දියවැඩියාවේ අනතුරු ඇඟවීම්!

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්!

    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්!

    අද ඉතා බහුලව වාර්තා වන රෝගයකි දියවැඩියාව. මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයෙක් තරම් පිරිසක් තමාට දියවැඩියාව වැළඳී ඇතැයි කියා නොදැනීම මේ නිහඬ මාරකයේ ඇති භයානකම තත්ත්වයයි.

    දියවැඩියාව රෝගය වැළඳුණු විටදී හෘද රෝග, ක්ෂණික අබාධ, ඇස් රෝග, වකුගඩු රෝග වැළඳීම, පාද හෝ පදයේ ඇඟිලි කපා දැමීමට සිදුවීම සහ මරණයට පත්වීමේ අවදානම මතුවේ. මෙම අවදානම් ප්‍රතිකාර මගින් අවම කරගත හැකි දේවල්ය. නමුත් අවාසනාවන්ත කරුණ වන්නේ බොහෝ දෙනා මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ ගැන නිසි අවධානයක් යොමු නොකිරීමය.

    මේ, ඔබ දන්නවා යැයි සිතා සිටින එහෙත් නොසලකා හැර ඇති දියවැඩියාව රෝගයේ අනතුරැ ඇඟවීම් පිළිබඳව පූර්ව දැනුවත් කිරීමකි.

    1. අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

    මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණවලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි. ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමට ද අවශ්‍ය වේ. මෙම තත්ත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක් ද ඇති වේ.

    2. ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම

    ඔබ බර අඩුකර ගැනීම සඳහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනය වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුළ ඔබගේ ශරිරයේ බර අඩු වූවානම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මාස හයක කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවානම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.

    3. නිදන්ගත තෙහෙට්ටුව

    ඔබට සෑම අවස්ථාවකදීම විඩාවක් දැනෙනවානම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියළීමයි. ඔබ එසේ නොකරනවානම් ඔබගේ ශරීරය තුළ ශක්තිය ලබාගැනීම සදහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි

    4. ඇස් බොඳවීම

    ඔබගේ ඇස් පෙනීම බොඳ වනවානම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි. මෙහිදී පටක තුළ ඝන රැධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවෙයි. එමඟින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොඳවනු ලැබේ.

    5. තුවාල සෙමින් සුවවීම

    තුවාල සෑදුණු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුව වීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි. රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සදහා බාධා ඇතිකරනු ලබයි.

    6. නිරන්තරයෙන් ආසාදන ඇති වීම

    නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ.

    7. අත් සහ පාදවල හිරිවැටීම, දැවිල්ල සහ වේදනාව ඇති වීම

    මෙම රෝග ලක්ෂණ ද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානි වීම මගින්ය.

    8. සමෙහි ඇතිවන ක්ෂණික ගැටලු

    දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම, කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්ත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි.

     Web MD
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    තෑන්ක්ස් මචං ..වටිනවා...

    You must spread some Reputation around before giving it to Target Hoona again.
     
    Last edited: