දින 30ක් පුරාවට

DJLaksh

Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    සමහරවිට කට්ටිය මේක මීට කලින් දන්නවත් ඇති.නමුත් මේක අමුතුම විදිහෙ 1ක් කියල හිතුන නිසා ඔන්න මම දැම්ම..
    මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.

    ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.
    ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.
    ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.
    ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් කරමුද?
    ඩැනියෙල් : මොන විදිහේ සෙල්ලමක්ද?
    ජෙස්මින් : මම දවස් 30කට මම ඔයාගේ පෙම්වතිය වෙන්නම්, ඔයා මගේ පෙම්වතා වෙන්න.
    ඩැනියෙල් : හොඳ අදහස. මටත් ලබන මාසෙම වගේ වැඩි වැඩක් නෑ.

    ඔන්න ඔහොම කතා වෙලා මේ දෙන්නා එදා එකිනෙකාගෙන් සමු ගත්තා.

    1 වන දිනය
    එයාලා මුල්ම වතාවට එකතු වෙලා ආදරය තේමා උන චිත්‍රපටයක් රස වින්දා.

    4 වන දිනය
    මුහුදු වෙරළට චාරිකාවක් ගියා. දවසම මුහුදු වෙරලේ සතුටින් ගත කලා.

    12 වන දිනය
    සර්කස් සංදර්ශනයක් බලන්න යන්න ඩැනියෙල් ජෙස්මින්ට ආරාධනා කලා. එහි තිබුණු හොල්මන් ගුහාවකදී බය උනු ජෙස්මින් වැරදීමකින් ඩැනියෙල් කියා සිතා වෙනත් අයෙකුගේ අත අල්ලා තිබුනා. මේ සිදුවීම මතක් කරමින් මේ දෙන්නා ඇති තරම් විනෝද වුනා.

    15 වන දිනය
    මේ දෙන්නා පාරේ සාස්තර කියමින් යන කෙනෙක් හමු උනා. මෙයාලත් නිකමට වගේ සාස්තරයක් ඇහුවා. “දරුවනි, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. දෙන්නා එකතු වෙලා පුලුවන් තරම් සතුටින් ඉන්න බලන්න.” සාස්තර කරු කීවේ නොදැනීම ඔහුගේ ඇසට කඳුලක් නංවමින්.

    20 වන දිනය
    කඳුකර පෙදෙසක සවාරියක් යාමට ජෙස්මින් ඩැනියෙල්ට ආරාධනා කලා. ඒ ගමනේදී කඩා වැටෙන තරුවක් ජෙස්මින්ට දකින්න ලැබුනා. ඈ ඒ දෙස බලාගෙන තමාටම යමක් මුමුනා ගත්තා.

    28 වන දිනය
    මේ දෙන්නා කැඩුණු පාරක බස් රථයකින් ගමන් කරමින් හිටියා. එකවරම හදිසි ගැස්සීමක් නිසා අත්වැරදීමකින් ජෙස්මින් ඩැනියෙල්ට මුල්ම හාදුව දුන්නා.

    29 වන දිනය
    වේලාව පස්වරු 11.37
    දැන් මේ දෙන්නා මේ ආදර සෙල්ලම පටන් ගත්ත උද්‍යානයේ ගසක් යට වාඩිවෙලා ඉන්නවා.
    ඩැනියෙල් : මට හරිම මහන්සියි ජෙස්මින්. මං පාරට ගිහින් ඔයාටත් එක්ක බොන්න මොනවා හරි ගේන්නද?
    ජෙස්මින් : හා. මට ඇපල් ජූස් එකක් තිබුනාම හොඳටම ඇති.
    ඩැනියෙල් : හරි. මං එනකම් ඔහොම ඉන්නකෝ.

    (විනාඩි 20කට පසුව) අමුත්තෙක් ජෙස්මින් ළඟට එනවා.
    අමුත්තා : ඔයා ඩැනියෙල්ගේ යාලුවෙක්ද?
    ජෙස්මින් : ඔව්. ඇයි?
    අමුත්තා : බීපු මිනිහෙක් ඩැනියෙල්ව හප්පගෙන ගිහින්. දැන් එයා ඉස්පිරිතාලේ.

    වේලාව පස්වරු 11.57
    හදිසි අනතුරු අංශයේ සිට එලියට පැමිණි දොස්තර මෙහෙමෙ කියලා ජෙස්මින් වෙත ඇපල් ජූස් බෝතලයක් හා ලියුමක් දුන්නා. “අපිට ඩැනියෙල්ගේ සාක්කුවේ තිබිලා මේක හම්බුණා.”

    ජෙස්මින් ලියුම කියවන්න ගත්තා. ඒකෙ තිබුනේ මෙහෙමයි.

    “ජෙස්මින්, පසුගිය කාලේ මට තේරුණා ඔයා මොන තරම් සුන්දර කෙල්ලෙක්ද කියලා සහ මම ඔයාට කැමතියි කියලා. මේ සෙල්ලම කරද්දී මම දැකපු ඔයාගේ හුරතල් හිනාව වගේම හැම දේකටම මම කැමතියි. මේ සෙල්ලම ඉවර වෙන්න කලින් ඔයා ජීවිත කාලයටම මගේ පෙම්වතී වෙනවා නම් මම කැමතියි.
    මම ඔයාට ගොඩක් ආදරෙයි ජෙස්මින්…!”

    ජෙස්මින් ඒ ලියුම ගුලි කරලා මෙහෙම කෑගැහුවා.
    “අනේ ඩැනියෙල් මට ඔයාව නැති කරගන්න බෑ. මමත් ඔයාට ආදරෙයි. ඔයාට මතකද අපි උල්කාපාතයක් දැකපු රෑ මම දෙයක් මිමිනුවා… මං ඒ මිමිනුවේ මේ සෙල්ලම කවදාවත් ඉවර නොවී හැමදාටම තියෙන්න කියලයි. අනේ මාව දාලා යන්න එපා… මං ඔයාට ආදරෙයි. මේ පාර ඔයාට බෑ මට එහෙම දෙයක් කරන්න…”

    ඒ වෙද්දිම හරියට රෑ 12 උනා. එහෙමම ඩැනියෙල්ගේ හද ගැස්මත් නැවතුනා…

    :(:(:(
     
    • Like
    Reactions: cspmaxx and Dulanzz

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒකාකරී ලෝකය දෙස නව ඇසකින් බල්න්න උත්සහා කරපු සර්ථක සටහනක් ලෙස මම දකිනවා ඔබ දිගින් දිගටම ලියන්න....++