දිය කැපීමේ චාරිත්‍රය

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    දිය කැපීමේ චාරිත්‍රය

    අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ. ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා.

    චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ආවෙ මෙහෙමයි.


    කපුමහත්තයට අමතරව ගමනට සහභාගිවෙන්න අවසර ලැබුනෙ, නිළමෙ වරුන්ට විතරයි. මම නිළමෙ කෙනෙක් නොවුනට මටත් මේ ගමනට ආරාධනා ලැබුනා. රන්මල් නිවාඩු නිකේතනයට අයිති බෝට්‍ටුවකින් ගමන පිටත් උනේ මෙහෙමයි. ඔය ඉස්සරහින්ම යන්නෙ ප්‍රධාන කපු මහත්තය.


    අනතුරුව රතු රෙද්දකින් මූන වසාගත්තු කපුමහත්තයා කඩුවකින් දිය මතට පහර දෙනවා. ඒ අවස්ථාවේ බෝට්‍ටුවේ හිටිය ඔක්කොටම ඉවත බලාගන්න කිව්වා. ඒ නිසා ඒ අවස්ථාවේ නම් ඡායාරූපයක් ගන්න බැරි වුනා.
    පසුව කළ දෙකකට ජලය පුරවා ගත්තා. කපු මහත්තයා ගොඩබිමට එනකම්ම හිටියේ මුහුණ වසාගෙන.

    ගොඩබිමට ආ සැනින් මෙන්න මේවගේ වත් පිලිවෙතක් සිදු කලා.

    ජලය පුරවාගත් කළ දෙකත් ‍රැගෙන ආපහු විහාරස්ථානයට ආවෙ මෙහෙමයි.

    මෙම ජලය ඊලඟ වසරේ පෙරහැර එනකම්ම සුරක්ෂිතව තියා ගන්නවලු.
    දිය කැපීමේ චාරිත්‍රය නිමකරල පැය කීපයක් ගිය තැන මොරසූරන වැස්සක් ඇදහැලුනා. කවුරුත් කතා වුනේ වැරදිලාවත් කලින් දවසෙ මේ විදියට වැස්සනම්, පෙරහැර සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ නේද කියල.

    Source:-Click Here