදා ගන්න අමාරු නිසා...
    අවුරුද්දකට විතර පස්සෙ... දවසක් සමාධි හම්බ උනා මට...

    " අයේශ් අයියේ... කොහොමද ?? "

    ඒකි එක්ක විස්තර කතා කර කර ඉදල මම දිනිති ගැන ඇහුවා...

    " දිනිති හොදින් ඉන්නවද සමාධි.. "

    " ම්ම් ඔව් අයේශ් අයිය.. "

    " සමාධි ඔයා තාම දන්නෙ නැද්ද ඇයි දිනිති මගෙන් ඈත් උනේ කියල... "

    " නැහ අයේශ් අයිය.. එයා කාටවත් ඔය ගැන කියල නැහ.. අයේශ් අයියේ.. දිනිති දවසක් කිව්ව මට... "

    " මොකක්ද සමාධි.. "

    " ඔයාට මතකද එදා අර ප්‍රශ්නෙන් පස්සෙ දිනිති ඔයාට සමාව දුන්නෙ... ඔයා දන්නවද ඊට පස්සෙ දවසෙ එය ක්ලාස් ආවෙ නැත්තෙ ඇයි කියල... "

    මම සමාධි දිහා බලන් හිටියා...

    " එදා එයාලගෙ තාත්ත මේක දැනගෙන.. එයාට හොදටම ගහල අයේශ් අයියේ.. එයාලගෙ ගෙදර ඉන්නේ එයයි මල්ලියි තාත්තයි විතරෙනෙ.. දිනිති ලගෙ තාත්ත හරිම සැරයි අයේශ් අයියේ.. "

    " ඉතින් සමාධි ඔයා කියන්නේ තාත්ත දැන ගත්තු හින්ද මේක නැවත්තුව කියලද... "

    " අනේ මන්ද අයේශ් අයියේ... ඒත් ඒක නිසා දිනිති ඔය වගේ තීරනයක් ගනියි කියල මම හිතන්නේ නැහ. දිනිති එහෙම කෙල්ලෙක් නෙමෙයි... එයා ඔයාට හුඟක් ආදරෙන් හිටියෙ... ඒත් අනේ මන්ද අයේශ් අයියේ.. දැන් ඉතින් ඒ හැම දේම ඉවරනේ... ඕව හොයල වැඩක් නැහනේ... "

    කියල සමාධි ගියා...

    දිනිතිව මට අන්තිමට හම්බුනේ 2004 දි.. එයාල්ගෙ AL එවර වෙලා... එදා එයා මාත් එක්ක කතා කරා.. විනාඩි 2ක් වත් කතා කරේ නැහ.. බස් එක ආව නිසා එයා ගියා. එදා තමා අපි වෙන් උනාට පස්සෙ මුලින්ම කතා කරෙත්...


    අදටත් මම දන්නේ නැහ ඇයි දිනිති එක පාර මගෙන් ඈත් උනේ කියලා..

    මම 2005 ලංකාවෙන් එන කොටත් දිනිතිට කොල්ලෙක් හිටියෙ නැහ... ඒ කාලය වෙද්දි මම දැනුවත්වම කොල්ලො 4 - 5 දෙනෙක්ම දිනිතිට ට්‍රයි කරා... ඒත් දිනිති කැමති වෙලා තිබ්බෙ නැහ කාටවත්ම...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar556405_4.gif
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචන් අන්තිම ටික කියවල මට සැහෙන්න අවුල් ගියා....ඔ ලෙවල් වගේ පොඩි වයසකදී උඹට වෙච්ච සිද්දිය අනුවේදනීයයි.....බ්ලොග් එකෙය් පසු වදනයි, චරිත ගැන විස්තර කියෙව්වේ ඇස වල කඳුළු පුරවගෙනයි....හදවතින්ම උඹ ගැන feel උනා මට.....මගෙය් ප්‍රථම ප්‍රේමය තමයි අවුරුදු 15 කට පස්සේ wife වෙලා අවුරුදු 8ක් තිස්සේ පවුල් කන්නේ ...ගොඩක් කටු කාව මෙතනට එන්න.....උඹට මට කියන්න තියෙන්නේ goodluck කියල තමයි මචෝ.....හදවතින්ම මට සැහෙන්න අවුල් මේක කියවල......