දියණිය මව මරා පොලිසියට බොරුත් කියලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    16 හැවිරිදි දියණිය ඇගේ මවගේ ගෙල සිරකරා මරා ඖෂධ වැඩියෙන් පානය කර දිවි නසා ගත් බවට පොලිසියට කියන්න ආ දැරියක අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය කියයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ දිවුලපැලැස්ස රොටවෙල නව ගම්මානයේ පදිංචිව සිටි රාජසිංහ ආරච්චිලාගේ චන්ද්‍රාවති නැමැති 47 හැවිරිදි කාන්තාවකි.

    මහියංගනය රෝහලේ සායනයකින් ඖෂධ වර්ගයක් වැඩියෙන් පානය කර මව සිය දිවි නසාගෙන ඇති බවට සැක කරන බව දැරිය පොලිසියට මුලින් සඳහන් කර ඇත.

    මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය මහියංගනය රෝහලේදී පවත්වා ඇති අතර එහිදි මෙම මරණය ගෙළ සිරවීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු වීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනවලින් සුව 16 හැවිරිදි දැරිය පොලිස් අත්අඩංගුවට පත් විය. .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොකක් හරි මානසික ලෙඩක් තියෙන ළමයෙක්ද දන්නේ නෑ ☹️
     
    • Like
    Reactions: Rapunzel003