Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#දියෙස්පොරාව 2

මවු බස

මවු බස යනු කෙනකුගේ අනන්‍යතාව හඟවන ප්‍රධානම සලකුණයි. යමකුගේ ජීවිතයට කුඩා කල සිට තම වර්ගයාගේ සංස්කෘතිය ඇතුළු වන්නේ ඔහුගේ මාතෘ භාෂාව මඟිනි. සාමාන්‍යයෙන් දියෙස්පෝරා වැසියන් ඔවුනොවුන් හමු වූ විට භාවිත කරන්නේ තම මවු බසයි. එනයින් චීන ජාතිකයන් හා ඉන්දීයයන් පමණක් නොව, අපේ රටෙන්ම පැමිණි දමිළයන්ද දියෙස්පෝරාවේදී තමන්ගේ මිනිසුන් හමු වූ විට භාවිත කරන්නේ තම මාතෘ භාෂාවයි. ඒ නිසාම ඔවුන්ට තම සංස්කෘතිය අමතක නොවෙයි.

එහෙත් මෙය ශ්‍රී ලාංකික දියෙස්පෝරාවෙහි සමහරුන්ට තරමක් විචිකිච්ඡාවක් ගෙන එන කරුණකි. කුමන හෝ හේතුවකට අපේ රටේ සමහර පුද්ගලයන් විදෙස්ගත වී සිටියදී කෙසේ වෙතත්, මවු බිමේදී පවා මවු බස අමතක වීමේ හෝ අමතක කිරීමේ ප්‍රවණතාවකට හසුව ඇති බව පෙනේ.

දිනක් දියෙස්පෝරාවේ මා සිටින ප්‍රදේශයේදී ඉතා මෑතක ශ්‍රී ලංකාවේ සිට පැමිණි පවුලක් හමු විය. ඔවුන්ගේ එකම දරුවාට සිංහල කථා කිරීමට අපහසු බව ඒ දරුවාගේ මවුපියෝ මහත් සතුටින් මට දන්වා සිටියහ. හොඳට සිංහල කථා කරන මවුපියන් සිටින දරුවකුට ලංකාවේ සිට පැමිණි විගස සිංහල කථා කිරීම අපහසු වීමට හේතුව කුමක්දැයි මම ඔවුන්ගෙන් විමසා සිටියෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ පිටරටක පදිංචියට යෑමට කාලයක සිට සූදානම් වෙමින් සිටි බැවින් තම දරුවා අන්තර්ජාතික පාසලකට යවා උගැන්වූ අතර, දරුවාගේ ඉංග්‍රීසි භාෂා ඥානය වැඩිදියුණු කිරීමේ අදිටනින් ඔවුන්ද ගෙදරදී දරුවා සමග ඉංග්‍රීසියෙන් පමණක්ම කථා කළ බවයි. දැන් දරුවාට මවු බස අමතකය. මෙහි එන ඕනෑම වයසක දරුවකු පාසලේදී ඉංග්‍රීසි භාෂාව දවසෙන් දෙකෙන් අල්ලාගන්නා බව මම ඔවුන්ට පැහැදිලි කළෙමි; එසේ තිබියදී බලහත්කාරයෙන් තම දරුවාට මවුභාෂාව අමතක කරවීම අතිශය කනගාටුවට කරුණක් බව පහදා දුන්නෙමි.

කලකට ඉහත මට හමු වුණු එවැනි පවුලක් මුහුණ පෑ අවාසනාවන්ත අත්දැකීමක් මට සිහි වෙයි. ඔවුන් මට මුලින්ම හමු වන්නේ ටොරන්ටෝ නුවරදීය. ඒ වන විට ඔවුන්ගේ එකම ගැහැනු දරුවාට අවුරුදු 15-16ක් පමණ වන්නට ඇත. තම දරුවාට සිංහල කථා කිරීමට අපහසු බව ඒ දරුවාගේ මව ඉතා ආඩම්බරයෙන් කියා සිටියාය. තම දරුවාගේ භාෂා නොහැකියාව පිළිබඳ ඇය මහත් සේ උද්දාමයට පත්ව ඇති බවක් මට හැඟිණි. මවුපියන් එතරම් හොඳින් ඉංග්‍රීසි භාෂාව කථා නොකළ අතර, ඔවුන් කැඩුණු ඉංගිරිසියෙන් තම දරුවාට කථා කරන ආකාරය දුටු විට තරමක කනගාටුවක්ද මසිතේ ඇති කළේය.

කලකට පසු මට ඒ පවුලේ පියා නැවතත් හමු විය. ඔහු තමා බිරියගෙන් දික්කසාද වූ බව කී විට මම විමතියට පත් වීමි. ඔහු දිගු හෑල්ලක් කියාගෙන ගියේය. ඔවුන්ගේ දික්කසාදයට හේතුව සිය දියණිය බව ඔහු කියා සිටියේය. දිනක් සිය දියණිය සුදු තරුණයකු කැටිව රාත්‍රියේ සිය නිවෙසට පැමිණී බවත්, දෙදෙනා දියණියගේ කාමරයේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වන බව පෙනුණු විට තමා මහත් කෝපයෙන් කාමරයට කඩාවැද තරුණයා එළවා දැමූ බවත්, ඒ පිළිබඳ උරණ වූ දියණිය ඔහු සමඟ බහින්බස් වූ බවත්, අවසානයේ තමා ඇයට පහරක් ගැසූ බවත් කියා සිටි ඔහු, සිද්ධියේදී සිය බිරියද දියණියගේ පැත්ත ගත් බවත් දෙදෙනාම එක්ව පොලීසියට කථා කළ බවත් අනතුරුව පොලීසිය පැමිණ තමා අත්අඩංගුවට ගත් බවත් කියා සිටියේය. දැන් තමාට බිරිය හෝ දියණිය අසලට යා නොහැකි ලෙස තහනම් නියෝගයක් අධිකරණය මඟින් පනවා ඇති බවත් කියා සිටි ඔහු මේ හේතු නිසා ඔහු බිරියගෙන් දික්කසාද වූ බව පැවසූයේය.

තවදුරටත් කථාවට වැටුණු ඔහු සිය පවුල කඩා විසිරුණු ඇත්තම හේතුව හෙළි කළේ මෙසේය:

“අපි කැනඩාවට එනකොට අපේ දුව ගොඩාක් පොඩියි. එයා දවසෙන් දෙකෙන් ඉංග්‍රීසි භාෂාව අල්ලගත්තා. එයා ඉතා අමාරුවෙන් සිංහල කථා කරන කොට අපි එයාට හිනා වුණා. පස්සේ එයාට සිංහල කථා කරන එක ලජ්ජාවට කාරණයක් බවට පත් වුණා. අපේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් එයාට හොඳ-නරක කියල දෙන්න බෑ කියල අපට තේරෙන කොට අපි සෑහෙන ප්‍රමාදයි. භාෂාව දන්නේ නැති දරුවකුට කොහොමද ඒ භාෂාවත් එක්ක ගැටගැසුණු සංස්කෘතිය උගන්වන්නේ?” ඒ තමාට වූ විනාශය ඔහු නිවැරදි ලෙසම හඳුනාගත් ආකාරයයි.

එහෙත් සියලු දියෙස්පෝරා වැසියෝ එසේ නොවෙති. දියෙස්පෝරාවේම ඉපිද දියෙස්පෝරාවේදීම සිංහල භාෂාව උගෙන ලංකාවේදී මෙන් ඉතා හොඳට භාෂාව උච්චාරණය කරන සිංහල දරුවෝද සිටිති. ටෝරන්ටෝවේ මා දන්නා එවැනි පවුලක තරුණ දරුවන් දෙදෙනකු නිහාල් නෙල්සන්ගේ බයිලා කියන්නේ ලංකාවේ ඉපදුණු දරුවන්ට නොදෙවැනි ආකාරකටය. පසුකාලයක ඔවුන් දෙදෙනා එක්ව උත්සව සඳහා සිංහල ගීත ගායනා කරන සංගීත කණ්ඩායමක්ද ආරම්භ කළා මට මතකය. දියෙස්පෝරාවේ ඇති සමහර ශ්‍රී ලාංකික නැටුම් කණ්ඩායම්වල රඟන තරුණ-තරුණියන්ගේ රංගන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාට්‍ය කණ්ඩායම්වල රැඟුම්වලට නොදෙවැනිය. ඔවුහු සියල්ලෝම හොඳන් සිංහල භාෂාව හසුරුවති.

දියෙස්පෝරාවේදී මවු භාෂාව භාවිත කිරීමේ වැදගත්කම හඳුනාගත් සමහර මවුපියෝ තම නිවාස තුළදී භාවිත කළ යුතු භාෂාව ඉංග්‍රීසි නොව, සිංහල බවට දරුවන්ට නියම කරති. බොහෝ දියෙස්පෝරා කණ්ඩායම් තම දරුවන්ට වෙනම සිංහල භාෂා පන්ති පවත්වති. බොහෝ විහාරස්ථාන මේ සඳහා පෙරමුණ ගෙන ඇත. ඉතා දියුණු දියෙස්පෝරා කණ්ඩායම් විසින් රජයන්ට කරන ලද බලපෑම් මඟින් සිංහල භාෂාව විෂයයක් ලෙස ඉගැන්වීමට අවස්ථාව හිමි කරගත් අවස්ථාද ඇත. එවැනි අධ්‍යාපන කලාපයක සිංහල භාෂාව දැනසිටීම විශ්වවිද්‍යාලයට යෑමට අවශ්‍ය අතිරේක ලකුණු ප්‍රමාණයක් ලැබිය හැකි ක්රමයකි. එවැනි දියුණු දියෙස්පෝරා ක්රියාකාරිකයන් වෙසෙන ප්‍රදේශයක ජීවත් වීම බොහෝ දෙනාගේ යහපතට හේතු වේ. ඒ අතර සිංහල පන්ති කෙසේ වෙතත් සිංහල භාෂාවෙන් රැස්වීමේ කටයුතු ගෙනයෑමට විරුද්ධ සිංහල සංගම්ද දියෙස්පෝරාවේ නැත්තේම නොවේ. ඒ ගැන අපි පසුව කතා කරමු.

[QUOTE="ජොසී, post: 25400057, member: 510387"] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 2 මවු බස මවු බස යනු කෙනකුගේ අනන්‍යතාව හඟවන ප්‍රධානම සලකුණයි. යමකුගේ ජීවිතයට කුඩා කල සිට තම වර්ගයාගේ සංස්කෘතිය ඇතුළු වන්නේ ඔහුගේ මාතෘ භාෂාව මඟිනි. සාමාන්‍යයෙන් දියෙස්පෝරා වැසියන් ඔවුනොවුන් හමු වූ විට භාවිත කරන්නේ තම මවු බසයි. එනයින් චීන ජාතිකයන් හා ඉන්දීයයන් පමණක් නොව, අපේ රටෙන්ම පැමිණි දමිළයන්ද දියෙස්පෝරාවේදී තමන්ගේ මිනිසුන් හමු වූ විට භාවිත කරන්නේ තම මාතෘ භාෂාවයි. ඒ නිසාම ඔවුන්ට තම සංස්කෘතිය අමතක නොවෙයි. එහෙත් මෙය ශ්‍රී ලාංකික දියෙස්පෝරාවෙහි සමහරුන්ට තරමක් විචිකිච්ඡාවක් ගෙන එන කරුණකි. කුමන හෝ හේතුවකට අපේ රටේ සමහර පුද්ගලයන් විදෙස්ගත වී සිටියදී කෙසේ වෙතත්, මවු බිමේදී පවා මවු බස අමතක වීමේ හෝ අමතක කිරීමේ ප්‍රවණතාවකට හසුව ඇති බව පෙනේ. දිනක් දියෙස්පෝරාවේ මා සිටින ප්‍රදේශයේදී ඉතා මෑතක ශ්‍රී ලංකාවේ සිට පැමිණි පවුලක් හමු විය. ඔවුන්ගේ එකම දරුවාට සිංහල කථා කිරීමට අපහසු බව ඒ දරුවාගේ මවුපියෝ මහත් සතුටින් මට දන්වා සිටියහ. හොඳට සිංහල කථා කරන මවුපියන් සිටින දරුවකුට ලංකාවේ සිට පැමිණි විගස සිංහල කථා කිරීම අපහසු වීමට හේතුව කුමක්දැයි මම ඔවුන්ගෙන් විමසා සිටියෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ පිටරටක පදිංචියට යෑමට කාලයක සිට සූදානම් වෙමින් සිටි බැවින් තම දරුවා අන්තර්ජාතික පාසලකට යවා උගැන්වූ අතර, දරුවාගේ ඉංග්‍රීසි භාෂා ඥානය වැඩිදියුණු කිරීමේ අදිටනින් ඔවුන්ද ගෙදරදී දරුවා සමග ඉංග්‍රීසියෙන් පමණක්ම කථා කළ බවයි. දැන් දරුවාට මවු බස අමතකය. මෙහි එන ඕනෑම වයසක දරුවකු පාසලේදී ඉංග්‍රීසි භාෂාව දවසෙන් දෙකෙන් අල්ලාගන්නා බව මම ඔවුන්ට පැහැදිලි කළෙමි; එසේ තිබියදී බලහත්කාරයෙන් තම දරුවාට මවුභාෂාව අමතක කරවීම අතිශය කනගාටුවට කරුණක් බව පහදා දුන්නෙමි. කලකට ඉහත මට හමු වුණු එවැනි පවුලක් මුහුණ පෑ අවාසනාවන්ත අත්දැකීමක් මට සිහි වෙයි. ඔවුන් මට මුලින්ම හමු වන්නේ ටොරන්ටෝ නුවරදීය. ඒ වන විට ඔවුන්ගේ එකම ගැහැනු දරුවාට අවුරුදු 15-16ක් පමණ වන්නට ඇත. තම දරුවාට සිංහල කථා කිරීමට අපහසු බව ඒ දරුවාගේ මව ඉතා ආඩම්බරයෙන් කියා සිටියාය. තම දරුවාගේ භාෂා නොහැකියාව පිළිබඳ ඇය මහත් සේ උද්දාමයට පත්ව ඇති බවක් මට හැඟිණි. මවුපියන් එතරම් හොඳින් ඉංග්‍රීසි භාෂාව කථා නොකළ අතර, ඔවුන් කැඩුණු ඉංගිරිසියෙන් තම දරුවාට කථා කරන ආකාරය දුටු විට තරමක කනගාටුවක්ද මසිතේ ඇති කළේය. කලකට පසු මට ඒ පවුලේ පියා නැවතත් හමු විය. ඔහු තමා බිරියගෙන් දික්කසාද වූ බව කී විට මම විමතියට පත් වීමි. ඔහු දිගු හෑල්ලක් කියාගෙන ගියේය. ඔවුන්ගේ දික්කසාදයට හේතුව සිය දියණිය බව ඔහු කියා සිටියේය. දිනක් සිය දියණිය සුදු තරුණයකු කැටිව රාත්‍රියේ සිය නිවෙසට පැමිණී බවත්, දෙදෙනා දියණියගේ කාමරයේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වන බව පෙනුණු විට තමා මහත් කෝපයෙන් කාමරයට කඩාවැද තරුණයා එළවා දැමූ බවත්, ඒ පිළිබඳ උරණ වූ දියණිය ඔහු සමඟ බහින්බස් වූ බවත්, අවසානයේ තමා ඇයට පහරක් ගැසූ බවත් කියා සිටි ඔහු, සිද්ධියේදී සිය බිරියද දියණියගේ පැත්ත ගත් බවත් දෙදෙනාම එක්ව පොලීසියට කථා කළ බවත් අනතුරුව පොලීසිය පැමිණ තමා අත්අඩංගුවට ගත් බවත් කියා සිටියේය. දැන් තමාට බිරිය හෝ දියණිය අසලට යා නොහැකි ලෙස තහනම් නියෝගයක් අධිකරණය මඟින් පනවා ඇති බවත් කියා සිටි ඔහු මේ හේතු නිසා ඔහු බිරියගෙන් දික්කසාද වූ බව පැවසූයේය. තවදුරටත් කථාවට වැටුණු ඔහු සිය පවුල කඩා විසිරුණු ඇත්තම හේතුව හෙළි කළේ මෙසේය: “අපි කැනඩාවට එනකොට අපේ දුව ගොඩාක් පොඩියි. එයා දවසෙන් දෙකෙන් ඉංග්‍රීසි භාෂාව අල්ලගත්තා. එයා ඉතා අමාරුවෙන් සිංහල කථා කරන කොට අපි එයාට හිනා වුණා. පස්සේ එයාට සිංහල කථා කරන එක ලජ්ජාවට කාරණයක් බවට පත් වුණා. අපේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් එයාට හොඳ-නරක කියල දෙන්න බෑ කියල අපට තේරෙන කොට අපි සෑහෙන ප්‍රමාදයි. භාෂාව දන්නේ නැති දරුවකුට කොහොමද ඒ භාෂාවත් එක්ක ගැටගැසුණු සංස්කෘතිය උගන්වන්නේ?” ඒ තමාට වූ විනාශය ඔහු නිවැරදි ලෙසම හඳුනාගත් ආකාරයයි. එහෙත් සියලු දියෙස්පෝරා වැසියෝ එසේ නොවෙති. දියෙස්පෝරාවේම ඉපිද දියෙස්පෝරාවේදීම සිංහල භාෂාව උගෙන ලංකාවේදී මෙන් ඉතා හොඳට භාෂාව උච්චාරණය කරන සිංහල දරුවෝද සිටිති. ටෝරන්ටෝවේ මා දන්නා එවැනි පවුලක තරුණ දරුවන් දෙදෙනකු නිහාල් නෙල්සන්ගේ බයිලා කියන්නේ ලංකාවේ ඉපදුණු දරුවන්ට නොදෙවැනි ආකාරකටය. පසුකාලයක ඔවුන් දෙදෙනා එක්ව උත්සව සඳහා සිංහල ගීත ගායනා කරන සංගීත කණ්ඩායමක්ද ආරම්භ කළා මට මතකය. දියෙස්පෝරාවේ ඇති සමහර ශ්‍රී ලාංකික නැටුම් කණ්ඩායම්වල රඟන තරුණ-තරුණියන්ගේ රංගන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාට්‍ය කණ්ඩායම්වල රැඟුම්වලට නොදෙවැනිය. ඔවුහු සියල්ලෝම හොඳන් සිංහල භාෂාව හසුරුවති. දියෙස්පෝරාවේදී මවු භාෂාව භාවිත කිරීමේ වැදගත්කම හඳුනාගත් සමහර මවුපියෝ තම නිවාස තුළදී භාවිත කළ යුතු භාෂාව ඉංග්‍රීසි නොව, සිංහල බවට දරුවන්ට නියම කරති. බොහෝ දියෙස්පෝරා කණ්ඩායම් තම දරුවන්ට වෙනම සිංහල භාෂා පන්ති පවත්වති. බොහෝ විහාරස්ථාන මේ සඳහා පෙරමුණ ගෙන ඇත. ඉතා දියුණු දියෙස්පෝරා කණ්ඩායම් විසින් රජයන්ට කරන ලද බලපෑම් මඟින් සිංහල භාෂාව විෂයයක් ලෙස ඉගැන්වීමට අවස්ථාව හිමි කරගත් අවස්ථාද ඇත. එවැනි අධ්‍යාපන කලාපයක සිංහල භාෂාව දැනසිටීම විශ්වවිද්‍යාලයට යෑමට අවශ්‍ය අතිරේක ලකුණු ප්‍රමාණයක් ලැබිය හැකි ක්රමයකි. එවැනි දියුණු දියෙස්පෝරා ක්රියාකාරිකයන් වෙසෙන ප්‍රදේශයක ජීවත් වීම බොහෝ දෙනාගේ යහපතට හේතු වේ. ඒ අතර සිංහල පන්ති කෙසේ වෙතත් සිංහල භාෂාවෙන් රැස්වීමේ කටයුතු ගෙනයෑමට විරුද්ධ සිංහල සංගම්ද දියෙස්පෝරාවේ නැත්තේම නොවේ. ඒ ගැන අපි පසුව කතා කරමු.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom