Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩී. එම්. ඕ

#දියෙස්පොරාව 11

ඩී. එම්. ඕ

පසුගිය ලිපියේ මා ඉදිරිපත් කල පරිදි ඇමරිකානු ජනාධිපති වරයා සහ අභ්‍යන්තර රාජ්‍ය අතර ගැටුම තවදුරටත් වර්ධනය වී ඇති බව පෙනීයන කාරණාවක් එම ලිපිය පළවීමට පෙර සිදුවිය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ලබන ඇමරිකානු ආධාර කපා හැරීමයි. පසුගිය ලිපිය මා විසින් ලියන අවස්ථාවේදී එවැන්නක් සිදුවී නොතිබුනි.

ඒ අතර ලිබරල් මාධ්‍ය මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දක්වන පක්ෂපාතිත්වයට එරෙහිව චීනය සමග ඇති ගැටුමක් ලෙස පෙන්වන්නට උත්සාහ ගත්තද ඇත්තටම ගැටුම ඇත්තේ ආරක්ෂණවාදී ට්‍ර්ම්ප් සහ ගෝලීයකරණ වාදී, නව ලිබරල්වාදී අභ්‍යන්තර රාජ්‍ය අතර බව මෙම තත්වය හොදින් නිරීක්ෂණය කරනවිට පෙනී යයි.

ගෝලීයකරණය සහ නවලිබරල්වාදය ගැන කියවෙනවිට නිතැතින්ම මතකයට එන්නේ ඉදිරියේ එන මැයි දිනයයි. ලොවපුරා බොහෝ රටවල් මැයි පළමු වැනිදා කම්කරු දිනය ලෙස හදුන්වා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති උවද ඇමරිකාව, කැනඩාව ඇතුළු සමහර බටහිර රටවල මැයි පළමු වැනිදා කම්කරු දිනය ලෙස නොසලකයි එදින රජයේ නිවාඩු දිනයක් ද නොවේ. කැනඩාවේ නම් කම්කරු දිනය වන්නේ සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පළමුවැනි සදුදා දිනයයි. එහෙත් විවිධ වෘර්තීය සමිති, කම්කරු සංවිධාන රජයේ ප්‍රකාශිත කම්කරු දිනය වෙනුවට සමරන්නේ ලෝක කම්කරු දිනය වන මැයි පළමු වැනිදා දිනයයි. ඔවුන් හැකි ආකාරයෙන් ආසන්න සති අන්තයක හෝ මෙම මැයි රැලි සංවිධානය කරයි. මේ ආකාරයෙන් ටෝරන්ටෝවේ කම්කරු සංවිධාන විසින් සවිධානය කරන මැයි උත්සවය May Festival නමින් හැදින්වෙයි.

මතකයේ හැටියට එය 1998 වසරයි. එකල මා නිතර ආගිය ස්ථානයක් වූයේ ටොරන්ටෝහි තේඩගම් කාර්යාලයයි. තේඩගම් යනු ටෝරන්ටෝවේ සිටින එල්ටීටීඊ විරෝධී ද්‍රවිඩ පිරිස් එක්ව පවත්වාගෙන ගිය සංවිධානයකි. ටෝරන්ටෝවේ පාර්ලිමේන්තු වීදිය සහ වෙල්ස්ලි වීදිය හමුවන මංසන්ධිය අසල කුඩා කඩ කාමරයක කාර්යාලයක් සහ පුස්තකාලයක් පවත්වාගෙන ගිය මෙම සංවිධානය ටොරන්ටෝ එල්ටීටීඊ විරෝධීන්ගේ මද්‍යස්ථානය විය. මේ හේතුව නිසාම එල්ටීටීඊයේ ඉදිරි පෙළ සංවිධාන වල බලවත් ක්‍රෝධයට ලක්වී තිබුනි ඒ නිසාම මෙම ස්ථානය වරක් ගිනි තැබීමකටද ලක්විය.

