දිවිනසාගැනීම වීඩියෝ කරලා

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දිවිනසාගැනීම වීඩියෝ කරලා

    තමන්ගේ මරණය වීඩියෝ කළ තරුණයා

    Suicide-lkhot+news.jpg


    එප්පාවල තරුණයෙක් පසුගිය 08 වැනිදා සියදිවි හානි කරගත්තා.
    ඔහු මියයාමට පෙර ඒ අවස්ථාව වීඩියෝ ගතකර තිබෙනවා.

    වසන්ත ප්‍රදීප් බණ්ඩාර නම් ඔහුගේ 19 වන උපන්දිනයට ඒ වනවිට තිබුනේ දින 2ක් පමණයි.

    ගාල්ලේ පරිගණක ආයතනයක සේවය කරන ඔහු ඊයේ එප්පාවල පිහිටි තම නිවසට පැමිණ තමා සියදිවි හානි කරගන්නා බව ඔහුගේ හොඳම මිතුරෙකුට එස්.එම්.එස් පණිවුඩයක් මඟින් දන්වා තිබෙනවා.

    ගෙදර පහණ උඩ තිබෙන ජංගම දුරකථනයේ වීඩියෝ දෙකක් තිබෙන බවත් ඇවිත් ඒවා බලන ලෙසත් එහු එහි සඳහන් කර තිබෙනවා.

    ඉන් එක් වීඩියෝ එකක ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව දක්වා කළ කථාවක් තිබූ අතර අනෙක් වීඩියෝවේ තිබී ඇත්තේ කැමරාවේ වීඩියෝ ඔන් කර තැබීමෙන් පටිගතවූ සියදිවි හානි කරගන්නා ආකාරයයි.

    වසන්තගේ පවුලේ අක්කා කෙනෙකු හා අයියලා දෙන්නෙකුද මීට පෙර සියදිවි හානි කරගන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ එකම ගසක මල සිරුරු 3ක් එල්ලි තිබෙමින් සියදිවි හානිකරගැනීමක් සිදුවූයේද එප්පාවල ප්‍රදේශයෙනි

    ඒ පිළිබඳව වීඩියෝව පහලින්.