දිඹුලාගල හාමුදුරුවෝ
1995 මැයි මස 26 වන දින කොටි ත්රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කළ දිඹුලාගල නාහිමියන්ගේ 17 වෙනි වර්ෂ පුර්ණය පසුගිය 26වැනි දිනට යෙදිනි. ශ්‍රි ලංකාවේ ස්වාධීනත්වය හා ඒකීයත්වය වෙනුවෙන් මහා යුග මෙහෙවරක් කළ දිඹුලාගල නාහිමියන්ගේ තේමා පාඨය බවට පත්ව තිබුණේ “ලංකාවේ උපන් සෑම මිනිසෙකුටම ලංකා භූමිය අයිතිය” යන්නය. උන්වහන්සේ විසින් ජාති භේදයෙන් තොරව අනාත හා අසරණ මිනිසුන් වෙනුවෙන් සේවය කළේ කිසිදු පුද්ගලික ලාභ අපේක්ෂාවකින් නොවේය. උන්වහන්සේ දිඹුලාගලට පැමිණීමට පෙර දිඹුලාගල ම්නිසුන් පසුවූයේ දැඩි ශාරීරික මෙන්ම මානසික පීඩනයන් තුළ සිරගතවී සරණාගත තත්වයකය. එහෙත් උන්වහන්සේ පැමිණි පසුව එම ජනතාව රටේ සමස්ථ ජනප්‍රවාහය සමඟ ගනුදෙනු කරමින් ඔවුන් හා මිශ්රවීමට තරම් බුද්ධියෙන් හා මානසිකත්වයෙන් සංවර්ධිත ප්‍රජාවක් බවට පත්වීය. එතෙක් ගමන් කළ ගමන් මගෙහි උන්වහන්සේ පැමිණියේ අති දුෂ්කර බාධාවන් මධ්‍යයේය. 1948 බ්‍රිතානය යටත් විජිතවාදයෙන් මිදී මෙරට ජනතාව නිදහසේ අරුණළු දකින්නට බලා සිටියද ඒ වන විට මෙරට ශිෂ්ටාචාරගත සලකුණු වල්වැදී ගොස් තිබුණි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මොනරගොඩැල්ල හා සේරුවාවිල වැනි දුෂ්කර ප්‍රදේශයන්ට වැඩම කළ දිඹුලාගල නාහිමියන් එහිම රැඳී සිටිමින් මින්නේරිය මැදිරිගිරිය වැනි ප්‍රදේශයන්හි ජිවත් වු ජනතාවට පිළිසරණ ලබා දුන්නේ මහා වෘක්ෂයක් පරිද්දෙනි. පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පූනානි වැනි ප්‍රදේශ ජනාවාස වුයේද උන්වහන්සේගේ මැදිහත් වීමෙනි. එතෙක් එම ප්‍රදේශ තිබුණේ කැළෑ වැදීය. ඉන් පසුව දිඹුලාගල ලේකම් කොට්ඨාසය බිහිකර දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටුවා දිඹුලාගල ප්‍රදේශයම බැබලවීමට උන්වහන්සේ සමත් විය. ක්‍රම ක්‍රමයෙන් උතුරු හා නැගෙනහිර යුධ ගිනිදැල් මතුවන්නට වූයේ මේ කාලයේදීය. ප්‍රදේශයේ ජනතාව රුදුරු කොටි ත්රස්තවාදයේ ග්රහණයෙන් මිදීමට ප්‍රදේශයෙන් පලායන්නට විය. එහෙත් දිඹුලාගල නාහිමියන් සිටි තැනම නොසෙල් වී හිඳ ප්‍රදේශය ආරක්ෂාකර ගැනීම සඳහා අප්‍රමාණ ධෛර්යයකින් ක්රියාකරන්නට විය. එහෙත් උන්වහන්සේගේ ජිවිතය සුරකින්නට තරම් මිලේච්ඡ ත්රස්තවාදීන්ගේ හදවත් මෙළෙක් වුයේ නැත. 1995 මැයි 26 වන දින කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් උන්වහන්සේ දැයෙන් සමුගත්තේ රටක් හඬවමිනි. අති විශාල සමාජයීය හා ශාසනික සේවයක් සිදු කළ දිඹුලාගල නාහිමියන් ජාතික වීරවරයකු ලෙස ඉතිහාසයේ සදා අනුස්මරණීය වනු ඇත.
from - http://sinhala.lankagamdoranews.com...22/2012-05-06-15-21-49/95-2012-05-26-09-27-01