දියවැඩියාව සමනය තේරෙන බශාවෙන් කිව්වොත් Diabetes remission or reversal – 01

life_man

Member
Jul 10, 2022
2
21
3
මම හිතනවා උබලා හැමෝම හොදින් ඉන්නවා කියල. ඇත්තටම මම එළකිරියේ මේ Account එක හැදුවේ Diabetes කොහොමද හොද කරගන්නේ කියන එක ගැන මගේ දැනුම උබලා එක්ක බෙදාගන්න. මුලින්ම කියන්න ඕන මේකෙදි මම Share කරන්න බලන්නේ මම දන්න දේ. මම වයිද්යවරයෙක්වත් සෞක්‍ය ක්ෂේශ්ට්‍රයට සම්බන්ද කෙනෙක්වත් නෙමෙයි ඒක නිසා මේකේ වැරදි තියෙන්න පුළුවන්. මට ඕන මේකේ සාරාංශය ඔලුවට ගන්න එක විතරයි. ආයෙත් කියනවා මම අවුරුදු 27ක AL Mathematics කරපු IT industry එකේ වැඩ කරන කොල්ලෙක්.

ඇත්තටම මේ diabetes කියන්නේ මොකක්ද?

එක ඉතින් මගෙන් අහන්න දෙයක් නැනේ බන් ඕනෑම එකෙක් දන්නවනේ. අපේ ඇගේ තියෙන්න ඕන glucose (අපේ බශාවෙන් නම් sugar) ලෙවෙල් එක ප්‍රමාණයට වඩා වැඩියෙන් අපේ ඇගේ තියනවා නම් අපි එකට සරලව diabetes කියලා කියනවා. (මම හැමෝටම තේරෙන්න කිව්වේ. විද්‍යාත්මක නිර්වචනය වෙනස් වෙන්න පුළුවන්)

දියවදියාවේ ප්‍රබේද මොනවද (Types of diabetes)?

මෙන්න මේකයි කතන්දරේ දියවැඩියාව වර්ග කීපයක්ම තියනවා. එත් ඒවගෙන් ලෝකේ මිනිස්සු අතර ඇති සුලබව තියන දියවදියා ප්‍රබේද දෙකක් තියනවා.

  • Type 1 Diabetes
  • Type 2 Diabetes

මොකක්ද මේ Type 1 diabetes කියන්නේ?

හරි. මේක ගැන කිව්වොත් ලෝකේ ඉන්න ඔක්කොම diabetes රෝගීන්ගෙන් 5-10% අතර ප්‍රමානායක තමයි මේ Type 01 කියන තත්වේ ඉන්නේ. මේකෙදි වෙන්නේ අපේ ශරීරයෙන් Insulin hormone එක නිපදවෙන්නේ නැති එක. (මම මේක ගැන ඉස්සරහදි කතා කරන්නම්). ඉතින් මේක හැදෙන්නේ ගොඩක් වෙලාවට කුඩා ළමයින්ට තමයි. ඒ වගේම මේක genetic වලින් තමයි බොහෝ විට එන්නේ (ඒ කිව්වේ ආරෙන්).එත් ඇත්තටම මේක ඇති වෙන්න හේතුවක් මේ වෙනකොට හොයාගෙන නැහැ. මේක හැදුන කට්ටිය ඉස්සර නම් දින කීපයක් ඇතුලත මරුනා. එත් Insulin injection එක මේ ලෝකෙට හදුන්වලා දුන්න ඒ මනුස්සයා නිසා මේ type 01 අයත් දැන් ජිවත් වෙනවා. එයාල හැම දවසකම ශරීරයට insulin එන්නත් කරගන්න ඕන මොකද මම කලින් කිව්වා වගේ එයාලගේ ඇගෙන් insulin නිෂ්පාදනය වෙන්නේ නැති නිසා.

මේක සමනය කරන්න, එහෙමත් නැතිනම් සුව කරන්න මේ ලෝකේ තවම කිසිම ප්‍රතිකර්මයක් හොයාගෙන නැහැ. එත් lifestyle, diet කියන දෙක නියම විදියට පවත්වාගෙන නිරෝගී පුද්ගලයෙක්ගේ ආයු කාලයම මෙයාලටත් ගෙවන්න පුළුවන්.

මොකක්ද මේ Type 2 diabetes කියන්නේ?

ඔන්න ආව මාතෘකාවට. මගේ මේ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න article series එකේ කතා නායකයා තමයි මේ Type 02 diabetes කියන්නේ.ඇත්තටම මේකෙදි වෙන්නේ අපේ ඇගේ insulin නිපදවෙනවා, එත් එක ඕන කාර්යය කරන්න වෙන්නේ නැහැ, ඒ කියන්නේ අපේ ඇග Insulin Resistance.

හරි මම එන්නම්කෝ මොකක්ද මේ insulin කියන්නේ කියලා, ඇත්තටම insulin කියන්නේ hormone එකක්. එකෙන් වෙන්නේ අපේ ඇගේ තියන blood sugar එහෙමත් නැතිනම් glucose අපේ සෙල් වලට ගෙනියන එක කියලා සරලව හිතන්නකෝ. ඒ කියන්නේ sugar, energy විදියට use කරන්න පුළුවන් වෙන විදියට වැඩ ටික කරලා දෙන එක. අපි ගන්න හැම කෑමකිනම අපේ sugar ලෙවල් එක Up වෙනවා, ඔන්න එතකොට insulin ඇවිල්ලා බුෂු බුෂු ගාලා ඒවා ඕන ඕන තැන් වලට ගිහින් දාල ආයේ sugar level එක normal කරනවා.

අපේ ශරීරය insulin resistance වෙනවා කියන්නේ, insulin වලින් වෙන වැඩේ හරියට කරගන්න අපේ ශරීරය ඉඩ දෙන්නේ නැති වෙනව. එතකොට මොකද වෙන්නේ පුතාලා sugar level එක up. "අම්මටසිරි වෙනවානේ ඉඩහන් මම තව insulin ටිකක් එවන්නම්, කොහොම හරි blood sugar ලෙවල් එක normal කරගනින්" කියලා pancreas (අග්න්‍යාශය) එකේ තියන beta cells වලින් තව insulin නිපදනවා. ඔහොම ඔහොම එන්න එන්න දවසින් දවස අවුරුදු ගානක් ලොකු insulin ප්‍රමාණයක් නිපදවන්න වෙනවා beta cells වලට. ඊටපස්සේ ඔය beta cells ටික ටික inactive වෙනවා මොකද දරාගන්න බැරි තරම් insulin නිෂ්පාදනය කරන්න වෙන නිසා. අන්න පුතේ බඩු බදර් වෙන තැන. ඔන්න ඔතනදි glucose level එක normal කරගන්න කිසිම විදියක් නැති වෙනවා. අන්න එතකොට තමයි type 02 diabetes හැදුනා කියලා අපි කියන්නේ.

Type 02 diabetes වල ලක්ෂණ මොනවද?

ඇත්තටම කිව්වොත් මේකේ ලක්ෂණ එන්නේ ඔහොම හෙමින්. සමහරවිට කෙනෙක් අවුරුදු 10 උනත් ඉන්න පුළුවන් තමන්ට මේ type 02 diabetes තියනවා කියලා නොදැන. මෙන්න මේ පහල රෝග ලක්ෂණ තියනවා නම් විද්‍යවරයෙක් හමුවෙන්න

  • අම්බානෙකට චූ දානවා (Increased urination)
  • පට්ටම තිබහක් තියෙන්නේ (increased thirst)
  • වෙනදට වඩා දිව කට වේලෙනවා (Dry mouth)
  • පෙනීම අවුල් වෙනවා පොඩි බොද ගතියක් (blurred vision)
  • සමහරුන්ට චුවේ (ලින්ගේන්ද්රයේ) පොඩි සුදු පාට ගෙඩි වගේ ලයින් එකක් එනවා (yeast infection)
  • දවසම මස්තබාල්දුයි වගේ feeling එකක් එනවා
  • අපි කිසිම මගුලක් නොකර අපේ බර නිකන්ම අඩුවෙනවා.

කොහොමද අපිට Type 02 නිසැකවම තියනවද කියල අදුනගන්නේ?

ආ එකට ඔයාගේ දොස්තර මහත්තයා කරන්න පරීක්ෂණ ටිකක් ලියලා දෙයි ඒ ටික බලල ඔයාට කියාවි මොකක්ද ඔයා normal , pre-diabetes (පෙර දියවදියා තත්වය) එහෙමත් නැතිනම් බඩු බනිස්ද කියන එක. ADA (American Diabetes Association) කියන විදියට මේක අදුරගන්න කරන මුලිකම ටෙස්ට් කීපයක් තියනවා

  • HBA1C (මේකෙදි මාස 2-3 ඇතුලත අපේ රුදිරයේ තියන Glucose ප්‍රමාණය ගන්න එක තමයි කරන්නේ.) මේකෙදි එන්න ඕන ranges ADA එකට අනුව,
    • For Normal = Less than 5.7
    • For Pre-diabetes = 5.7% to 6.4%
    • For diabetes = 6.5 or higher
  • Fasting Plasma Glucose (FPG) මේක බලන්නේ අපි නිරාහාරව පැය 8ක් ඉදලා. මේකේ range එක ADA එකට අනුව
    • Normal =less than 100 mg/dl
    • Prediabetes = 100 mg/dl to 125 mg/dl
    • Diabetes = 126 mg/dl or higher
  • Random (also called Casual) Plasma Glucose Test - මේක දවසේ ඕනෑම වෙලාවක ගන්න blood එකක 200 mg/dl වලට වඩා අඩුවෙන් තියන්න ඕන කියලයි ADA එකෙන් කියන්නේ.

මේක හැදුනට පස්සේ මොකද කරන්නේ?

ඔන්න මෙතන ඉදන් තමයි සිරාම සිද්දිය පටන් ගන්නේ. හිතල බලන්නකෝ ඔයාල දන්නා diabetes හදුනා අය ඉන්න හැටි ගැන. එයාලට කිසි දෙයක් කන්න බොන්න නැහැ හැමදාම බෙහෙත් බිබී ඉන්නවා නේද? සමහර විට insulin ගන්නවත් ඇති. හරි ඉස්සරහට කතාව ගෙනියමුකෝ.

අපිට දෙන බෙහෙත් වලින් මොකද වෙන්නේ ?

බෙහෙත් වලින් වෙන්නේ ඉතින් insulin වල කාර්යය කරගන්න සහය වෙන එක තමයි. (මේක ගැන නම් මට ලොකු අවබෝදයක් නැහැ)

දොස්තර මහත්තයා බෙහෙත් දෙන ගමන් කියන්නේ අයි පිටි ජාති එහෙම කන්න එපා කියලා?

මේකනේ glucose ශරීරයට ලැබෙන ප්‍රදානම විදියක් තමයි මේ carbohydrate කියන්නේ. ඒ කියන්නේ අපි කන බත් පාන්පිටි ආශ්‍රිත කෑම වගේ දේවල්. ඉතින් මම මුලදීම කිව්වා beta cell කතාව මතක් කරගන්නකො. Diabetes කියන්නේ beta cells inactive වෙලා තියෙන්නේ ඒ කියන්නේ insulin නිපදවෙනවා අඩුයි. එතකොට මොකද වෙන්නේ අපේ අගේ glucose level එක වැඩි. ඉතින් අපිට බලෙන් insulin නිපදවන්න බැහැනේ, අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපි ඇග ඇතුලට දාගන්න glucose ප්‍රමාණය අවම කරගන්න එක. එතකොට අපිට නිපදවෙන insulin ටිකෙන් sugar level එක normal කරගන්න පුළුවන්. ඔන්න ඕකයි දොස්තර මහත්තයා අපිට කියන්නේ පිටි සහිත හෝ සිනි ගන්න එපා කියලා.

එතකොට මේක නිට්ටාවට සුව කරන්න පුලුවන්ද?

ඔව්, නැහැ. පොඩ්ඩක් confuse උනා නේද? මේකයි කතාව, හිතන්න දෙයක් නිට්ටාවට සුවවෙනවා කියන්නේ (cured) ආයේ එක හැදෙන්නෙම නැහැ කියන එක. එතකොට මේ diabetes හොද කරන්න පුළුවන්, එත් එක ආයෙත් කවදාවත්ම හැදෙන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ අන්න එක නිසා ADA එක බොහොමයක් විද්වතුන් ඉදිරිපත් කරන නම තමයි Diabetes Remission, Reversal ( දියවදියා සමනය)

නිකමට හිතන්නකෝ අපි බදජාරියෝ වගේ කාල diabtes හදාගන්නවා. ඊටපස්සේ දියවැඩියාව හොද කරගෙන අර කලින් විදියටම කෑවොත් ආයේ ටික කාලෙකින් හැදෙනවනේ? අන්න එකයි Diabetes remission කියලා කියන්නේ.

මේක ගැන විස්තර කියන්නකෝ, කොහොමද අපි දියවැඩියාව සමනය කරගන්නේ?

අම්මටසිරි මේක පට්ටම දිග කතාවක්. ලංකාවේ වැඩියේ කතා නොවන මේ මාතෘකාවේ මුල ඉදන් ඊලග article එකේ කියවමු.

මම මේ උත්සාහය ගන්නේ ලංකාවේ එක ජිවිතයක් හරි ලස්සන කරන්න. ඉතින් ඔයාලට දැනෙන දේත් බෙදාගන්න අමතක කරන්න එපා. ඉස්සරහට දාන articles ටික මම මේකේ links දාන්නම්. එහෙනම් හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා.
 
Last edited:

funmalaya

Well-known member
  • May 5, 2008
    1,049
    481
    83
    අතරමග
    Part two ලියමු නේද එක්කෙනෙක් හරි මේක ඕන කමින් කියවනවානේ. එක නිසා ලියන්නම්.

    එලම ලගදීම දාන්නම් !
    ------ Post added on Oct 9, 2022 at 10:30 PM
    කෝ බං part 2
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    141
    125
    43
    Colombo

    වටිනවා මචං 😍😊.. ඉතිරි කොටසත් Update කරන්න.