දින දර්ශනයට ඊයේ වුණත් , තාරකා විද්‍යාවට පො&#35

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
දින දර්ශනයට ඊයේ වුණත් , තාරකා විද්‍යාවට පො&#35


දින දර්ශනයට ඊයේ වුණත් , තාරකා විද්‍යාවට පොහොය අදලූ:shocked:
තාරකා විද්‍යාවට අනුව ඉල් පුරපසලොස්වක පොහෝය යෙදී තිබෙන්නේ අදට බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එම පොහෝය ඊයේ දිනයේ සමරනු ලැබූයේ ශී‍්‍ර ලංකාවේ පොහෝය කමිටුව විසින් ගනු ලැබූ විශේෂ තීරණයක් අනුව බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද සිදුවනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ පුරපසලොස්වත පොහෝය දිනකයි. එසේ නම් භාවිත දින දර්ශනයට අනුව පුරපසලොස්වක පොහොයක් නොවන අද චන්ද්‍රග‍්‍රහණයක් සිදුවන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසීමක් කළා. මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඉහත අදහස් පළ කළේ ඊට පිළිතුරු දෙමින්.
අද සිදුවන චන්ද්‍රග‍්‍රහණය පස්වර 5.45ට ආරම්භ වී රාති‍්‍ර 10.21ට අවසන් වන බවද උපරිම අවස්ථාව රාතී‍්‍ර 8.03ට එළැඹෙන බවද ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් එම චන්ද්‍රග‍්‍රහණය නිසා චන්ද්‍රයා සම්පූර්ණයෙන් ආවරණය වීමක් සිදුවන්නේ නැහැ. ඊට හේතුව එම චන්ද්‍රග‍්‍රහණය ඡායා චන්ද්‍රග‍්‍රහණයක් වීමයි. ඉන් අදහස් වන්නේ කුමක්දැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා කරුණු දැක්වූවා.
මෙම වසරේ මීට පෙර අවස්ථාවකද චන්ද්‍රග‍්‍රහණයක් සිදු වුණා. සූර්යග‍්‍රහණ දෙකක්ද සිදු වූ බවයි සිහිපත් කෙරුණේ.

source:- නෙත් නිවුස්