මේක මට නිකමට වගේ හිතුන දෙයක්. "දියසේන" කියන්නේ ඒ කාලේ ඉඳන් ශ්‍රී ලංකාව පාලනය කරපු අය තමන්ගේ බලය තහවුරු කර ගන්න හදපු scam එකක් වෙන්න බැරිද? "තනි මිනිහෙක්ට" ලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට කරන්න පුළුවන් කියලා පොදු ජනතාව අතරේ මතයක් හදලා, එසේ බිහිවන තනි පුද්ගලයාගේ නම "දියසේන" කියලත් පොදු ජනතාව අතරේ මතයක් හදලා, එක එක කාලවල් වලදී තමන්ට "දියසේන" කියන නාමය ආරූඪ කරගෙන ලංකාව පාලනය කරන්න පුළුවන් වෙන විදිහේ මාර්ගයක් ඒ කාලේ හිටපු ඩයල් විසින් නිර්මාණය කරා වෙන්න බැරිද? මං කියන්නෙ ඇත්තම සීන් එක බැලුවොත් "තනි" මිනිහෙක්ට "තනියෙන්" රටක් ගොඩ දාන්න බෑනෙ. හැබැයි තාමත් අපේ රටේ මිනිස්සු හැම ඡන්දෙකදිම "මේ පාර ඡන්දෙන් එන මිනිහා system එක change කරල මේ රට ගොඩ දානවා" කියන scam එකට අහුවෙනවනේ. එහෙම වෙන්නේ "ඌ තමයි දියසේන" කියලා ශ්‍රී ලංකාවේ මිනිසුන්ගෙ යටිහිතේ නොදැනුවත්වම mentality එකක් නිර්මාණය වෙන හින්ද වෙන්න බැරිද? කොහෙවත් යන එකෙක් කවද හරි ලංකාවෙ නායකයා වෙලා අපිට හොඳට කන්න බොන්න අඳින්න පළදින්න දෙයි කියලා හිතාගෙන, තමන්ගෙ මහන්සියෙන් අමතර මුදලක් හොයා ගන්න යන්නෙ නැතුව නිකං උඩ බලාගෙන ඉන්න මට්ටමට ලංකාවෙ මිනිස්සුන්ව වෙනස් කරේ දියසේන වෙන්න බැරිද? බැරිවෙලාවත් ලංකාවෙ "කවදාවත් දියසේන කෙනෙක් බිහිවෙන්නේ නෑ" කියලා මතයක් හැදිලා මිනිස්සු "තමා හිසට තම අතමය සෙවනැල්ල" කියලා හිතාගෙන මීට වඩා සල්ලි හොයන්න උනන්දු වුනා කියලා හිතමුකො. ඔහොම සල්ලි හොයන මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පිටරටවල් වලිනුත් අති විශාල ආදායමක් ලංකාවට ගේන්න පටන් ගත්තා කියලත් හිතමුකො. එහෙම සල්ලි ගේන ඩයල් විසින්ම ලංකාවේ හදන projects හින්ද ලංකාව දියණු වෙන්න පටන්ගත්තොත් සමහරවිට ලංකාවෙ මිනිස්සුන්ට හිතෙන්න පටන් ගයි "අපිට දියසේන කෙනෙක් ඕනේ නෑනේ. සල්ලි හොයන්න පුලුවන් මිනිස්සු "ගොඩක්" හදා ගත්තොත් "අපිටම" එකතුවෙලා මේ රට ගොඩ දාන්න පුළුවන්නෙ" කියලා. ඕක ලංකාව පාලනය කරන අයට දේශපාලනිකව අවාසි වෙන හින්දා ඒ කාලෙ හිටපු ඩයල් කල්තියාම "දියසේන" කියල චරිතයක් නිර්මාණය කරලා අර මං කලින් කිව්වා වගේ දෙයක් ලංකාවේ සිද්ද නොවෙන්න වගබලා ගත්තා වෙන්න බැරිද? (මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අවුරුදු තුනකට විතර කලින් මං Elakiri එකේ account එකක් හැදුවට දැන් තමා මං Elakiri account එක පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඒ නිසා trigger වෙන්න එපා සහෝදරවරුනි.
No offense.)