පුස්තකාලයේ සිංහල පුවත් පත් සැපයීම මගෙන් සිදුවිය. අද මෙන් අන්තර්ජාලය දියුණු මට්ටමක නොතිබුණු ඒ අවධියේ ලංකාවේ තොරතුරු දැනගැනීමට දුරකථනය හැරුනුකොට ඇති එකම මාර්ගය වුයේ පුවත් පත් ය. ඒත් ඒවා ලැබෙන්නේද සතියකින් පසුවය. අදමෙන් වයිබර්, වට්ස් ඇප් නොතිබුණි. එකම දුරකථන ආයතනයවූ බෙල් කැනඩා ආයතනයේ ජාත්‍යන්තර ගාස්තු ඉතා මිල අධික විය. අද මෙන් දිනපතා ලංකාවට කතාකරන්නට නම් ඒ විශාල ආදායම් ඇත්තකු විය යුතුය. ඒ නිසා පුවත් පත අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විය. තේඩගම් හි සාමාජිකයෝ ශ්‍රී ලංකාවේදී විවිධ මට්ටම් වල රැකියා කල අය විය. එහෙත් කැනඩාවේදී ඔවුන් බලාපොරොත්තු වන රැකියාව එක්වරම නොලැබෙයි. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ ලැබෙන වැටුපෙන් දායක වී මේ ආයතනය ඉතා අපහසුවෙන් හෝ පවත්වාගෙන යති.

තේඩගම් හි ප්‍රධාන වැඩිහිටි සාමාජිකයින් අතර යාපන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකුවසිටි රාජේන්ද්‍රන් මෙන්ම පැරණි කොමියුනිස්ට්ස් පක්ෂ සාමාජිකයකු වූ නිතරම සිනහ මුහුණින් සිටින ෂන් අයියා ද වෙයි ඔහු අද ජීවතුන් අතර නැතත් අමතක නොවන චරිතයකි. වඩා තරුණ චරිත අතර කුමරන්, තිලීපන් සහ එකල මගේ ගජයා වූ ගජේන්ද්‍රන් හෙවත් ගජන් ද ක්‍රියාශීලි සාමාජිකයින් විය. ශ්‍රී ලංකාව පිලිබදව පුදුම උනන්දුවක් දක්වන ඔවුන් කැනඩාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් සහ දේශපාලඥයින් සදහා කුඩා හෝ සංග්‍රහයක් කිරීමට අමතක නොකරයි. එවැනි සංග්‍රහ බොහෝවිට පැවැත්වෙන්නේ ඒ අසලම ඇති සංක්‍රමණ නීති කටයුතු කරන තවත් ද්‍රවිඩ මහතකු ගේ කාර්යාලයේය. මා එහිදී හදුනාගත් තවත් සිංහල නිතිඥයකු වූ දොන් පතිරාජ එහි කාර්යාලයක් පවත්වාගෙන යයි. තේඩගම් සාමාජිකයින්ගේ ගුරුබුහුමනට ලක්වූ සිංහල කලාකරුවන් අතර ගුණදාස කපුගේ සහ ටීඑම් ජයරත්නයන් වෙති. ඔවුන් වෙනුවෙන් පැවැත්වූ සංග්‍රහයන් මගේ මතකයට නැගෙයි.

නමසිය අනු අටේ මැයි දිනය ලංවෙද්දී May Festival එක සදහා යමක් කලයුතු යයි කතාබහක් ඇතිවිය. ඒ සදහා නාට්‍යයක් නිර්මාණය කිරීම සුදුසුයි තීරණය කෙරුණි. තේඩගම් සමග නිතර සම්බන්ධකම් පැවැත්වූ ක්‍රිශාන්ත භාග්‍යදත්ත පිටපත ලිවීමේ කාර්ය භාර ගත්තේය. නට්‍යය අධ්‍යක්ෂණය මට පැවරිණි. කාලයක් ගාමිණී හත්තොටුවගම සර්ගේ විදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි මට එය අපහසු කටයුත්තක් නොවීය. අලුත කැනඩාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජිවන තත්වය සහ ඔවුනට ලැබෙන රැකියා පිලිබදව නට්‍ය තුලින් කතාබහ කෙරුණි. නාට්‍යය විදි නට්‍යයක අකාරයෙන් නිර්මාණය කලෙමි. එය එම වසරේ May Festival හි ප්‍රධාන අංගයක් බවට පත් විය. නාට්‍යය සදහා තවත් සංදර්ශන ඉල්ලීම් ගලා ආවේය.

කැනඩාවට පැමිනි මුල් පරම්පරාවට ලැබෙන රැකියා අත්දැකීම් පිලිබදව නාට්‍ය පුරා සාකච්චා කෙරුණි. කැනේඩියානු වෘර්තීය අත්දැකීම් රහිත පිරිසක් විදින අත්දැකීම් ඒ ගැන හඩා නොවැලපී තරමක් හාස්‍යමත් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කලමු. එහිදී නළුවන් වූ තේඩගම් සාමාජිකයින්ගේ පුද්ගලික අත්දැකීම් හැකිතාක් යොදා ගතිමු. කෙනෙක් රැකියාවක් සොයාගෙන යයි. ආයතන ප්‍රධානියා තමන්ට ඇති කැනේඩියානු වෘර්තීය අත්දැකීම් මොනවාදැයි ඔහුගෙන් අසයි එවිට ඔහුගේ පිලිතුරවන්නේ “Only Canadian experience I have is this freezing cold weather” දැඩි සීතල පමණක්” බවයි. තවෙකෙක් ලංකාවේ සිටින සිය මවට දුරකථන ඇමතුමක් ගනී. "mother, I am on Parliament now” එවිට මව “very nice, you always want to be in the Parliament” එවිට පුතා “ No mother, I mean I am living in Parliament street now” අනතුරුව “දැන් මගේ රස්සාව ඩී. එම්. ඕ.” පුතා කියයි. “අනේ හොදයි උඹ මෙහේ කරපු රස්සාවම ඔහේදිත් ලැබුණු එක”. අම්මා කියයි. “නෑ අම්මේ මෙහේ ඩී. එම්. ඕ. කියන්නේ Dishwashing Machine Operator කියන ජොබ් එකට District Medical Officer නෙමෙයි. මුළු ප්‍රේක්ෂකාගාරයම මහා හඩින් සිනාසෙයි.

නාට්‍යය දෙබස් තුලින් සුපුරුදු ලෙස කැනේඩියානු සුදු අන්තවාදින්ටද ප්‍රහාරයක් එල්ල කිරීමටද ක්‍රිෂාන්ත අමතක නොකරයි. ටෝරන්ටෝවේ පලවන පුවත්පත් අතර Toronto Sun පුවත් පත තරමක් දක්ෂිනාංශික පුවත් පතකි. සමහර අවස්ථාවලදී එහි පලවන ප්‍රවෘති වර්ගවාදී ස්වරුපයක් ගනී. මේ නිසාම Toronto Sun පිලිබදව සංක්‍රමණික ජනතාව අතර එතරම් පැහැදීමක් නැත. නාට්‍යයේ කෙනෙක් සිල්ලර බඩු කඩයක වැඩ කරයි. කෙනෙක් Toilet Papers ඉල්ලාගෙන කඩයට ගොඩවෙයි. එවිට සේවකයා "sorry we don’t have toilet papers, can I give you Toronto Sun instead” යනුවෙන් සියලු දෙනා සිනහ ගන්වමින් පවසයි. කොතරම් කුඩා රැකියාවන් කලද මේ පිරිස ඉහල බුද්ධිමත් පිරිසක් බව ප්‍රේක්ෂකාගාරයේ සිටින බහුතර සුදු ජාතිකයින්ට පසක්වෙයි. “They are not stupid as they look.” පෙනුම මැට්ටන් ලෙස උවත් එය එසේ නොවනබව සදහන් කරමින් ඔවුන් ශාලාවෙන් පිටවෙනු මට ඇ සී තිබේ.

[QUOTE="ජොසී, post: 25400092, member: 510387"] [b]ඩී. එම්. ඕ[/b] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 11 ඩී. එම්. ඕ පසුගිය ලිපියේ මා ඉදිරිපත් කල පරිදි ඇමරිකානු ජනාධිපති වරයා සහ අභ්‍යන්තර රාජ්‍ය අතර ගැටුම තවදුරටත් වර්ධනය වී ඇති බව පෙනීයන කාරණාවක් එම ලිපිය පළවීමට පෙර සිදුවිය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ලබන ඇමරිකානු ආධාර කපා හැරීමයි. පසුගිය ලිපිය මා විසින් ලියන අවස්ථාවේදී එවැන්නක් සිදුවී නොතිබුනි. ඒ අතර ලිබරල් මාධ්‍ය මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දක්වන පක්ෂපාතිත්වයට එරෙහිව චීනය සමග ඇති ගැටුමක් ලෙස පෙන්වන්නට උත්සාහ ගත්තද ඇත්තටම ගැටුම ඇත්තේ ආරක්ෂණවාදී ට්‍ර්ම්ප් සහ ගෝලීයකරණ වාදී, නව ලිබරල්වාදී අභ්‍යන්තර රාජ්‍ය අතර බව මෙම තත්වය හොදින් නිරීක්ෂණය කරනවිට පෙනී යයි. ගෝලීයකරණය සහ නවලිබරල්වාදය ගැන කියවෙනවිට නිතැතින්ම මතකයට එන්නේ ඉදිරියේ එන මැයි දිනයයි. ලොවපුරා බොහෝ රටවල් මැයි පළමු වැනිදා කම්කරු දිනය ලෙස හදුන්වා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති උවද ඇමරිකාව, කැනඩාව ඇතුළු සමහර බටහිර රටවල මැයි පළමු වැනිදා කම්කරු දිනය ලෙස නොසලකයි එදින රජයේ නිවාඩු දිනයක් ද නොවේ. කැනඩාවේ නම් කම්කරු දිනය වන්නේ සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පළමුවැනි සදුදා දිනයයි. එහෙත් විවිධ වෘර්තීය සමිති, කම්කරු සංවිධාන රජයේ ප්‍රකාශිත කම්කරු දිනය වෙනුවට සමරන්නේ ලෝක කම්කරු දිනය වන මැයි පළමු වැනිදා දිනයයි. ඔවුන් හැකි ආකාරයෙන් ආසන්න සති අන්තයක හෝ මෙම මැයි රැලි සංවිධානය කරයි. මේ ආකාරයෙන් ටෝරන්ටෝවේ කම්කරු සංවිධාන විසින් සවිධානය කරන මැයි උත්සවය May Festival නමින් හැදින්වෙයි. මතකයේ හැටියට එය 1998 වසරයි. එකල මා නිතර ආගිය ස්ථානයක් වූයේ ටොරන්ටෝහි තේඩගම් කාර්යාලයයි. තේඩගම් යනු ටෝරන්ටෝවේ සිටින එල්ටීටීඊ විරෝධී ද්‍රවිඩ පිරිස් එක්ව පවත්වාගෙන ගිය සංවිධානයකි. ටෝරන්ටෝවේ පාර්ලිමේන්තු වීදිය සහ වෙල්ස්ලි වීදිය හමුවන මංසන්ධිය අසල කුඩා කඩ කාමරයක කාර්යාලයක් සහ පුස්තකාලයක් පවත්වාගෙන ගිය මෙම සංවිධානය ටොරන්ටෝ එල්ටීටීඊ විරෝධීන්ගේ මද්‍යස්ථානය විය. මේ හේතුව නිසාම එල්ටීටීඊයේ ඉදිරි පෙළ සංවිධාන වල බලවත් ක්‍රෝධයට ලක්වී තිබුනි ඒ නිසාම මෙම ස්ථානය වරක් ගිනි තැබීමකටද ලක්විය. පුස්තකාලයේ සිංහල පුවත් පත් සැපයීම මගෙන් සිදුවිය. අද මෙන් අන්තර්ජාලය දියුණු මට්ටමක නොතිබුණු ඒ අවධියේ ලංකාවේ තොරතුරු දැනගැනීමට දුරකථනය හැරුනුකොට ඇති එකම මාර්ගය වුයේ පුවත් පත් ය. ඒත් ඒවා ලැබෙන්නේද සතියකින් පසුවය. අදමෙන් වයිබර්, වට්ස් ඇප් නොතිබුණි. එකම දුරකථන ආයතනයවූ බෙල් කැනඩා ආයතනයේ ජාත්‍යන්තර ගාස්තු ඉතා මිල අධික විය. අද මෙන් දිනපතා ලංකාවට කතාකරන්නට නම් ඒ විශාල ආදායම් ඇත්තකු විය යුතුය. ඒ නිසා පුවත් පත අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විය. තේඩගම් හි සාමාජිකයෝ ශ්‍රී ලංකාවේදී විවිධ මට්ටම් වල රැකියා කල අය විය. එහෙත් කැනඩාවේදී ඔවුන් බලාපොරොත්තු වන රැකියාව එක්වරම නොලැබෙයි. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ ලැබෙන වැටුපෙන් දායක වී මේ ආයතනය ඉතා අපහසුවෙන් හෝ පවත්වාගෙන යති. තේඩගම් හි ප්‍රධාන වැඩිහිටි සාමාජිකයින් අතර යාපන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකුවසිටි රාජේන්ද්‍රන් මෙන්ම පැරණි කොමියුනිස්ට්ස් පක්ෂ සාමාජිකයකු වූ නිතරම සිනහ මුහුණින් සිටින ෂන් අයියා ද වෙයි ඔහු අද ජීවතුන් අතර නැතත් අමතක නොවන චරිතයකි. වඩා තරුණ චරිත අතර කුමරන්, තිලීපන් සහ එකල මගේ ගජයා වූ ගජේන්ද්‍රන් හෙවත් ගජන් ද ක්‍රියාශීලි සාමාජිකයින් විය. ශ්‍රී ලංකාව පිලිබදව පුදුම උනන්දුවක් දක්වන ඔවුන් කැනඩාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකික කලාකරුවන් සහ දේශපාලඥයින් සදහා කුඩා හෝ සංග්‍රහයක් කිරීමට අමතක නොකරයි. එවැනි සංග්‍රහ බොහෝවිට පැවැත්වෙන්නේ ඒ අසලම ඇති සංක්‍රමණ නීති කටයුතු කරන තවත් ද්‍රවිඩ මහතකු ගේ කාර්යාලයේය. මා එහිදී හදුනාගත් තවත් සිංහල නිතිඥයකු වූ දොන් පතිරාජ එහි කාර්යාලයක් පවත්වාගෙන යයි. තේඩගම් සාමාජිකයින්ගේ ගුරුබුහුමනට ලක්වූ සිංහල කලාකරුවන් අතර ගුණදාස කපුගේ සහ ටීඑම් ජයරත්නයන් වෙති. ඔවුන් වෙනුවෙන් පැවැත්වූ සංග්‍රහයන් මගේ මතකයට නැගෙයි. නමසිය අනු අටේ මැයි දිනය ලංවෙද්දී May Festival එක සදහා යමක් කලයුතු යයි කතාබහක් ඇතිවිය. ඒ සදහා නාට්‍යයක් නිර්මාණය කිරීම සුදුසුයි තීරණය කෙරුණි. තේඩගම් සමග නිතර සම්බන්ධකම් පැවැත්වූ ක්‍රිශාන්ත භාග්‍යදත්ත පිටපත ලිවීමේ කාර්ය භාර ගත්තේය. නට්‍යය අධ්‍යක්ෂණය මට පැවරිණි. කාලයක් ගාමිණී හත්තොටුවගම සර්ගේ විදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි මට එය අපහසු කටයුත්තක් නොවීය. අලුත කැනඩාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජිවන තත්වය සහ ඔවුනට ලැබෙන රැකියා පිලිබදව නට්‍ය තුලින් කතාබහ කෙරුණි. නාට්‍යය විදි නට්‍යයක අකාරයෙන් නිර්මාණය කලෙමි. එය එම වසරේ May Festival හි ප්‍රධාන අංගයක් බවට පත් විය. නාට්‍යය සදහා තවත් සංදර්ශන ඉල්ලීම් ගලා ආවේය. කැනඩාවට පැමිනි මුල් පරම්පරාවට ලැබෙන රැකියා අත්දැකීම් පිලිබදව නාට්‍ය පුරා සාකච්චා කෙරුණි. කැනේඩියානු වෘර්තීය අත්දැකීම් රහිත පිරිසක් විදින අත්දැකීම් ඒ ගැන හඩා නොවැලපී තරමක් හාස්‍යමත් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කලමු. එහිදී නළුවන් වූ තේඩගම් සාමාජිකයින්ගේ පුද්ගලික අත්දැකීම් හැකිතාක් යොදා ගතිමු. කෙනෙක් රැකියාවක් සොයාගෙන යයි. ආයතන ප්‍රධානියා තමන්ට ඇති කැනේඩියානු වෘර්තීය අත්දැකීම් මොනවාදැයි ඔහුගෙන් අසයි එවිට ඔහුගේ පිලිතුරවන්නේ “Only Canadian experience I have is this freezing cold weather” දැඩි සීතල පමණක්” බවයි. තවෙකෙක් ලංකාවේ සිටින සිය මවට දුරකථන ඇමතුමක් ගනී. "mother, I am on Parliament now” එවිට මව “very nice, you always want to be in the Parliament” එවිට පුතා “ No mother, I mean I am living in Parliament street now” අනතුරුව “දැන් මගේ රස්සාව ඩී. එම්. ඕ.” පුතා කියයි. “අනේ හොදයි උඹ මෙහේ කරපු රස්සාවම ඔහේදිත් ලැබුණු එක”. අම්මා කියයි. “නෑ අම්මේ මෙහේ ඩී. එම්. ඕ. කියන්නේ Dishwashing Machine Operator කියන ජොබ් එකට District Medical Officer නෙමෙයි. මුළු ප්‍රේක්ෂකාගාරයම මහා හඩින් සිනාසෙයි. නාට්‍යය දෙබස් තුලින් සුපුරුදු ලෙස කැනේඩියානු සුදු අන්තවාදින්ටද ප්‍රහාරයක් එල්ල කිරීමටද ක්‍රිෂාන්ත අමතක නොකරයි. ටෝරන්ටෝවේ පලවන පුවත්පත් අතර Toronto Sun පුවත් පත තරමක් දක්ෂිනාංශික පුවත් පතකි. සමහර අවස්ථාවලදී එහි පලවන ප්‍රවෘති වර්ගවාදී ස්වරුපයක් ගනී. මේ නිසාම Toronto Sun පිලිබදව සංක්‍රමණික ජනතාව අතර එතරම් පැහැදීමක් නැත. නාට්‍යයේ කෙනෙක් සිල්ලර බඩු කඩයක වැඩ කරයි. කෙනෙක් Toilet Papers ඉල්ලාගෙන කඩයට ගොඩවෙයි. එවිට සේවකයා "sorry we don’t have toilet papers, can I give you Toronto Sun instead” යනුවෙන් සියලු දෙනා සිනහ ගන්වමින් පවසයි. කොතරම් කුඩා රැකියාවන් කලද මේ පිරිස ඉහල බුද්ධිමත් පිරිසක් බව ප්‍රේක්ෂකාගාරයේ සිටින බහුතර සුදු ජාතිකයින්ට පසක්වෙයි. “They are not stupid as they look.” පෙනුම මැට්ටන් ලෙස උවත් එය එසේ නොවනබව සදහන් කරමින් ඔවුන් ශාලාවෙන් පිටවෙනු මට ඇ සී තිබේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom