දියවැඩියාව සුවකර ගන්න උපදෙස්
කකුල් සහ ඇඟිලි කැපීම් වළක්වා දියවැඩියාව සුවකර ගන්න උපදෙස්
දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකි එහෙත් හොඳින් පාලනය කළ යුතු රෝගයකි. දියවැඩියාව සහ එයින් ඇති කරන්නා වූ රෝග ලක්ෂණ රෝගියා විශාල විඳවීමකට භාජනය කරන අතර අධික ලෙස උත්සන්න වීමේදී දියවැඩියාව නිසාම රෝගියාට මරණයට පවා මුහුණ දෙන්නට සිදුවිය හැකිය. දියවැඩියාව වඩාත් භයානක රෝගයක් සහ මාරාන්තික රෝගයක් වන්නේ එය තවත් මාරාන්තික ලෙඩ රෝග රාශියකට මංපාදන නිසාය. දියවැඩියාව ඉහත විස්තර කළ අයුරින් මාරාන්තික
රෝගයක් වුවත් එය හොඳින් පාලනය කර ගතහොත් එය අපේ ජීවිතවලට නරකක් නපුරක් කරන්නේ නැත. ඒ ඒ පුද්ගලයා මේ ලෝකයට ගෙනවිත් තිබෙන ආයුෂ ඒ ආකාරයෙන්ම ගත කරන්නට වුව දියවැඩියාව එවිට බාධා නොකරයි. එම නිසා දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීමේ වැදගත්කම අප කාටත් හොඳින් අවබෝධ විය යුතුය.
දියවැඩියාව යනු රුධිරයේ ග්ලුකෝස් “මට්ටම” අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීමයි. පළමු කාණ්ඩයේ දියවැඩියාව ඉන්සියුලින් ඌනතාවය නිසා හටගන්නා අතර දෙවන කාණ්ඩයේ දියවැඩියාව ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ක්‍රියාත්මක නොවීම නිසා හටගනී. මෙම ප්‍රභේද දෙක අතුරින් වඩාත් බහුල වන්නේ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වන අතර මෑත කාලීනව වසංගතයක වේගයෙන් පැතිර යන්නේද එයයි.
කෙනෙකුගේ නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම (Fasting Blood Sugar - FBS) 126 mg / dl f ට වඩා වැඩිනම් ඔහු දියවැඩියා රෝගියෙකි. නමුත් ඔහු දියවැඩියා රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් තවත් රුධිර පරීක්ෂාවක් මගින් රෝග විනිශ්චය තහවුරු කර ගත යුතුය.
නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටමේ (Fasting Blood Sugar - FBS) සාමාන්‍ය අගය 70- 110 mg / dl f දක්වා අගයක් ගනියි. රුධිර ග්ලූකෝස් මට්ටම 110 සිට 126 mg / dl f දක්වා අය සැලකිය යුත්තේ ග්ලූකෝස් දරාගැනීමේ ශක්තිය අඩු (Impaired glucose tolerance) පූර්ව දියවැඩියා අවස්ථාව ලෙසයි.
දියවැඩියාව හොඳින් පාලනය කර ගත යුත්තේ ඇයි?
දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකි එහෙත් හොඳින් පාලනය කළ යුතු රෝගයකි. දියවැඩියාව සහ එයින් ඇති කරන්නා වූ රෝග ලක්ෂණ රෝගියා විශාල විඳවීමකට භාජනය කරන අතර අධික ලෙස උත්සන්න වීමේදී දියවැඩියාව නිසාම රෝගියාට මරණයට පවා මුහුණ දෙන්නට සිදුවිය හැකිය. දියවැඩියාව වඩාත් භයානක රෝගයක් සහ මාරාන්තික රෝගයක් වන්නේ එය තවත් මාරාන්තික ලෙඩ රෝග රාශියකට මංපාදන නිසාය.
දියවැඩියාව නිසා හෘදයාබාධ සහ ආඝාතය (අංශභාගය) ඇති වීමේ ප්‍රවණතාවය බෙහෙවින්ම වැඩි වෙයි. එයටත් අමතරව දියවැඩියා රෝගියෙකුට එම රෝගී තත්ත්වයන් ඇති වුවහොත් ප්‍රතිඵලය වඩා භයානක සහ කනගාටුදායක වේ.
දියවැඩියාව නිසා වකුගඩු, ඇස් ආදී ශරීරයේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන් හා පද්ධති දුර්වල කිරීම සහ අකර්මණ්‍ය කිරීම සිදුකරයි. දියවැඩියාව නිසා රුධිර නාල බෙහෙවින්ම රෝගී තත්ත්වයට පත්කරන අතර ස්නායු දුර්වල වීමද සිදු වෙයි.
දියවැඩියාවේ බොහෝ දෙනා දැක ඇති සංකූලතාවයක් වන්නේ දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇඟිලි, පාදයෙන් කොටසක් හෝ සම්පූර්ණ පාදයම අහිමි වී ඇති තත්ත්වයයි. ඇසින් දැක ගත හැකි සංකූලතාවය එය වුවත් ශරීර අභ්‍යන්තරයේ ඊටත් වඩා දරුණු සංකූලතා ඇසට නොපෙනීම ඇති බව අප වටහාගත යුතුය.
දියවැඩියාවේ හොඳ පැත්ත කුමක්ද?
දියවැඩියාව ඉහත විස්තර කළ අයුරින් මාරාන්තික රෝගයක් වුවත් එය හොඳින් පාලනය කර ගතහොත් එය අපේ ජීවිතවලට නරකක් නපුරක් කරන්නේ නැත. ඒ ඒ පුද්ගලයා මේ ලෝකයට ගෙනවිත් තිබෙන ආයුෂ ඒ ආකාරයෙන්ම ගත කරන්නට වුව දියවැඩියාව එවිට බාධා නොකරයි. එම නිසා දියවැඩියාව හොඳින් පාලනය කර ගැනීමේ වැදගත්කම අප කාටත් හොඳින් අවබෝධ විය යුතුය.
හොඳ දියවැඩියා පාලනයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
දියවැඩියා රෝග පාලනය සම්බන්ධයෙන් බහුලව සිදුකරනු ලබන පරීක්ෂණය වන්නේ නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම (Fasting Blood Sugar - FBS) යි. දියවැඩියාව හොඳින් පාලනය වී තිබේනම් මෙහි අගය 100 mg / dl f වඩා අඩු විය යුතුය.
හොඳ පාලනයේදී ප්‍රධාන ආහාර වේලෙන් පැය දෙකකට පසුව සිදුකරනු ලබන ග්ලූකෝස් පරීක්ෂණයේ (Post Prandial Blood Sugar - PPBS) අගය 140 mg / dl f ට වඩා අඩු විය යුතුය.
හොඳ දියවැඩියා පාලනයක් ඇත්නම් දීර්ඝකාලීන දියවැඩියා පාලනය සම්බන්ධයෙන් වඩා හොඳ දර්ශකයක් වන ග්ලුකෝස්කෘත හීමොග්ලොබින් මට්ටම HbA1c 7 හෝ ඊට අඩු විය යුතුය. නමුත් ඒ ඒ රෝගීන් සඳහා එහි ප්රශස්ත මට්ටම වෙනස් විය හැකිය.
එබැවින් දියවැඩියා රෝගීන් තම වෛද්‍යවරයා තමාට නිර්දේශ කරන පරාසයේ එය රඳවා ගැනීමට කටයුතු කළ යුතුය.
මෙය වඩා හොඳ දර්ශකයක් වුවද රජයේ රෝහලේ සායනයට එන ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී රෝගීන්ට මෙය නිතර පිටින් කරගැනීම අසීරු කටයුත්තකි. ඔවුන් වෙනුවෙන් රජයේ රෝහල්වල මෙම පරීක්ෂණය සිදුකිරීමේ පහසුකම් ඇති කිරීම දැඩි කාලීන අවශ්‍යතාවයකි. කෙසේ වෙතත් අවම වශයෙන් අවුරුද්දකට වරක්වත් මෙම පරීක්ෂණකර ගැනීම සහ එහි මට්ටමට අනුව දියවැඩියා පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුය.
එම මූලික පරීක්ෂණවලට අමතරව සංකූලතා වළක්වා ගැනීම සඳහා රුධිර පීඩනය හොඳින් පාලනය කිරීම, රුධිර කොලෙස්ටරෝල් මට්ටම හොඳින් පාලනය කර ගැනීම, මුත්‍රා ඇල්බියුමින් සඳහා හය මාසයකට වරක්වත් පරීක්ෂා කිරීම, අවම වශයෙන් වාර්ෂිකව කළ යුතු ඇස් පරීක්ෂාව, පාද පරීක්ෂාව ආදිය අනිවාර්යයෙන්ම කළ යුතුය.
හොඳ දියවැඩියා පාලනයක් ඇතිකර ගන්නේ කෙසේද?
දියවැඩියාව හොඳින් පාලනය කරගැනීම සඳහා රෝගියා විසින් පිළිපැදිය යුතු ක්‍රමවේදයන් මෙසේය.
1. ඖෂධ නිසි පරිදි ගැනීම හා සායනවලට නිසි පරිදි සහභාගි වීම.
2. නිසි ආහාර පාලනය.
3. නිසි ව්‍යායාම.
4. මනස සතුටින් තබා ගැනීම.
5. වැරදි ආකල්පවලින් මිදීම.
6. දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වළක්වා ගැනීම.
ඇත්ත වශයෙන්ම දියවැඩියාව විසින් හිස් මුදුනේ සිට දෙපතුල දක්වා ඇති සියලුම ෙසෙල දුර්වල කිරීමක් සිදු කරයි. වෙනත් අයුරකින් කියනවානම් දියවැඩියාවෙන් ශරීරයේ සියලුම ෙසෙල අඩපණ කිරීමක් හෝ බාගෙට මරා දැමීමක් සිදු වේ. ඒ අතර ෙසෙල රාශියක් සම්පූර්ණයෙන් මරාදැමීමද සිදු වේ. අපේ ශරීරයේ අවයව සහ පද්ධති සැකසී තිබෙන්නේ ෙසෙලවලින් වන බැවින් ෙසෙල මට්ටමෙන්ම එම විනාශය සිදුවන විට එය අවයව සහ පද්ධතිවලට බලපෑම් කරන ආකාරය ගැන පුදුම විය යුතු නැත.
අපට ඇති අත්දැකීම් අනුව පවසන්නේ නම් පාලනයක් රහිත දියවැඩියාව ඇති ඕනෑම රෝගියෙකුට ඕනෑම මොහොතක ඕනෑම නරක දෙයක් වීමට ඉඩ ඇත. මිනිසෙකුට විය හැකි උපරිම නරක දෙය වන්නේ මරණයට පත් වීමයි. එනම් පාලනයෙන් තොර දියවැඩියාව ඇති කෙනෙක් ක්ෂණිකව මරණයට භාජනය විය හැකිය. ක්ෂණික මරණයෙන් මෙපිට අංශභාගය සෑදී ශරීරයෙන් අර්ධයක් අකර්මන්‍ය වීම හෘදයාබාධ වැළඳී හෘදයෙන් කොටසක් මියයෑම සහ පාද ඇතුළු ශරීරාංග අහිමි වීම ආදිය ඇති විය හැකිය. ඇත්ත වශයෙන්ම එවැනි තත්ත්වයන් ශරීරයෙන් භාගයක් මියගියා වැනි අනන්ත අප්‍රමාණ දුක් විඳිය යුතු තත්ත්වයන් වෙයි.
එබැවින් “මම ඕනෑම වෙලාවක මැරෙන්න බය නෑ, ඒ නිසා ඕනම දෙයක් කනවා, ඔහොම බෙහෙත් බොන්න පුළුවන් කාටද?” කියා නිසි ආහාර පාලනය කරන්නේ නැති, නිසි ව්‍යායාම ලබාගන්නේ නැති, නිසි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නේ නැති, දියවැඩියා රෝගීන් වටහාගත යුතු සත්‍ය වන්නේ නොමැරී භාගෙට මැරුණු තත්ත්වයකින් ජීවිතයේ ඉතිරි කාලය විඳවන්නට සිදුවුවහොත් තමාට අත්වන ඉරණමයි. එය තමාට පමණක් නොව සමස්ත පවුලටමත් රටටත් විශාල බරකි.
දියවැඩියාව යනු නිට්ටාවට සුව කළ නොහැකි එහෙත් ඉතා හොඳින් පාලනය කරගත යුතු රෝගයක් බව අපි දැන් දනිමු. වෛද්‍යවරුන් විසින් යමෙකු දියවැඩියා රෝගියෙක් යැයි තීරණය කළ පමණින් ඖෂධ ප්‍රතිකාර පටන් ගන්නේ නැත. රුධිර සීනි මට්ටම ඉතාම වැඩි නැතිනම් වෙනත් වෛද්‍ය රෝගයකින් රෝගියා පෙළෙන්නේ නැතිනම් නිසි ආහාර පාලනය, නිසි ව්‍යායාම , මනස සතුටින් තබාගැනීම ආදියෙන් පමණක් දියවැඩියාව පාලනය කර ගත හැකිය. ඒ ඒ රෝගියාට අදාළව ආරම්භක රුධිර සීනි මට්ටම සලකා බලා බොහෝ වෛද්‍යවරු බෙහෙත් පටන් ගැනීමෙන් තොරව දියවැඩියාව පාලනය කරගැනීමට රෝගියාට අවස්ථාව ලබාදෙයි.
නමුත් රෝගියාගේ තත්ත්වයන් සලකා බලා වෛද්‍යවරයා ඖෂධ නියම කළහොත් එම ඖෂධ වෛද්‍ය උපදෙස්වලට අනුව නියම කළ ආකාරයටම ගැනීම රෝගියා සතු යුතුකම සහ වගකීම වේ. වෛද්‍යවරයා නියම කරන ආකාරයට බෙහෙත් නොගන්නා තමන්ගේ හිතුමනාපයට බෙහෙත් ගන්නා කිසිම දියවැඩියා රෝගියෙකුට හොඳ දියවැඩියා පාලනයක් ඇති කර ගත නොහැකිය.
බොහෝ රෝගීන් වෛද්‍යවරයා නියම කරන ආකාරයට බෙහෙත් නොගන්නා බව දියවැඩියා රෝගීන් රාශියක් සමග සාකච්ඡා කිරීමෙන් අපට හෙළිකර ගැනීමට හැකිවිය. නමුත් වෛද්‍යවරයා සිතාගෙන සිටින්නේ තම රෝගියා තමා නියමකරන ආකාරයෙන් බෙහෙත් ගන්නා බවයි. මෙහිදී ඇතිවන පරස්පරතාවය දියවැඩියා පාලනය සම්පූර්ණයෙන්ම අහිමිකර දැමීමට හේතුවෙයි.
මෙම පරස්පරතාවය නිසා පැනනගින අර්බුදයක් මෙසේ අපට දැක්විය හැකිය. රෝගියා තුළ තිබෙන වැරදි ආකල්ප නිසා වෛද්‍යවරයා නියම කළ බෙහෙත් රෝගියා නියමිත පරිදි නොගනියි. ලේවල සීනි මට්ටම බෙහෙත් නොබොන නිසා ඉහළ යයි. ඊළඟ වතාවට රෝගියා වෛද්‍යවරයා හමුවට ගියවිට ලේවල සීනි වැඩි වී ඇති නිසා වෛද්‍යවරයා තවදුරටත් බෙහෙත් වැඩිකරයි. වෛද්‍යවරයා එසේ බෙහෙත් වැඩි කරන්නේ රෝගියා නිසි පරිදි බෙහෙත් බොන්නේ නැති බව නොදන්නා නිසාය. රෝගියා කිසිවිටක එය වෛද්‍යවරයාට නොකියන නිසා එහිදී වෛද්‍යවරයා සිතන්නේ බෙහෙත් මාත්‍රාව මදි නිසා සීනි පාලනය මදි යැයි කියාය.
දියවැඩියා බෙහෙත් ගැනීමේ අගුණයක් නැති බවත් නිසි පරිදි බෙහෙත් ගත යුතු බවත් රෝගියා වෙනත් මාර්ගයකින් අවබෝධ කරගත් විට රෝගියා වැඩිකරන ලද බෙහෙත් මාත්‍රාවන් ගන්නට පටන් ගනී. එම තත්ත්වයේ ප්‍රතිඵලය වන්නේ දින කිහිපයක් යන විට රෝගියාගේ ලේවල සීනි උවමනාවටවත් වඩා අඩු වී රෝගියාට රෝහල්ගත වන්නට සිදුවීමයි. මෙවැනි අවස්ථා රාශියක් අපට අත්දකින්නට ලැබි ඇත.
ඇත්ත වශයෙන්ම නිසි අවබෝධයෙන් වැරදි ආකල්ප වලින් බැහැර වී නිසි වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් ගන්නවා නම් දැනට සායන වලින් නිකුත් කරන බෙහෙත් ප්‍රමාණයෙන් භාගයකටත් අඩු ප්‍රමාණයකින් ඉතාම හොඳ දියවැඩියා පාලනයක් ඇති කළ හැකි බව අප කියන්නේ අත්දැකීමෙනි.
ඇතැම් බෙහෙත් වර්ගවල රෝගියා ප්‍රිය නොකරන අතුරු ප්‍රතිඵල තිබිය හැකිය. නිදසුනක් ලෙස මෙට්ෆෝමින් (Metformin) වලට ආහාර අරුචිය ඇතිවීම දැක්විය හැකිය. නමුත් ඒ බව වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට අනේයාන්‍ය අවබෝධයෙන් බෙහෙත් සංශෝධනය කරවාගත යුතුය. එසේ නොමැතිව රෝගියාට යම් අපහසුතාවයක් දැණුන පමණින් බෙහෙත් නවතා දැමුවහොත් හෝ බෙහෙත් ගන්නා ආකාරය හිතුමතේට වෙනස් කළහොත් ඇතිවන්නේ මහත් විනාශයක්මය.
වෛද්‍යවරුන් විසින් නියම කරන ලද බෙහෙත් නොගැනීමට මෙට්ෆෝමින් බිව්වහම වකුගඩු නරක්වෙනවා ආදී සමාජයේ පතුරුවා ඇති වැරදි මතද හේතුවන අතර ඒවා අපි වැරදි ආකල්ප වලින් මිදීම යටතේ තවදුරටත් සාකච්ඡා කරමු.
නිසි වෛද්‍ය උපදෙස්වලට අනුව නිසි පරිදි බෙහෙත් ගැනීමට සහ දියවැඩියාව හොඳින් පාලනයට අදාළ අනෙකුත් ක්‍රමවේදයන් නිසි පරිදි පිළිපැදීම සඳහා නිසි පරිදි අඛණ්ඩව සායනවලට පැමිණීමද ඉතාම වැදගත් වේ. එය රජයේ රෝහලේ සායනය ඔබේ විශේෂඥ වෛද්‍යවරයාගේ සායනය හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ සායනය විය හැකිය. වරක් දෙවරක් සායන වලට පැමිණ ඉන්පසු දිගටම ඒ නියම කර ඇති බෙහෙත් ෆාමසියකින් මිලදී ගෙන පානය කිරීමට බොහෝ දෙනා පුරුදු වී ඇති අතර එය ඉතාම භයානක ප්‍රතිඵල අත්කර දෙන්නක් විය හැකිය. එහිදී සංකූලතාවන් වළක්වා ගැනීම තබා දියවැඩියාව පාලනය කර ගැනීමවත් කළ නොහැකි බව දියවැඩියා රෝගීන් අවබෝධ කර ගත යුතුමය.
අනෙක් අතට බෙහෙත් නියම නොකළ දියවැඩියා රෝගීන් කල්පනා කරන්නේ බෙහෙත් නොදෙන නිසා තමා සායනයට යා යුතු නැති බවයි. ටික දිනක් යන විට තමා දියවැඩියාවෙන් පෙළෙන බව පවා ඔවුන් අමතක කරයි. එවැනි අවස්ථාවලදී සිදුවන්නේ තමාටත් හොරෙන් දියවැඩියාව උත්සන්න වී ඉතාම කනගාටුදායක හෘදයාබාධ වැනි සංකූලතාවයන්ට රෝගියා ගොදුරු වී ජීවිතය පවා අකාලයේ අහිමි වීමයි.
ඉහත විස්තර කිරීමට අනුව දියවැඩියාව හොඳින් පාලනය කිරීමේදී රෝගියාගේ පැත්තෙන් විය යුතු පළමු දෙය බෙහෙත් ගැනීම නොවන බව ඔබට අවබෝධ විය යුතුය. ආහාර පාලනය සහ නිසි ව්‍යායාම ලබාගැනීම පිළිබඳ වගකීම ඇත්තේ තනිකරම රෝගියාට වන නිසාත් බොහෝ රෝගීන්ට බෙහෙත් වලින් තොරව පවා නිසි දියවැඩියා පාලනයක් ඇති කර ගත හැකි නිසාත් වඩාත් වැදගත් වන්නේ නිසි ආහාර පාලනය සහ නිසි ව්‍යායාම ලබාගැනීමය.
එහෙත් අප ඖෂධ නිසි පරිදි ගැනීම හා සායනවලට නිසි පරිදි සහභාගි වීම පළමු කොටස ලෙස විස්තර කළේ වෛද්‍යවරයා විසින් මෙම කොටසෙන් සමස්ත ක්‍රියාවලියම මෙහෙයවන නිසාය.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
by- lakbima