දියණිය සුරා බදු නිලධාරිනියක්”: ගෙදර කසිප්පු ඉස්කාගාරයක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    දියණිය සුරා බදු නිලධාරිනියක්”: ගෙදර කසිප්පු ඉස්කාගාරයක්​

    කොටවිල, වැලිගම පොලිස් බල ප්‍රදේශයට අයත් දෙණිපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කසිප්පු ඉස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙම සැකකාර පුද්ගලයා පොලිසිය මගහරිමින් සිටියදී කොටවිල පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබිණි.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊයේ (නොවැ. 26) මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අදාළ සැකකරුගේ දියණිය සුරාබදු කාර්යාලයේ රාජකාරියේ නිරත වන බව හෙළි වී ඇත.

    නොවැම්බර් 10 වන දා නිවසේ තිබී කසිප්පු බෝතල් විස්සක් සහ එම නිවස ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක් තුළ තිබී ගෝඩා මිලි ලීටර් පනස් පන්දහස් පන්සීයක් සොයාගෙන තිබිණි.

    සැකකාර පුද්ගලයා සමග ඔහුගේ බිරිඳ සහ මධ්‍යසාර පෙරීමට උපයෝගී කර ගත් ගෑස් ලිප හා සිලින්ඩරය ද එම කටයුතු සඳහා සහය දුන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන නොවැම්බර් 16 වන දා කොටවිල අධිකරණය මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබිණි.

    සැකකරුවන් වරද පිළි නොගත් නිසා වැඩිදුර පරීක්ෂණ සඳහා 2024 පෙබරවාරි 18 දින දක්වා මෙම නඩුව කල් තබා තිබේ.

    මීට පෙර දෙවතාවක් ම මෙම සැකකාර සැමියා සහ බිරිඳට කොටවිල පොලීසිය මගින් නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර එම නඩු තවමත් විභාග වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කරයි.

    සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ, ඔහුට වැලිගම පොලිසියේ නඩු දාහතරක්, මාතර පොලිසියේ නඩු තුනක් සහ කොටවිල පොලිසියේ නඩු තුනක් ඇති බව ත් සමස්ත නඩු විස්සක් ඇති බව ත් ය.

    වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    d9aa50.gif
     
    • Haha
    Reactions: shenat

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ස්වසනය, ස්වදේශීය, ස්ථිර...
    මේවා ගොඩක් වෙලාවට වෙන භාෂාවලින් බිඳිලා ආව ඒවා. ඒවා අපේ මිනිස්සුන් අවශෝෂණය කරගන්න කොට මුලට ඉ යන්නක් දානවා. ස්නානය වගේ ඒවා බලන්න. ස්ව උපසර්ගය අනිවාර්යෙන් සිංහල භාෂාවට වෙන භාෂාවකින් ආව එකක් වෙන්න ඕනේ හරියටම කියන්න බැ

    ප.ලි. ස්ව කියන්නේ සංස්කෘත උපසර්ගයක්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේවා ගොඩක් වෙලාවට වෙන භාෂාවලින් බිඳිලා ආව ඒවා. ඒවා අපේ මිනිස්සුන් අවශෝෂණය කරගන්න කොට මුලට ඉ යන්නක් දානවා. ස්නානය වගේ ඒවා බලන්න. ස්ව උපසර්ගය අනිවාර්යෙන් සිංහල භාෂාවට වෙන භාෂාවකින් ආව එකක් වෙන්න ඕනේ හරියටම කියන්න බැ
    ස්කාගාර කියන එකත් වෙන භාෂාවකින් එන්න ඇති, ස්ව උපසර්ගයත් වෙන භාෂාවකින් එන්න ඇති... එහෙම ඇවිල්ලා තියෙන්නේ සිංහලවල නේ... ලිඛිත භාෂාව කියලා වෙනම එකක් තියනවා නේ සිංහල වල... එතකොට පත්තරේකට ලිපියක් වගේ ලියද්දි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාව... ගමේ ගොඩේ භාෂාව නම් තිබේ තිබිණි ගාගා ලියන්න ඕනේ නෑනේ... තිබ්බා කියාල ලියන්න තිබ්බා නේ...
     
    • Love
    • Like
    Reactions: lodbrok and shenat

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ස්කාගාර කියන එකත් වෙන භාෂාවකින් එන්න ඇති, ස්ව උපසර්ගයත් වෙන භාෂාවකින් එන්න ඇති... එහෙම ඇවිල්ලා තියෙන්නේ සිංහලවල නේ... ලිඛිත භාෂාව කියලා වෙනම එකක් තියනවා නේ සිංහල වල... එතකොට පත්තරේකට ලිපියක් වගේ ලියද්දි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාව... ගමේ ගොඩේ භාෂාව නම් තිබේ තිබිණි ගාගා ලියන්න ඕනේ නෑනේ... තිබ්බා කියාල ලියන්න තිබ්බා නේ...
    ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි වෙනත් සංස්කෘතියක දෙයක් අපි අවශෝෂණය කර ගන්නවා කියන්නේ.

    බස් කියන එකට අපි බස් රථය , බස් එක කියන්නේ ඒ වගේ

    සිංහල වල තියෙන්නේ ඉස්කෝලය/ ඉස්කාගාරය තමයි.....
     
    • Haha
    Reactions: ttj

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,853
    113
    Ranil's Vision for Anuradhapura tourism leaks...

    "එක් මෝසම් කාලයක නෞකා මගින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා"
    😂
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,909
    113
    ස්කාගාර කියන එකත් වෙන භාෂාවකින් එන්න ඇති, ස්ව උපසර්ගයත් වෙන භාෂාවකින් එන්න ඇති... එහෙම ඇවිල්ලා තියෙන්නේ සිංහලවල නේ... ලිඛිත භාෂාව කියලා වෙනම එකක් තියනවා නේ සිංහල වල... එතකොට පත්තරේකට ලිපියක් වගේ ලියද්දි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලිඛිත භාෂාව... ගමේ ගොඩේ භාෂාව නම් තිබේ තිබිණි ගාගා ලියන්න ඕනේ නෑනේ... තිබ්බා කියාල ලියන්න තිබ්බා නේ...

    ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි වෙනත් සංස්කෘතියක දෙයක් අපි අවශෝෂණය කර ගන්නවා කියන්නේ.

    බස් කියන එකට අපි බස් රථය , බස් එක කියන්නේ ඒ වගේ

    සිංහල වල තියෙන්නේ ඉස්කෝලය/ ඉස්කාගාරය තමයි.....
    සයන්නකට මෙතන මරාගන්නෙ නැතුව නිලදාරිනියගෙ පොටෝ එකක් හොයපල්ලකො
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    සයන්නකට මෙතන මරාගන්නෙ නැතුව නිලදාරිනියගෙ පොටෝ එකක් හොයපල්ලකො
    ඔය ත් ඉතින් යන්නකට මරා ගන්න නේ යන්නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක තමයි වෙනත් සංස්කෘතියක දෙයක් අපි අවශෝෂණය කර ගන්නවා කියන්නේ.

    බස් කියන එකට අපි බස් රථය , බස් එක කියන්නේ ඒ වගේ

    සිංහල වල තියෙන්නේ ඉස්කෝලය/ ඉස්කාගාරය තමයි.....
    ඉස්කෝලේ හැදෙන්නේ school කියන එකෙන් නේ... ඉස්කාගාරය හැදෙන්නේ මොකෙන්ද?

    සයන්නකට මෙතන මරාගන්නෙ නැතුව නිලදාරිනියගෙ පොටෝ එකක් හොයපල්ලකො
    Carry සයන්න...

    මරාගන්න එක තමයි අපිට තියන එකම විනෝදේ මහත්තයෝ...
    ------ Post added on Nov 29, 2023 at 2:12 AM
     
    • Haha
    Reactions: ruchira55

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඉස්කාගාර නෙවෙයි ස්කාගාර... මුන් සිංහල වත් දන්නේ නැද්ද පත්තරේට ලිව්වට...
    කොහෙද බන් බස දන්න උන් ඉන්නෙ දැන් මීඩියා වල සුරන්ගනා කතා ලියන උන්නෙ ඉන්නෙ. නිව්ස් කියනකොටත් බලපන් පොලිස් ස්ථානය කියන එක හෙන අමාරුවෙන් කියනවා ස් දෙකම. අනිත් එක දැන් අනවුන්ස් කරන්නෙත් නලු නිලියොනෙ උන්ට බස බකස් තමා. :baffled: :lol::lol::lol: අනිත් එක දැන් ඕව ප්‍රශ්න කරන්නෙ ශිෂ්‍යත්වෙට විතරයි :baffled::baffled::baffled:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    දියණියගෙ ෆොටෝ එකක්වත් දාපියකො මෙහෙම නිව්ස් දාද්දි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්කෝලේ හැදෙන්නේ school කියන එකෙන් නේ... ඉස්කාගාරය හැදෙන්නේ මොකෙන්ද?
    සමහර ස්කෑන්ඩිනේවියන් රටවල් වල (අයිස්ලන්ඩ්, නොර්වේ) ඩිස්ටිලරීස් වලට කියන්නෙ ස්කාගාර කියලා. ඒ පැත්තෙන් ආපු එකක් වෙන්න ඇති.

    there are several languages that use the word "skagaara" for alcohol distilleries. These languages include Icelandic, Faroese, and Norwegian. In Icelandic, the word "skagaarra" means "distillery" or "still." In Faroese, the word "skagaarra" means "still" or "alembic." In Norwegian, the word "skagaarra" means "distillation plant" or "still."
     
    • Like
    Reactions: ttj and ChamodhK

    Similar threads