දියවැඩියාව වළක්‌වමු

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    දියවැඩියාව වළක්‌වමු

    [FONT=Malithi_Web]දියවැඩියාව යනු රුධිරයේ ග්ලුකෝස්‌ මට්‌ටම හෙවත් සීනි මට්‌ටම අසාමාන්‍ය ලෙස ඉහළ යැමයි.[/FONT]

    [FONT=Malithi_Web] රුධිරයේ සීනි මට්‌ටම නිසි ලෙස පාලනය නොකළහොත් එය තවදුරටත් මොළය, හෘදය වස්‌තුව, ඇස්‌, වකුගඩු, පාද හා ශරීරයේ වෙනත් අවයව වල සංකූලතා ඇති කරමින් ඔබට සාමාන්‍ය ජිවිතයක්‌ ගත කිරීමේ අවස්‌ථාව මග හරවයි.


    [/FONT]

    weda3.jpg

    [FONT=Malithi_Web] එබැවින් රුධිර පරීක්‌ෂාවකින් ඔබට දියවැඩියාව වැළඳී ඇති බව දැනගත් වහාම [/FONT]

    [FONT=Malithi_Web] ඔබගේ ආහාර රටාව සුදුසු පරිදි වෙනස්‌ කර ගන්න.[/FONT]

    [FONT=Malithi_Web] ශාරීරික ක්‍රියාශිලි බව වැඩිකර ගන්න. [/FONT]

    [FONT=Malithi_Web] වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ලබා ගන්න.[/FONT]

    [FONT=Malithi_Web] ඔබ දියවැඩියාවෙන් පෙලෙන්නේදැයි හඳුනා ගන්නේ කෙසේද?[/FONT]

    [FONT=Malithi_Web] නිතරම දැනෙන මහන්සිය ගතිය[/FONT]

    [FONT=Malithi_Web] නිතරම දැනෙන පිපාසය [/FONT]

    [FONT=Malithi_Web] නිතරම මූත්‍රා කිරීමට අවශ්‍ය වීම (දිවා රාත්‍රි දෙකෙහිම) [/FONT]

    [FONT=Malithi_Web] පෙනීම බොඳවීම [/FONT]

    [FONT=Malithi_Web] නිතරම කුසගිනි දැනීම [/FONT]

    [FONT=Malithi_Web] ඉතා කෙටි කාලයකදී බර අඩුවීම [/FONT]

    [FONT=Malithi_Web] ලිංගික දුබලතා ඇතිවීම [/FONT]

    [FONT=Malithi_Web] අත් සහ පාදවල හිරි වැටීම.[/FONT]

    [FONT=Malithi_Web] දියවැඩියාව නිට්‌ටාවට සුව කළ නොහැක. එහෙත් මනාව පාලනය තුළින් නිරෝaගී දිවියක්‌ ගත කළ හැකිය.[/FONT]

    [FONT=Malithi_Web] දියවැඩියාව පාලනය සඳහා [/FONT]

    [FONT=Malithi_Web] නියමිත ප්‍රමාණයෙන් නියමිත වේලාවට [/FONT]

    [FONT=Malithi_Web] ඖෂධ ලබා ගැනීම [/FONT]

    [FONT=Malithi_Web] සුදුසු ආහාර ගැනීම [/FONT]

    [FONT=Malithi_Web] ක්‍රියාශිලී වීම [/FONT]

    [FONT=Malithi_Web] යන අංශ 3 හිම දායකත්වය අවශ්‍ය වේ.[/FONT]

    [FONT=Malithi_Web] දියවැඩියා රෝගීන්ට බහුලව ගත හැකි ආහාර [/FONT]

    [FONT=Malithi_Web] මුකුණුවැන්න, කංකුන්, ගොටුකොළ වැනි පලා වර්ග ගෝවා ලීක්‌ස්‌ වැනි කොළ වර්ග [/FONT]

    [FONT=Malithi_Web] වැටකොළු, පතෝල, මුරුංගා, වම්බටු, කොහිල, කෙසෙල්මුව, කරවිල, තක්‌කාලි වැනි පිෂ්ඨය අඩු එළවළු වර්ග[/FONT]

    [FONT=Malithi_Web] මුං ඇට, කඩල, කව්පි, සෝයා, පරිප්පු වැනි වියලි ආහාර [/FONT]

    [FONT=Malithi_Web] මේද රහිත කිරි හා කිරි නිෂ්පාදන [/FONT]

    [FONT=Malithi_Web] බිත්තර සුදුමදය [/FONT]

    [FONT=Malithi_Web] මධ්‍යස්‌ථව ගත හැකි ආහාර [/FONT]

    [FONT=Malithi_Web] මෙම කාණ්‌ඩයට අයත් ආහාර නිර්දේශිත ප්‍රමාණය ඉක්‌මවා නොගැනීම වැදගත්ය.[/FONT]

    [FONT=Malithi_Web] බත්, පාන්, සහල්, ඉරිඟු, කුරක්‌කන් පිටිවලින් සෑදු ඉඳිආප්ප, පිට්‌ටු වැනි පිෂ්ටමය ආහාර [/FONT]

    [FONT=Malithi_Web] කොස්‌ දෙල්, අර්තාපල් අළු කෙසෙල් කැරට්‌ වැනි පිෂ්ඨය බහුල එළවළු වර්ග. මෙම කාණ්‌ඩයට අයත් ආහාරවල තන්තු ප්‍රමාණය අධික වීම රුධිරයේ සීනි ප්‍රමාණය ක්‍රමානුකුලව පාලනයට වැදගත් වේ. එම නිසා නිවුඩ්ඩ සහිත තම්බන ලද සහල්, ආටා පිටි, හාල් පිටි වලින් තැනූ ආප්ප, ඉඳිආප්ප වැනි ආහාර තෝරා ගැනීම සුqදුසුය.[/FONT]

    [FONT=Malithi_Web] පලතුරු අනුභවය [/FONT]

    [FONT=Malithi_Web] සෑම ආහාර වේලකටම වුව තරමක ඉඳුනු පලතුරු එක්‌ කර ගත හැකි අතර එක්‌ වේලකදී එක්‌ පලතුරක්‌ පහත දැක්‌වෙන ආකාරයට ගත හැකිය.[/FONT]

    [FONT=Malithi_Web] කුඩා කෙසෙල් ගෙඩි 1 ක්‌ [/FONT]

    [FONT=Malithi_Web] කුඩා ඇපල් හෝ දොඩම් ගෙඩි 1 ක්‌ [/FONT]

    [FONT=Malithi_Web] පලතුරු යුෂ කෝප්ප 1/2 ක්‌ [/FONT]

    [FONT=Malithi_Web] කුඩා පේර ගෙඩි 1 ක්‌ [/FONT]

    [FONT=Malithi_Web] ගස්‌ ලබු ගෙඩියකින් 1/4[/FONT]

    [FONT=Malithi_Web] නෙල්ලි ගෙඩි 1 ක්‌ [/FONT]

    [FONT=Malithi_Web] මාංශ අනුභවය [/FONT]

    [FONT=Malithi_Web] ඔබ දියවැඩියාවෙන් පෙලේ නම් මස්‌, මාළු අනුභවය නැවැත්වීම අවශ්‍ය නැත. එහෙත් මේදය අධික රතු පැහැ මස්‌ (හරක්‌a මස්‌ එළු මස්‌, ඌරු මස්‌), සතුන්ගේ තෙල් සහිත කොටස්‌ ආහාරයට ගැනීම නොකළ යුතුය.[/FONT]

    [FONT=Malithi_Web] මාළු ආහාරයට ගැනීම සුqqදුසු අතර බිත්තර ආහාරයට ගැනීමේදී සතියකට බිත්තර 3 කට වඩා නොගැනීම වඩා සුදුසුය.[/FONT]

    [FONT=Malithi_Web] නොගත යුතු ආහාර [/FONT]

    [FONT=Malithi_Web] පැණි, සීනි, හකුරු සහ උක්‌ සීනි එකතු කරන ලද ආහාර හෝ බීම වර්ග[/FONT]

    [FONT=Malithi_Web] පුඩිං වටලප්පන්, අයිස්‌ක්‍රීම් වැනි අතුරුපස වර්ග[/FONT]

    [FONT=Malithi_Web] රට ඉඳි චොකලට්‌ , වියලි මිදි[/FONT]

    [FONT=Malithi_Web] තෙල් අධික ටින් කළ ආහාර නොගත යුතු අතර අධික ලුනු අඩංගු ආහාර වන බේකන්, සොසේජස්‌, අච්චාරු වැනි ආහාර වලින්ද වැළකිය යුතුය.[/FONT]

    [FONT=Malithi_Web] මස්‌ වර්ග වලට අමතරව කොලෙස්‌ටරෝල් අධික ආහාර වන බිත්තර කහ මදය, බටර්, චීස්‌ පීකදු වැනි ආහාර වලින් වැළකිය යුතුය. [/FONT]

    [FONT=Malithi_Web] ව්‍යාංජන පිළියෙල කිරීමේදී මේදය හා මිටි කිරි අවම වශයෙන් පාවිච්චි කළ යුතුය.[/FONT]

    [FONT=Malithi_Web] ශාරීරික ව්‍යායාම [/FONT]

    [FONT=Malithi_Web] ශරීරය මදක්‌ වෙහෙසීම රුධිරගත සීනි පාලනයට ඉවහල්වන අතර දියවැඩියාව වැළඳුනු ඔබ එය දැනගත් වහාම වෛද්‍ය උපදෙස්‌ යටතේ මේ සඳහා යොමුවිය යුතුය.[/FONT]

    [FONT=Malithi_Web] තම රුචිය පරිදි වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම තෝරා ගත හැකිය.[/FONT]

    [FONT=Malithi_Web] වැඩිහිටියන් සතියකට අවම වශයෙන් දින 5 ක්‌ වත් දිනකට මිනිත්තු 30 ක කාලයක්‌ ද ළමුන් දිනපතා, දිනකට පැයක පමණ කාලයක්‌ ද ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම්වල යෙදීම යෝග්‍යවේ. ව්‍යායාම මගින් රුධීරගත සීනි පාලනය ක්‍රමවත් වන අතර ශරීර බර වැඩිවීම පාලනය කර ශරීරයට සුවදායක බවක්‌ ලබාදෙයි.[/FONT]

    [FONT=Malithi_Web] පාලනය නොකළ දියවැඩියාවෙන් ඇතිවිය හැකි සංකූලතා [/FONT]

    [FONT=Malithi_Web] හෘදයාබාධ[/FONT]

    [FONT=Malithi_Web] ඇස්‌ පෙනීමේ දුර්වලතා හා අන්ධභාවය [/FONT]

    [FONT=Malithi_Web] වකුගඩු අක්‍රියවීම [/FONT]

    [FONT=Malithi_Web] අංශභාග රෝග තත්ත්වය [/FONT]

    [FONT=Malithi_Web] අත් පා වල ස්‌නායු හා රුධිරවාහිනි දුර්වල වීම [/FONT]

    [FONT=Malithi_Web] අත්පා වල තුවාල ඇතිවීම හා ඒවා සුව නොවීම නිසා අත් පා කපා ඉවත් කිරීමට සිදු වීම [/FONT]

    [FONT=Malithi_Web] ලිංගික දුර්වලතා [/FONT]

    [FONT=Malithi_Web] අක්‌මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම [/FONT]

    [FONT=Malithi_Web] මෙවැනි සංකූලතා වළක්‌වා ගන්නේ කෙසේද?[/FONT]

    [FONT=Malithi_Web] නිරාහාර රුධිර සීනි පරීක්‌ෂාව ( FBS) මසකට වරක්‌වක්‌ සිදු කරගැනීම [/FONT]

    [FONT=Malithi_Web] Hba 1c පරීකAෂාව මාස 3-6 අතර කාලයකදී සිදු කර ගැනීම [/FONT]

    [FONT=Malithi_Web] Urine Microalbumin පරීක්‍ෂාව වසරකට වරක්‌වත් සිදුකර ගැනීම [/FONT]

    [FONT=Malithi_Web] හැකිනම් ඇස්‌ පරීක්‌ෂාව වසරකට වරක්‌වත් සිදුකර ගැනීම [/FONT]

    [FONT=Malithi_Web] රුධිර පීඩනය සෑම සායන අවස්‌ථාවකදීම පරීක්‌ෂාකර ගැනීම. [/FONT]


    [FONT=Malithi_Web] බෝනොවන රෝග ඒකකය - සෞඛ්‍ය අමාත්‍යාංශය[/FONT]
     
    Oct 4, 2017
    231
    13
    0
    උඹල කරන්නේ තැන තැන තියන post මේකෙ copy paste කරල රෙප් හිගාකන එක. තමන්ගෙ කියල දෙයක් කරන්න කියල හිතක් නෑ. ඕකට කියන්නේ වහල් මානසිකත්වය කියල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹල කරන්නේ තැන තැන තියන post මේකෙ copy paste කරල රෙප් හිගාකන එක. තමන්ගෙ කියල දෙයක් කරන්න කියල හිතක් නෑ. ඕකට කියන්නේ වහල් මානසිකත්වය කියල


    මට දුකහිතුනා යාලො -රෙප් වලට :sorry: