Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නම් - ගම්

#දියෙස්පොරාව 4

නම් - ගම්

ඉකුත් සතියේ තරමක් දුරට කතා-බහට ගැනුණු දියෙස්පෝරාවේ නම්-ගම් පිළිබඳ සාකච්ඡාව මේ සතියේදීත් තව දුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිතුවෙමි. දියෙස්පෝරාවේ ඇති නම්-ගම් අතර දිගම වාසගම් සහිත නම් ඇත්තේ අපේ ශ්‍රී ලාංකිකයන්ට යැයි කිව හොත් එය නිවැරදි විය හැකිය. අන් ජාතිකයන් අපේ නම්-ගම් දුටු විටම ඔබ ශ්‍රී ලාංකික දැයි අසන තරමට එය ලොව පුරා ප්‍රචලිත කරුණකි. මේ හේතුව නිසාම අපේ ඇත්තෝ ඇතැම් විට බලවත් අකරතැබ්බවලටද මුහුණ දෙති.

දියෙස්පෝරාවේ රටවල පරිගණකවල පවතින සීමා හේතුවෙන් බොහෝ අවස්ථාවල මේ දිගු නම් කොට වෙයි. එසේ කොට වීම හේතු කොටගෙන සමහර නම් අපභ්‍රංශ බවට පත් වෙයි. තවත් අවස්ථාවල අපේ නම්-ගම් නිවැරදි නොවන ආකාරයෙන් ස්ථානගත කිරීමද දක්නට ඇත. කාර්යාලයක යම් රාජකාරි කටයුත්තකට ඔබ ගිය හොත් ඔවුන් මුලින්ම සොයන්නේ ‘ඔබගේ මුල් නම (first name) කුමක්ද?’ යන්නය. දෙවනුව ‘ඔබගේ අවසන් නම (last name) කුමක්ද?’ යන්නයි. එහෙත් අපට ඇත්තේ එවැනි ‘මුල් නම, මැද නම, අවසන් නම’ ආකාරයේ නාමකරණ සංස්කෘතියක් නොවේ. ශ්‍රී ලාංකිකයන්ට අවේණික සිංහල නාමයක පළමුවෙන් ග්‍රාම නාමයද, අනතුරුව පවුලේ නාමයද (වාසගම) අනතුරුව පාරම්පරික රැකියාවද අවසානයේ පුද්ගල නාමයද වෙයි. සමහර අවස්ථාවල මෙය ‘පවුලේ නාමය, පාරම්පරික රැකියාව, පුද්ගල නාමය’ යන ආකාරයෙන්ද විය හැකිය. එහෙත් දියෙස්පෝරාවේ රටවල අයට මෙය අපභ්‍රංශයකි. ඒ නිසා ඔවුන් ඔබේ පළමු නාමය කුමක්ද යන්න ඔවුන්ට පැහැදිලි නොකළ හොත් ඔවුන් ඔබේ පළමු නාමය ලෙස ඔබේ වසගමේ මුලින්ම ඇති ග්‍රාම නාමය හෝ වාසගම ලියාගනු ඇත; දෙවනුව ඔබේ සම්පූර්ණ නමේ අවසනට යෙදෙන නාමය අවසන් නාමය ලෙස සටහන් කරනු ඇත. එවිට උදාහරණයක් ලෙස ඔබේ නම ‘ඒකනායක මුදියන්සේලාගේ දුමින්ද ඒකනායක’ යැයි සිතමු. එවිට ඔබේ නම ඔවුනට අනුව ‘ඒකනායක ඒකනායක’ නම් වෙයි. මෙලෙස තම නාමය අපභ්‍රංශ කරගත් බොහෝ අය දියෙස්පොරාවේ වෙසෙති. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා ප්‍රථම පිළියම ලෙස විදෙස්ගත වීමට වීසා අයදුම්පත් පුරවන අවස්ථාවේම ඔබේ නම නිවැරදිව පිරවීම සඳහන් කළ හැකිය. එවිට මුල් නම ලෙස ‘දුමින්ද’ යන්නත් අවසන් නම ලෙස ‘ඒකනායක’ යන්නත් සඳහන් කළ හැකිය. මැද නම් ලෙස ‘ඒකනායක මුදියන්සේලාගේ’ යන්න සඳදහන් කළ හැකිය. එවිට අවසානයේ යම් තාක් දුරට අපභ්‍රංශ නොවන පිළිතුරක් ලැබිය හැකි වනු ඇත. මෙය සැම විටම සාදාරණ නොවන බවද කිව යුතුය. ඒ නිසා මෙය ඔබේ නම අනුව උපක්‍රමශීලිව කළ යුතු දෙයකි. මෙලෙස අපභ්‍රංශ නම් ඇති දියෙස්පෝරා වැසියෝ තම නම් යථා තත්ත්වයට පත් කරගැනීමට විවිධ උපක්‍රම පාවිච්චි කරති. ඉන් ප්‍රධාන ක්‍රමයක් වන්නේ නම් කොට කිරීමයි. මෙහිදී ඔවුහු සම්පූර්ණ වාසගම වෙනුවට මුල් නමත් පවුල් නාමයත් ඉතිරි කර, සෙසු සියලු නම් කපා හරිති. උදාහරණයක් ලෙස: ‘ඒකනායක මුදියන්සේලාගේ දුමින්ද ඒකනායක’ යන්න ‘දුමින්ද ඒකනායක’ ලෙස ලියාපදිංචි කිරීම ගත හැකිය. මිට අමතරව මා මුලින් සඳහන් කළ පරිදි දියෙස්පෝරාවේ රටවල පරිගණකවල පවතින සීමා හේතුවෙන් අපේ නම් කොට වන අවස්ථාද තිබේ. උදාහරණයක් ලෙස ඒකනායක ‘ඒකනා’ ලෙසද මුදියන්සේ ‘මුදියන්’ ලෙසද පරිගණකගත විය හැකිය.

දියෙස්පෝරාවේදී නම් නිසා ඇති වන ගැටලු අතර තවත් විශේෂ ගැටලුවක් වන්නේ අපේ නම් උච්චාරණය පිළිබඳ ඇති වන ගැටලුය. උදාහරණයක් ලෙස ඒකනායක ‘එකන-යකා’ ලෙසද දිසානායක ‘දිසන-යකා’ ලෙසද උච්චාරණය විය හැකිය. සේනානායක ‘සේනානා-යකා’ වේ. මේ අනුව දියෙස්පෝරාවේ යක්කු බහුලය!

මගේ පවුල් නාමය වන රත්නමලල ‘රටන-ම-ලා-ලා’ ලෙස උච්චාරණය කරන අවස්ථා ඕනෑ තරම් අසා තිබේ. විශේෂයෙන් මා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවලය. සමහර නඩුකාරවරු මගේ නම උච්චාරණය කිරීමේදී අපහසුතාවක් දක්වති. එවැනි වැරදීම්වලදී “Mr. Ratana-ma-la-la, I will try to pronounce your name correctly next time” යනුවෙන් සදහන් කර, මගෙන් සමාව ඉල්ලූ අවස්ථා කිහිපයක්ම වෙයි. පුදුමයට මෙන් ඊළඟ අවස්ථාවේ ඔවුහු මගේ නම නිවැරදිව උච්චාරණය කරති. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ අවශ්‍ය නම් ඔවුන්ට අපේ නම්-ගම් නිවැරදිව උච්චාරණය කළ හැකි බවයි.

මගේ හැඟීමේ හැටියට සාපේක්ෂ වශයෙන් උච්චාරණයට අපහසු නම් වන්නේ රුසියාව ඇතුළු නැඟෙනහිර යුරෝපයේ නම්ය. එහෙත් මේ සුද්දෝ එවැනි නම් ඉතා පහසුවෙන් උච්චාරණය කරති. එසේ ඒ නම් නිවැරදිව උච්චාරණය කිරීමටත්, අපේ බොහෝ නම්-ගම් නිවැරදිව උච්චාරණය නොකිරීමටත් හේතුව සමහර අවස්ථාවල වර්ගවාදය විය හැකිය. එවැනි අවස්ථාවල එයට විරුද්ධ වීම දියෙස්පෝරා වැසියකුගේ යුතුකම විය යුතුය. දිනක් එක්තරා කාර්යාලයකදී එක් සුදු ජාතික කාන්තාවක් මගේ වාසගම දිග වැඩි යැයිද, එය කොට කරගන්නැයිද එක් විට චෝදනාවක් සහ යෝජනාවක් කළාය. මගේ පිළිතුර වූයේ “ඒක මගේ නම. ඒක දිග කොට බව මම බලාගන්නම්. උඹ ඔන්න ඔය වැඩේ කරලා දීපන්...” යන්නය. කාන්තාව කට වසාගත්තාය. මා ආ කාර්යය ඉතා ඉක්මනින් කර දුන් ඇය මගෙන් නිදහස් වූවාය. මට දැනුණු ආකාරයට ඇය එවැනි ඉල්ලීමක් කළේ මගේ නමේ දිග වැඩිකමකට වඩා, ඇයගේ වර්ගවාදී හැඟීම් ඉස්මතු වීම නිසා බව ඉතා පැහැදිලි විය. එවැනි උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇති නමුත් සියල්ල මෙහි සඳහන් කළ නොහැකිය. ඒ අතරම එවැනි වර්ගවාදීන්ගේ සිත් අසතුටු කිරීමට අකැමැති දියෙස්පෝරා වැසියෝද සිටිති. ඒ අනුව ඔවුන් අතර සිටින ජයවර්ධනලා ‘ජේ’ලා (Jay) වෙති, විවිධ පාලලා ‘පෝල්’ලා වෙති, ක්‍රිෂාන්තලා ‘ක්‍රිස්’ලා (Kris) වෙති. මේ කියන්නේ හුරතලේට කරන්නා වූ නම් කෙටි කර ඇමතීම් නොවේ; නම් වෙනස් කිරීම් ගැනය. ඒ අතරම තවත් පිරිසක් රැකියා වෙළෙඳපොළේදී ප්‍රමුඛත්වය ගැනීමේ අරමුණින් ඉංග්‍රීසියට හුරු කෙටි නම්වලට මාරු වෙති. එහෙත් එලෙස නම් වෙනස් කළත් සංස්කෘතියට සහ මවුබිමට ඇති ළැදියාව අත් නොහළ අයද ඒ අතර එමට සිටිති. දියෙස්පෝරාවේදී මට හමු වූ එවැනි චරිතයකි ජොන්ටි (Jonty). ඔහු කුඩා අවධියේදීම මවුපියන් සමඟ කැනඩාවට සංක්‍රමණය වූ තැනැත්තෙකි. කැනඩාවේදී මැනිටෝබා විශ්වවිද්‍යාලයෙන් හොඳ උසස් අධ්‍යාපනයක් ලැබ ඇති ඔහු ඉංග්‍රීසිය මෙන්ම සිංහල භාෂාවද චතුර ලෙස හසුරවයි. ලංකාවේදී පවා තරුණයකුගෙන් හමු නොවන අන්දමේ ගුණාංගවලින් හෙබි ඔහු සැබවින්ම විශේෂ පුද්ගලයෙකි. මසකට වරක් හේ අසල විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට දානයක් පිරිනමයි. දානය උයන්නේත්, පිරිනමන්නේත් ඔහු තනිවමය. සිය සිංහල නම වෙනුවට බටහිර නමක් භාවිත කිරීමට තීරණය කළත්, අනෙකුත් භාවිතයන්හිදී සිය සංස්කෘතිය රැකගෙන කටයුතු කිරීමට ඔහු දරන උත්සාහය ප්‍රශංසාර්හය. ඒ අනෙකක් නිසා නොව, ඔහු ඔහුගේ මවුපියන් වැපිරූ දේහි ප්‍රතිඵලයක් වන බැවිනි.

[QUOTE="ජොසී, post: 25400064, member: 510387"] [b]නම් - ගම්[/b] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 4 නම් - ගම් ඉකුත් සතියේ තරමක් දුරට කතා-බහට ගැනුණු දියෙස්පෝරාවේ නම්-ගම් පිළිබඳ සාකච්ඡාව මේ සතියේදීත් තව දුරටත් පවත්වාගෙන යා යුතු යැයි සිතුවෙමි. දියෙස්පෝරාවේ ඇති නම්-ගම් අතර දිගම වාසගම් සහිත නම් ඇත්තේ අපේ ශ්‍රී ලාංකිකයන්ට යැයි කිව හොත් එය නිවැරදි විය හැකිය. අන් ජාතිකයන් අපේ නම්-ගම් දුටු විටම ඔබ ශ්‍රී ලාංකික දැයි අසන තරමට එය ලොව පුරා ප්‍රචලිත කරුණකි. මේ හේතුව නිසාම අපේ ඇත්තෝ ඇතැම් විට බලවත් අකරතැබ්බවලටද මුහුණ දෙති. දියෙස්පෝරාවේ රටවල පරිගණකවල පවතින සීමා හේතුවෙන් බොහෝ අවස්ථාවල මේ දිගු නම් කොට වෙයි. එසේ කොට වීම හේතු කොටගෙන සමහර නම් අපභ්‍රංශ බවට පත් වෙයි. තවත් අවස්ථාවල අපේ නම්-ගම් නිවැරදි නොවන ආකාරයෙන් ස්ථානගත කිරීමද දක්නට ඇත. කාර්යාලයක යම් රාජකාරි කටයුත්තකට ඔබ ගිය හොත් ඔවුන් මුලින්ම සොයන්නේ ‘ඔබගේ මුල් නම (first name) කුමක්ද?’ යන්නය. දෙවනුව ‘ඔබගේ අවසන් නම (last name) කුමක්ද?’ යන්නයි. එහෙත් අපට ඇත්තේ එවැනි ‘මුල් නම, මැද නම, අවසන් නම’ ආකාරයේ නාමකරණ සංස්කෘතියක් නොවේ. ශ්‍රී ලාංකිකයන්ට අවේණික සිංහල නාමයක පළමුවෙන් ග්‍රාම නාමයද, අනතුරුව පවුලේ නාමයද (වාසගම) අනතුරුව පාරම්පරික රැකියාවද අවසානයේ පුද්ගල නාමයද වෙයි. සමහර අවස්ථාවල මෙය ‘පවුලේ නාමය, පාරම්පරික රැකියාව, පුද්ගල නාමය’ යන ආකාරයෙන්ද විය හැකිය. එහෙත් දියෙස්පෝරාවේ රටවල අයට මෙය අපභ්‍රංශයකි. ඒ නිසා ඔවුන් ඔබේ පළමු නාමය කුමක්ද යන්න ඔවුන්ට පැහැදිලි නොකළ හොත් ඔවුන් ඔබේ පළමු නාමය ලෙස ඔබේ වසගමේ මුලින්ම ඇති ග්‍රාම නාමය හෝ වාසගම ලියාගනු ඇත; දෙවනුව ඔබේ සම්පූර්ණ නමේ අවසනට යෙදෙන නාමය අවසන් නාමය ලෙස සටහන් කරනු ඇත. එවිට උදාහරණයක් ලෙස ඔබේ නම ‘ඒකනායක මුදියන්සේලාගේ දුමින්ද ඒකනායක’ යැයි සිතමු. එවිට ඔබේ නම ඔවුනට අනුව ‘ඒකනායක ඒකනායක’ නම් වෙයි. මෙලෙස තම නාමය අපභ්‍රංශ කරගත් බොහෝ අය දියෙස්පොරාවේ වෙසෙති. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා ප්‍රථම පිළියම ලෙස විදෙස්ගත වීමට වීසා අයදුම්පත් පුරවන අවස්ථාවේම ඔබේ නම නිවැරදිව පිරවීම සඳහන් කළ හැකිය. එවිට මුල් නම ලෙස ‘දුමින්ද’ යන්නත් අවසන් නම ලෙස ‘ඒකනායක’ යන්නත් සඳහන් කළ හැකිය. මැද නම් ලෙස ‘ඒකනායක මුදියන්සේලාගේ’ යන්න සඳදහන් කළ හැකිය. එවිට අවසානයේ යම් තාක් දුරට අපභ්‍රංශ නොවන පිළිතුරක් ලැබිය හැකි වනු ඇත. මෙය සැම විටම සාදාරණ නොවන බවද කිව යුතුය. ඒ නිසා මෙය ඔබේ නම අනුව උපක්‍රමශීලිව කළ යුතු දෙයකි. මෙලෙස අපභ්‍රංශ නම් ඇති දියෙස්පෝරා වැසියෝ තම නම් යථා තත්ත්වයට පත් කරගැනීමට විවිධ උපක්‍රම පාවිච්චි කරති. ඉන් ප්‍රධාන ක්‍රමයක් වන්නේ නම් කොට කිරීමයි. මෙහිදී ඔවුහු සම්පූර්ණ වාසගම වෙනුවට මුල් නමත් පවුල් නාමයත් ඉතිරි කර, සෙසු සියලු නම් කපා හරිති. උදාහරණයක් ලෙස: ‘ඒකනායක මුදියන්සේලාගේ දුමින්ද ඒකනායක’ යන්න ‘දුමින්ද ඒකනායක’ ලෙස ලියාපදිංචි කිරීම ගත හැකිය. මිට අමතරව මා මුලින් සඳහන් කළ පරිදි දියෙස්පෝරාවේ රටවල පරිගණකවල පවතින සීමා හේතුවෙන් අපේ නම් කොට වන අවස්ථාද තිබේ. උදාහරණයක් ලෙස ඒකනායක ‘ඒකනා’ ලෙසද මුදියන්සේ ‘මුදියන්’ ලෙසද පරිගණකගත විය හැකිය. දියෙස්පෝරාවේදී නම් නිසා ඇති වන ගැටලු අතර තවත් විශේෂ ගැටලුවක් වන්නේ අපේ නම් උච්චාරණය පිළිබඳ ඇති වන ගැටලුය. උදාහරණයක් ලෙස ඒකනායක ‘එකන-යකා’ ලෙසද දිසානායක ‘දිසන-යකා’ ලෙසද උච්චාරණය විය හැකිය. සේනානායක ‘සේනානා-යකා’ වේ. මේ අනුව දියෙස්පෝරාවේ යක්කු බහුලය! මගේ පවුල් නාමය වන රත්නමලල ‘රටන-ම-ලා-ලා’ ලෙස උච්චාරණය කරන අවස්ථා ඕනෑ තරම් අසා තිබේ. විශේෂයෙන් මා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවලය. සමහර නඩුකාරවරු මගේ නම උච්චාරණය කිරීමේදී අපහසුතාවක් දක්වති. එවැනි වැරදීම්වලදී “Mr. Ratana-ma-la-la, I will try to pronounce your name correctly next time” යනුවෙන් සදහන් කර, මගෙන් සමාව ඉල්ලූ අවස්ථා කිහිපයක්ම වෙයි. පුදුමයට මෙන් ඊළඟ අවස්ථාවේ ඔවුහු මගේ නම නිවැරදිව උච්චාරණය කරති. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ අවශ්‍ය නම් ඔවුන්ට අපේ නම්-ගම් නිවැරදිව උච්චාරණය කළ හැකි බවයි. මගේ හැඟීමේ හැටියට සාපේක්ෂ වශයෙන් උච්චාරණයට අපහසු නම් වන්නේ රුසියාව ඇතුළු නැඟෙනහිර යුරෝපයේ නම්ය. එහෙත් මේ සුද්දෝ එවැනි නම් ඉතා පහසුවෙන් උච්චාරණය කරති. එසේ ඒ නම් නිවැරදිව උච්චාරණය කිරීමටත්, අපේ බොහෝ නම්-ගම් නිවැරදිව උච්චාරණය නොකිරීමටත් හේතුව සමහර අවස්ථාවල වර්ගවාදය විය හැකිය. එවැනි අවස්ථාවල එයට විරුද්ධ වීම දියෙස්පෝරා වැසියකුගේ යුතුකම විය යුතුය. දිනක් එක්තරා කාර්යාලයකදී එක් සුදු ජාතික කාන්තාවක් මගේ වාසගම දිග වැඩි යැයිද, එය කොට කරගන්නැයිද එක් විට චෝදනාවක් සහ යෝජනාවක් කළාය. මගේ පිළිතුර වූයේ “ඒක මගේ නම. ඒක දිග කොට බව මම බලාගන්නම්. උඹ ඔන්න ඔය වැඩේ කරලා දීපන්...” යන්නය. කාන්තාව කට වසාගත්තාය. මා ආ කාර්යය ඉතා ඉක්මනින් කර දුන් ඇය මගෙන් නිදහස් වූවාය. මට දැනුණු ආකාරයට ඇය එවැනි ඉල්ලීමක් කළේ මගේ නමේ දිග වැඩිකමකට වඩා, ඇයගේ වර්ගවාදී හැඟීම් ඉස්මතු වීම නිසා බව ඉතා පැහැදිලි විය. එවැනි උදාහරණ විශාල සංඛ්‍යාවක් ඇති නමුත් සියල්ල මෙහි සඳහන් කළ නොහැකිය. ඒ අතරම එවැනි වර්ගවාදීන්ගේ සිත් අසතුටු කිරීමට අකැමැති දියෙස්පෝරා වැසියෝද සිටිති. ඒ අනුව ඔවුන් අතර සිටින ජයවර්ධනලා ‘ජේ’ලා (Jay) වෙති, විවිධ පාලලා ‘පෝල්’ලා වෙති, ක්‍රිෂාන්තලා ‘ක්‍රිස්’ලා (Kris) වෙති. මේ කියන්නේ හුරතලේට කරන්නා වූ නම් කෙටි කර ඇමතීම් නොවේ; නම් වෙනස් කිරීම් ගැනය. ඒ අතරම තවත් පිරිසක් රැකියා වෙළෙඳපොළේදී ප්‍රමුඛත්වය ගැනීමේ අරමුණින් ඉංග්‍රීසියට හුරු කෙටි නම්වලට මාරු වෙති. එහෙත් එලෙස නම් වෙනස් කළත් සංස්කෘතියට සහ මවුබිමට ඇති ළැදියාව අත් නොහළ අයද ඒ අතර එමට සිටිති. දියෙස්පෝරාවේදී මට හමු වූ එවැනි චරිතයකි ජොන්ටි (Jonty). ඔහු කුඩා අවධියේදීම මවුපියන් සමඟ කැනඩාවට සංක්‍රමණය වූ තැනැත්තෙකි. කැනඩාවේදී මැනිටෝබා විශ්වවිද්‍යාලයෙන් හොඳ උසස් අධ්‍යාපනයක් ලැබ ඇති ඔහු ඉංග්‍රීසිය මෙන්ම සිංහල භාෂාවද චතුර ලෙස හසුරවයි. ලංකාවේදී පවා තරුණයකුගෙන් හමු නොවන අන්දමේ ගුණාංගවලින් හෙබි ඔහු සැබවින්ම විශේෂ පුද්ගලයෙකි. මසකට වරක් හේ අසල විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට දානයක් පිරිනමයි. දානය උයන්නේත්, පිරිනමන්නේත් ඔහු තනිවමය. සිය සිංහල නම වෙනුවට බටහිර නමක් භාවිත කිරීමට තීරණය කළත්, අනෙකුත් භාවිතයන්හිදී සිය සංස්කෘතිය රැකගෙන කටයුතු කිරීමට ඔහු දරන උත්සාහය ප්‍රශංසාර්හය. ඒ අනෙකක් නිසා නොව, ඔහු ඔහුගේ මවුපියන් වැපිරූ දේහි ප්‍රතිඵලයක් වන බැවිනි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom