දින 12 බිලිඳා මහමග දමා ගිය වෛද්‍ය සිසුවියක් &#

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    දින 12 බිලිඳා මහමග දමා ගිය වෛද්‍ය සිසුවියක් &#

    දින 12 බිලිඳා මහමග දමා ගිය වෛද්‍ය සිසුවියක් වූ මවට ඇප

    දින 12 ක බිළිඳෙකු මහමග දමා ගිය චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ වෛද්‍ය සිසුවියක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කර තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන 22 හැවිරිදි සිසුවියක්.

    ඇය විසින් තම දින 12 ක බිලිඳා බෙහෙත් ශාලාවක් අසල දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවා.

    ඒ ඔස්සේ සිදුකල විමර්ශන වලදීයි සැකකාර වෛද්‍ය ශිෂ්‍යාව පොලොන්නරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    පසුව මව සහ දරුවා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ බිලිඳා එම සැකකාර සිසුවියගේ දරුවා බවයි.

    දරුවා ඔතා තිබූ රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ පාද සටහන් තිබී ඇතිමුත් දරුවාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

    එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණය යටතේ සිටිනවා.

    එම සිසුවිය දරුවා ලැබීමට ආසන්න කාලයේ පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක කුලියට සිට ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

    අනතුරුව අනුරාධපුර රෝහලේදී දරුවා ලැබීමෙන් අනතුරුව එම සිසුවිය නැවත එම නවාතැන වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකාර වෛද්‍ය සිසුවිය එම ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබ්ගෙන තිබෙනවා.

    ඒ පිළිබඳව සිය නිවසට නොදැන්වූ එම සැකකාරිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් කුලී නිවසක මෙලෙස නවාතැන්ගෙන සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    එහිදී එම නිවසේ හිමිකරුවන්ට ඇය විසින් ප්‍රකාශ කර ඇත්තේ තම සැමියා ජපානයට ගොස් ඇති බවයි.

    ඇය පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම දෙමව්පියන් මේ පිළිබඳව දැනගතහොත් තම මරා දමනු ඇති බවට සිතා දරුවා මහමග දමා ගිය බවයි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    repost http://www.elakiri.com/forum/showthread.php?p=22316317#post22316317


    2.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    යකෝ, වෛද්‍ය සිසුවියක් වෙලත් දන්නේ නැද්ද බඩට බබා වෙන්නේ නැතුව දිස්ටි දිගා කරන්න?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    යකෝ, වෛද්‍ය සිසුවියක් වෙලත් දන්නේ නැද්ද බඩට බබා වෙන්නේ නැතුව දිස්ටි දිගා කරන්න?

    උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කළත් ඒවා 100% සාර්ථක නෑ.

    Birth-Control-Effectiveness-Comparison-Adapted-from-Contraceptive-Technology-20th-Edition.jpg


    Male condom typical use 82% perfect use 98%
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,319
    1,024
    113
    මෙකි වෛද්‍ය සිසුවියක් නෙවෙයි. උසස්පෙළ නිමකර විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් ඉන්න එකියක්ලු. නිකන් ඉන්න එකේ මොනවහරි කොස් එකක් කරන්න හිතෙන්න ඇති.