දින දින දියුණු වන අපේ රට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,413
    113
    මේ තියෙන්නේ අබේවෙලට ලොරි පිටින් එන බඩ ඉරිඟු තොග. අබේවෙල ෆාම් වල ඉන්න සත්තු ප්‍රමාණය වැඩි කරන්න නම් උන්ට කන්න දෙන ඉඩම් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒත් අබේවෙල තියෙන්නේ එහෙම ත්අනක නෙවෙයි. දැඩි රක්ෂිතයක් වෙන හග්ගලට සීමා වෙලා තියෙන මේ තණබිම් පතුරවන්න බෑ. ඒ නිසා පිටින් කෑම ගේන්න වෙනවා.

    මේකට හොඳ උත්තරයක් උනේ බඩ ඉරිඟු. ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු නිශ්පාදන වසරකට ටොන් ලක්ෂ 4 ක් වගේ. ඒ කරල් හදන ගස් ටික වේලිලා යන එක තමයි බොහෝ විට වෙන්නේ. ඒත් ඒව අමුවෙන්ම අබේවෙලට පැටවීමෙන් එය හරකුන්ගේ ආහාරයක් බවට පත් වෙනවා. සමහර ව්ට කරල් පිටින්ම එම ගස් අබේවෙල පටවනවා.

    ශ්‍රී ලංකාවේ බඩ ඉඟුරු නිශ්පාදනය වැඩි කරන්න නම් එම වගාවට ඉඩම් මුදා හරින්න වෙනවා. ඒත් බොහෝ ඉඩම් පරම්පරාවෙන් කුඩා වෙලා ගිහින් සහ අක්‍රමවත් වගා ක්‍රම වලින් මුඩු වෙලා ගිහින්. මේ තියෙන කෘෂි ඉඩම්ම නැවත යොදා ගනිමින් ඒවායේ පස නිවැරැදිව සකස් කර ගැනීම තුලින් බඩ ඉරිඟු වගාවේ ඵ්ලදායිතාවය නංවා ගන්න පුළුවන්. එමගින් කුකුල් කෑම නිශ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු මුළු ඉල්ලුම වන ටොන් ලක්ෂ 5 ම ලංකාවේ නිපය ගන්න පුළුවන් වෙන අතරම දෙනුන්ගේ ආහාර නිශ්පාදන ඉහළ යන බැවි කිරි නිශ්පාදනය ඉහළ නංවා ගන්නත් පුළුවන්.

    අබේවෙල ෆාම් එකට අලුතින් සතුන් ගාල් කරන්න ෂෙඩ්ස් රාශියක් හදලා. ඒ කියන්නේ අනිවාර්යයෙන් නිශ්පාදනය ඉහළ ගිහින් කියන එක. එය රටේ අවශ්‍යතාවයට හොඳ තත්ත්වයක්. වඩාත් හොඳ සත්ව ආහාර නිශ්පාදනයක් දේශීයව හදා ගැනීම ලේසියෙන් අපිට කරන්න පුළුවන්. එමගින් කුකුල්මස්, බිත්තර සහ කිරි නිශ්පාදන වඩාත් සාර්ථක ලෙස ස්වයංපෝෂිත කරන්න මේ රටේ තියෙන සම්පත් ඕනවටත් වඩා ඇති.

    පැතුම් කර්නර් #හරිත #පැතූනොමික්ස්
     
    • Dislike
    Reactions: haunte and SLK_sri